Watch Trailer

One Piece [S01 : E01] Sinhala Subtitles | අනාගත මුහුදු කොල්ලකාර රජු! [සිංහල උපසිරසි]

කොහොමද හැම කෙනෙක්ටම? හොඳින් ඉන්නවා ඇති කියල හිතනවා. මේ අරගෙන ආවේ ලොව පුරාම උන්මාදයක් ඇතිකළ මන්ගා සිරිස් එකක්, Action, Adventure, Comedy, Drama, Fantasy කියන වර්ගයන්ට අයත් ලයිව් ඇක්ෂන් විධියට නිර්මාණය කරපු කතාවක්. නෙට්ෆ්ලික්ස්ලා මෑත කාලීනව එහෙම ඇඩප්ටේෂන් අනුභව කලාට, ආයේ කියන්න දෙයක් නැහැ මේක නම් මල්…

කොහොමද හැම කෙනෙක්ටම? හොඳින් ඉන්නවා ඇති කියල හිතනවා.

මේ අරගෙන ආවේ ලොව පුරාම උන්මාදයක් ඇතිකළ මන්ගා සිරිස් එකක්, Action, Adventure, Comedy, Drama, Fantasy කියන වර්ගයන්ට අයත් ලයිව් ඇක්ෂන් විධියට නිර්මාණය කරපු කතාවක්. නෙට්ෆ්ලික්ස්ලා මෑත කාලීනව එහෙම ඇඩප්ටේෂන් අනුභව කලාට, ආයේ කියන්න දෙයක් නැහැ මේක නම් මල් හතයි. ඒ වගේම අතීත සහ වර්තමාන කාල කලවම් කරපු වයිබ් එකක් තියෙන මුහුදු කොල්ලකාර කතාවක් වීම වෙනම ලස්සනක් අරගෙන එනව. එහෙනම් වැඩි දෙයක් නැතුව කතාවේ පසුබිම වෙත යොමුවෙමු. ලිපියේ පහලට යනකම් තියෙන්නේ ඇනිමි සහ ලයිව් ඇක්ෂන් චරිත අතර සමානතාවය. ඔයාලට තේරේවි මේකට හරියන පෙනුමේ නළු නිලියන් තෝරාගෙන තියෙන බව. එහෙනම් විස්තරය කියවමු. මේ විස්තරය අරගෙන එන්නේ බයිස්කෝප් උපසිරසිකරුවන්ගේ අංක එකේ වන් පීස් රසිකාවිය වෙන නවෝදනී සහෝදරිය. 🙂

නවෝදනී සොයුරියගේ ලිපිය
කොහෙන් කොහොම පටන් ගන්නද කියලා මට හිතාගන්න බෑ. මුලින්මම කියන්න ඕන Live Action කිව්වම අනිවාරෙන් දෙපිරිසක් ඇති‌ වෙනවා. බලන්නැතිව ලොකුකම් කියන අයයි තමන්ට ලැබෙන දේ ආදරෙන් වැළඳගන්න අයයි. මේ දෙගොල්ලොන්ටම බලන්න අද අරන් ආවේ මේ තාක් ආපු සියලුම Anime Live Action අතරින් අහන ඕන කෙ නෙක් හොඳම Adaptation එක විදියට පිළිගන්න සීරීස් එක අරගෙන.

ඇනිමෙ ප්‍රේක්ෂකයෙන් අතරින් අතිශයම ජනප්‍රිය ඇනිමෙ එක වගේම ලොව පුර වැඩිම වාර ගණනක් අලවි වුන ජපන් චිත්‍ර කතාව විදියට නම් දරණ One Piece කතා මාලාවේ Live Action Adaptation එකට තමයි අද අපි උපසිරසි අරන් ඇවිත් තියෙන්නෙ. LA එකකට හරවනවනම් අසීරුම කතාවත් මේක වෙන්න ඕන. ඒ සියලුම අභියෝග ජය අරගෙන කතාවෙ නිර්මාතෘ එයිචිරෝ ඕදා සෙන්සෙගෙ මැදිහත්වීමෙන් යුක්තව තෝරගත්ත නළු නිළියන් පිරිසක් දායකත්වයෙන් නිර්මාණය වුනු මේ සීරීස් එක අද හැමෝම කතා වෙන හැමෝම ආසාවෙන් නරඹපු කතාවක් බවට පත් වෙලා තියෙනවා.

