කොහොමද? කට්ටියට කතාව අල්ලලා යන්න ඇති කියලා හිතනවා. හොදයි එහෙමනම් අපි බලමු කතාවේ මොකක්ද වෙන්නෙ කියලා. ගිය සතියෙ කොටස ගැන කිව්වොත් ෂෝන් එම්රි සාවද්‍ය ලෙස තාක්‍ෂණික දෝෂයක් නිසා චෝදනා ලබලා මාස හයක් හිරබත් කාලා නිදහස් වෙලා එන හමුදා සෙබළෙක්. ඉතින් ඔහුගේ මුල්ම කාර්‍ය උනේ තමන්ගේ එකම දුවව බලන්න යන එක කියලා…

කොහොමද? කට්ටියට කතාව අල්ලලා යන්න ඇති කියලා හිතනවා. හොදයි එහෙමනම් අපි බලමු කතාවේ මොකක්ද වෙන්නෙ කියලා.
ගිය සතියෙ කොටස ගැන කිව්වොත් ෂෝන් එම්රි සාවද්‍ය ලෙස තාක්‍ෂණික දෝෂයක් නිසා චෝදනා ලබලා මාස හයක් හිරබත් කාලා නිදහස් වෙලා එන හමුදා සෙබළෙක්. ඉතින් ඔහුගේ මුල්ම කාර්‍ය උනේ තමන්ගේ එකම දුවව බලන්න යන එක කියලා මතකයිනේ. එහෙම ගිහිල්ලා නිදහස් වීමේ සතුට වෙනුවෙන් තමන්ගේ පවුලේ අයයි, හිතමිත්‍රයොයි එක්ක සාදයක් එහෙමත් රෑ වෙලා පවත්වනවා. ඉතින් මේ සාදයෙන් පස්සෙ ෂෝන් එම්රි තමන්ගේ නීතිඥවරිය වෙච්ච හැනා රොබර්ට්ස් සමගින් බස් නැවතුමක කතා කර කර ඉන්නවා. ඉතින් අපි දැක්ක සහ ෂෝන් එම්රි කියන විදිහට හැනා එතනින් බස් එකේ නැගලා යන්න යනවා. නමුත් CCTVවලට පේන්නේ වෙනම දෙයක්. ඒ තමයි ෂෝන් හැනාට පහරදීලා වාහනෙට දාගෙන යනවා කියන එක.
ඉතින් මේ අනුව පොලිසියට ලැබෙන ඇමතුම අනුව මෙම සිදුවීම පිළිබද පරීක්‍ෂණ බාරගන්නෙ ත්‍රස්තවිරෝධී අංශයේ ඉදලා මිනීමැරුම් අංශයට අලුතින්ම මාරුවීමක් ලබලා ආපු පරීක්ෂක රේචල් කේරි. කේරි කොහොමින්හරි තමන්ගේ ඇදුනුම්කම් එහෙම භාවිතා කරලා හැකි ඉක්මණින්ම ෂෝන්ව අල්ලන්න පිටත් උනා. ඒ ගියෙත් නිකන් නෙවේ සන්නද්ධ පොලිස් කණ්ඩායමක්ම අරගෙන. මොකද ෂෝන් කියන්නෙ හමුදා සෙබළෙක් නෙව. ඉතින් ෂෝන්ව සැකපිට සිරබාරයට අරගෙන ප්‍රශ්න කරද්දී ෂෝන් දිවුරලා කියනවා හැනාට එයා එහෙම දෙයක් නොකළ බවත් වීඩියෝව බොරුවක් බවත්. නමුත් සජීවී CCTV දර්ශනයක් එහෙම වරදින්න පුලුවන්ද?
ඉතින් කොහොමින් හෝ ෂෝන්ට සිද්ද වෙනවා සිරබාරයේ ඉන්න. ඔය අතරේ රේචල් කේරිගේ කණ්ඩායම හැනාව, එහෙමත් නැත්නම් හැනාගේ මිනිය සොයාගැනීමේ මෙහෙයුමක් ආරම්භ කරලයි තියෙන්නෙ. ඉතින් පෙර කොටසේ සිදුවීම් පෙළ ගැසුනේ ඔය ආකාරයට. අද කොටසින් දැක බලාගන්න පුලුවන් සාමාන්‍ය පැහැරගැනීමක් රටේ බොහෝ දෙනාගේ අවධානයට ලක්වෙන හැටි. විශේෂයෙන්ම රජයේ ඉහළ තැන්වල අවධානයට ලක්වෙන හැටිත්, ෂෝන්ට යම්යම් කරදරවලට මුහුණ දෙන්න වෙන හැටිත්.
එහෙමනම් මං මෙච්චරයි කියන්නේ. ඊළග කොටසින් ඉක්මණින්ම හමුවෙමු. අදහසක් දක්වලා යන්නත් අමතක කරන්න එපා එහෙනම්. ඔබ සැමට ජයෙන් ජය!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට ටික කාලයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
1,903 downloadsDownload The-Capture-2019-S01-E02.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
12 comments
Hashan M. Priyadarshana
Rachila
walking dead episode 5 denna naddoo...?
Achi
Thank machooo
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Dimuthu Nisansala
Thank you..
Prabodha Madhusankha Hettiarachchi
Godak sthuthi sahooo obata
Rasindu Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්…
ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු...sandun
meka supirima kathawak, godak thanks meka denavata, obageth paule samatath yahapathakma wewa.....
suranuwan
thank you...,
Lahiru Kekulandara
උපැසිරසට ස්තූති.
ජය වේවා!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!
Advertisement



බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :)