ආයිබෝවන්..! සමාවෙන්න ඕනෙ 8 වෙනි කතාංගය නිකුත් වෙනකනුත් මට 6 වෙනි කතාංගය ලබා දෙන්න හැකි වුණේ නැති වීම ගැන. ඒකට ලොකුම සාධකය වුණේ ඇත්තටම අපි මහන්සි වෙලා උපසිරැසි ගන්වන ලයින් ප්‍රමාණය තරමටවත් බාගත කිරීම් මේ කතා මාලාවට ලැබෙන්නෙ නැති එක. එතකොට කාට වුණත් පසුබෑමක් ඇති වෙනව උපසිරැසිය ලබා දීම ගැන. මොකද කට්ටි…

ආයිබෝවන්..!
සමාවෙන්න ඕනෙ 8 වෙනි කතාංගය නිකුත් වෙනකනුත් මට 6 වෙනි කතාංගය ලබා දෙන්න හැකි වුණේ නැති වීම ගැන. ඒකට ලොකුම සාධකය වුණේ ඇත්තටම අපි මහන්සි වෙලා උපසිරැසි ගන්වන ලයින් ප්‍රමාණය තරමටවත් බාගත කිරීම් මේ කතා මාලාවට ලැබෙන්නෙ නැති එක. එතකොට කාට වුණත් පසුබෑමක් ඇති වෙනව උපසිරැසිය ලබා දීම ගැන. මොකද කට්ටිය දන්නවනෙ මම වෝකින්ඩෙඩ්, බෑඩ්ලෑන්ඩ්ස් වගේ ඒව කවදාවත් මෙහෙම ප්‍රමාද කරල නැහැ. මම ඒවට උපසිරැසි ලබා දෙන්නෙ ලොකු තෘප්තියක් ඇතුව. කොහොමද සීමිත ප්‍රේක්ෂකයන් ගාණක් වුණත් මේ තරම් ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් මම මගේ කණගාටුව ප්‍රකාශ කර සිටිනවා. මේ වෙද්දි 7 වැනි කතාංගය උපසිරැසි ගන්වල තියෙන්නෙ කියල ආරංචියක් ආව. ඒ නිසා මෙතන ඉඳල ආයෙ ප්‍රමාදයක් වෙන එකක් නෑ. එහෙනම් මේ Cloak and Dagger සඳහා මම ලබා දෙන අවසාන උපසිරැසිය. බලමු කලින් කොටසෙ මොනවද වුණේ කියල.
පහුගිය කොටසින්..
ටැන්ඩි ගිය සතියෙ කතාවක් මඟින් කතාවක් කිව්ව මතකනෙ. ඒ වගේම ටැන්ඩි සහ ටයිරොන් දෙන්න පාරවල් දෙකක් අබිරහස් දෙකක් පස්සෙ හඹාගෙන ගියා. ටයිරොන් යන්නෙ කෝනර්ස් පස්සෙ, ටැන්ඩි යන්නෙ ගෑණු ළමයි පැහැරගන්න කෙනා හොයන්න. කොහොමහරි ටයිරොන්ට කෝනර්ස් හමු වෙනව. හැබැයි අපි හිතන දේ නෙවෙයි ඊට පස්සෙ වෙන්නෙ. මෙතෙක් ආපු ගමන් සම්පුර්ණයෙන්ම වෙනස් වෙනව කෝනර්ස් සහ ටයිරොන් දෙන්නගෙ මේ හමුවීම නිසා. ඒ වගේම ටැන්ඩි, ලියා යාළුකරගෙන උත්සාහ කරනව, මේ ගෑණු ළමයින්ගෙ ප්‍රශ්නෙ විසඳගන්න. ඔන්න ඔය විදියට ඒ පාරෙ යන ටැන්ඩි ලියා ගැන මෙතෙක් නොදැන හිටපු බරපතල දෙයක් දැනගන්නව. ඒ තමයි මේ ගෑණු ළමයි පැහැරගැනීම පිටිපස්සෙ ඉන්නෙ ලියා සහ ඇන්ඩ්‍රේ කියල. හැබැයි ඉතිං ඒ වෙද්දි පරක්කු වැඩියි. ලියා ටැන්ඩිව අල්ලගෙන ගිලන් රථය ඇතුළට දාගන්නව.
අද කොටසින්..
ඉතිං ගිලන් රථයට දාගත්ත ටැන්ඩිට අද මොකද්ද වෙන්නෙ කියල බලාගන්න පුළුවන්. මේ කොටසත් සෑහෙන ව්‍යාකූල ගතියක් ගනීවි. ඒකට හේතුව තැන් කීපයක ආකාර කීපයකට ටැන්ඩිව දැකගන්න ඔයාලට පුළුවන් වීම. ඒ ඒ තැන් වල සිද්ධ වෙන සිදුවීම් එකකට එකක් සම්බන්ධ නැහැ. නමුත් අවසාන විනාඩි කීපය වෙනකොට තේරුම් යාවි එහෙම වුණේ ඇයි, ඒක කලේ කවුද කියල. කොහොමටත් ප්‍රතිසන්ධි ගැලපීම නම් මේ කතා මාලාවේ අවසාන එපිය දක්වා යන්න ඉඩකඩ තියෙනව. එහෙනම් ඊලඟ එපිය අසුරු සැනෙකින් ලැබෙයි. ඇඩ්මින්වරුන්ගේ තර්ජන, ගර්ජන අස්සෙ හරි අමාරුවෙන් මේක ඉවර කරගත්ත. වෙනද වගේ පාට කරල හැඩ වැඩ දාන්න වෙලාව මදි නිසා සබ් එක නිකම්ම එව්ව. එහෙනම් ඉතිං මම ගියා. ජය වේවා..!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.
1,299 downloadsDownload Marvels-Cloak-Dagger-S02-E06.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදයංග සම්පත්
Subtitles
12 comments
charith madusanka jayathissa
Ayesh Prashan
Thank You
kavini99
සිංහල උපසිරැසියට ස්තූතියි
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
සබ් එක දෙනකම් බලන් හිටියේ...
සීමිත ගණනක් බැලුවත් සුපිරි කතාවක්...suranuwan
thanks.......
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා..........!
Shammi
thanks brother
madusanka
ස්තුතියි මචං ජය වේවා..!
ThusharaIndunilRathnayaka
Sub ekata thanks....!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ .....!
Advertisement




Thanks bro!