Watch Trailer

Lucifer [S05 : E01] Sinhala Subtitles | සිත්තැවුල් ලත් යක්ෂයා!! [සිංහල උපසිරැසි සමඟ]

Lucifer කතාමාලාවේ පස්වෙනි කතාසමයේ උපසිරසි අරගෙනයි අද ආවේ. මේ කතාසමය එහම නැත්තම් පස්වෙනි කතාසමයේ කොටස් 16ක් ඇතුලත්, නමුත් නෙට්ෆ්ලික්ස් ආයතනය විසින් මේ කොටස් දාසය නිකුත් කරන්නේ කොටස් දෙකකට, ඉතින් ඒ අනුව පලවෙනි කොටස් අට අගෝස්තු 21 වෙනිදා නිකුත් වුනා. අවසාන කොටස් අට නිකුත් වෙන දිනයක් තවම ප්‍රකාශ කරලා න…

Lucifer කතාමාලාවේ පස්වෙනි කතාසමයේ උපසිරසි අරගෙනයි අද ආවේ. මේ කතාසමය එහම නැත්තම් පස්වෙනි කතාසමයේ කොටස් 16ක් ඇතුලත්, නමුත් නෙට්ෆ්ලික්ස් ආයතනය විසින් මේ කොටස් දාසය නිකුත් කරන්නේ කොටස් දෙකකට, ඉතින් ඒ අනුව පලවෙනි කොටස් අට අගෝස්තු 21 වෙනිදා නිකුත් වුනා. අවසාන කොටස් අට නිකුත් වෙන දිනයක් තවම ප්‍රකාශ කරලා නෑ, බොහෝවිට ලබන වසරෙදි අපිට බලාගන්න පුළුවන් වෙයි ඒ කොටස් අටත්. ඉතින් එහෙනම් උපසිරසි අරගෙන එන්න සිදු වුන පමාවට සමාව ඉල්ලන ගමන් කතාව පැත්තට හැරෙමු.

හතරවෙනි කතා සමය

කලින් කතාසමයෙදි සම්පූර්ණයෙන් වෙන් වෙලා තිබුනේ ලුසිෆර්ගේ පලවෙනි ආදරය, එහෙම නැත්තම් දෙවියන් වහන්සේ මැවූ පලවෙනි ගැහැණිය වුන ඊව් නම් කෙනා වටා. දිව්‍ය ලෝකයේ ඉඳලා ලුසිෆර්ව හොයාගෙන ලොස් ඇන්ජලීස් වලට එන ඊව් නිසා ලුසිෆර් සහ ක්ලෝයි අතර ඇති වෙමින් තිබුන ආදරය ආයේ දෙදරා යනවා. ඒ වගේම තුන්වෙනි කතාසමය අවසානේ ලුසිෆර් කියන්නේ යක්ෂයා කියලා ඇත්ත දැනගන්න ක්ලෝයි මේ හතරවෙනි කතා සමයේ ඒක පිලිඅරගෙන ලුසිෆර්ට කැමති වීගෙන එනකොටම තමා ඊව් පැත්තක ඉඳලා මැද්දට එන්නේ. ඔහොම යනකොට ඇමනෙඩියල් තාත්තා කෙනෙක් වෙන්න යනව එහෙමත් මතක ඇති ලින්ඩා එක්ක සම්බන්ධයක් පවත්වලා. ඒ දේවල් ඔහොම වෙන අතරේ ලුසිෆර්ට එරෙහිව අපායේ කැරල්ලක් ඇති කරන්න ගන්නවා ඩීමන්ලා විසින්. මේ හේතුව නිසා අපාය අස්ථාවර වෙනවා. අවසානේ ලොකු සටනකින් පස්සේ ලුසිෆර් ඩීමන්ලව පරාද කරනවා වගේම ඔහුට ක්ලෝයි, මැසකීන් වගේම ඔක්කම දාලා අපායේ තමන්ගේ උරුම තැනට යන්න වෙනවා. ඒ වගේම ඊව් පවා තමන් අයිති ඇඩම් එහෙම නැත්තම් පලමු මිනිසා ලගට යනවා. ඔන්න ඔහොමයි සරලව කලින් කතාසමය ගෙවුනේ. වැඩි යමක් කියන්න හැකියාවක් නෑ ප්‍රමාද වෙලත් තියෙන නිසා.

පස්වෙනි කතා සමයේ අද කොටසින්…

අදත් සුපුරුදු පරිදි කතාව ගලාගෙන යන්නේ මිනීමැරුමක් වටා, විශේෂත්වය වන්නෙ මේ මීනිමැරුම ගැන දෙපොලක පරීක්ෂණ කටයුතු සිදු වීමයි, එක තැනක් නම් දැනටමත් දන්නවනේ ක්ලෝයි ඇතුළු පිරිස වටා කියලා, එතකොට අනික් තැන මොකද්ද කියලා කතාව අරගෙනම බලන්න, ඒ වගේම ඔන්න ලුසිෆර් කතාමාලාව තුලින් බලන්න ආසාවෙන් හිටිය චරිතයක් අද කතාවට එකතු වෙනවා. ඉස්සරහට මේ චරිතය නිසා ලොකු ලොකු දේවල් වෙන්න නියමිතයි, එහෙනම් බලන්නකො කවුද ඒ චරිතය කියලා. අනික් කොටස් හතටත් ඉක්මනින් උපසිරසි අරගෙන එන්න සහෝදර උපසිරසිකරුවන් වගබලා ගනීවි. ජය වේවා!!

