The Night Agent [S01 : E01] Sinhala Subtitles කොහොමද යාලුවනේ. හැමෝම හොදින් ඇති කියලා හිතනවා. ඔන්න එහෙනම් අද අරගෙන ආවේ මගේ පළවෙනි Web Series එකකට කරපු සබ් එක. මේ කතාවේ පලවෙනි Season එක කොටස් 10කින් එලියට ආවේ 2023.. ඒ වගේම කියන්න සතුටුයි මේ අවුරුද්දෙ මේ කතාවෙ 2වනි Season එක එන්න නියමිතව තමයි තියෙන්නෙ…

The Night Agent Sinhala Subtitles
කොහොමද යාලුවනේ. හැමෝම හොදින් ඇති කියලා හිතනවා. ඔන්න එහෙනම් අද අරගෙන ආවේ මගේ පළවෙනි Web Series එකකට කරපු සබ් එක. මේ කතාවේ පලවෙනි Season එක කොටස් 10කින් එලියට ආවේ 2023.. ඒ වගේම කියන්න සතුටුයි මේ අවුරුද්දෙ මේ කතාවෙ 2වනි Season එක එන්න නියමිතව තමයි තියෙන්නෙ. ඒකත් කොටස් 10කින් එක්ක එනවා කියලා තමයි ආරංචිය තියෙන්නෙ. Season 01 නෙට්ෆිලික්ස් බලපු අයත් ඇති මේ වෙද්දි. කොහොම වුනත් මේ කතාව IMDb අගය 7.5ක තරම් ඉහල අගයක් ගන්නවා අද ඉදලා ඔයාලට මේ කතාවේ කොටස් 10ත් එක්ක එකතු වෙලා ඉන්න පුලුවන් වේවි. මේ කතාව වර්ගීකරණය කරලා තියෙන්නෙ ක්‍රියදාම/ත්‍රාස්යජනක අංශයට.
ඇත්තටම මේක බලද්දි අපේ රටේ 2019 පාස්කු ප්‍රහාරය මතකයට එනවා. අදටත් ගොඩක් තොරතුරු හංගන දෙයක්. මේකෙන් අපිට ඒකත් ගොඩක් දුරට තේරුම් ගන්න පුලුවන් නිළ බලට වලට දේවල් කොච්චර යට ගහන්න පුලුවන්ද කියන දේ.

අපි මේ කතාවෙ චරිත ටික අදුරගෙන බලමුද?
- පීටර් සදර්ලන්ඩ් – මේ තමයි කතාවේ ප්‍රධාන චරිතය. මේ චරිතයට රග දක්වන්නෙ වයස අවුරුදු 30ක පසුවෙන ඇමරිකානු නලුවෙක් වෙන ගේබ්‍රියල් බැසෝ කියන නලුවා. මේ කතාවෙ මෙයා ධවල මන්දිරේ වැඩ කරන FBI නියෝජිතයෙක්.මෙයා වැඩ කරන්නෙ “Night Action” කියන විශේෂ මෙහෙයුම්වල යෙදෙන රහස් නියෝජිතන්ට කරදර වලට මූණ දීපු වෙලාවට උදව් ඉල්ලලා ඉල්ලලා කතා කරන ෆෝන් එකක Operator කෙනෙක් විදියට.
- රෝස් ලාකින්ස් – චරිතාට පන දෙන්නෙ ලුසියන් බුකානන් කියන නිළිය. මෙයාගෙ නැන්දයි මාමයි තමයි කලින් කිව්ව “Night Action” එකේ වැඩ කරන්නෙ. මෙයා කරගෙන යන බිස්නස් එකකින් අන්තෙටම වැටිලා තමයි මෙයා නැන්දා මාමා ලග ජීවත් වෙන්න එන්නෙ. මොකද ඒ දෙන්නා තමා මෙයාට ඉන්න ලගම දෙන්නා පොඩි කාලෙ ඉදලම. එහෙම අවාට පස්සෙ තමයි අවාසනාවන්ත සිද්ධියකට මුහුන දෙන්නෙ වෙන්නෙ. කතාව බලන්න වෙනවා මොකද වුනේ කියලා දැන ගන්න නම්.
- ඩයෑන් ෆාර් – ඩයෑන් කියන්නෙ ධවල මන්දිරේ ඇමරිකානු ජනාධිපතිගේ කාර්ය මණ්ඩලයේ ප්‍රධානියා. මෙයා ඉතින් පීටර්ට තියෙන්නෙ පුදුම සප් එකක්. පීටර්ව ධවල මන්දිරයට අරගෙන එන්නෙත් ඩයෑන් තමයි.
- මිචෙල් ට්‍රැවර්ස් – මේ තමයි ඇමරිකානු ජනාධිපතිනිය,
- උප ජනාධිපති – රෙඩ්ෆීල්ඩ්
- මැඩී රෙඩ්ෆීල්ඩ් – උප ජනාධිපති රෙඩ්ෆීල්ඩ්ගේ දුව තමයි මැඩී.
- චෙල්සා ඇරින්ග්ටන් – මැඩීගේ ආරක්ෂක කණ්ඩයමේ නායකයා
- එරික් මන්ක්ස් – කලින් ජනාධිපති කෙනෙක්ගෙ ජීවීතය වෙඩි ප්‍රහාරයකින් බේරලා නමක් හදා ගත්ත රහස් නියෝජිතයෙක්.
- බෙන් ඇල්මෝරා – රහස් සේවයේ ප්‍රධානියා. මෙයා තමයි විශේෂ පුද්ගලයන්ගේ ආරක්ෂක කණ්ඩායම් වල ලොක්කා.
හරි එහෙනම්, අටුවා ටීකා පැත්තකින් තියලා අපි එහෙනම් යමු කතාව දිහාවට.


