බොහෝම දිනක් පරක්කු වුනා. ගොඩක් අය මාත් එක්ක තරහින් ඇත්තේ. වැඩ වගයක් නිසා උපසිරැසිය හදනවා වගේම, මට කල්තියාම කතාව බාගන්නත් බැරිවුනා. සමාවෙන්න ඕනේ ඉස්සර වගේ වේගෙන් උපසිරැසි දෙන්න නොහැකිවීම සම්බන්ධයෙන්. මේ දවස් වල අනිත් කතා මාලාවේ උපසිරැසි හැදිල්ලත් පොඩ්ඩක් ප්‍රමාද වුනා. ඒ කතාවේ අවසාන සමයත් හෙට අනිද්දා…
බොහෝම දිනක් පරක්කු වුනා. ගොඩක් අය මාත් එක්ක තරහින් ඇත්තේ. වැඩ වගයක් නිසා උපසිරැසිය හදනවා වගේම, මට කල්තියාම කතාව බාගන්නත් බැරිවුනා. සමාවෙන්න ඕනේ ඉස්සර වගේ වේගෙන් උපසිරැසි දෙන්න නොහැකිවීම සම්බන්ධයෙන්. මේ දවස් වල අනිත් කතා මාලාවේ උපසිරැසි හැදිල්ලත් පොඩ්ඩක් ප්‍රමාද වුනා. ඒ කතාවේ අවසාන සමයත් හෙට අනිද්දාම දෙන්නයි හිතාගෙන ඉන්නේ.
ඒ කතා ඇති. දැන් අපි කතාව දිහාවට හැරෙමු. පසුගිය කතාවේ හිතාගන්නවත් බැරි දේවල් තමයි සිද්ධ වුනේ. රෝස් තමුන්ගේ පෙම්වතාව හමුවෙලා ආපහු එනවා කියලා පණිවිඩයක් තියලා, ගුවන් තොටුපලින් පිටවෙද්දී ඒ අතරමග අසරුවෙක් වුනු ශීලර් එයාගේ පස්සේ එනවා කියලා ජෝශුවාට පණිවිඩයක් ලබා දුන්නා. මේක නිසා ජෝශුවා තැබෑරුමෙන් පිටවෙලා රෝස්ව බේරගන්න යන්න හැදුවත්, ඒවට බාධා කරලා යක්ශයා එතනට ඇවිල්ලා විශ්වාස කරන්න අමාරු විදියේ කතාවක් මෙයාලට කිව්වා. හැබැයි මේ අතරේ පීටර්, එරීන්, නඩීයා සහ ඒමී විතරයි ගෙදර හිටියේ. මේ විදියට යක්ශයා තැබෑරුමේ ඉන්න අයට ඇත්ත කතාව කියන අතරේ, නිවසට එලයිසා එනවා. කඩේදී හමුවෙලා එයා ජෝශුවාට කියපු දේවල් අනුව ඇය මෙයාලට කලින් හිටපු පණිවුඩකරුවොන්ගෙන් කෙනෙක්. මෙයාලට උදව් කරන්න තමයි මෙයා නිවසට ආවේ. මේ අතරේ ඒමී රෑ හීනෙන් ඇඳපු චිත්‍ර වගයකින් ඉදිරියට වෙන්න තියෙන දේවල් දැනගන්න ලැබුණා. නමුත් මේ අතරේ ජෝශුවා යක්ශයාගේ වචනය විශ්වාස කරන්නේ නැතිව සුසාන භූමියට යනවා රෝස්ව බේරගන්න. නමුත් එතනදී යක්ශයා කියපු විදියටම රෝස් කියන්නේ මෙතෙක් කාලයක් එයාලව රවට්ටගෙන තොරතුරු ලබාගත්තු මරණයේ අසරුවා කියලා ජෝශුවාට දැනගන්න ලැබුණා. ඒත් ඒ වෙනකොටත් ජෝශුවා පරක්කු වැඩියි. රෝස් ජෝශුවාගේ දර්ශණය ගැන විස්තර දැනගෙන ජෝශුවාම මරලා දැම්මා. ඒත් ජෝශුවා රෝස්ට කිව්වේ බොරුවක්. මේ නිසා රෝස්ට ඇත්ත දැනගන්න වුනේ නෑ. ඒ වගේම මෙයාලට දැනගන්න ලැබුණු විදියට පණීවුඩකරුවෝ 7 දෙනාම එකට එකතු වෙනකං අසරුවෝ නවත්වන්න ලැබෙන්නේ නෑ. රෝස් කියන්නේ මරණයේ අසරුවා, ජෝශුවාත් මැරිලා. මෙක නිසා පණිවුඩකරුවෝ 5 දෙනයි ඉතිරි වෙලා ඉන්නේ. ඒ වගේම එයාලාගේ හැකියාවන් පාවිච්චි කරද්දී විවිධ ගැටලුත් මතු වෙනවා.