මේකට පාදක වන චිත්‍ර කතාව ගැන පොඩි හැඳින්වීමක් දෙන්නම් මොකද ඇනිමෙ නොබලපු චිත්‍ර කතාව නොකියවපු විශාල පිරිසක් අද මේ සීරීස් එක නරඹන්න බලාපොරොත්තුවෙන් ඉන්න නිසා.

බලය, ධනය, කීර්තිය…. මේ සේරම අත්කරගත්ත කෙනෙක් තමයි ගෝල්ඩ් රොජර් කියන්නෙ. හැබැයි රොජර් කියන්නෙ මුහුදු මංකොල්ලකාරයෙක්, මුහුදු මංකොල්ලකාරයන්ගෙ රජු ලෙස නම් වුන මුහුදු මංකොල්ලකාරයෙක්. මුහුදු මංකොල්ලකාරයන් පිරුන මේ ලෝකයෙ නීතිය ආරක්ෂා කරන්නෙ Navy (නාවික හමුදාවයි). මේ නාවික හමුදාව එක අවස්ථාවක රොජර්ව අත්අඩංගුවට ගන්නවා. ලෝකයට පේන්න ඔහුව ප්‍රසිද්ධියෙ මරා දමනවා.

හැබැයි මරා දාන්න කලින් කෙනෙක් කෑ ගහලා රොජර්ගෙන් අහනවා “ඔයා හොයාගත්ත නිධන් කොහෙද තිබ්බෙ” කියලා. ඒකට රොජර් මෙහෙම උත්තර දෙනවා. “මං හොයාගත්ත නිධානෙ “වන් පීස්” ඒක මේ ලොකේ ශ්‍රේෂ්ඨම මුහුදෙ තියෙනවා.” ඒක හොයාගන්න ඔ්නම කෙනෙක්ට ඒ විශාල නිධානෙ අයිති වෙයි”. අන්න එහෙම, මුහුදු මංකොල්ලකාරයන්ගෙ මහා යුගය ආරම්භ වෙනවා. රොජර් දාලා ගිය “වන් පීස්” හොයන්න සිය දහස් ගණන් පිරිස් මුහුදු මංකොල්ලකරුවන් බවට පත් වෙලා මුහුදු යන්න ගන්නවා. ගොඩක් අය මුහුදු මංකොල්ල රජු බවට පත්වෙන්න හීන දකිනවා.

අන්න ඒ හීනෙම හිතේ තියාගෙන අවුරුදු 17 දි පොඩි කොල්ලෙක් මුහුදු යන්න පටන් ගන්නවා. ඒ තමයි අපේ ප්‍රධාන චරිතෙ මන්කි ඩී. ලූෆී. එයා තීරණය කරනවා එයාගෙ නැවට තවත් සාමාජිකයො එකතු කරගෙන එයා කවදහරි මේ ලොකේ තරණය කරලා වන් පීස් හොයාගෙන මුහුදු මංකොල්ල රජතුමා වෙනවා කියලා. එහෙම පටන් ගන්න ගමන ගොඩක් ලොකුයි. හැබැයි මේ Live Action එකේදි එයාගෙ ගමනෙ මුලාරම්භය තමයි එපිසෝඩ් 8 කින් අපිට මෙහෙම අරන් ඇවිත් තියෙන්නෙ.

ආරම්භයේදීම එක ආර්ක් (Arc) එකකට විතරක් සීමා වෙනවා කියන කීම මත ආරම්භ වෙච්ච මේ කතාව සීසන් 2කට අලුත් වෙයිද කියලා අපිට දැන්ම කියන්න බෑ, හැබැයි අනිවාර්යෙන්ම රිනිව් වේවි මේක සාර්ථක ප්‍රතිචාර ලබන නිසා. හැබැයි විශාල පිරිවැයක් මේ සීරීස් එක වෙනුවෙන් දරපු නිසා. සාර්ථක වීම මත වුනත් මේ වගේ දීර්ඝ, ප්‍රහේලිකා පිරුණ, ස්ථාන, චරිත පිරුණ කතාවක් Live Action එකකට හරවන එක කරන්න ලේසි දෙයක් නෙවෙයි. කොහොමහරි අවුරුදු 2ක් පුරා ගොඩක් අයගේ කැපවීම මහන්සිය මත අද මේ Live Action එක සාර්ථක වෙලා තියෙනවා. ඒ නිසා නෙට්ෆිල්ක්ස්ලා මේක අත්හරින එකක් නැහැ.

