Watch Trailer

Spellbinder (1995) [S01 : E08] |with Sinhala Subtitles | මායා බන්ධන…. [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොම මායාබන්ධන රසික රසිකාවියන්ට? ඔන්න පොරොන්දු වුන විදිහටම 08 වෙනි කොටසටත් උපසිරැසිය අරන් ආවා. මතකනෙ කලින් කොටසෙ සිද්ධ වෙච්ච දේවල් ගැන? රියානා පෝල්ට පැනලා යන්න උදවු කළා කියලා බොරු මවාපෑමක් කරලා රියානව හිරකරලා පෝල්ව හංගගන්න තමයි අශ්කා උත්සාහ කළේ. නමුත් රියානා ඊට වඩා කපටියි. මුරකාරයාගෙ මූණට තු…

Spellbinder-TV

ඉතින් කොහොම මායාබන්ධන රසික රසිකාවියන්ට? ඔන්න පොරොන්දු වුන විදිහටම 08 වෙනි කොටසටත් උපසිරැසිය අරන් ආවා. මතකනෙ කලින් කොටසෙ සිද්ධ වෙච්ච දේවල් ගැන? රියානා පෝල්ට පැනලා යන්න උදවු කළා කියලා බොරු මවාපෑමක් කරලා රියානව හිරකරලා පෝල්ව හංගගන්න තමයි අශ්කා උත්සාහ කළේ. නමුත් රියානා ඊට වඩා කපටියි. මුරකාරයාගෙ මූණට තුවායක් දාලා තල්ලු කරලා රියානා පැනලා දුවනවා. රියානා වැඩකාරියෙක් වගේ ඇඳගෙන මාලිගාවේ හැංගිලා ඉන්වා. මේ අතර ග්‍රෙවෝන් පෝල්ව බොරු කියලා යාළු කරගන්නයි හදන්නේ. ඒ වෙඩිබෙහෙත් හදන ක්‍රමය ඉගෙන ගන්න. නමුත් පෝල් අශ්කව එක පාරටම විශ්වාස කරන්නෙ නෑ. මොකද අශ්කා ගැන සැකයක් පෝල්ගෙ හිතේ තියෙන නිසා. කොහොම හරි ග්‍රෙවෝන් පෝල්ව යාළු කරගෙන වෙඩිබෙහෙත් හදන්නයි ලෑස්ති වෙන්නේ. පෝල් අවශ්‍ය කලමනා ලැයිස්තුව ග්‍රෙවෝන්ට දීලා. දැන් ග්‍රෙවෝන් ඒ බඩු ටිකත් එකතු කරගෙන එනවා පොල් හංගලා ඉන්න තැනට. මේ අතර ග්‍රෙවෝන් පෝල් එක්ක වෙඩිබෙහෙත් හදනවා. ග්‍රෙවෝන් අශ්කා කීව විදිහට හැම දෙයක්ම ලියාගන්නවා. නමුත් පෝල් ග්‍රෙවෝන්ව රවට්ටනවා කියලා කවුරුත් දන්නේ නෑ. පෝල් ග්‍රෙවෝන්ට හොරෙන් නියම ක්‍රමයට වෙඩිබෙහෙත් හදනවා.

මේ අතර පෝල්ගෙ යාළුවෝ දෙන්නා, කැත්‍රීනයි ඇලෙක්සුයි ප්ලෑන් එකක් ගහනවා පාසල් කඳවුර පවත්වන ගුහාවට යන්න. ඒකේ තියෙන සාහිත්‍ය කඳවුරකට යන්න මේ දෙන්නා අවස්ථාව ලබා ගන්නේ යාලුවෝ දෙන්නෙකුට පගාවකුත් දීලා. අන්තිමේදි දෙන්නා කොහොම හරි සාහිත්‍ය කඳවුරට යනවා. මේ පගාව ගත්ත කෙනෙක් තමයි නයිදන් කියන්නේ. මිනිහා ලේඛකයෙක් වෙන්න සිහින දකින කෙනෙක්. ඇලෙක්සුයි කැත්‍රීනයි එකිනෙකාට ආදරේ කරනවා කියලා බොරුවක් කියලා තමයි මේ දෙන්නා මේ අවස්ථාව ගන්නේ. නයිදන් ලෑස්ති වෙනවා එයාගෙ ප්‍රථම නවකතාවට මේ දෙන්නගෙ ආදරය තේමා කරගන්න. ඉතින් නයිදන් එදා ඉඳන් හැම දවසකම මේ දෙන්නා දිහා ඈත ඉඳන් බලන් ඉන්නවා.
මේ අතර මාලිගාවේ හැංගිලා ඉන්න රියානා දැනගන්නවා පෝල් හංගලා ඉන්නේ මෙතන කියලා. නමුත් රියානා අශ්කට අහු වෙනවා. අශ්කා රියානගේ අත් ගැටගහලා කාමරේ හිරකනවා. දැන් කට්ටිය පාන්දරම නටබුන් අතරට යන්න හදන්නේ ගිණිකෙලි පරීක්ෂා කරන්න. මේක රියානා අහගෙන හිටියා. අශ්කායි ග්‍රෙවෝනුයි පෝල්වත් අරගෙන ගිණිකෙලි පරීක්ෂා කරන්න පිටත් වෙනවා. රියානා කොහොම හරි ලනුව කඩාගෙන පැනලා ගිහින් කොරියොන්ට විස්තරය කියනවා. කොරියොනුත් එක්කන් නටබුන් අතරට යනවා.

ගිහින් හොරෙන් බලන් ඉන්නවා මේ කට්ටියගෙ ගිණිකෙලි සංදර්ශනය. පස්සේ කොරියොන් අශ්කගෙ නෙත් ගලට කතා කරලා කියනවා හදිසියේ අශ්කව හම්බ වෙන්න ඕනි කියලා. ඉතින් අශ්කත් යනවා වාසිය මොකක්ද බලන්න. ඊට පස්සේ පෝල්ව නිදහස් කරගෙන ග්‍රෙවෝන්ව අල්ලා ගන්නවා. ග්‍රෙවෝන් පැනලා දුවද්දි ග්‍රෙවෝන්ගෙ පස්සෙන් පන්නගෙන ගියපු පෝල් පොළවේ තිබුන කුහරයකින් ඇතුපට වැටෙනවා. ඉතින් පෝල් උදවු ඉල්ලලා කෑ ගහනවා. මීට පස්සේ මොකක් වෙයිද දැනගන්න කතාව අරගෙන බලන්නම වෙනවා. පෝල් බේරිලා යයිද? ආයෙත් අශ්කාට අහුවෙයිද? එහෙමත් නැත්තන් කොරියොන් පෝල්ව බේරා ගනියිද? එහෙනම් මගේ මායාබන්ධන රසික රසිකාවියන්ට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඊලඟ කොටසින් හමුවෙනකන්.

Spellbinder on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Spellbinder, TV-show season 1 – 1995

මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත් සඳහා වලංගු වේ.

667 downloadsDownload Spellbinder-S01E08.zip18 KB

 

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/Chinthaka-Bandara-e1471755493212.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චින්තක බණ්ඩාර” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next  Episode >>        

Subtitles

667 downloadsDownload Subtitles18 KB

7 comments

  1. Ishan Madusha

    ස්තුතියි උපසිරැසියට සහෝ.

  2. Udara Damith B\K

    thanks

  3. Udara Damith B\K

    ela

  4. praneeth madu

    බොහොම ස්තූතියි

  5. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. MUSTHAQ

    bro mata meke torrent donwload karanna site dennako full season eke plzzzzz

  7. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.