Hell Is Other People AKA Taineun Jiokida [S01: E01] Sinhala Subtitles ඔන්න එහෙනම් සුපිරිම ත්‍රිලර් සීරීස් එකකට සබ් අරගෙන තමා කාලෙකට පස්සේ මන් ආවේ. Serial Killers එහෙමත් නැත්තම් දාම ඝාතකයෝ ඉන්න කතා බලන්න කැමති අයට සුපිරිම භාණ්ඩයක් තමා මේක. නම තමා Strangers From Hell. 2019 අවුරුද්දේ OCN නාලිකාව හරහා…

Hell Is Other People AKA Taineun Jiokida [S01: E01] Sinhala Subtitles
ඔන්න එහෙනම් සුපිරිම ත්‍රිලර් සීරීස් එකකට සබ් අරගෙන තමා කාලෙකට පස්සේ මන් ආවේ. Serial Killers එහෙමත් නැත්තම් දාම ඝාතකයෝ ඉන්න කතා බලන්න කැමති අයට සුපිරිම භාණ්ඩයක් තමා මේක. නම තමා Strangers From Hell. 2019 අවුරුද්දේ OCN නාලිකාව හරහා විකාශනය වුන මේ සීරීස් එක Thriller, Horror, Psychological කියන ගනයන්ට අයිති වෙනවා. කොරියාවෙන් බිහිවුනු Thriller ගනයේ කතාමාලා අතරින් ඉහලින් ඉන්න විශිෂ්ට කතාමාලාවක් විදියට Strangers From Hell පෙන්වාදෙන්න පුළුවන්.
මේකේ අධ්‍යක්ෂණය Lee Chang Hee විසිනුත්, තිරරචනය Jung Yi Do විසිනුත් සිදු කර තිබෙනවා. එපි 10 කින් සමන්විත මේ සීරීස් එක IMDB හි 7.8/10 ක සහ MyDramaList හි 8.7/10 ක් වැනි ඉහල අගයක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. Kim Yong Ki නිර්මාණය කරපු මේ නමින්ම තියෙන වෙබ්ටූන් එකක් පාදක කරගෙන තමයි මේ සීරීස් එක නිර්මාණය කරලා තියෙන්නේ.
කාස්ට් එක පැත්තට ගියොත් මගේ Favorite Actors ලිස්ට් එකේ ඉන්න Lee Dong Wook, Im Si Wan දෙන්නා තමා ප්‍රධාන චරිත කරන්නේ. Tale Of The Nine Tailed බලපු කෙනෙක් නම් Lee Dong Wookව නොදැන ඉන්න විදියක් නෑනේ. ඉතින් ඒකේ ලී යොන්ට පණ පොවපු Lee Dong Wook මේ සීරීස් එකේ සෝ මුන් ජෝට පණ පොවමින් ඊට හාත්පසින්ම වෙනස් රංගනයක යෙදෙනවා. තව ඉන්ඩස්ට්‍රියේ ඉන්න හොදම Idol Actor කෙනෙක් වෙන Im Si Wan යුන් ජොන්ග් වූට පණ පොවනවා. ඉතින් සුපිරි කාස්ට් එකක් ඉන්න සුපිරිම Psychological Thriller එකක් විදියට Strangers From Hell පෙන්වා දෙන්න පුළුවන්.

CAST – රංගන දායකත්වය
• Im Si Wan – යුන් ජොන්ග් වූ
• Lee Dong Wook – සෝ මුන් ජෝ
• Lee Jung Eun – ඔම් බොක් සූන්
• Park Jong Hwan – බ්යුන් දොක් ජොන්ග් / බ්යුන් දොක් සු
• Lee Jong Ok – හොන්ග් නම් බොක්
• Lee Hyun Wook – යූ කී හ්යොක්
• Ahn Eun Jin – සෝ ජන්ග් හ්වා
• Ahn Eun Jin – සෝ ජන්ග් හ්වා

