Watch Trailer

Spellbinder (1995) [S01 : E09] |with Sinhala Subtitles | මායා බන්ධන…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් මායාබන්ධන රසික රසිකාවියන් පුල පුලා බලා සිටි 09 වෙනි කොටසටත් උපසිරැසි අරන් ආවා. පසුගිය උපසිරැසි ගැන අදහස් දක්වපු නොදක්වපු සියළු දෙනාට ස්තූතියි. නිකන්ම උපසිරැසිය අරන් යන්නෙ නැතුව දිරිගැන්වීමක් වශයෙන් පුලුවන් නම් කමෙන්ට් එකක් දාලා යන්න. ඒක විතරයි අන්තිමේට අපිට ලැබෙන තෘප්තිය. පසුගිය කොටස හොඳ…

Spellbinder-TV

ඔන්න ඉතින් මායාබන්ධන රසික රසිකාවියන් පුල පුලා බලා සිටි 09 වෙනි කොටසටත් උපසිරැසි අරන් ආවා. පසුගිය උපසිරැසි ගැන අදහස් දක්වපු නොදක්වපු සියළු දෙනාට ස්තූතියි. නිකන්ම උපසිරැසිය අරන් යන්නෙ නැතුව දිරිගැන්වීමක් වශයෙන් පුලුවන් නම් කමෙන්ට් එකක් දාලා යන්න. ඒක විතරයි අන්තිමේට අපිට ලැබෙන තෘප්තිය. 

පසුගිය කොටස හොඳින් රස විඳින්න ඇති කියලා මං හිතනවා. ඉතින් මතකද මොකද වුනේ කියලා. ගුහාවක් ඇතුපට වැටිච්ච පෝල්ව බේරා ගන්නේ කොරියොනුයි රියානයි. ඒ දෙන්නත් ඇතුලට බැහැලා මේ ඇතුලේ තියෙන දේවල් මොනවද කියලා බලනවා. මේ අතර රියානා ආපහු උඩට නගින්නේ අශ්කා එනවද කියලා ඔත්තු බලන්න. ගුහාව ඇතුලට ගියපු කොරියොන් දැනගන්නවා මේක පරණ මායාබන්ධකයන්ගේ මාලිගාවක් කියලාත. යම් දෙයක් හේතුවෙන් මියගිය පරණ මායාබන්ධකයන්ගේ ඇටසැකිලි හැම තැනම තියෙනවා. ඒ වගේම මායාබන්ධකයන්ගේ රහස් ලියවුණු පොත් විශාල ප්‍රමාණයකුත් තියෙනවා. පෝල්ට නම් මේ අකුරු කියවන්න බෑ. නමුත් කොරියොන් මේ පොත් කියවලා රහසක් හොයාගන්නවා. ඒ අඳුර ගැන. අඳුර ගෙනාවේ මංකොල්ලාකාරයෝ කියලයි මායාබන්ධකයෝ කියන්නේ. නමුත් අඳුර ගෙනාවේ මායාබන්ධකයන්ගේම ක්‍රයාවක් නිසා කියලා කොරියොන් දැනගන්නවා. පෝල් උපකල්පනය කරනවා ඒ න්‍යෂ්ඨික බෝම්බයක අත්හදාබැලීමක් වැරදිලා කියලා. ඉතින් පෝල් තමන්ගෙ ලෝකෙ තියෙන දේවල් එක්ක කොරියොන්ට මේ ගැන පහදලා දෙනවා. ග්‍රෙවෝන් මේ අතරෙ ලෑස්ති වෙන්නේ මේ කට්ටිය ගුහාව ඇතුලෙ හිරකරන්න. පහළට බහින්න දාපු ලනුව හිමින්සීරුවේම උඩට ගන්නවා. ලනුව උඩට අරන් ග්‍රෙවෝන් දුවනවා. නමුත් රියානාගේ උදවුවෙන් කට්ටියම අවුලක් නැතුව උඩට එනවා.

