Watch Trailer

Star Wars: Tales of the Underworld [E04 & E05 & E06] Sinhala Subtitles | මිතුදමට තිත තැබූ හිතවත්කම [සිංහල උපසිරසි]

Star Wars. ස්ටාර් වෝර්ස් කියන්නෙ 1977 ඉඳන් එන ජෝර්ජ් ලූකස් මහත්තය පටන් ගත්ත ස්පේස් ඔපෙරා එකක්. එදා ඉඳන් අද වෙනකල් එක එක කතාන්දර මේ යුනිවර්ස් එකේ නිර්මාණය උනා වගේම අනාගතයෙත් කියන්න පුලුවන් කතාන්දර අප්‍රමාණ ගාණක් මේ යුනිවර්ස් එකේ ඉතුරු වෙලා තියෙනවා. ස්⁣ටාර් වෝර්ස් වල ලයිව් ඇක්ෂන් ෆිල්ම් ටික හැමෝම ද…

Star Wars. ස්ටාර් වෝර්ස් කියන්නෙ 1977 ඉඳන් එන ජෝර්ජ් ලූකස් මහත්තය පටන් ගත්ත ස්පේස් ඔපෙරා එකක්. එදා ඉඳන් අද වෙනකල් එක එක කතාන්දර මේ යුනිවර්ස් එකේ නිර්මාණය උනා වගේම අනාගතයෙත් කියන්න පුලුවන් කතාන්දර අප්‍රමාණ ගාණක් මේ යුනිවර්ස් එකේ ඉතුරු වෙලා තියෙනවා.

ස්⁣ටාර් වෝර්ස් වල ලයිව් ඇක්ෂන් ෆිල්ම් ටික හැමෝම දන්නවනෙ. හැබැයි ඉතින් එතනින් මේ කතා නතර වෙන්නෙ නැ. ඇනිමේෂන් ෆිල්ම්, ඇනි⁣මේෂන් සීරිස්, ලයිව් ඇක්ෂන් සීරිස්, ගේම්ස්, කොමික්ස්, ⁣ග්‍රැෆික්ස් නවල්ස් මේ යුනිවර්ස් එකට අයිතියි වගේම සමහරක් ඇරෙන්න බහුතරයක් ⁣ප්‍රධාන ටයිම්ලයින් එකට කැනොන් වෙනවා.

ෆිල්ම් වල තිබුනු සමහර සිද්දි ඉවර උනේ ඇනිමේෂන් සීරිස් වල. එක සීරිස් එකක තියෙන සමහර ස්ටෝරි ඉවර උනේ වෙනත්ම සීරිස් එකකදි. සමහර කොමික් වල තියෙන සිද්දි ඉවර වෙනනෙ ඇනිමේෂන් හෝ ලයිව් ඇක්ෂන් වලදි. ඉතින් මේ වගේ හැමදේම එකට කනෙක්ට් උන ලස්සන යුනිවර්ස් එකක් මේක.

ඉතින් මේ විදියට යද්දි අපි හැමෝම ආදරය කරන ඩේව් ෆිලෝනි මහත්තය නිර්මාණය කරනවා තවත් ලස්සන සීරිස් එකක්. මේක නමින් Tales Of The Jedi. විනාඩි 12-17 අතර එපිසෝඩ් 6කින් මේ සීරිස් එක සමන්විත උනා. ක්ලෝන් වෝර් සීරිස් එකට සම්බන්ද සීරිස් එකක් විදියට මේක නිර්මාණය උනා. ෆෑන් ෆේවරිට් Ahsoka මේ සීරිස් එකේ හයිලයිට් කැරැක්ටර් එක උනා.

ඒ සීරිස් එක සාර්තක උන නිසාම Tales නමින් සීරිස් තවත් නිර්මාණය කරන්න තීරණය උනා. පලවෙනි පාර ජෙඩායිලට චාන්ස් එක දුන්න නිසා ඊලඟ පාර විලන්ස්ලට චාන්ස් එක ලැබෙනවා. මේක නමින් Tales Of the Empire. මේක එපිසෝඩ් හයකින් සමන්විත උනා වගේම ස්ටෝරි දෙකකින් සමන්විත උනා. The Mandalorien S2 එකෙන් අඳුන්වල දීල Ahsoka සීරිස් එකේ ප්‍රධාන චරිතයක් උන Morgan Elsbeth ගේ අතීත කතාවක් වගේම Episode II වල ෆස්ට් ඇපියරන්ස් එක අරන් ක්ලෝන් වෝ වල එපිසෝඩ් ගනනාවක වගේම ග්‍රැෆික් නවල්ස්, ඕඩියෝ බුක් වල දැකගන්න ලැබුනු Barriss Offee ගේ කතාන්දරයක් දැකගන්න ලැබෙනවා.

තුන්වෙනි පාර ෆිලෝනි මහත්තය අපිට පෙන්නන්න විදි මට්මේ කතාන්දර දෙකක්. මේ තුන්වෙනි වතාවෙ නම තමයි Tales Of The Underworld. මේ වතාවේ අපිට හම්බවෙනනේ අසාජ් වෙන්ට්‍රස් වගේම ෆෑන් ෆේවරිට් විලන් කෙනෙක් උන කැඩ් බේන් ව.