මුලින්ම කතාව පටන් ගන්නෙ මෙට්ට්‍රෝ කෝච්චියක වෙන බෝම්බ ප්‍රහාරයකින්. ඉතින් මේකෙන් වෙන්න ගිය බරපතල විනාශයකින් ජීවීත ගනනාවක් බේර ගන්න මේ පීටර්ට පුලුවන් වෙනවත් එක්කම ඩයෑන් පීටර්ව ධවල මන්දිරයට අරගෙන යනවා එහෙ වැඩ කරන්න. මිනිහාට වැඩ කරන්න කිව්වට තියෙන්නෙ රෑ ඉදලා කවදාවත් ලේසියකට කෝල් එන්නෙ නැති ෆෝන් එකක් දිහා බලාගෙන ඉන්න. කොච්චර හොද රස්සාවක්ද නේද? කොහොම වුනත් එක දවසක් රෑ මේ ෆෝන් එක නාද වෙන්න පටන් ගන්නවා. ඒක තමයි මේ කතාවෙ ආරම්භය. අපි ඉස්සරහට බලමු මොකද වෙන්නෙ කියලා. එහෙනම්, තියෙන අඩු පාඩු කියන්න . කතාව බලන්න. හැමෝටම ස්තූතියි. මම අදට නවතිනවා. සුභ දවසක් හැමෝටම.
The Night Agent, The Night Agent S01, The Night Agent Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
5,429 downloadsDownload The-Night-Agent-S01-E01-Sinhala-Subtitles.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිමුතු චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2023-11-19
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දිමුතු චතුරංග
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #The Night Agent
- #The Night Agent S01
- #The Night Agent Sinhala Subtitles
- #TV
- #උපසිරැසි
- #දිමුතු චතුරංග
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
19 comments
Ranida
Sanupa Ranmeth - Admin
පුළුවන් සහෝ. අවුලක් නෑ.
Sachin
Good job....brother
thushara
ade ikmanata sub tika depan supiriyak meeka
thushara
ade ikmanata sub tika deepan ssupiriyak meeka
Buddhika Lakmal
මේ සීරිස් එකට සබ් ගෙනාවට තෑන්ක්ස් බ්‍රෝ....
VimuKTHI
Download සයිට් එකෙන් ගන්නත් ලින්ක් එකක් දාලා නැනේ brother...?
Sanupa Ranmeth - Admin
පුළුවන් සහෝ. අවුලක් නෑ.
sub
Meka niyamai. PENDING TRAIN subs karanna puluwanda
Vimukthi
Download kranna link nadda
Sanupa Ranmeth - Admin
අපේ ඩවුන්ලෝඩ් සයිට් එකෙන් ගන්න සහෝ.
Akila
have any links to download ?
Sanupa Ranmeth - Admin
අපේ ඩවුන්ලෝඩ් සයිට් එකෙන් ගන්න සහෝ.
Eranga
https://baiscopedownloads.link/ not working ?
Sahan Gayantha
thanks a lot Dimuthu saho sub ekata
sachintha
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
ඊළග කොටසෙන් නැවත හමු වෙමු
ජයAchi
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌Anonymous
Thank you
nilana
thanks
Advertisement
![The Night Agent [S01 : E01] Sinhala Subtitles | දුරකථන ඇමතුම [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2024/06/The-Night-Agent-S01-FI.jpg)


meka 18+ da , 16 years old kenek ta balanna baida ?