පෝල් එයාගෙ ලෝකෙට ආපහු යවන්නයි කොරියොන් ලෑස්ති වෙන්නේ. මොකද පෝල්ගෙ දැනුම මේ ලෝකයට අහිතකර නිසා. අශ්කා පෝල්ගෙ දැනුම ගන්න හදන්නේ නරක දේකට බව කොරියොන් හොඳින්ම අවබෝධ කර ගත්තා. ඒ නිසා පෝල්ව ගෙදර යවන්නට කළ හැකි හැම දෙයක්ම කරන්න කොරියොන් සිතට අරන් ඉන්නේ. මේ අතර අශ්කා කොරියොන්ගෙ නෙත්ගල පස්සෙන් පන්නනවා එයාලා ඉන්න තැන හොයාගන්න. මේ අතරතුර කොරියොන් ලෙඩ වුන නිසා අණදෙන කුළුණට නොගිහින් රියානගේ ගෙදරට කොරියොන්ව එක්කන් එන්නේ බෙහෙත් කරන්න. මෙයාලා ග්‍රෙවෝන්ගෙ කට බැඳලා මඩුවෙ දාලා පිදුරුවලින් වහලා තමයි රියානාගේ ගෙදරට ආවේ. නමුත් පහුවදා රියානගේ අම්මා දැකලා ග්‍රෙවෝන්ගෙ බැමි ලිහලා යවනවා. පස්සෙ ග්‍රෙවෝන් එයාගෙ තාත්තත් එක්ක එකතු වෙලා අණදෙන කුළුණට යනවා. නමුත් දොර ඇරගන්න විදිහක් නැතිවෙන්නේ පෝල්ගෙ ලෝකෙ කේබල් එක ඉවත් කරලා නිසා.

මේ අතර සාහිත්‍ය කඳවුරට ආව කැත්‍රීනයි ඇලෙක්සුයි මෙතනට වෙලා හොයලා බලනවා මොකද පෝල්ට වුනේ කියලා. දොර පොඩ්ඩක් ඇරෙන වෙලාවේ මේ දෙන්නා දකිනවා පෝල් එහා පැත්තේ ඉන්නවා. නමුත් දොර සම්පූර්ණයෙන්ම ඇරෙනකන්ම බලය අල්ලන් ඉන්න බැරුව කොරියොන් ඇදගෙන වැටෙනවා. නැවතත් දොර වැහෙනවා. මේ නිසා පෝල්ට යන්න බැරි වෙනවා. කැත්‍රීනයි ඇලෙක්සුයි දෙන්නා දඳවුරෙන් හොරෙන් ගත්ත රේඩියෝවෙන් කතා කරන්න උත්සාහ ගනිද්දි අශ්කාගේ නෙත් ගලෙන් අශ්කට ඇහෙනවා. නමුත් ගුරුතුමා එතන්ට ඇවිල්ලා ඒ කතාවට බාධා කළ නිසා වැඩි විස්තරයක් දැනගන්න බැරි වෙනවා. දොර ඇරගන්න බැරිවුන නිසා පෝලුයි රියානයි ලඟම තියෙන වෙන අණදෙන්නෙක් හොයාගෙන යනවා නෙත් ගලක් ඉල්ලා ගන්න. මේ අතරතුර අණදෙන කුළුණක් ලඟ ධාන්‍ය මලු වගයක් දාලා තියෙනවා. මේ මලු ටික මංකොල්ලකාරයන්ගෙ ඇමක්. කට්ටිය වටකරගෙන මංකොල්ල කාරයෝ එනවා. ඉතින් මොනවා වෙයිද? කොරියොන්ගෙ බල ඇඳුම තියෙන නිසා අවුලක් වෙන එකක් නැතිවෙයි නේද? ඒක දැනගන්න මේ කොටසත් අරගෙනම බලන්න වෙනවා. එහෙනම් ඊලඟ උපසිරැසියෙන් හමුවෙනකන් මායාබන්ධන රසික රසිකාවියන්ට ජය වේවා!!!

Spellbinder on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Spellbinder, TV-show season 1 – 1995

මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත් සඳහා වලංගු වේ.

744 downloadsDownload Spellbinder-S01E09.zip18 KB

 

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/Chinthaka-Bandara-e1471755493212.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චින්තක බණ්ඩාර” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next  Episode >>        

Subtitles

744 downloadsDownload Subtitles18 KB

8 comments

  1. Ishan Madusha

    ස්තුතියි සහෝ උපසිරැසියට

  2. Thithira Alahakoon

    සහෝ මන් මේ ඇත්තමයි කියන්නේ ඔයා විතරයි මේ වෙබ් එකේ හරියටම වෙලාවට වැඩේ කරන කොල්ල...... හොදට Seeds/Leeches තියන ලින්ක් එකක් එක්ක සුපිරියටම වැඩේ කරනවා..... දිගටම ඔය ගැම්මෙන් යමු bro..... ;-)

  3. Ruwan Udaya Shantha

    Thanks saho..... Budu Sranai...

  4. Udara Damith B\K

    sellanda shoon

  5. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. කොල්ලෙක්

    දිගටම දාපං මචං... තැන්කූ..

  7. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Anonymous

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.