සුබ දවසක් වේවා හැමෝටම. මේ අරගෙන එන්නේ මේ ටිකේ හැම බදාදාම Disney Plus හරහා නිකුත් වන Percy Jackson and the Olympians කතා මාලාවේ පස්වෙනි එපිසෝඩ් එකේ සිංහල උපසිරසි. අද එපිය නම් කරලා තියෙන්නේ “A God Buys Us Cheeseburgers” කියලයි. පර්සි ඇතුළු තුන් කට්ටුව සහ ග්‍රීක මිථ්‍යාවල එන යුද්ධයට අධිපති දෙවියන් හෙව…

සුබ දවසක් වේවා හැමෝටම. මේ අරගෙන එන්නේ මේ ටිකේ හැම බදාදාම Disney Plus හරහා නිකුත් වන Percy Jackson and the Olympians කතා මාලාවේ පස්වෙනි එපිසෝඩ් එකේ සිංහල උපසිරසි. අද එපිය නම් කරලා තියෙන්නේ “A God Buys Us Cheeseburgers” කියලයි. පර්සි ඇතුළු තුන් කට්ටුව සහ ග්‍රීක මිථ්‍යාවල එන යුද්ධයට අධිපති දෙවියන් හෙවත් ඒරීස් (ක්ලැරිස්ගේ තාත්තා) අතර හමුවීම මේකෙන් බලාගන්න පුළුවන්.
පසුගිය කොටසින්…
කලින් එපිසෝඩ් එකේ අපට දකින්න ලැබුණු ප්‍රධානම දේ තමයි සියලු රාක්ෂයින්ගේ මව වන එකිඩ්නා සහ කයිමේරා කියන රාක්ෂයා, අපේ තුන් කට්ටුව පස්සෙන් එළවගෙන ආව හැටි. එයාගෙන් බේරෙන්න පර්සි, ඇනබෙත් සහ ග්‍රෝවර් යනවා Gateway Arch එක ඇතුළට. Gateway Arch කියන්නේ ඇමරිකාවේ මිසූරී ප්‍රදේශයේ ඇත්තටම තියෙන ආරුක්කුවක්. කතාවේ කියන විදියට නම් ඇතීනාගේ උපදෙවි දරුවෙක් විසින් මේ ආරුක්කුව හදලා තියෙන්නේ ඇතීනාට කරන පූජාවක් විදියටයි. නූතනත්වය, මේ ආදිකාලීන සහ යල්පැනගිය මිථ්‍යා එක්ක මිශ්‍ර කරලා හරි ලස්සනට ගළපන්න රික් රියෝඩන්ගේ තියෙන හැකියාවට මේක හොඳ උදාහරණයක්.
කොහොමහරි, මේක ඇතීනාට පූජ කරපු දේවස්ථානයක් නිසා මොන රාක්ෂයෙක්ටවත් ඒකට ඇතුළ් වෙන්න බෑ. නමුත් එකිඩ්නාට සහ කයිමේරා කිසි ප්‍රශ්නයක් නැතුව ඇතුළට එනවා. එහෙම වෙන්න තියෙන එකම විදිය තමයි ඇතීනා ඇගේ අවසරය ලබා දීම. ඒත් ඇතීනා වගේ දෙවඟනක් ඇයි රාක්ෂයින්ට ඇගේ දේවස්ථානයට ඇතුළු වෙන්න අවසර දෙන්නේ? ඇනබෙත් ඒකට හේතුව පැහැදිලි කරනවා. තුන්වෙනි එපිසෝඩ් එක අවසානයේ පර්සි, මෙඩූසාගේ ඔලුව ඔලිම්පස්වලට යැව්වා. ඇනබෙත් ඒක වැළැක්වුවේ නෑ කියලා ඇතීනාට තරහ ගිහින්. ඉතින් මේක තමයි එයාගේ දඬුවම.
ඇනබෙත්ව සහ ග්‍රෝවර්ව බේරගන්න පර්සි එයාගේ ජීවිතේ අනතුරේ දාගන්නවා. ඒත් කයිමේරාගේ විෂ නිසා දුර්වල වෙලා ඉන්න පර්සිට එයත් එක්ක සටන් කරලා දිනන්න ලැබෙන්නේ නෑ. එයා ආරුක්කුවේ අඩි 630ක් උඩ ඉඳන් බිමට වැටෙනවා. එතනදී පොසෙයිඩන් පර්සිගේ ජීවිතය බේරගන්නවා අපි දැක්කා. තමන්ගේ ආඩම්බරේට හානි වුණා කියලා ඇතීනා තමන්ගේ දුවව රාක්ෂයෙක්ට බිලිදෙන්න හදද්දී, මෙඩූසාගේ ඔලුව ඔලිම්පස්වලට යවන්න ප්‍රධාන වුන පර්සිව, පොසෙයිඩන් බේරගත්තා. එපිසෝඩ් එක අවසාන වුණේ තමන්ට වතුර යට හුස්ම ගන්න පුළුවන් කියලා පර්සි දැනගන්න එකෙන්.
මේ කතාවේ මම කැමතිම කොටස තමයි පර්සි සහ ඇනබෙත් අතර තියෙන සම්බන්ධය. මුලින් දෙන්නට දෙන්නව පේන්න බැරි තැන ඉඳන් ටිකෙන් ටික දෙන්නා එකිනෙකාව බේරගන්න තමන්ගෙ ජීවිතේ අනතුරේ දාන තත්වයට එනවා. ඒවගේම පොතේ හැටියටම යි කතාව සිද්ධ වෙන්නෙත්. සටන් ජවනිකා නම් තව ටිකක් දිගු වුණොත් හොඳයි කියල හිතෙනවා. ඒක ඉතින් TV show එකේ බජට් එක නිසා සිද්ධ වුණු දෙයක් වෙන්න පුළුවන්.
අද එපිසෝඩ් එකෙන් ඒරීස් සහ පර්සි අතර හමුවීම පළවෙනි වතාවට ඔයාලට බලාගන්න පුළුවන් වෙයි, මොකද පර්සි ජැක්සන් චිත්‍රපටි දෙක මේක තනිකරම ස්කිප් කළා. එහෙනම්, හයවෙනි එපියෙන් හමුවෙමු. පීස්✌️.
Percy Jackson, Percy Jackson and the Olympians, Percy Jackson and the Lightning Thief
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
11,893 downloadsDownload Percy-Jackson-and-the-Olympians-S01-E05-Sinhala-Subtitles.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සනුප රන්මෙත්
Subtitles
- #2023
- #Disney Plus
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #Percy Jackson
- #Percy Jackson and the Olympians
- #Percy Jackson and the Olympians [S01 : E05] Sinhala Subtitles
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Steven Yeun
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #TV
- #Walker Scobell
- #උපසිරැසි
- #සනුප රන්මෙත්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
13 comments
Sasanka Sandruwan
Anonymous
Thank bro apu dawasema dunnata
Dineth
Thanks bro.
Kosala
Thanks bro
Anomamis
Gemmak sudda thanks jayawewa
Buddhika Lakmal
Thanks Brother.. Good job.... ♥♥
viraj
thanks.........
Piumi
Thanks ❤️
sachintha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
chinthaka chathuranga
thanks malli
Dewadithya
Thanks for Sub!
බිම්බිෂ
සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement




එපිසෝඩ් එක රිලීස් වෙලා ඒ පැත්ත බලලා මේ පැත්ත බලද්දි සබ් එක දාලා ආදරෙයි සනුප සගෝ