Watch Trailer

Awarapan 2 (2026) Sinhala Subtitles | ශිවම් ගේ ආගමනය [සිංහල උපසිරැසි]

උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න

බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථානා කරමින්, අද මං අරගෙන ආවේ මේ අවුරුද්දේ ආපු හිංදි සිනමාපටයකට උපසිරැසි අරගෙන.  ලොකු කතාවක් කියන්න දේකුත් නෑ. මේක දෙන්නත් ටිකක් විතර පරක්කු උනා. පෙර පම්පෝරි පරිදි 100% මැනුවල් ටයිපිං කරලා තමා කලේ😁. 

    
Emraan Hashmi ගෙං එක වැඩසටහනකදි අහනවා ඔයගෙ සිනම ගමනේ හොදම සිනමාපටය මොකක් ද කියලා. එතකොට Emraan Hashmi කියනවා එයාගේ සාර්ථකම ෆිල්ම් එක වෙන්නේ Awarapan (2007) කියලා. ඒ කාලේ ප්‍රේක්ෂකයින් අතරට මේක එච්චර ගියේ නෑ. නමුත් එයාගේ හොදම ෆිල්ම් එක ඒක තමා කියලා. ඒ ෆිල්ම් එකේ තේමාව තනිකරම අදුරුයි. එ වගේම ඒ ආකාරයේ ෆිල්ම් ඒ කාලේ හැටියට ගැලපුනේ නෑ. මේ ෆිල්ම් එක තවත් අපේ බොක්කටම වදින විදියට දැනෙන්නෙ මේකෙ සංගීතය හිංදා.

Mustafa Zahid හිංදා තමා මෙ ෆිල්ම් එකේම හැගීම් දැනීම් කැටි වෙලා තිබුනේ. Tera Mera Rishta, Toh Phir Aao කියන සිංදු නිකමට යූටියුබ් එකට ගිහිං අහලා බලන්නකො. එතකොට මේ කියන දේ තවත් ඔයාලට වැටහේවි. පෙහෙල්ගම් ත්‍රස්ථවාදි ප්‍රහාරෙං පස්සේ පකිස්ථානේ හැමෝවම ඉන්දියාවෙන් පිටුවහල් කලා. ඒ එක්කම පාක්ස්ථානේ හිටපු සුපිරි කලාකාරයෝ සියල්ලටම දොර වැහුනා. එතනින් එක්කෙන්ක් තමා Mustafa Zahid. ඉතිං එයා ගෙ හඩ මේ දෙවෙනි සිනමාපටයේ දකින්නට අහන්නට ලැබෙන්නේ නෑ. මේ නිසා ඔහුගෙ රසිකයිනුත් ලොකු කණඩාටුවකට පත් වුනා. 

                          735982142 1030046086629429 1742175143239628181 n

ඒ උනත් ඒ අඩුපාඩුව මැකෙන්න  Arijit Singh,  Jubin Nautiyal,  Shreya Ghoshal හඩින් වගේම Mithoon, Amaal Mallik, Jeet Gannguli, Akhil Sachdeva, Wasif Ahmad යන අයගේ මියුරු සංගීතයෙන් රසවත් වූ ගීත ඇතුලත් උනා, 

Emraan Hashmi ට අමතරව Disha Patani, Shabana Azmi, Suvinder Vicky වගේම ප්‍රතිවීර චරිතයෙන් Puran Gabbi දායක වෙනවා. Puran Gabbi කියන්නේ Wamiqa Gabbi  ගේ සහෝදරයා. Wamiqa Gabbi කියන්නේ ලෝකේෂ් රගපාපු DC ෆිල්ම් එකෙ රගපාපු නිලිය.  

                                778034234 1665682394501230 179455648779240121 n

සාමාන්‍යෙන් පලවෙනි ෆිල්ම් එක අසාර්ථක උනාම ආයි දෙවෙනි ෆිල්ම් එකක් හදන්නේ නෑනේ. ඒත් මේ වතාවේ පලවෙනි ෆිල්ම් අසාර්ථක උනත් දෙවෙනි ෆිල්ම් එක කෝටි 200 පසු කලා. සාමාන්‍යෙන් වෙන්නේ නැති අහඹු දෙයක්. පලවෙනි ෆිල්ම් එක තියටර් එකේ බලන්න මිස් කරගත්තා කියලා හිතුන ප්‍රේක්ෂක ජනතාව මේ ෆිල්ම් එකෙන් එකතු වුනා කියලා කියන්න පුලුවන්. 

මෙ ෆිල්ම් එක කරන්නත් මට හේතු වුනේ ඉම්රාන් හෂ්මි, ඒ වගේම එය ඉන්නවා නම් අනිවාර්‍යෙන් සිංදු සුපර් හිට් කියලා දන්න නිසා.

ඉතිං මේකේ කතාව ගැන මං කියන්න යන්නෙ නෑ, පලවෙනි කතාවත් එක්ක සම්බන්ධ වෙන විදිය මෙ ෆිල්ම් එක බැලුවම තේරුම් ගන්න පුලුවන්.  ඉතිං එහෙනම් මේ ෆිල්ම් එක ඩවුලෝඩ් කරගෙන බලන්න කියලා මං ආරාධනා කරනවා.

ආයි කවදා සබ් එකක් කරන්න හම්බෙයිද කියන්න බෑ. වෙලාව හම්බ උනොත් කරනවා. එහෙනම් මං යන්නම්. හැමෝටම සුභ දවසක්!

Rank: Gold
Ratings
Reviews
0
Subtitles
90
Downloads
546.6K
Readers' rating
No reviews yet

Write a review of රවිඳු හේෂාන් →

සිංහල සබ් එකත් එක්ක වීඩියෝ එක බලන්න, ඩවුන්ලෝඩ් කරගන්න — baiscopewatch.com

Subtitles

1 comment

  1. Naleesha Denuwan

    Well done bro❤️

    Reply

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.