Watch Trailer

The Passing Bells [E01] |ජාත්‍යාලයෙන් යුද පෙරමුණට… [සිංහල උපසිරැසි සමඟ]

මේ අරගෙන එන්නේ පළමු ලෝක යුද්ධය හා බැඳුනු තවත් සිද්ධි දාමයක් ඇතුලත් කතා මාලාවක්. කතාංගයන් පහකින් පමණක් සමන්විත වන (Mini-Series) මේ කතා මාලාව, තුලින් කතා කෙරෙන්නේ, පළමු ලෝක යුද්ධය වෙනුවෙන් ස්වකැමැත්තෙන් යුධ පෙරමුණ වෙත ගමන් කරන බ්‍රිතාන්‍යය සහ ජර්මානු සොල්දාදුවන් දෙදෙනෙක් ගැනයි. ඔයාලට මතක නම් මම මීට ක…

The-Passing-Bells

මේ අරගෙන එන්නේ පළමු ලෝක යුද්ධය හා බැඳුනු තවත් සිද්ධි දාමයක් ඇතුලත් කතා මාලාවක්. කතාංගයන් පහකින් පමණක් සමන්විත වන (Mini-Series) මේ කතා මාලාව, තුලින් කතා කෙරෙන්නේ, පළමු ලෝක යුද්ධය වෙනුවෙන් ස්වකැමැත්තෙන් යුධ පෙරමුණ වෙත ගමන් කරන බ්‍රිතාන්‍යය සහ ජර්මානු සොල්දාදුවන් දෙදෙනෙක් ගැනයි. ඔයාලට මතක නම් මම මීට කාලෙකට කලින් අරන් ආපු The Great Train Robbery (2013) කෙටි කතා මාලාවේ, කතාව දිග හැරුනේ වෙන වෙනම, සොරෙකුගේ දෘෂ්ටි කෝණය පදනම් කරගෙන සහ ඒ සොරා ලුහු බැඳ යන රහස් පරීක්ෂකවරයාගේ දෘෂ්ටි කෝණය පදනම් කරගෙන. මෙයත් අන්න එවැනි ආකාරයේ කතා මාලාවක් කිව්වොත් මම නිවැරදියි.

පළමු ලෝක යුද්ධයට දේශපාලනික හා ආර්ථික අරගලයන් ආදිය හේතු වුනත් නිල වශයෙන් යුධ ප්‍රකාශ කෙරුනේ, 1914 ඇති වූ ජූලි අර්බුදය (July Crisis) අතර තුර ගත් තීන්දු තීරණ නිසාවෙන්. ඒ අර්බුදය ඇති වුනේ, නායක ආදිපාද ෆ්‍රාන්ස් ෆර්ඩිනැන්ඩ්ගේ ඝාතනය නිසාවෙන්. එහි වරද පැටවුනේ සර්බියානුවන්ට. ජාත්‍යන්තර හැල හැප්පීම් මධ්‍යයේ මෙය යුරෝපයේ මහා යුද්ධය බවට ක්‍රමයෙන් පරිවර්තනය වුනා. මේ ආකාරයට ආරම්භ වුනු පළමු ලෝක යුද්ධයේ ගොදුරු බවට පත් වුනේ, වෙන ඕනෑම යුද්ධයකදී වගේම අහිංසක වැසියන්. ජර්මානුවන් වුවත් බ්‍රිතාන්‍යයන් වුවත් ඔවුන් අහිංසක සාමාන්‍යය වැසියන්. ඔවුන්ට අවශ්‍යය වුනේ තම රට වෙනුවෙන් යුධ පෙරමුණට යන්නයි.

1914 දෙසැම්බරය වන විට මිලියනයකට වැඩි පිරිසක් යුධ පෙරමුණට යාමට ස්වකැමැත්තෙන් ඉදිරිපත් වුනා. ඒ ආකාරයටම අපේ එක් කතා නායකයෙක් වන අවුරුදු 17 ක් වයසැති බ්‍රිතාන්‍යය ජාතික Tommy Edwards, තමන්ගේ රට හා රජු වෙනුවෙන් සටනට යන්න සූදානම් වෙනවා. තමන්ට ලැබෙන කීර්තිය, ගෞරවය සහ බියසුල්ලෙක් වීමෙන් ලැබෙන අපකීර්තියෙන් ගැලවීමට ඇති ඕනෑකමයි ඊට හේතු වෙන්නේ. ඒ අතර අනෙක් පසින් ජර්මානු ජාතික මයිකල් ලෑන්ග් යුධ පෙරමුණ වෙත යෑමට සූදානම් වෙනවා. ඔහු ජර්මනියේ සාමාන්‍යය ගොවියෙකුගේ පුතෙක්. ජර්මානුවන් බොහෝ දෙනෙක් සිතා සිටියේ තමන් සටනට යන්නේ තමන්ගේ මව්බිම ආරක්ෂා කරගැනීම වෙනුවෙන් කියායි. ජර්මානුවන් බ්‍රිතාන්‍යයන්ට වඩා යුධ පෙරමුණු පුහුණුවේ දක්ෂ බවක් පෙන්වූ නිසාම කෙටි කලක් ඇතුලත ඔවුන් සතුව වැඩි පිරිස් බලයක් රැස් වුනා. මයිකල් වගේ තරුණයින්ව උනන්දු කෙරුණා තමන්ගේ මව් බිම වෙනුවෙන් තම යුතුකම ඉටු කරන්නට යා යුතු බවට. ඔන්න ඔය විදියට තමයි මේ දෙදෙනා පළමු ලෝක යුද්ධය වෙනුවෙන් යුධ පෙරමුණ වෙත ගමන් කරන්නේ.

