Watch Trailer

Echo [S01 : E01] Sinhala Subtitles | අපරාධ ලෝකයේ අනාගත මහරැජින! [සිංහල උපසිරසි]

Echo [S01 : E01] Sinhala Subtitles සුබ දවසක් බයිස්කෝප්වාසී සියලු දෙනාටම. මේ අරගෙන එන්නේ 2024 වසරේ Marvel එක නිකුත් කරන පළවෙනිම කතා මාලාව. ඒ තමයි ECHO. ගොඩක් වෙලාවට නම අහල ඇති, මොකද පහුගිය දවස් ටිකේ Marvel එක සැහෙන්න ප්‍රමෝට් කරපු කතාවක් තමයි මේ. ECHO කියන්නේ Marvel එකේ සුවිශේෂම TV සීරීස් එකක්. ඒකට…

Echo Sinhala Subtitles

සුබ දවසක් බයිස්කෝප්වාසී සියලු දෙනාටම. මේ අරගෙන එන්නේ 2024 වසරේ Marvel එක නිකුත් කරන පළවෙනිම කතා මාලාව. ඒ තමයි ECHO. ගොඩක් වෙලාවට නම අහල ඇති, මොකද පහුගිය දවස් ටිකේ Marvel එක සැහෙන්න ප්‍රමෝට් කරපු කතාවක් තමයි මේ. ECHO කියන්නේ Marvel එකේ සුවිශේෂම TV සීරීස් එකක්. ඒකට හේතු කීපයක් තියෙනවා.

පළවෙනි හේතුව තමයි මේක Marvel එකේ පළවෙනි TV-MA rating එකක් සහිත කතා මාලාව වීම. TV-MA කියන්නේ TV shows වලට දෙන R-rating එකක් කියල හිතාගන්නකෝ. ඉතින් ඒ කියන්නේ සාමාන්‍ය PG-13 මාවල් කතාමාලාවල දකින්න නොලැබෙන දේවල් මේකෙ දකින්න ලැබේවි. විශේෂයෙන්ම violent fight scenes. මාවල් එකේ street-level එක ගවේෂණය කරන්න හදපු සීරිස් එකක් නිසා වඩා තාත්වික බවක් ගෙන එන්න ඒක සෑහෙන ප්‍රයෝජනවත් වෙයි කියල හිතනවා.

මාවල් එකේ TV සයිඩ් එක බලාගෙන ගියා නම් දන්නවා ඇතිනේ, සාමාන්‍යයෙන් Disney Plus හරහා මාවල් කතාමාලා නිකුත් වෙන්නේ සතියකට එක එපිසෝඩ් එකක් වශයෙන්. ඒත් මේ සම්ප්‍රදාය වෙනස් කරමින් පහුගිය දෙසැම්බරයේ එක දවසකට එක එපිසෝඩ් එක ගානේ What If…? දෙවෙනි සීසන් එක නිකුත් වුණා. ECHO එක නිකුත් වෙන විදිය මේ දෙකටම වඩා වෙනස්. ECHO එකේ එපිසෝඩ් 5ම අද, ඒ කියන්නේ ලංකාවට ජනවාරි 10 වෙනිදා, නිකුත් වෙන්න නියමිතයි.

තුන්වෙනි හේතුව තමයි මාවල් එකෙන් අලුතින්ම හඳුන්වාදෙන Marvel Spotlight කියන ලේබල් එක. Marvel Spotlight යටතට වර්ගීකරණය වෙන පළවෙනිම කතාමාලාව තමයි ECHO කියන්නේ. මාවල් විශ්වයේ street-level සයිඩ් එක සම්බන්ධ කතාමාලා ඔක්කොම වර්ගීකරණය වෙන්නේ මේ Marvel Spotlight කියන ලේබල් එක යටතෙයි. Marvel Spotlight projects වල අනිත් ෆිල්ම්වල වගේ ලෝකේ විනාශ වෙන තරමේ අවදානම් නැහැ. විශ්වය හෝ මල්ටිවර්ස් එක විනාශ වෙන තරමේ තර්ජනත් නැහැ. පොඩි ප්‍රදේශයකට විතරක් ව්‍යසනකාරී විදියට බලපාන, grounded stories වලට තමයි Marvel Spotlight ලේබල් එක වෙන් කරලා තියෙන්නේ. මේ වගේ විවිධ ලේබල් භාවිතය කොමික්ස් වල ඉස්සර ඉඳන්ම තිබුණ දෙයක්. DC Elseworld ලේබල් එක මේවායින් ජනප්‍රියම එකක්.

රේටින් එකෙන් සහ ස්පොට්ලයිට් ලේබල් එකෙන් මේක හොඳ කතා මාලාවක් වන බවට දැනටම ලකුණු පහළ වෙලා තියෙනවා (හරියටම කියන්න බෑ ඉතින් මොකද තාම මංවත් සම්පූර්ණයෙන්ම කතාව බැලුවෙ නෑ). Marvel ආයතනයේ TV, animation සහ streaming භාර ප්‍රධානියා වන Brad Winderbaum කින්ග්පින්ව විස්තර කරන්නේ “Thanos of the street-level MCU” කියලයි. ඒ කියන්නේ මාවල් සිනමා විශ්වයේ ground level එකේ ඉන්න ප්‍රධානම දුෂ්ටයා තමයි කින්ග්පින්. ආරංචි වෙන විදියට නම් ECHO, Daredevil: Born Again සහ Spider-Man 4 ප්‍රොජෙක්ට්ස් ටික පදනම් වෙලා තියෙන්නේ Daredevil කොමික් එකක් වන Devil’s Reign කොමික් එක මතයි. ඉදිරියේදී බයිස්කෝප් මංසලේ ඒ පිළිබඳ ලිපියක් පළ වේවි. දැනට කෙටියෙන් කිව්වොත් කින්ග්පින්, නගරාධිපති වුණායින් පස්සේ සුපිරිවීරයින්ව නගරෙන් තහනම් කළාට පස්සේ වෙන දේවල් තමයි කොමික් එකේ අඩංගු වෙන්නේ. ඉතින් ඒක එහෙම වුණොත් සුපිරි කතාවක් බලාගන්න පුළුවන් වෙයි.

