Watch Trailer

See (2019-2022) [S03 : E07] Sinhala Subtitles | යක්ෂ රැජිනව දඩයම් කිරීම. [සිංහල උපසිරැසි] [18+]

ඔන්න එහෙනම් SEE කතාමාලාවේ තුන්වෙනි කතා සමයේ හත් වෙනි කොටස අරගෙන ආවා. කතාමාලාවේ අවසානයට තව එක කොටසයි තියෙන්නේ ඒ වගේම මොනවයින් මොනවා වෙයිද කියලා එන්න එන්නම කුතුහලයත් වැඩියි. හැමෝම පෙර කොටස බලන්න ඇතිනේ එහෙනම්. වැඩි කතා නැතුව සුපුරුදු අයුරින් කලින් කොටස පොඩ්ඩක් මතක් කරගෙන අද කතාව පැත්තට ඉක්මනට යමු. පසු…

ඔන්න එහෙනම් SEE කතාමාලාවේ තුන්වෙනි කතා සමයේ හත් වෙනි කොටස අරගෙන ආවා. කතාමාලාවේ අවසානයට තව එක කොටසයි තියෙන්නේ ඒ වගේම මොනවයින් මොනවා වෙයිද කියලා එන්න එන්නම කුතුහලයත් වැඩියි. හැමෝම පෙර කොටස බලන්න ඇතිනේ එහෙනම්. වැඩි කතා නැතුව සුපුරුදු අයුරින් කලින් කොටස පොඩ්ඩක් මතක් කරගෙන අද කතාව පැත්තට ඉක්මනට යමු.

පසුගිය කතාංගයෙන් . . ..

රාජ සභා මණ්ඩලයේ සියළුම සාමාජිකයෝ සමූල ඝාතනය උන එකට කේන්ති ගිය මාග්‍රා රැජින ටමක්ටි එක්ක විච්ෆයින්ඩර්ලව හොයාගෙන යනවා. අතට අහු උන වෙලාවේ දඬුවම් නොකරපු එකට මාග්‍රාට එයා එක්කම කේන්තියෙන් හිටියේ. බෑන්ක් කවුන්සල්තුමිය ලබාදෙන කුඩා හමුදා කණ්ඩායමත් එක්ක පායා දේශයට පිටත් උන ටොර්මාඩාව, සිබෙත්ගේ හමුදාව විසින් අල්ලගන්නවා. තමන් එක්ක එකතු වෙලා පායා දේශය අල්ලගෙන ඇයගේ සැමියා වෙලා මුළු ලෝකයම පාලනය කරන්න එකඟ වෙන්න කියලා ඇය ඔහුට යෝජනා කරනවා වගේම ටෝර්මාඩාත් වෙලාවේ හැටියට ඒකට කැමති වෙනවා. මේ අතර හාලන්ගේ යෝජනාවකට අනුව කිසි කෙනෙක් නොයන කෙටි මාර්ගයකින් ගමන් කරන බාබා වාස්, හනීවා, රෙන් සහ කෝෆූන් ඇතුළු කණ්ඩායමට හදිසි ආගන්තුක ගෝත්‍රයක් පහර දෙනවා. මේ ගෝත්‍රිකයෝ හනීවා සහ හාලන්ව අල්ලගෙන යනවා වගේම මේ ගෝත්‍රය මිනීමස් කන අය බවත් දැනගන්න ලැබෙනවා. කොහොමහරි සටන් කරලා එතනින් පැනගත්තත්, හනීවාව බේරගන්න ගිහින් හාලන්ට බරපතල තුවාල වෙලා වීරයෙක් විදියට මිය යන අයුරුත් අපි දැක්කා. අන්තිමට දකින්න ලැබුනේ සිබෙත් සහ ටොර්මාඩා පායානු සීමාවේ කඳවුරු බැඳගෙන පහර දෙන්න සූදානම් වෙන ආකරයයි.

අද කතාංගයෙන් . . . . .

ට්‍රිවාන්ටියානු ආක්‍රමණය ගැන මාග්‍රාට පණිවිඩය අරන් එන කෝෆූන්ව විච්ෆයින්ඩර්ලා අල්ලගන්න විදිය කලින් කොටසින් දැක්කනේ. පායා නගරයට පහර දෙන්න ටොර්මාඩාගේ බෝම්බ යොදාගන්න විදියත්, මාග්‍රා සහ බාබාගේ අතීත සිදුවීම් කිහිපයකුත් අද බලාගන්න පුළුවන්. අවසානයට ලං වෙලා තියෙන නිස තව මුකුත් කියන්නේ නෑ. මේ ප්‍රබල ආක්‍රමණයට එරෙහිව මාග්‍රා, බාබා වාස් සහ අනිත් අය මොනවගේ පියවර ගනියිද කියලා ඔයාලම බලාගන්නකෝ. හැමෝම එහෙනම් අවසාන කොටස බලන්න ලෑස්ති වෙලා ඉන්න. අනිතිම කොටසේ උපසිරසිය අරන් මම ඉක්මනටම ඔයාලව හම්බෙන්නම් එතකන් හැමෝටම ජය වේවා!

කතාංගයේ නම : “God Thunder”
කතා රචනය : Jennifer Yale and Jonathan Tropper
අධ්‍යක්ෂණය : Anders Engström
IMDb අගය : 8.0
විකාශය වු දිනය : 2022 ඔක්තෝම්බර් 07
අවසාන කතාංගය : “I See You”

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

6,031 downloadsDownload See.S0.E07.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

6,031 downloadsDownload Subtitles25 KB

8 comments

  1. lahiru

    Anthima Sub Ekath Danma Dannako bn

  2. Kushan

    Sub akta thanks

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  4. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  5. චන්දිම

    ගොඩක් ස්තුතියි සබ් එකට..

  6. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!

  7. Dewadithya

    Thanks for Sub!

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.