Watch Trailer

Lookism aka Oemojisangjuui [S01 : E01 & E02] Sinhala Subtitles | වෙනස්වීම ඇරඹෙයි, අලුත් ජීවිතය [සිංහල උපසිරසි]

Lookism aka Oemojisangjuui [S01 : E01 & E02] Sinhala Subtitles ඇනිම් රසිකයො හැමෝටම සුබ දවසක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා! අපි අද අරගෙන ඇවිත් තියෙන්නෙ 2022 වසරෙදි Netflix හරහා විකාශය උන lookism ඇනිම් කතා මාලාව. මුලින්ම කියන්න ඕනෙ මේක ජැපනීස් ඇනිම් එකක් නම් නෙමෙයි. අපි මේ කතාවට මූලික වශයෙන් පාදක උන සි…

Lookism Cover Lookism aka Oemojisangjuui Sinhala Subtitles

ඇනිම් රසිකයො හැමෝටම සුබ දවසක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා! අපි අද අරගෙන ඇවිත් තියෙන්නෙ 2022 වසරෙදි Netflix හරහා විකාශය උන lookism ඇනිම් කතා මාලාව. මුලින්ම කියන්න ඕනෙ මේක ජැපනීස් ඇනිම් එකක් නම් නෙමෙයි. අපි මේ කතාවට මූලික වශයෙන් පාදක උන සිදුවීම ගැන බැලුවොත් මේක 2014 වර්ශයේදි දකුණු කොරියාවෙදි taejun pak කියන කෙනා “lookism” නමින් ලියපු web toon එකක් පාදක කරගෙන ඊට වසර කීපයකට පස්සෙ studio Mir කියන ආයතනය මේ කතාව ඇසුරෙන් Lookism නමින් animated series එකක් නිර්මාණය කරා. මේකෙ නිෂ්පාදකයා විදියට සඳහන් වෙන්නෙ Kohei obara කියන කෙනා. මෙයාලගෙ මේ කතාව 2022 වර්ශයෙදි Netflix හරහා Lookism නමින් විකාශය උනා. මේකෙ සංගීත අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Han kyung hoob.

මේ කතාවෙ අන්තර්ගතය බැලුවොත් දකුණු කොරියානු උසස් පාසල් වල සිදුවන bully කිරීම් එහෙමත් නැත්නම් අවලස්සන ලමයින්ට සිදුවන අකටයුතුකම් සහ සිසුන් අතර සිදුවන ගැටුම් තමා ගොඩක්ම අන්තර්ගත වෙලා තියෙන්නෙ. මේ කතාව අයිති වෙන්නෙ ක්‍රියාදාම, අත්භූත, නාට්‍ය කියන වර්ග වලට. ඒ වගේම මේක Imb දර්ශකයෙ 7.46/10ක අගයක් අරගෙන තියෙනව වගේම පැපනීස් animation වලට ආවේනික උන 2d animation style එකක් වගේම හොඳ Character ඩිසයින්න් එකකුත් ඔයාලට බලාගන්න පුළුවන්.

ඉස්කෝලෙ අනිත් ලමයි අතින් හිරිහැර වෙන ළමයෙක්ට යම් සිදුවීමකින් ඉස්කෝලෙ මාරුකරල යන්න සිද්ද වෙනව. ඊටපස්සෙ අමුතු සිදුවීමකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ තමා එයා ඇහැරල බලනකොට එයා වෙනමම කෙනෙක්. එහෙම තමා කතාව පටන් ගන්නෙ. ඔයාටත් ලස්සන ඇඟක් ලැබුනොත් ඔයා මොනා කරයිද ඒක වැරදියට පාවිච්චි කරයිද? නැත්නම් අනිත් අයට උදව් කරයිද? එහෙනම් අනිවාර්යෙන්ම බලන්න Lookism. පුලුවන් නම් south Korean dub audio එකෙන්ම බලන්න. බලන්න පටන් ගත්ත ගමන් කම්මැලි නැතුව එක හුස්මට බලාගෙන යන්න පුලුවන් සුපිරිම කතාවක් තමා මේක.

අපි මේ ඒ කතාවෙ පළවෙනි දිගහැරුම එක්කයි එකතු වෙලා ඉන්නෙ. ඒ වගේම මේ තමා “මගේ පලවෙනි උපසිරැසිය”. අඩුපාඩු තියනව නම් අනිවාර්යයෙන්ම ඔයාල comment එකක් දායි කියල මම බලාපොරොත්තු වෙනව. විශේෂ ගෞරවය අනිවාර්යෙන්ම අපේ ලංකන් weebs කණ්ඩායමේ හසරංග නදීශ සහෝට හිමිවෙන්න ඕන.

ලංකන් weebs වෙනුවෙන්-සඳක මලීෂ

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB- DL පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,225 downloadsDownload Lookism-S01-E01-E02-Sinhala-Subtitles.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

 

All BT1Next BT1

Subtitles

1,225 downloadsDownload Subtitles26 KB

6 comments

  1. Hasaranga Nadeesha

    ආරම්භය නියමයි සහෝ. දිගටම තවත් ඇනිමෙ වලටම සබ් කරමු.❤️

  2. Nayana Buddhika

    පළවෙනි උපසිරැසියට සුභ පැතුම් සහෝ❤️
    සබ් එකටත් ගොඩක් තෑන්ක්ස්, ඉස්සරහටත් මේ වගේ සුපිරි කතාවලට සබ් දෙමු

  3. Luffy

    Thanks. Ane puluvnnam cowboy bebop anime ekatath sub dennako..

    1. ලංකන් weebs

      ඒක කරන ගමන් සහෝ.

  4. Krishani

    Thank you ️

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.