අසාජ් වෙන්ට්‍රස්ට මේ යුනිවර්ස් එකේ ලස්සන බිලඩප් එකක් දුන්නා. ස්පෙෂලි කලෝන් වෝ වල ලස්සන ගමන් තිබුනා. ඒ වගේම 2015 දී ආපු Star Wars canon වලට අයිති Star Wars: Dark Disciple ග්‍රැෆික් නවල් එකේදී වෙන්ට්‍රස්ව මරා දැම්මා වගේම මේ සීරිස් එක එනකල් එයා මරණයෙන් ආපු හැටි හෙලි කරලා තිබුනේ නැහැ. ග්‍රැෆික් නවල් එකට අනුව කවුන්ට් ඩූකුගේ ෆෝර්ස් ලයිට්නින් වලින් ක්වින්ලන් වොස් ආරක්ෂා කිරීමට ඇය සිය ජීවිතය පූජා කරා. ඇයගේ දේහය ඇගේ නිජබිම වන ඩතොමීර් වල නයිට් සිස්ටර් තටාකයක තැන්පත් කරනවා. මේ සීරිස් එක පටන් ගන්නේ අන්න එතනින්.

ඒ වගේම දෙවෙනි ස්ටෝරිය වෙන කැඩ් බේන්ගේ ස්ටෝරිය නම් ෆෑන්ස්ලට තෑග්ගක්ම තමා. කැඩ් බේන් ෆෑන් ෆේවරිට් විලන් කෙනෙක් උන පාත් එක ලස්සනට පෙන්නුව වගේම මේ කතාන්දරය අනාගත තවත් ප්‍රොජෙක්ට් එකකින් ඉසසරහට ගලන් යයි කියලත් ඉඟි කරා.


ඔන්න එහෙනම් මේ අරගෙන Tales සීරිස් එකෙ තුන්වැන්නෙ අවසානය. සවිස්තරාත්මක විස්තරය ඉහළින් පළ කිරීමටද අප අමතක කළේ නෑ. මොකද ඕනෑම අයෙකුට අවබෝධයක් ගැනීම පිණිසයි එය සඳහන් කිරීමට අප වග බලාගත්තෙ. එහෙනම් අද කතාව පැත්තට හැරෙමු.

අද කතාව කෙටියෙන්…,

නීරෝ සහ කොල්බි යනු කුඩා කල සිට එක වීදියේ හැදී වැඩෙන මිතුරන් දෙදෙනෙක්. එදා වේල පිරිමහා ගැනීමට කුඩා වියේ සිට ඔවුන් පුරුදු-පුහුණු වී සිටියෙ කසළ බඳුන් වෙත අත දැමීම හෝ යමෙකුව රැවටීමයි. දිනක් මෙම සිදුවීම ඈත සිට හොඳින් ඇහැ ගසාගෙන සිටින අයෙකු පැමිණ යම් වටිනාකමක් තිබෙන මුදලක් ලබාදී නීරෝ සහ කොල්බිගෙ හිත රවටා ගන්නවා. පසු දින නැවත ඔවුන්ව හමුවීමට පැමිණෙන ඔහු, ඊයේ උපයාගත් මුදල මෙන් 5 ගුණයක මුදලකට තමන්ට අවශ්‍ය දේ කර දෙන ලෙස පවසනවා. නීරෝ එයට අකමැත්ත දක්වන පළ කළද කොල්බි ගත් සැනින් දහ ගුණයක මුදලක් ඔහුගෙන් ඉල්ලා සිටිනවා. සැලැස්ම පරිදි කාර්යය කෙරෙන අතරතුර මොවුන් පසුපස නිලධාරීන් හඹා එනවා. එය අවසානයෙ නොසිතූ අන්දමින් සියල්ල පැන යද්දී නිලධාරීන් වෙත නීරෝව හසුවනවා.

එතකොට මේ නීරෝගෙ සහ කොල්බිගෙ අවසන් හමුවද? මිතුරන් දෙදෙනා මෙතනින් පසු විරසක වේදිද? යළි ඔවුන් එකිනෙකා හමුවන එකක් නැතිද?

මේ කරුණු කාරණා ටික දැනගන්න, ඔයාලට අද කතාව බලන්නම වෙනවා එහෙනම්. Tale සීරිස් එකෙ දෙවනි සීසන් සිට තෙවැන්න වනතෙක් සහයෝගය දුන් තිසර නියෝ සහෝදරයව නැවත මතක් කරනවා සහ ඔහුට ස්තූති කරනවා. මොකද එහෙම නොකළොත් ඒක විශාල අඩුවක්.

නැවතත් උපසිරැසියකින් හමුවන බලාපොරොත්තුවෙන් එහෙනම් අදට ඔයාලගෙන් සමුගන්නවා.

හැමෝටම සුභ දවසක්!! ජයවේවා!!


 

     

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

331 downloadsDownload Star-Wars-Tales-of-the-Underworld-S01E04-05-06.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2021-09-27
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

All BT1

Next Season

 

Subtitles

331 downloadsDownload Subtitles17 KB

0 comments

No comments yet.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.