Watch Trailer

Game of Thrones [S01E09] with Sinhala Subtitles (18+) | අවසානයට පෙර … [සිංහල උපසිරැසි සමඟ]

මතකනේ පහුගිය කොටස ඉවරවෙන්නේ සන්සා තමන්ගේ තාත්තට සමාව දෙන්න කියලා ජොෆ්රි රජුගෙන් අයදින අවස්ථාවෙන් කියලා. ජොෆ්රි විසින් ඒ අවස්ථාවෙත් කියන්නේ තමන් රජු බව ඔහු පිළිගන්නවනම් ඒ ගැන සලකා බලන්නම් කියලනේ. ඉතින් අද කොටසින් තමා බලන්න වෙන්නේ එතනින් එහාට වෙන්නේ මොකද්ද කියලා. රොබ් ගේ නායකත්වයෙන් යුතු ස්ටාර්ක් හමු…

මතකනේ පහුගිය කොටස ඉවරවෙන්නේ සන්සා තමන්ගේ තාත්තට සමාව දෙන්න කියලා ජොෆ්රි රජුගෙන් අයදින අවස්ථාවෙන් කියලා. ජොෆ්රි විසින් ඒ අවස්ථාවෙත් කියන්නේ තමන් රජු බව ඔහු පිළිගන්නවනම් ඒ ගැන සලකා බලන්නම් කියලනේ. ඉතින් අද කොටසින් තමා බලන්න වෙන්නේ එතනින් එහාට වෙන්නේ මොකද්ද කියලා.

රොබ් ගේ නායකත්වයෙන් යුතු ස්ටාර්ක් හමුදා බලකාය Twins වල ආරක්ෂක අතින් ශක්තිමත් විශාල පාළමකින් එගොඩ වීමට නොහැකිව ඒ සඳහා විසඳුමක් හොයමින් ඉන්නවා. රොබ්ගේ අම්මා කැට්ලින් ස්ටාර්ක් ඒකට ක්‍රමයක් හොයාගන්න උත්සාහ කරනවා ඈ දන්න කෙනෙක් මාර්ගයෙන් මේ කොටසේදී.

ඒ අතර ටයිරින් ලැනිස්ටර් තමන්ගේ තාත්තගේ කඳවුරට යනවා. නමුත් තාත්තගෙන් එතරම් සැලකුමක් ලැබෙන්නේ නෑ. ඒ නිසා ඔහු ඔහුගේ ආරක්ශකයත් එක්ක යනවා රොබ්ගේ හමුදාවට මුහුණ දෙන්න.

කාල් ඩ්‍රොගෝට මේ වනවිට අසාධ්‍ය තත්වයේ ඉන්නේ. ඒ අතර ඔහුගේ පිරිවර කලීසිට විරුද්ධ වෙන තත්වයක් උද්ගත වේගෙන එන්නේ.

සන්සා විසින් ජොෆ්රි ගෙන් කල ඉල්ලීමට පිළිතුරු ලෙස ලැබෙන්නේ නෙඩ් ස්ටාර්ක් හට ප්‍රසිද්ධියේ පාපොච්චාරණයක් කරන්නයි. ඒ පාපොච්චාරණය කරන අවස්ථාවේ ආර්යා ස්ටාර් හිඟන ලමයෙක් ලෙස විදීවල සැරිසරමින් ඉන්නේ. තමන්ගේ තාත්තගේ පාපොච්චාරණය සිද්ද වෙනබව ඇසී ඇය එතනට යනවා. ඉතින් ඇයට එහිදී කුමක් අසන්නට ලැබේවිද ? රොබ් ස්ටාර්ක්ට පාළමෙන් එතර වෙන්නට හැකි වෙයිද ? ටයිරින්ට ඇතිවෙන යුද්ධයේදී කුමක් සිදුවෙයිද ? කලීසිට කුමකින් කුමක් සිදුවෙයිද ?මෙන්න මේවට පිළිතුරු අද කොටසින් සිංහල උපසිරැසි එක්කම බලමු එහෙනම්.

දීලා තියන 210 MB ටොරන්ට් එක තුල පළමු අදියරේ සියලුම කොටස් (2 GB) ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් බාගත කරගත හැක. එයට උපදෙස් මෙතන ඇත.

මෙම කථා මාලාවේම ප්‍රථම අදියරේ දහ වන කොටස සමගින් අප ලබන සතියේ හමුවෙමු.

(මෙම කථාව තුල පවුලේ සැමට එකට නැරඹිය නොහැකි දර්ශණ තිබෙන බව කරුණාවෙන් සලකන්න)

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

68,472 downloadsDownload 201811062304-GOTS01E09.zip173 KB

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් අතුකෝරල” සොහොයුරාට සහ “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

                                             Next BT1All BT1Next BT1

 

Subtitles

68,472 downloadsDownload Subtitles173 KB

0 comments

No comments yet.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.