වේරාට වැඩි වෙලාවක් ආත්ම චරණය කරන්න බෑ. එරීන් අනිත් අයව සුව කරන තරමට, එයා ලෙඩවෙනවා. රවූල්ට සිතිවිලි ඇහෙන්නේ ඔලුව කැක්කුමක් එක්ක. දැනට මේ තුන් දෙනාට විතරයි අතුරු ආබාධ තියෙන්නේ. ඒත් හරි විදියට පණිවුඩකරුවෝ 7 දෙනා එකට එකතු වුනොත්, එයාලට එයාලගේ බලය වැඩි වෙනවා. ඒ වගේම අසීමාන්තිකව ඒ බලය පාවිච්චි කරන්න ලැබෙනවා කියලා තමයි එලයිසා කිව්වේ. මේක නිසා මෙයාලට අනිවාර්යෙන්ම ජෝශුවා ඕනේ වෙනවා. ඒ වගේම අනිත් පණිවුඩකරුවා හොයා ගන්නත් වෙනවා. මේ නිසා දර්ශණය ගැන යක්ශයාට කියන එකඟතාවය පිට, යක්ශයා එකඟ වෙනවා ජෝශුවාට පණ දෙන්න. ඒ වගේම යක්ශයාට ඕනේ වෙලා තියෙන්නේ ලෝකය විනාශ කරන්න නෙමෙයි. එයාව ලෝකය විනාශ කරන්න එවන හැම වෙලාවකටම මිනිස්සුන්ට කරදර කරලා විනෝද වෙන්න. මේක නිසා තමයි දැනට මුද්‍රාව බිඳුනු අසරුවෝ තුන්දෙනා අනෙකාවත් එකතු කරගෙන යක්ශයා නැතුව ලෝකය විනාශ කරන්නයි හදන්නේ. හැබැයි එයාලා සාර්ථක වුනොත් යක්ශයාට සෙල්ලං කරන්න ලෝකයක් නැතුව යනවා. මේක නිසා තමයි යක්ශයා අසරුවොන්ව නවත්තන්න හදන්නේ. ඒත් කවුරුවත් යක්ශයා එක්ක ගණුදෙනුවකට එන්න කැමති වෙන්නේ නෑ.
අද ඉඳන් එතන ඉඳන් තමයි කතාව ගලාගෙන යන්නේ.
අද කතාවේ හැමෝම දර්ශණයෙන් දැකපු කරුණු කාරණා අනුව අසරුවා පස්සේ යනවා. ඒ අතරේ පුරුදු විදියටම ගැටලු බාධක මතුවෙනවා. ඒ වගේම වේරා මේ අතරමගදී ඒමී ඇඳපු චිත්‍ර අනුව මයිකල්ව හොයාගෙන යනවා. අපි බලමු අද කතාවේ මොන වගේ දේවල් වේවිද කියලා. අවසාන අසරුවාගෙත් මුද්‍රාව බිඳේවි ද? වේරාට මයිකල්ව හොයා ගන්න ලැබේවි ද? හරියටම අසරුවා කවුද කියලා දැනගන්න ලැබේවි ද? මොන විදියට අසරු මුද්‍රාව බිඳේවි ද? ඔන්න එහෙනං මීලඟ උපසිරැසියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් මම අදට සමුගන්නවා.