෴SUMMARY – සාරාංශය෴

“ඇත්තම කිව්වොත් මන් මෙහෙට එනකම්ම මෙහෙ නෙවෙයි මන් ජීවත් වෙන ලෝකෙයි අපාය කියලා හිතුවේ”
“ඒත් ඇත්තම අපාය මේක”
“මිනිස්සුන්ම නිර්මාණය කරපු භයානක අපායක්”
“කොහොම වෙන්නැතිද මන් මේ අපායට වැටුනේ?”
“මොන වැරැද්දක් කලාටද?”
රස්සාව හින්දා බුසාන්වල ඉදන් සෝල්වලට එන යුන් ජොන්ග් වූ තාවකාලිකව නවතින්න බෝඩිමක් හොයනවා. ඔය අතරේ තමා අඩුම කුලියකට තියෙන ඒඩන් බෝඩිම හොයන් ජොන්ග් වූ යන්නේ. ඉතින් එයා තීරණය කරනවා එහෙ නවතින්න. හැබැයි ඒ බෝඩිමේ ඉන්න මිනිස්සු හරිම අමුතුයි. ඉතින් මේ අමුතු මිනිස්සුන්ගේ සැබෑ ස්වරූපය මොකද්ද? මේ බෝඩිමේ හැංගිලා තියෙන රහස මොකද්ද?
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා පමණක් අදාළ වේ.
2,690 downloadsDownload Strangers-From-Hell-E01-Sinhala-Subtitles.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නයන බුද්ධික ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2023-01-14
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Hell Is Other People, Taineun Jiokida, Hell is Other People S01 Sinhala SubtitlesSubtitles by
නයන බුද්ධික
Subtitles
- #Editor's Pick
- #Hell is Other People
- #Hell Is Other People AKA Taineun Jiokida [S01: E01] Sinhala Subtitles
- #Hell is Other People S01
- #Hell is Other People Sinhala Subtitles
- #MaxxA
- #Offbeat
- #sinhala
- #Sinhala Subtitle
- #subtitle
- #Subtitles
- #Taineun Jiokida
- #TV
- #උපසිරැසි
- #නයන බුද්ධික
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
14 comments
Sung Jin-Woo
Nayana Buddhika
Welcome ❤️
Rana
Mchn 720 p hari 1080p web copy dennko
Supiri qualityakin nathuwa mewa balala wadak naBuddhika Lakmal
සුපිරි වැඩක් සහෝ.....
බොහෝම ස්තූතියි උපසිරැසියටNayana Buddhika
Welcome ❤️
Madu
ගොඩක් කල් බලාගෙන හිටියා මොකක් හරි වෙබ් සයිට් එකකින් මේ ඩ්‍රාමා එකට සබ් දෙයි කියල. දැං තමයි ඒක හරිගියෙ ❤️❤️
Thank u Baiscope ❤️Nayana Buddhika
Welcome ❤️
Anonymous
Supiri bro sub hoya hoya idiye anik tikath imntama denna jaya wewa ! Adrei ❤️
Nayana Buddhika
Thank You ❤️
Kawshi
ඇත්තටම ගොඩක් ස්තූතියි සබ් එකට. ගොඩක් කල් බලන්න ආසාවෙන් බලාගෙන ඉඳපු ඩ්‍රාමා එකක්.
ඉතුරු එපිසෝඩ් ටිකටත් සබ් ඕනේ ❤️Nayana Buddhika
Welcome ❤️
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Krishani
Thank you ️
Advertisement
![Hell Is Other People AKA Taineun Jiokida [S01: E01] Sinhala Subtitles | නිරය යනු හුදෙක් මනුෂ්‍යයාය [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/12/Strangers-from-Hell-Cover-02-.jpg)


නියමයි. මේකට සිංහල සබ් නැති නිසා බලන්න කම්මැලිකමේ හිටියෙ. දැන් බලන්න පුලුවන්. ගොඩාක් ස්තූතියි සහෝ. අනික් එපි ටිකටත් ඉක්මනට සබ් දෙමූ.