Reacher Season 03 Sinhala Subtitles කලින් කොටසින්, මැකේබ්ගෙන් එන පණිවිඩයට පසුව රීචර් සහ බෙක් ඔහුව මුණගැහෙන්න යනවා. ක්වින් තමන්ව හඳුනාගත්තොත් ඕනම දේකට සූදානම් පිට තමයි රීචර් මෙතනට යන්නෙ. බෙක්ගෙ අලුත් ආරක්ෂකයා වන රීචර් ව මැකේබ් විසින් මුණ ගැහුණත්, වාර්තා වෙන පරිදිම ඔහුට රීචර් ව ඇත්තටම මතක නැහැ. ඒවගේම…

කලින් කොටසින්,
මැකේබ්ගෙන් එන පණිවිඩයට පසුව රීචර් සහ බෙක් ඔහුව මුණගැහෙන්න යනවා. ක්වින් තමන්ව හඳුනාගත්තොත් ඕනම දේකට සූදානම් පිට තමයි රීචර් මෙතනට යන්නෙ. බෙක්ගෙ අලුත් ආරක්ෂකයා වන රීචර් ව මැකේබ් විසින් මුණ ගැහුණත්, වාර්තා වෙන පරිදිම ඔහුට රීචර් ව ඇත්තටම මතක නැහැ. ඒවගේම එතනට දැඩි ආරක්ෂාවක් යටතේ පැමිණෙන රුසියානු මැරයන් වගයක් මැකේබ්ට අනතුරු අඟවනවා ඉක්මනටම තමන්ගෙ සල්ලි අවශ්‍ය බව. පසුව බෙක්ගෙ උපන්දිනේට තෑග්ගක් ගන්න අවශ්‍ය බව පවසන නිසා රීචර් රිචඩ් සමඟ ටවුන් එකට එනවා. ඒ අතරතුර රීචර් ඩෆීට හමුවෙන්න කතා කරන්නෙ ඇයගෙන් ගිලි හී වැටිලා තිබුණු පොලිස් බැජ් එක නැවත ඇයට භාර දීමටයි. ඒත් එතනට විලනුයිවාගේ පැමිණීමත් සමඟම ඔවුන්ගෙ මුලු සැලැස්මම කණපිට ගැහෙනවා. මොකද තමන්ගෙ ඇස් ඉස්සරහා මරපු පොලිස් නිලධාරියා මේ වෙද්දි තමන්ගෙ ඉදිරියේ සිටිනවා රිචඩ් දකින නිසයි. සේරම සැලැස්මක් සහිතව මෙහෙම කළේ තමන්ට අවශ්‍ය මැකේබ්ව අල්ලාගැනීමට පමණක් බව රීචර් විසින් රිචඩ් හට පහදා දෙනවා. මේ අතරවාරයේ මැකේබ්ගෙ කීමට ඔවුන්ගෙ හෙච්චයන් ටික, තමන්ගෙ වාහාන අංක තහඩුව පරීක්ෂා කරවන්න වෙබ් අඩවියට ප්‍රවේශ වුණු නිලධාරියා වගේම පසුව ඩූක්මන්, ඒන්ජල්, පෝල් ගැන හෙව්වෙ කවුද බලලා ඔවුන්ව ඉවරයක් කරන්න යවනවා. පෝල්, ඩූක්මන්, ඒන්ජල් ගැන හොයපු චිකාගෝ වල ඉන්න නීලිව පවා මරන්න දෙදෙනෙක් ඇයගේ කාර්යාල වෙතට පහර දෙනවා. අවසානයේ එයින් බේරෙන නීලී කෙලින්ම යන්නෙ තමන්ව මරන්න කොන්තරාත්තුව භාර දුන්නු මනුස්සයව හොයාගෙන. චිකාගෝ සිදුවීම මෙහෙම අවසන් වෙද්දි මැකේබ් බෙක්ගෙ නිවසට කඩා වදින්නෙ යක්ෂාවේශ වෙලයි. ඒ 110 විමර්ශන ඒකකයේ නිලධාරියෙක් තමන්ගෙ සේවකයන් ගැන පසුබිම් පරීක්ෂාවක් කර තිබෙන බව දන්වා බෙක්ගෙන් ප්‍රශ්න කරන්නයි. ඒ මොහොතේම රීචර් හිටියේ 110 විමර්ශන ඒකකයේ බව බෙක් පවසන්නෙ ඔහු කළ වරදෙන් මැකේබ්ගෙන් ගැලවුමක් නැති බව දැනගෙනමයි. ඒත් එක්කම පෝලි කෙලින්ම රීචර්ගෙ කාමරයට කඩා වදින්නෙ ඔහුව ඉවරයක් කරන්නට වුණත් ඒ වෙද්දි රීචර් ජනේලයෙන් පැන දුවලා එතනින් බේරෙනවා. පසුව ඔහු කෙලින්ම යන්නෙ ඩෆී සහ විලනුයිවා සිටින දිහාවටයි. මේ අතරේ මැකේබ් විසින් බෙක්ව සහ රිචඩ් ව තබාගෙන ඔවුන්ට බැන වදිමින් රිචඩ් ව මරනවා යැයි බෙක්ට තර්ජනය කරන්නෙ බෙක් කරපු බරපතල වැරද්ද සැරින් සැරේ මතක් කරලමින්. මේ අතර රීචර් සහ ඩෆී හාලීගෙ නැව සෝදිසි කරන්න යන්නෙ තෙරේසා එතන ඇති යැයි ඔවුන්ට සැක පහල වීමෙන් අනතුරුවයි. ඔවුන් එතනට යද්දි තෙරේසාව එතනින් ඉවත් කර තිබුණත් අහඹුවෙන් වගේ නැවට හාලි ද ගොඩ වදිනවා. ඩෆීගෙන් හොඳ ගුටිබැට හම්බෙන හාලිට අවසානයේ තමන්ගෙ නැවේම මැරෙන්න වෙන්නෙ පිපිරිලා ගිහින්.
ඉතිං ඔය විදිහට තමයි කලින් කතංගය ඉවර වුණේ. අද කොටසත් එහෙනම් බලන්නකො.
හැමෝටම සුභ දවසක්!! ජයවේවා!!
Reacher S03E07 – L.A. Story
Release Date – March 20, 2025
IMDb Rating – 7.6/10
Next Episode – Unfinished Business
Reacher Season 03 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
649 downloadsDownload Reacher-S03E07-Sinhala-Subtitles.zip33 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2021-09-27
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Reacher s03 Sinhala Subtitles
Subtitles by
රුක්ෂාන් ඛාන්
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #Reacher S01 Sinhala Sub
- #Reacher S01 Sinhala Subtitles
- #Reacher season 01 Sinhala Subtitles
- #Reacher Sinhala Sub
- #Reacher Sinhala Subtitles
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Steven Yeun
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #TV
- #උපසිරැසි
- #රුක්ෂාන් ඛාන්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
1 comment
Sandaru Nimsara
Advertisement



Thanks