Watch Trailer

See (2019-2022) [S03 : E04] Sinhala Subtitles | බෝම්බ විනාශ කිරීමේ චාරිකාව [සිංහල උපසිරැසි] [18+]

ඔන්න එහෙනම් කිව්ව විදියට SEE කතාමාලාවේ තුන්වෙනි කතා සමයේ හතරවෙනි කොටස ඉක්මනින් අරගෙන ආවා. මේ කතා සමයෙන් මේ කතාමාලාව අවසාන වෙන බව ඔයාලා දැනටමත් දන්නවනේ. ඒ හැම කොටසක්ම හරිම උද්වේගකර බව දකින්න ලැබෙනවා. මම දුන්න කලින් කොටස ඔයාලා බලන්න ඇතිනේ. එහෙනම් පෙර කොටස පොඩ්ඩක් මතක් කරගෙන අද කතාව පැත්තට යමු. පසුගිය…

ඔන්න එහෙනම් කිව්ව විදියට SEE කතාමාලාවේ තුන්වෙනි කතා සමයේ හතරවෙනි කොටස ඉක්මනින් අරගෙන ආවා. මේ කතා සමයෙන් මේ කතාමාලාව අවසාන වෙන බව ඔයාලා දැනටමත් දන්නවනේ. ඒ හැම කොටසක්ම හරිම උද්වේගකර බව දකින්න ලැබෙනවා. මම දුන්න කලින් කොටස ඔයාලා බලන්න ඇතිනේ. එහෙනම් පෙර කොටස පොඩ්ඩක් මතක් කරගෙන අද කතාව පැත්තට යමු.

පසුගිය කතාංගයෙන් . . ..

පැනලා ගියපු සිබෙත්ව හොයාගන්න මුළු නගරෙම සෝදිසි කරත් කෙහෙන්වත් එයාව හොයාගන්න බැරි වෙනවා. ඒ අස්සේ යකා වැහිලා බාබා වාස්ව නතර කරන්න බැරි තැන හිරගෙදරට දාන්නත් මාග්‍රාට සිද්ධ උනානේ. අන්තිමේදී මාග්‍රා බොහොම අමාරුවෙන් බාබාව සන්සුන් කලත් හිරකූඩුවේ යතුර ගේනකන්වත් ඉවසන් ඉන්නේ නැතුව කූඩූවත් කඩාගෙන මේ යකා එලියට ආවා. ඒ වගේම ට්‍රිවාන්ටියානුවන්ගේ බෝම්බ ගැන බාබා වාස් කිව්ව දේ මාග්‍රා විශ්වාස නොකලත් ට්‍රිවාන්ටියානු හමුදාවෙන් පැනලා ආපු රෙන් කිව්ව තොරතුරු නිසා හැමෝම බෝම්බ ගැන විශ්වාස කරනවා. ඒ වගේම ඒ බෝම්බ හදන්නේ පෙනීම තියෙන දරුවෝ බවත් එයාලා ඉන්න තැනත් රෙන්ගෙන් දැනගන්නවා. ඒ අස්සේ විච්ෆයිඩර්ලා සහ තව කට්ටියක් එකතු වෙලා කෝෆූන්ව මරන්න හදපු කේන්ති ගිය මාග්‍රා අත්අඩංගුවේ ඉන්න විච්ෆයින්ඩර්ලා තුන් දෙනාව එල්ලලා මරලා අනිත් අයට තර්ජනය කරලා නිදහස් කරනවා. අන්තිමට අපි දැක්කේ සිබෙත්ව මාලිගාවෙම තැනක හංගගෙන ඉන්නේ කෝෆූන් බවත්, එතනින් එළියට එන සිබෙත් ළමයව අරන් පැනලා යන්න හදද්දි බාබා වාස්ට අහුවෙන විදියයි. එතන සිද්ධ වෙන කලබගෑනියෙන් කෝෆූන්ට තුවාල වෙලා, සිබෙත් දරුවවත් දාලා ආපහු පැනයනවා අපි දැක්කා.

අද කතාංගයෙන් . . . . .

මාලිගාවෙන් පැනගන්න සිබෙත් කොහොමහරි නගරයෙන් එළියට යනවා. බෝම්බ තියෙන තැන ගත්ත බාබාවාස් ඒවා විනාශ කරන්න කට්ටියක් එක්ක පිටත් වෙනවා. ට්‍රොවියර් එක්ක වෙනම සැලසුමක් හදන හාලන් හොරෙන්ම ට්‍රිවාන්ටීස්වලට ඇතුල් වෙන්න උත්සහ කරනවා. බාබාවාස් ඇතුළු කණ්ඩායමට බෝම්බ විනාශ කරන්න පුළුවන් වෙයිද ? හාලන්ගේ සැලසුමට මොකද වෙන්නේ ? සිබෙත් ඉරණම කොහොම විසදෙයිද ? ඒ වගේම තවත් රහස් සැලසුමක අනාවරණයකුත් අද දැනගන්න පුළුවන්. තව මුකුත් කියන්නේ නෑ ඊළඟ කොටස එහෙමත් නැත්තම් පස් වෙනි කොටසත් අරන් මම ඉක්මනට ආපහු එන්නම් එතකන් හැමෝටම ජය වේවා!

කතාංගයේ නම : “The Storm”
කතා රචනය : Dagny Looper and Nelson Greaves
අධ්‍යක්ෂණය : Anders Engström
IMDb අගය : 7.4
විකාශය වු දිනය : 2022 සැප්තැම්බර් 16
මීළඟ කතාංගය : “The House of Enlightnment”

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

6,066 downloadsDownload See.S0.E04.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

6,066 downloadsDownload Subtitles24 KB

10 comments

  1. Madushan Kumara

    THANKS FOR THE SUB

  2. lahiru

    සුපිරි. තෑන්ක්ස් සබ් එකට. Psa Rip Video File වල අවුලක් තියෙනවා නෙද. Damage වෙලා ෆයිල් වල මැද. යටින් කළු පාට ඉරකුත් තියෙනවා නෙ. 1080p 10bit Download කලෙ. torrent බෑවෙ.

    1. යුරාන් ධනුක (දනුවා)

      720p කොපි එක කිසි අවුලක් නෑ බ්‍රෝ

    2. Lahiru Bandara

      720p මදි මචන් මම බලන එක හොද කොලිටියට බලන්නෙ සවුන්ඩ් එකත් එක්ක. Rarbg එකෙ web ෆයිල් එකක් බෑවා ආයෙ . ඒකෙ අවුලක් නෑ හොදට යනවා.

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  4. Kushan

    Sub akta thanks

  5. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!

  6. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  7. Dewadithya

    Thanks for Sub!

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.