BBC One නාලිකාවෙන් 2014 නොවැම්බර් 3 වනදා සිට නොවැම්බර් 7 වන දා දක්වා විකාශනය වූ මේ මාලා නාටකයේ එක් කතාංගයක් විනාඩි 30 ක කතා කාලයකින් සමන්විත වෙනවා. The Passing Bells නමින් නම් කර ඇති මේ කතා මාලාව රචනය Tony Jordan ගෙන්. BBC නාලිකාවේ පළමු ලෝක යුද්ධ ශතක පූර්ණ සංවත්සරික සැමරුමේ එක් අංගයක් විදියටයි මෙය දිග හැරෙන්නේ. Thomas (Tommy) Edward ලෙස Paddy Gibson ද Michael Lang ලෙස Jack Lowden ද රංගනයෙන් දායක වෙනවා. ලබාගෙන ඇති IMDb අගය 7.7 ක්. අද පළමු කොටස නරඹන්න. අදහස් ප්‍රකාශ කරන්න. මේ අගනා කතා මාලාවේ, කොටස් සියල්ලම දවස ගානේ දෙන්නයි අදහස් කරගෙන ඉන්නේ. එහෙනම් ඊළඟ කොටසෙන් මුණ ගැහෙනකන් සුභ දවසක්. ජයම වේවා..! එලස්ස්ස්…

The Passing Bells (2014) on IMDb

 

 

150 MB කොපිය මෙතනින් බාගන්න

fb40e02c7226596dac942d9f5be17392098811fe

233 MB කොපිය මෙතනින් බාගන්න

ec63ebb34270dacbcc9ab107ec25fa02cef64842 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

491 downloadsDownload The.Passing.Bells_.S01E01.zip16 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                                                             All Episodes                      Next Episode >>

Subtitles

491 downloadsDownload Subtitles16 KB

16 comments

  1. chinthaka

    supiri kathawak dhila thiyenne man asama wargae 1k ela onna mama issallama gaththa. thanks sub 1ta

  2. dedunu - yatalamatta

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට!
    තවත් උපසිරසියකට ජය...

  3. sudeera

    නියමයි වගේ මෙකත් ස්තුතියි සහො!

  4. නලින් පෙරේරා

    ස්තුතියි යශෝධ සහෝ! මැක්සා කථාවක් වගේ..

    ජය වේවා!

  5. Sisira Hegoda

    Thanks.

  6. Kulanjana Maduranga

    niayamai…Great work & thanks YASHODA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. asiri

    thnksss

  8. dilan

    pattaa macho

  9. I.W.M.S Ilangakoon

    supiri,,,,, digatama demu,, WAR tele series walata godak aya kamati,,
    patta,,, jayawewa,,,,

  10. sajeevi

    ස්තූතියි සබට.
    යුද්ධ සම්බන්ධව දීපූ හැම ටීවී සිරීස් එකක්ම බැලුවා.
    මේකත් අනිවාර්යෙන්ම බලනවා.

  11. siraj priyantha(‍සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත)

    ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි.
    ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි ‍ස‍මී‍ර ‍‍ය‍ශෝ‍ධ ‍අ‍යි‍යේ.
    ‍බ‍ලන්‍‍න‍ම ‍ඕ‍නේ ‍කි‍ය‍ලා ‍ක‍තා‍ව ‍බා‍ගෙ‍න, ‍ඊ‍ට ‍පස්‍‍සෙ ‍ත‍මා ‍මේ ‍ක‍මෙන්‍ට්‍ ‍එ‍ක ‍දාන්‍‍නේ.
    ‍බ‍ල‍ලා ‍ඉ‍ව‍ර ‍වෙ‍ලා, ‍හැ‍කි ‍උ‍නොත්‍ ‍ක‍මෙන්‍ට්‍ ‍එ‍කක්‍ ‍දාන්‍‍නම්‍‍කෝ.
    ‍ලස්‍‍ස‍න ‍ක‍තා‍වක්‍ ‍ව‍ගේ.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!

  12. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  13. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  14. රොයිලි

    බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. අනිවා බැලීමක් තමා. ජය෴෴ :P :P

  15. “චූටී මල්ලි”

    එල මචෝ
    සබට තුති
    ඔබට ජය............

  16. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.