Watch Trailer

Manorathangal [S01 : E01] Sinhala Subtitles | රළ පෙල සහ ගං ඉවුර [සිංහල උපසිරසි] (18+)

Manorathangal S01 Sinhala Subtitles ආයුබෝවන් ඔබට අද සිට අගෝස්තු 15 දින ZEE5 තුලින් නිකුත් කල අළුත්ම මලයාලි කතා මාලාව ගෙන එනවා.මේක සුප්‍රසිද්ධ මලයාලි ලේඛකයෙකු, කවියෙකු, තිර රචකයෙකු මෙන්ම අධ්‍යක්ෂක වරයෙකුද වන එම් ටී වාසුදේවන් නායර් ගේ (MT) කෙටි කතා මාලාවක් (anthology series) ඇසුරින් ඔහුගේ දියණිය අස්ව…

Manorathangal S01 Sinhala Subtitles

ආයුබෝවන් ඔබට අද සිට අගෝස්තු 15 දින ZEE5 තුලින් නිකුත් කල අළුත්ම මලයාලි  කතා මාලාව ගෙන එනවා.මේක සුප්‍රසිද්ධ මලයාලි ලේඛකයෙකු, කවියෙකු, තිර රචකයෙකු මෙන්ම අධ්‍යක්ෂක වරයෙකුද වන එම් ටී වාසුදේවන් නායර් ගේ (MT) කෙටි කතා මාලාවක් (anthology series) ඇසුරින් ඔහුගේ දියණිය අස්වතී වී. නායර් නිර්මාණාත්මක අධ්‍යක්ෂනයෙන් නිපදවන ලද්දක්. මෙහි විශේෂත්වය එම කතා මාලාව සඳහා සුප්‍රකට මලයාලි නළුවන් රාශියක්ම පෙනී සිටීමයි. මෝහන්ලාල්, මමූට්ටි, ෆහද් ෆාසීල්, බිජු මෙනන්, නෙදුමුඩි වේණු, සිද්ධික්, ඉන්ද්‍රජිත් සුකුමාරන්, අසීෆ් අලි, මමුක්කෝයා, විනීත්, ඉන්ද්‍රන්ස්, අපර් නා බාලමුරලි, පාර් වතී තිරුවෝතු, සුරභි ලක්‍ෂ්මි, සහ ඈන් ඔගස්ටින් වැන්නන් මේ කතා මාලාවේ දැක ගන්න පුළුවන්. එසේම මේවායේ හැඳින් වීම කරනු ලබන්නේ දමිළ සුපිරි නළු කමල් හාසන් විසින්.

මේ කතා මාලාව කතා 9කින් සමන් විත වෙනවා. මානව සම්බන්ධතා දෙස කතු වරයාගේ ඇසින් බලන අපූරු සංවේදී කතා කිහිපයක් මෙහි අන්තර් ගත වෙනවා. මෙහි මම්මුට්ටි රඟපාන දෙවන කතාංගය අපට පොඩි විශේෂත්වයක් තියෙනවා. මක් නිසාද ඒකට පාදක වෙන්නේ ශ්‍රී ලංකාව.

මේ අනුව මෙහි මුල්ම කතාංගය ඔලාවූම් තීරවූම් (දිය රැළි සහ ගං ඉවුර) අද ඔබට තිලිණ කරනවා. කළු සුදු කතාංගයක් වන මේක 1969දී චිත්‍රපටයකටද නැගී තිබුනා. කෙසේ වෙතත් පැයකටත් වඩා අඩු කුඩා කතාංග නිසා ඒවා ගැන විස්තර කිරීම අනවශ්‍යයි.

මෝහන්ලාල්, සුරභි ලක්‍ෂ්මි, දුර්ගා ක්‍රිෂ්ණා, මමුක්කෝයා(මිය ගිය) මෙහි ප්‍රධාන චරිත රඟපානවා. අධ්‍යක්ශණය ප්‍රියදර්ශන්ගෙන්.

එහෙනම් අද සිට තවත් මලයාලි කතා මාලාවක් නරඹන්න ආරාධනා කරනවා. මම්මුට්ටි සමග හෙට කඩුගන්නාව ඔරු යාත්‍රා කුරිප්පු නම් දෙවෙනි කොටසින් හමු වෙමු.

ආයුබෝවන්

Manorathangal S01 Sinhala Subtitles

 

       

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

2,476 downloadsDownload Manorathangal-S01E01-Olavum-Theeravum.zip28 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Manorathangal S01 Sinhala Subtitles

All BT1Next BT1

Legend badge

Subtitles by

BANDULA K

Legend

Subtitles

2,476 downloadsDownload Subtitles28 KB

1 comment

  1. Buddhika laKMal

    ස්තූතියි බන්දුල සහෝ සබට

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.