ආයු -බෝ -වේවා !!! ☀
83993D8A2E5B325BDE177FC6A5A0D7B3F9CC4619 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
3,285 downloadsDownload The.Messengers.S01E10-baiscopelk.zip54 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
30 comments
Kulanjana Maduranga
Kasun Widusha
Tnx saho sub ekata...............
නලින්
එලස්ස්! ස්තුතියි වේවා!
ජය වේවා!
Piumal Rathanayake
sub එකට බොහෝම ස්තුතියි. පරක්කු වුනාට කමක් නෑ. කොහොම හරි සතියක් ගිහින් හරි sub එක දුන්නොත් ඇති.
ජය වේවා!Ama
සබට තුති සහෝ !!!!!
දගකාර හුරතලා (koba)
hamme tnQ saho meka denakam balagena unne mechchara kal tnQ sabata jaya
bee
onna bawa anakan hitiye tnx tnx
Anushka
සබට බොහම තුති සහෝ
The Last Ship Season 2 එකට සබ දෙනවද?harsha
පොඩ්ඩක් පරක්කු උනාට අවුලක් නෑ ප්‍රනීත් වැඩේ යනවානේ ඒ හොඳටම ඇති. අනිත් කාරනය තමයි මේක දැන් බාගත්තට අපිටත් මේක බලන්න වෙන්නේ සති අන්තයේ නැත්නම් රාත්‍රියේ. එනිසා තමන්ට දොස් පවරාගන්න එපා මේ කරන දේ ඉහටත් උඩින් . ජයවේවා
මධුකප්‍රිය පෙරේරා
බොහොම තුති සහෝ ..
කවදාවත්ම නොකරනවට වඩා පරක්කු වෙලා හරි කරන එක වටිනවා ..
එනිසා ප්‍රමාදවීම ගැන හිතන්න එපාඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-DAmil
සබට තුති සහෝ !!!!!
Mahesh
sub ekata thanx aaaaaaaaaaaa
malinda
sabata thuthi saho.
digatama demu.lahiru
machan me srs eken meka nawattanawalu neda :(
sachintha
tika dawasakk sub parakku unata awlakk naaa bann..
uba kohoma hari sab denewanee...
sub ekata tnx sahoo..yumal
thankzzzzzzzzzzzz
SHEHAN
thanks broo prakku unata awlak naaa
Rasidu
Niyamayi.. Sub eka parakku unata awulak na. Sub ekata Thanx. Nikita S04 ekan hambemu...
Rasidu
Ballers Tv Series ekatath Sub dennako. Imdb 8.2k aran tiyenawa. Pradhana Naluwa Rock. Thama eka epiyai awith tiynne. Mekatath Sub dennako......
thisal
සබට තුති සහෝ !!!!////
ch
arrow eke online giya mini series ekak thiyenawa, 2013 ekak epi 6 thiyenne sub demuko ekata?
tiron
ගිය සතියෙන් පස්සේ කතාවට ආපහු පන ආවා වගේ.ගොඩක්ම ස්තුතියි.
Supun Madhusanka (Bunny)
Thanks saho.....
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
lakshitha
thnx saho :D
oshan
kathawa enna ennama patta wegena enne anith eka kawadda denne.../ //? thank you very much
oshan
Thanq very much balanna ane rose wage ganu thiyanna watin na ne. Rosa male katune. Me gani okkoma rawattuwane. Ko eth thawa eka messenger kenek adui neda 7 k set wenna josuhuwa awath 6 ne inne. Rose hoseman kenekne.?
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Isuru
බොහොම ස්තූතියි ප්‍රණිත් සහෝ
Advertisement
![The Messengers [S01:E10] | දෙන්නගෙන් කවුද හරි කෙනා? [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/The-Messengers-2015-TV-2-.jpg)

niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……