මං ඔයාලට ආරාධනා කරනවා මේ සීරීස් එක බලලා නවතින්නැතුව ඇනිමෙ එකත් රසවිඳින්න කියලා. අපිට ලැබෙන්නෙ එක ජීවිතයයි. ඇයි අපි මේ වගේ දෙයක් අත් නොවිඳ මැරිලා යන්නෙ? තීරණය ඔයාලාගෙ අතේ තමයි  

දුලක්ෂ මල්ලි උපසිරසි ලබා දේවි ඔයාලට. එහෙනම් මම ගියා, ජය!

 

Romance Dawn

Director : Marc Jobst

Writers : Matt Owens, Steven Maeda, Eiichirô Oda

IMDB : 8.5

Episode Aired : Aug 31, 2023

 

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

20,875 downloadsDownload One.Piece_.2023.S01E01.zip29 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1Next BT1

Subtitles

20,875 downloadsDownload Subtitles29 KB

31 comments

  1. Anonymous

    1st

  2. sanath srimal

    Thanks for your subtitle brother.

  3. Anonymous

    සබ් එක දුන්නට බොහොම ස්තුතියි...❤

  4. vihanga

    ituru tikath ikmata demu saho

  5. Nayana Buddhika

    උපසිරැසියට බොහොම ස්තූතියි අයියේ❤️

  6. Nuwan Chaminda

    සබ් එකට ගොඩක් ස්තුතියි සහොදරයා දෙනකන් බලන් හිටියේ

  7. Udara Damith

    බයිස්කෝප් මන්සලේ මේකෙ දුන්න ඒවා මග නතර කරපු එකනම් අපරාදෙ අප්ප.ඒක ඒකෙ හෙන ආසාවෙන් බැලුව්ව් මන්.මේකෙ ඇනිමේ එකට සින්හල සබ් තියේද.

  8. chameera

    supiriyak thamai sthuthi sahoo

  9. Buddhika Lakmal

    ලිපියට බොහෝම ස්තූතියි නවෝදනී සිස්....
    සබ් එක ගේන්න මහන්සි වුන අපේ විමා අයියටත් එකෙන්ම තෑන්ක්ස්...
    බයිස්කෝප් ටීම් එකටම ජය වේවා....

    1. ZeNZO

      Ep 2 oni bokka

  10. mayya

    Thank you....

  11. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි විමා ..........
    ගොඩක්ම ස්තූතියි නවෝදනී ..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  12. Isuru

    ඉතුරු එපි සබ් ටිකත් ඉක්මනට ගේමු ❤

  13. Sahan Gayantha

    thanks a lot brother sub ekata

  14. Ishira

    තැන්ක්ස් ❤️

  15. Hasiya KG

    උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා... මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි.... ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා... තෙරුවන් සරණයි...❤️✌️

  16. pasindu pabasara

    Thanks brother ❤️❤️❤️

  17. Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි විමා අයියේ, දෙනකල් බලන් හිටපු එකක්. ඒ වගේම ලිපියත් බොහොම වටිනවා. ජයවේවා!

  18. Senuth

    Godak thanks brother ❤️❤️

  19. Buddhika Lakmal

    ...බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..

  20. Achi

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  21. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

  22. Chanu mikhail

    thank you

  23. Janak Satharasinghe

    TV Series , Film nathnam ape jivithe duke witherai.Sinhala sub nathnam ekath wadak na.Ubalate Pin

  24. lakshan

    thanks ...............

  25. chinthaka.max4

    thanks machan

  26. Anonymous

    anime walata sub adu nisa eng dnne neti ayata asawa tibbat anime balanna wenne neh.anime walata sub denna puluwannam sl anime fan base eka wardanaya wei kiyla mm hitnw. anyway live action eka awa kiyla den denagatte.gear 5 on fire boi.tnx for the sub

  27. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  28. chanaka das

    karunakara meka balann downlode karaganna link ekak danna puluwanda

  29. Kavee

    Thank you Sahoo!

  30. Achintha

    ඇනිමේ එක කෝමද ගන්නේ
    මේකේ ඇනිමේ එක හෙව්වා හම්බවුණේ නෑනේ

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.