Olive Kitteridge [S01 : E01] Sinhala Subtitles ඔලිව් කිට්ටරිජ් කියන්නෙ 2014 දි HBO විසින් නිකුත් කරපු කොටස් හතරක Miniseries එකක්. එලිසබෙත් ස්ට්‍රවුට් ගේ නව කතාව පාදක කරගෙන නිර්මාණය කරපු මේ කතාව Prime Time Emmy Nominations 27 කින් 8ක්ම දිනාගන්න සමත්වෙල තියෙනව. ඒ කතාවෙ පළවෙනි කථාංගයේ උපසිරැසි තමයි මේ…

ඔලිව් කිට්ටරිජ් කියන්නෙ 2014 දි HBO විසින් නිකුත් කරපු කොටස් හතරක Miniseries එකක්. එලිසබෙත් ස්ට්‍රවුට් ගේ නව කතාව පාදක කරගෙන නිර්මාණය කරපු මේ කතාව Prime Time Emmy Nominations 27 කින් 8ක්ම දිනාගන්න සමත්වෙල තියෙනව. ඒ කතාවෙ පළවෙනි කථාංගයේ උපසිරැසි තමයි මේ තියෙන්නෙ.
Episode Rating (IMDB): 8.1
Olive Kitteridge කියන්නේ ගොඩක් හෙමින් ගලාගෙන යන කතාවක්. ඇමරිකාවේ Maine ප්‍රාන්තයේ වෙරළ ළඟ කුඩා නගරයක් පසුබිම් කරගෙන, කතාව Olive Kitteridge කියන විශ්‍රාමික පාසල් ගුරුවරියක්ගෙ ජීවිතය වටා තමයි මේ කතාව ගොඩනැගිල තියෙන්නෙ. මේ කතාවේ හරය වෙන්නෙ විවාහ ජීවිතය, ජීවිතයේ තනිවීම, වයස්ගත වීම, පසුතැවීම වගේ අපි හැමෝටම කවදහරි යථාර්තයක් වෙන ඛේදවාචක මේ චරිතයෙ ඇසෙන් කීම.
හොඳම නළුවා/නිළිය Oscar සම්මාන තුනක් දිනාගත් නළුවන් ඉතිහාසයටම ඉන්නේ හත් දෙනෙක් විතරයි. මේ කතාවේ Olive ගේ චරිතය රඟපාන Frances McDormand කියන්නෙ ඒ අයගෙන් කෙනෙක්. පරීපූර්ණ නැති ඒ උනත් ඉතා මානුෂීය චරිතයක් වෙච්ච Olive ගේ චරිතය ඇය ඉතාඅ දක්ෂ විදියට මේ කතාවේ රඟ දක්වනවා. Olive ගේ සැමියාගේ චරිතය රඟපාන Richard Jenkins ඇතුළු සම්පූර්ණ කණ්ඩායමම ඉතාමත් විශිෂ්ට රංගනයක් ඉදිරිපත් කරනවා.
පිටින් බලද්දී Olive Kitteridge සරල කතාවක් වගේ පෙනුනත්, ඒක ගොඩනගද්දි ඒකට ලබා දීපු කලාත්මක වටිනාකම විශිෂ්ටයි. ඒ ලොකු කුතුහලය උපදවන twists වත්, සීට් එක ගැට්ටට ගේන actions sequences වත් කිසි දෙයක් නිසා නෙවෙයි. ජීවිතය එය ඇත්තටම පවතින ආකාරයෙන් පෙන්වන නිසායි මේ කතාව මිනිස්සුන්ගෙ ලොකු ප්‍රසාදයට ලක් වෙල තියෙන්නෙ.
මේ කතාව ඕගොල්ලන් බලල රස විඳීවි කියල මම බලාපොරොත්තු වෙනව.
- Written by: Jane Anderson
- Based on: Olive Kitteridge by Elizabeth Strout
- Genre: Psychological Drama
- Number of Episodes: 4
- IMDB: 8.3/10
- Rotten Tomatoes: 94%
Due to copyright issues, we no longer provide any download links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
592 downloadsDownload Olive-Kitteridge-S01E01.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුචින් හිමාෂ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2026-02-12
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Olive Kitteridge Season 01 Sinhala Subtitles
Subtitles by
රුචින් හිමාෂ
Subtitles
- #MaxxA
- #Olive Kitteridge S01 Sinhala Sub
- #Olive Kitteridge S01 Sinhala Subtitles
- #Olive Kitteridge Sinhala Sub
- #Olive Kitteridge Sinhala Subtitles
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subhan
- #Subs
- #subtitle
- #Subtitles
- #උපසිරැසි
- #රුචින් හිමාෂ
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
3 comments
Buddhika laKMal
PARAMEE86
උපසිරැසියට ස්තූතියි!
Sandaru Nimsara
Thanks❤️
Advertisement
![Olive Kitteridge [S01 : E01] Sinhala Subtitles | ෆාමසිය [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/02/olive-kitteridge-s01-2.jpg)

උපසිරැසියට ස්තූථියි