ECHO

ඔය මදෑ වටේ පිටේ විස්තර කතා කළා. දැන් අපි කතාකරමු කතාවේ ප්‍රධාන චරිතය ගැන. ඒ තමයි එකෝ. Echo කියලා ප්‍රසිද්ධ වුණාට මෙයාගේ ඇත්ත නම “මායා ලෝපෙස්”. මෙයාව මාවල් විශ්වයට මුලින්ම හඳුන්වා දෙන්නේ 1999 අවුරුද්දේ. ඒ, Daredevil #9 කොමික් කලාපය තුළිනුයි. ඊටපස්සේ 2005 වසරේ New Avengers #11 තුළින් එයාව Ronin නමින් හඳුන්වලා දුන්නා. එකෝ කියන්නේ Daredevil ගේ පරම හතුරා වන Kingpin විසින් හදාගන්න ගත්ත දුව. ඒවගේම එයා මාවල් විශ්වයේ බිහිරි චරිත කිහිපදෙනා අතරින් කෙනෙක්. ඒත් එහෙම කියලා ඈව අවතක්සේරු කරන්න නරකයි.

මාවල් සිනමා විශ්වයට හෙවත් MCU එකට මුලින්ම මෙයාව හඳුන්වලා දෙන්නේ 2021 වසරේ Disney Plus හරහා නිකුත්වුණු Hawkeye කතා මාලාවෙනුයි. ඒකෙ හිටපු ට්‍රැක්සූට් මාෆියා එකේ ප්‍රධානියා විදියට හිටියේ මෙයා නේ. එතකොටත් මෙයා වැඩ කළේ කින්ග්පින් ටයි. අන්තිමේදී මෙයා කින්ග්පින්ට එරෙහිව ගිහින් එයාගේ මූණට තුවක්කුවක් එල්ල කරනවා. එතනදී අපට විශ්වාස කරන්න සලස්වන්නේ මායා, කින්ග්පින්ව මැරුවා කියලයි. ඒත් කින්ග්පින් වගේ චරිතයක් එච්චර ලේසියෙන් ඉවරයක් කරලා දාවි කියලා හිතන්න අමාරුයි. ඉතින් එතැනින් පස්සේ සිද්ධ වෙන දේවල් සහ මායාගේ අතීතය මොන වගේද කියලා මේ කතාමාලාවෙන් ඔයාලට බලාගන්න පුළුවන් වේවි.

පූර්ව ප්‍රචාරක පටවල පෙන්නුවා වගේ කතාවේ ඩෙයාඩෙවිල් ත් ඉන්නවා. මේ වගේ කතාවක ඉතින් එයා නොහිටියොත් පුදුමයක්. ආරංචි හැටියට නම් ඩෙයාඩෙවිල්ගේ සුපිරි, one take එකක් විදියට පටිගත කරපු සටන් ජවනිකාවකුත් තියෙනවලු. කොහොම නමුත්, අවුරුදු 9කට පස්සේ Charlie Cox ගේ Daredevil ව සහ Vincent D’Onofrio ගේ Kingpin ව එකම තිරයේ ආපහු දකින්න ලැබෙන එක මං හිතන්නේ මාවල් රසිකයන් හැමෝටම සතුටුදායක අත්දැකීමක් වේවි. මට නම් ඉවසිල්ලක් නෑ ඉතුරු ටික බලනකල්.

එහෙනම්, එපිසෝඩ් එක බලලමු ඉමු නේද? ඊළඟ එපිසෝඩ් අරගෙන පිළිවෙළින් අපේ බන්දුල අයියා, දුලක්ෂ අයියා, ලහිරු අයියා සහ නිර්මාල් අයියා ඔයාලා හමුවට ඒවි. එක දවසෙම එපි 5ම නිකුත් වුණු නිසා පුළුවන් තරම් ඉක්මනට ඔයාලට උපසිරසි ටික දෙන්නයි උත්සාහය. එහෙනම්, ආයෙ අලුත් කතාමාලාවකින් හමුවෙමු. පීස් ✌️.

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEBRIP පිටපත් සඳහා පමණක් අදාළ වේ.

8,110 downloadsDownload ECHO-S01-E01-Sinhala-Subtitles.zip16 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

All BT1Next BT1

Subtitles

8,110 downloadsDownload Subtitles16 KB

10 comments

  1. SUMITH JAYASEKARA

    Thanks

  2. Anonymous

    Thanks

  3. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි සනුප සොයුර ..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    Mekanam balannama one macho......!!!!!!!!!!!!!!!!

  4. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි මලේ සබට....
    සබ් දෙන එක වගේම අධ්‍යාපන වැඩකටයුතුත් සාර්තක වේවා....

  5. Kosala

    thanks kollo :)

  6. Sahan Gayantha

    thanks a lot Sanupa saho sub ekata

  7. Nishan S Ariyarathna

    ✿ ඔබගේ වටිනා කාලය අප වෙනුවෙන් වැය කරමින් උපසිරැසිකරනයේ යෙදෙනවාට බොහොම ස්තුතියි ✿

  8. chinthaka chathuranga

    thanks malli

  9. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.