Spider-Noir Season 01 Sinhala Subtitles ඉතිං කට්ටිට මේ අවුරුද්දේ ආව අති සුපිරි සීරිස් එකක් විදිහට හඳුන්වන්න පුලුවන් Spider-Noir සීරිස් එකේ පළවෙනි සීසන් එකේ අවසාන එපිය තමා මේ අරගෙන ආවේ!. සීසන් දෙක හැදෙයිද කියලානම් මේ සබ් එක කරනකොටත් සඳහනක් නෑ, හැබැයි මේ සීසන් එක සාර්ථක උන නිසා සීසන් දෙක හැදෙයි කියලා…

Spider-Noir Season 01 Sinhala Subtitles
ඉතිං කට්ටිට මේ අවුරුද්දේ ආව අති සුපිරි සීරිස් එකක් විදිහට හඳුන්වන්න පුලුවන් Spider-Noir සීරිස් එකේ පළවෙනි සීසන් එකේ අවසාන එපිය තමා මේ අරගෙන ආවේ!. සීසන් දෙක හැදෙයිද කියලානම් මේ සබ් එක කරනකොටත් සඳහනක් නෑ, හැබැයි මේ සීසන් එක සාර්ථක උන නිසා සීසන් දෙක හැදෙයි කියලා අපි හිතමු. කොහොම හරි කමන් නෑ කළින් සිද්දිය ලාවට යටින් දාන්නම් කියවන අයට කියවන්න…
බෙන්ව පාවා දුන්න එක ගැන කැට් ඉන්නේ ලොකු වරදකාරී හැඟීමකින්. ඒ අතරේ ඇන්ටිඩෝට් (antidote) එක ගන්න කරපු හැම උත්සාහයක්ම අසාර්ථක වුණු නිසා සිල්වර්මේන් ඉන්නේ මාරම කේන්තියකින්. මේ නගරේ ඇත්තම බලය තියෙන්නේ කාටද කියලා පෙන්නන්න ඕන නිසා, එයා එයාගේ මියුටන්ට් ගෝලයො ටික යවනවා නගරේ විනාශ කරලා දාන්න. මේ ගොල්ලෝ නගරාධිපති මොරිස්ව කොල්ලකාලා එයාගේ පාලනය ප්‍රසිද්ධියේම විහිළුවකට ලක් කරනවා. මුළු නගරෙම අවුල් ජාලයක් වෙද්දී, මොරිස්ට තේරෙනවා එයාට කිසිම දෙයක් කරගන්න බැහැ කියලා. කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි එයාට පිළිගන්න වෙනවා මේ තර්ජනේ නවත්තන්න පුළුවන් ස්පයිඩර්ට විතරයි කියලා.
අනිත් පැත්තෙන් බෙන් ඉන්නේ එයාගේ ජීවිතේ හොඳටම කඩාගෙන වැටිලා ඉන්න වෙලාවක. කැට්ගේ පාවාදීම නිසා හිත රිදිලා, වීරයෙක් වෙන එකේ බර දරාගෙනම මහන්සි වෙලා ඉන්න එයා, බාර් එකකට වෙලා දුක තුනී කරගන්න ගමන් කල්පනා කරනවා ස්පයිඩර් විදිහට ගතකරන ජීවිතේ සදහටම අතහැරලා දාන්න. හැබැයි රොබී එයාගේ මේ අදහසට විරුද්ධ වෙනවා. බෙන්ට වගේම තවත් ගොඩක් අයට මේ ඇන්ටිඩෝට් එක ඕන කරනවා, ඒකෙන් එයාලගේ ජීවිත බේරගන්න පුළුවන් කියලා රොබී බෙන්ට මතක් කරලා දෙනවා. ආපහු එයාගේ ඔෆිස් එකට යන බෙන්, ඉතුරු වෙලා ඉන්න මියුටන්ට්ලා අතරේ මේ ඇන්ටිඩෝට් එක බෙදලා දෙන්න තියෙන ප්ලෑන් එක ගැන කියනවා. ඒ වෙලාවේ හිතපු නැති විදිහට ජැනට් කියනවා බෙන් ස්පයිඩර් කියලා එයා කාලෙක ඉඳන්ම දන්නවා කියලා.
අන්තිම වතාවටත් හරි දේ කරන්න තීරණය කරන බෙන්, ආපහු ස්පයිඩර් ඇඳුම ඇඳගෙන පොලිස් ගබඩාවකට කඩාපනින සිල්වර්මේන්ගේ සෙට් එකත් එක්ක සටන් කරන්න යනවා. මේ සටන ඉවර වෙන්නේ ලොනීට ඇන්ටිඩෝට් එක හම්බෙලා එයා ආපහු සාමාන්‍ය තත්ත්වෙට පත්වීමෙන්. ඒකෙන් එයාට පුළුවන් වෙනවා එයාගේ කරදරකාරී ජීවිතේ අතහැරලා දාලා හොඳ අනාගතයක් හොයාගෙන යන්න.
කොහොම වුණත්, බෙන් මේ ඇන්ටිඩෝට් එක පාවිච්චි කරන්න ගත්ත තීරණේ කාටවත් හැංගිලා තියෙන්නේ නැහැ. මේ ප්‍රතිකාරය ගැන ආරංචිය පැතිරෙද්දී, සිල්වර්මේන් වගේම නගරාධිපති මොරිස් කියන දෙන්නම මේක කරපු කෙනාව හොයාගන්න පිස්සුවෙන් වගේ දඟලනවා. මේකෙ ප්‍රතිඵලයක් විදිහට බෙන් රයිලි එකපාරටම මේ බලවත් හතුරෝ දෙන්නෙකුගෙම ඉලක්කයක් බවට පත් වෙනවා.
එහෙනම් කට්ටිය මේක තමා කළින් සිද්දිය, මේ සීරිස් එක එනකං බලාගෙන හිටපු කෙනෙක් නිසා වැඩ එක්ක කාර්‍යබහුල උනත් මං හෙන ආසාවෙන් තමා මේකට සබ් හදන්න පටං ගත්තේ සහා කතාවේ ඇත්ත අදහසට කිසිම හානියක් නොවෙන විදිහට මේ වැඩේ කරන්න මම උපරිමයෙන් උත්සහා කළා. එහෙනම් ඉතිං ගිහින් එන්නම් ජය වේවා!
Spider-Noir Season 01 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
860 downloadsDownload Spider-Noir.S01E08.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අතුල සංජීව” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2026-02-03
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
අතුල සංජීව
Subtitles
- #2025
- #Comic
- #Editor's Pick
- #Marvel
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Spider-Man
- #Spider-Noir S01 Sinhala Sub
- #Spider-Noir S01 Sinhala Subtitles
- #Spider-Noir Season 01 Sinhala Sub
- #Spider-Noir Season 01 Sinhala Subtitles
- #Spider-Noir Sinhala Sub
- #Spider-Noir Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #TV
- #අතුල සංජීව
- #උපසිරැසි
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
5 comments
Sahan Gayantha
Buddhika laKMal
සබ්එකට තෑන්ක්ස් මචං...
මේ සීරිස්එකට කම්ප්ලීට්ම සබ් දුන්නට බෝම ස්තූථියි සහෝSandaru Nimsara
Thanks bro
එල්. සී. දමැල්
Sub tika niyameta thibuna saho.
නිශාන් සමීර
●●● බොහෝම ස්තුතියි උපසිරැසියට ●●●
Advertisement



thanks a lot Sajeewa brother sub ekata