Watch Trailer

Marvel’s Cloak & Dagger [S02 : E05] Sinhala Subtitles | ගොවියා සහ පොළඟා…! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්..! ඉතිං ප්‍රමාද වීමකුත් එක්ක මේ අරගෙන එන්නෙ Cloak and Dagger දෙවැනි කතා මාලාවෙ, පස්වැනි කතාංගය. කතාව ටිකක් පැටළිලිසහගත වෙලා තියෙන්නෙ මේ වෙනකොට. ඒක ලිහාගන්න පුළුවන් වෙයි අපිට කතා මාලාව අවසාන වෙනකොට. එහෙනම් පොඩ්ඩක් මතක් කරගමු කලින් මොනවද වුණේ කියල. පසුගිය කොටසින්… කට්ටියට මතක ඇති ඔ’රයිලි මේ…

ආයුබෝවන්..!

ඉතිං ප්‍රමාද වීමකුත් එක්ක මේ අරගෙන එන්නෙ Cloak and Dagger දෙවැනි කතා මාලාවෙ, පස්වැනි කතාංගය. කතාව ටිකක් පැටළිලිසහගත වෙලා තියෙන්නෙ මේ වෙනකොට. ඒක ලිහාගන්න පුළුවන් වෙයි අපිට කතා මාලාව අවසාන වෙනකොට. එහෙනම් පොඩ්ඩක් මතක් කරගමු කලින් මොනවද වුණේ කියල.

පසුගිය කොටසින්…

කට්ටියට මතක ඇති ඔ’රයිලි මේ වෙන එයාගෙ හොඳ පැතිකඩ සහ නරක පැතිකඩ විදියට කොටස් දෙකකට බෙදිල දෙන්නෙක් විදියට ඉන්නෙ. එක්කෙනෙක් බ්‍රිජට්, අනිත් කෙනා මේහෙම්. ඉතිං මේහෙම් කියන කෙනා කලින් කොටසකදි ටයිරොන් හරහා ගියපු නිසා එකපාරම අතුරුදන් වුණා. මීට කලින් එහෙම අතුරුදන් වුණේ කෝනර්ස්. කොහොමහරි ටැන්ඩිට ඕන වෙනව මේහෙම් ආයෙත් අරගෙන එන්න අතුරුදන් වෙන ගෑණු ළමයින්ගෙ අබිරහස විසඳ ගන්න. ඒ අනුව ටැන්ඩි යනව ටයිරොන් තුළට. එතනදි ටැන්ඩිට එයාගෙම මතකයන් තැටි ගත කරල තිබිල අහු වුණානෙ. ඒව මේව අස්සෙ ටැන්ඩි එක්ක හිටපු මේහම් ගිහින් කෝනර්ස් එල්ලල මරන්න හදනව. එතකොට තමයි ටැන්ඩිගෙ බලය මතුවෙලා එකපාරම වටේ කළුවර වෙන්නෙ. ඒකට හෙතුව ටයිරොන් තුළින් නැවත් ද්වාරය විවර වීම. කොහොමහරි කළුවරේම ටැන්ඩි ආපහු මේ ලෝකෙට ඇදගෙන ඇවිල්ල තිබුණෙ මේහෙම් නෙවෙයි, කෝනර්ස්. ආපු ගමන් කෝනර්ස් පැනල යනව. ඔන්න එහෙමයි වුණේ.

අද කොටසින්…

අද නම් ටිකක් ව්‍යාකූලයි කතාව. ටැන්ඩි කතාවක් කියනව. ඒ අතරෙ ටැන්ඩි සහ ටයිරොන් දෙන්න පාරවල් දෙකක් අබිරහස් දෙකක් පස්සෙ හඹාගෙන යනව. ටයිරොන් යන්නෙ කෝනර්ස් පස්සෙ, ටැන්ඩි යන්නෙ ගෑණු ළමයි පැහැරගන්න කෙනා හොයන්න. කොහොමහරි ටයිරොන්ට කෝනර්ස් හමු වෙනව. හැබැයි අපි හිතන දේ නෙවෙයි ඊට පස්සෙ වෙන්නෙ. මෙතෙක් ආපු ගමන් සම්පුර්ණයෙන්ම වෙනස් වෙනව කෝනර්ස් සහ ටයිරොන් දෙන්නගෙ මේ හමුවීම නිසා. ඒ වගේම ටැන්ඩි, ලියා යාළුකරගෙන උත්සාහ කරනව, මේ ගෑණු ළමයින්ගෙ ප්‍රශ්නෙ විසඳගන්න. ඔන්න ඔය විදියට ඒ පාරෙ යන ටැන්ඩි ලියා ගැන මෙතෙක් නොදැන හිටපු බරපතල දෙයක් දැනගන්නව. බලන්න අද කොටස හැමදේකම හැරවුම් ලක්ෂයක් වෙනව වගේ පෙනෙයි. හයවැනි කතාංගය අද නිකුත් වුණා. හැකි විගස ඒකත් ලබා දෙන්නම්. එහෙනම් ගිහින් එන්නම්. ජය වේවා..!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.

1,858 downloadsDownload Marvels-Cloak-Dagger-S02-E05.zip28 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Subtitles

1,858 downloadsDownload Subtitles28 KB

13 comments

  1. malithmadhushan45

    ස්තුතියි උදයංග අයියේ

  2. suranuwan

    thanks...

  3. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    සබ් එක දෙනකම් බලන් හිටියේ...

  4. priyan99

    Thanks bro sub ekata

  5. dx12

    thanks bro.

  6. Ayesh Prashan

    Thank You

  7. kavini99

    සිංහල උපසිරැසියට ස්තූතියි

  8. Vihanga sathsara

    thanksss machiii

  9. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ. ජයවේවා...............!

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. ThusharaIndunilRathnayaka

    thanks for sub....!

  12. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට

  13. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.