අලුත්ම ටෙලි කතා මාලාවක් අරගෙන එන්න තමයි මේ සුදානම. Tyrant 2014 කතා මාලාවම මම කලින් ගෙනාවා ඔයාලට මතක ඇති නෙහ්. මේකත් ඒ විදියටම සම්පුර්ණ කතා මාලාවක් විදියටයි මේ දෙන්න හදන්නේ. මම ටෙලි කතා මාලා වෙනුවෙන් උපසිරැස එකතු කරන්න කැමති නැති උණත් මේක බැලුවම හිතට ඇල්ලුව නිසාත් විශේෂයෙන්ම කොටස් 8 පමණක් තියන TV Mi…

The-Missing-2

අලුත්ම ටෙලි කතා මාලාවක් අරගෙන එන්න තමයි මේ සුදානම. Tyrant 2014 කතා මාලාවම මම කලින් ගෙනාවා ඔයාලට මතක ඇති නෙහ්. මේකත් ඒ විදියටම සම්පුර්ණ කතා මාලාවක් විදියටයි මේ දෙන්න හදන්නේ. මම ටෙලි කතා මාලා වෙනුවෙන් උපසිරැස එකතු කරන්න කැමති නැති උණත් මේක බැලුවම හිතට ඇල්ලුව නිසාත් විශේෂයෙන්ම කොටස් 8 පමණක් තියන TV Mini-Series නිසාත් තමයි ඔබත් එකක් බෙදාගන්න අදහස් කලේ… 

මේ කෙටි කතා මාලාව එක්සත් ජනපදයේ BBC වගේම ඇමරිකාවේ Starz නාලිකාව මගිනුත් විකාශය කිරීමට පටන් ගත්තේ නොවැම්බර් 15 වනදා සිටයි. කතාවේ නිර්මාපකයා වෙන්නේ Tom Shankland ඔහු අපේ රොයිලි සහෝ උපසිරැස එකක් ගෙනා Ripper Street කතා මාලාව එහෙමත් කරන්න දායක වෙලා තියනවා. ප්‍රධාන නළුවා වෙන්නේ James Nesbitt බ්‍රිතාන්‍ය ප්‍රසිද්ධ ටෙලි නළුවෙක් වුනත් ඔබ අපි නම් දන්නේ The Hobbit චිත්‍රපට මාලාවේ Bofur ගේ චරිතය නිසාවෙන්. සෙසු චරිත සඳහා Tchéky Karyo, Frances O’Connor, Joséphine de La Baume, Jason Flemyng හා තවත් බ්‍රිතාන්‍ය හා ප්‍රංශ නළු නිලියන් එක්කාසු වෙනවා.

කතාව වෙන්නේ මෙහෙමයි, 2006 වසරේ නිවාඩුවක් වෙනුවෙන් විදේශ ගතවෙලා ඉන්න පුංචි පවුලක් ප්‍රංශයෙදී බොහොම අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දෙනවා. වාහනයේ කාර්මික දෝෂයක් හේතුවෙන් සැලසුම් නොකළ නගරයක මදක් නතර වෙන ඔවුන්ගේ කුඩා පුතු ඔලී අවාසනාවන්ත ලෙස අතුරුදහන් වෙනවා. ඒ 2006 වසේදී… වර්තමානය වෙන කොට පුතුගේ අතුරුදහන් වීම හා වෙනසත් සාධක නිසා වෙන ඕනේ මව්පියන් වෙන් වෙලා නමුත් තවමත් පියා ටෝනි පුතු සොයා හෝඩුවාවන් පසු පස හඹා යනවා. ඔහුගේ නවතම හෝඩුවාව එකක් තමයි කතාව ආරම්භ වෙන්නේ, “කහ සළුව” අලුත් හෝඩුවාව පුතු අතුරුදහන් වන දිනයේ ඔහු සතුව පැවතුන ඒ සළුව සොයා යන ඔහුට කුමක් වේ වී ද? ඔහුට පුතු සොයාගත හැකි වේවි ද? ඒ වගේමයි කතාව බලනකොට දැනෙයි ඔලීගේ තාත්ත හා සියා කිසියම් නීතිමය දෙයක් අතීතයේ කරලා තියනවා එකේ වාඩුව දරුවාගෙන් ගියාද කියලා දැනෙන අවිනිශ්චිත බවක්…

ඉහත කී ප්‍රශ්න වගේම තවත් ගොඩක් දේ හොයාගන්න හැකි කතාව බැලුවොත්, 2014 හා 2006 වර්ෂ දෙක අතර කාල තරණය කරමින් තමයි මේ මුල් කොටස දිව යන්නේ. ඒ වගේම කියන්න ඕනේ ප්‍රශ්න දෙබස් ඔක්කොම පරිවර්තනය කරලා තියෙන්නේ ඔන්න.

එහෙනම් දැනට IMDB 8.4 වගේ අගයක් ලබාගෙන තියෙන මේ කතා මාලාව ඔබට භාරයි ටෝනි හා එක්ව ඔහුගේ පුතු සොයා යන්නට…

ගොඩක් අය කියනවා මේ විදියට ඔක්කොම කොටස් ටික එකට දෙනවා නම් හොදයි, නමුත් සමහරු කියනවා එක එක දෙන්න කියලා. මේ වගේ බලන්න කැමති තවත් රුපාවාහිනි කතා මලා තියෙනවා නම් මාව දැනුවත් කරන්න කියලා ඉල්ලනවා.

එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු!!

 

The Missing (2014) on IMDb

 

 

2.88 GB (Complete Season) මෙතනින් බාගන්න

0fb20a755e5f4019503fbedc5f9a89a2d13ca96f ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

749 downloadsDownload The-Missing-S01-.zip171 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/09/සමීර-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                                                      All Episodes                         

Subtitles

749 downloadsDownload Subtitles171 KB

1 comment

  1. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.