අද කොටසෙන් ජැක්ගේ ආත්මය නැවත පිහිටීමට මෙහෙයුමක් කරගෙන යනවා බීලීගේ උපදෙස් මත, ඒ වගේම අදත් කලින් සීසන් වල දෙන්නෙක් බලාගන්න පුළුවන්. අද කොටස ඊළගට වෙන්න තියෙන හුඟක් දේවල් වලට පාර කෑපීමක් විදිහටයි පේන්නේ.

___ ____

අද කතාවේ නම: “Really Sad Devil Guy”
අධ්‍යක්ෂණය: Eagle Egilsson
ලිව්වේ: Neil Gaiman
විකාශනය වුනේ: 2020 අගෝස්තු 21
මීලග කොටස: Lucifer! Lucifer! Lucifer!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.

21,160 downloadsDownload Lucifer-S05-E01.zip37 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

21,160 downloadsDownload Subtitles37 KB

47 comments

  1. Anonymous

    Sub ekata THANKS BRO

    1. Saman4222

      sub walata thanks bro

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

    1. Anonymous

      Thanks

  3. D.Chamara

    බොහොම ස්තූතියි .... !

  4. Isuru

    Thanks broo ithuru kotas tikath ikmanata denna

  5. suraj

    අඩෝ තෑන්ක්ස් මචං ♥ අනික් කොටස් ටිකත් ඉක්මනට දෙන්න

  6. Pasan

    sub 1 denkn blgen hitiye.bohom sthuthiyi sahooo.!!!!!!!!!

  7. Samitha

    Thanks bro...oya gammenma anith episodes walatath sub demu...

  8. kasun de silva

    ankan hithiye. thanks set akatha

  9. තුසිත

    බුදු වෙන්න ඕනි රත්තරං ඔයා

  10. Devinda

    කවිශල් සහෝ ඔබට සහ මේකට සබ් දෙන්න ඉන්න අනිත් සියලුම දෙනාට බොහොම ස්තූතී අපේ ඉල්ලීම ඉෂ්ඨ කරල මේ අලුත් සීසන් එකටත් සබ් දෙන්න පටන් ගැනීම සම්බන්ධව.. බොහොම ස්තූතී සහෝ.. ජය වේවා!!

  11. Gihan

    Sub ekata Thanks Saho..

  12. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති කවියෝ උපසිරසට. මේකේ මුල් ටික හරියට බලලා ඉවර නෑ තාම. මේකත් ආවම කම්ප්ලීට් සෙට් එකම.. ජය වේවා.. බුදුසරණයි...!

  13. Wasitha

    Niyamai

  14. Sasindu

    Thanks sub ekata.

  15. shelby

    Thanks Machan <3

  16. Anonymous

    Thanks bokka.. Anike tika ikmnta denda

  17. Anonymous

    Ela kollek

  18. Akash

    Supiri,elm,

  19. Anonymous

    thank you

  20. මයිකි

    මග බලන් හිටියේ. ඇයි පරක්කු කියලත් හිතුනා. තැන්ක්ස් සබ් එකට. මං ආසම කතා මලාවක් මෙක

  21. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි ❤️

  22. Lakshan

    Thanks Bro.

  23. Darshana

    අනිත් ටිකත් ඉක්මන්ට දෙමු.. ජයවේවා!!

  24. Ashenmavinda

    අම්මෝ තැන්ක්ස් මචන් බොක්ක

  25. Anonymous

    Sub ekat thnx....
    ඉතුරු ටිකත් denna taggala

  26. P.K

    Thanks sub ekata

  27. Nirmal

    Thanks sub eka puluwn ikmanata dunnata. season 01 yasiru saho sub karana kale idala mama balanawa.. ithru sub tikath danna <3

  28. Anonymous

    Thnx soo much dear...

  29. Shehan Pramuditha

    Tnz

  30. Anonymous

    Anith episode tike sub ekth denko bokkka ikmnata

  31. Naveen Rangana

    Thanks for Subtitle.........
    Jayawewa..........!!!!!!!!!!!!

  32. Anonymous

    Sub eka dunna,e wenuwen oyage kalaya ,mahansiya waya karapu oyata bohomatma stutui..jayama wewa...!!!

  33. එරංග සඳරුවන්

    උප සිරැසි 08ම බෝම ස්තුතියි..
    ජයින් ජයම වේවා..

  34. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ .....!

  35. Anonymous

    thanx

  36. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  37. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  38. chinthaka.max4

    thankx machan

  39. saliya_dasanayake

    supiri aa

  40. Anonymous

    ලුසී ලුසිෆර් වෙනුවෙන් සබ් දීලා ❤

  41. Anujaya Ishira

    Lucifer season 5 part 2 sub tikath dennako brother. Download karan balanne nathuwa inne oya sub denakan.

  42. Navod nimsara

    Lucifer season 5 part 2 sub tika dennko

  43. lakshan

    thanks .....................

  44. Nishan

    season 6 sub oni

  45. Anonymous

    thanks bro

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.