පෙර කොටස ගැන කෙටියෙන් වගේ මතක් කිරීමක් කළොත් මතක ඇති මරීසාගෙන් බේරිලා වෙනත් ලෝකයකට විල් සහ ලයිරා පැනලා ගියා. ඉතින් මේ ලෝකෙට යන විල් සහ ලයිරා දෙන්නාට මතුවෙන ප්‍රශ්නයක් තමයි ඒ පස්සෙන්ම ඇස්රියෙල්ගේ ඔත්තුකාරි සැල්මැකියා එන එක. සැල්මැකියාට පැවරිලා තියෙන කාර්‍ය වෙන්නෙ ශස්ත්‍රය සහ ධාරකයා ඇස්රියෙල් වෙත අරන…

පෙර කොටස ගැන කෙටියෙන් වගේ මතක් කිරීමක් කළොත් මතක ඇති මරීසාගෙන් බේරිලා වෙනත් ලෝකයකට විල් සහ ලයිරා පැනලා ගියා. ඉතින් මේ ලෝකෙට යන විල් සහ ලයිරා දෙන්නාට මතුවෙන ප්‍රශ්නයක් තමයි ඒ පස්සෙන්ම ඇස්රියෙල්ගේ ඔත්තුකාරි සැල්මැකියා එන එක. සැල්මැකියාට පැවරිලා තියෙන කාර්‍ය වෙන්නෙ ශස්ත්‍රය සහ ධාරකයා ඇස්රියෙල් වෙත අරන් යන එක. හැබැයි ලයිරාට තියෙන්නෙ වෙනම අදහසක්. ලයිරාට අවශ්‍ය වෙනවා රොජර්ව හොයාගෙන මළවුන්ගෙ භූමියට යන්න. ඒකත් විල්ගේ උදව්වෙන්. හැබැයි මේ වෙලාවේ තියෙන ලොකුම ප්‍රශ්නෙ වෙන්නෙ පිහිය කැඩිලා තියෙන එක. කොහොමින් හෝ ලයිරා ඒකටත් යොරෙක්ගේ මාර්ගයෙන් විසදුමක් හොයා ගන්නවා.
ඔය අතරේ ඇස්රියෙල්ගේ ග්‍රහණයට නතුවෙන මරීසාට මොකක්ද කරන්නේ කියන කාරණය සම්බන්ධව රූටා සහ ඇස්රියෙල් අතර මතභේදාත්මක තත්වයක් තමයි ඇතිවෙලා තියෙන්නෙ. හැමෝටම මරීසාව මරන්න ඕන වෙලා තියෙද්දි ඇස්රියෙල්ට අවශ්‍ය වෙනවා සාධාරණ නඩු විභාගයක් පවත්තලා ඇයට ඇස්රියෙල්ගේ ජනපදයේ ස්ථානයක් පිරිනමන්න. කොහොමින් හෝ මේ නඩු විභාගයෙන් අන් අයගේ විශ්වාසය දිනාගන්න මරීසා සමත් වෙනවා. ඒ නිසාම ඇයට නිදහස ලැබෙනවා. ඔය අතරේ ඇස්රියෙල් ස්වර්ගයට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරනවා. ඒ තමන්ගේ ග්‍රහණයේ ඉන්න අලාර්බස්ව ඝාතනය කිරීමෙන්. ඒ වගේම මරීසා චින්තන යාත්‍රාවක් හොරකම් කරගෙන පැනලා යනවා.
මේ අතරේ මහා සභාවේ සභාපති පියතුමා ඩොක්ටර් කූපර් යොදාගෙන ඇස්රියෙල් සොයාගත් තාක්‍ෂණය උපයෝගී කරගෙන අවියක් තනන්නයි සූදානම් වෙන්නෙ. මේ ආයුධෙ කාට විරුද්ධවද කියන එක තමයි ගැටළුව. ඒ වගේම පේන හැටියට අධිකාරය දැන් මහා සභාවේ සභාපති පියතුමා වෙත පවා කතා කරන එක නවත්තලා දාලා තියෙන්නෙ.
එහෙමනම් කඩිනමින් මීලග උපසිරසියෙන් හමුවෙමු. එතෙක් ඔබ සැමට ජයෙන් ජය.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,545 downloadsDownload His-Dark-Materials-S03-E04.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
- #2022
- #Amir Wilson
- #Ariyon Bakare
- #Brian Fisher
- #Dafne Keen
- #Editor's Pick
- #His Dark Materials
- #Kit Connor
- #Lin-Manuel Miranda
- #MaxxA
- #Offbeat
- #Ruta Gedmintas
- #Ruth Wilson
- #Simone Kirby
- #sinhala
- #Sinhala Subtitle
- #subtitle
- #Tanner Buchanan
- #Will Keen
- #Xolo Maridueña
- #මධුකප්‍රිය පෙරේරා
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්
3 comments
Anonymous
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ ඊලග කොටසෙන් නැවත හමු වෙමු
ජය
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement
![His Dark Materials [S03 : E04] Sinhala Subtitles | ලයිරාගේ මරණය [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/04/His-Dark-Materials-Season-3__His-Dark-Materials-S03-01.jpg)



Thanks ayye sub ekt