ලැබුණු ආරංචිය අනූව විශේෂ බලකාය ගියා සෝනම් ඛන්නාගේ පිළිස්සුනු මිනිය හොයාගෙන. ඒත් ඇත්තටම එතන ඉන්නේ කවුද කියලා දැනන් හිටියේ අභේ විතරයි. සෝනම් නිදැල්ලේ ඉන්න එක තමන්ට අවදානමක් කියලා අභේ හොඳින්ම දැනගෙන හිටියා. ඒ වගේම නිශාචරයාගේ පහරදීමෙන් සිද්ධ වුණු තමන්ගේ කණ්ඩායමේ සාමාජික රාඝව්ගේ මරණයත් අභේගේ හොඳටම බලපාල…

ලැබුණු ආරංචිය අනූව විශේෂ බලකාය ගියා සෝනම් ඛන්නාගේ පිළිස්සුනු මිනිය හොයාගෙන. ඒත් ඇත්තටම එතන ඉන්නේ කවුද කියලා දැනන් හිටියේ අභේ විතරයි. සෝනම් නිදැල්ලේ ඉන්න එක තමන්ට අවදානමක් කියලා අභේ හොඳින්ම දැනගෙන හිටියා. ඒ වගේම නිශාචරයාගේ පහරදීමෙන් සිද්ධ වුණු තමන්ගේ කණ්ඩායමේ සාමාජික රාඝව්ගේ මරණයත් අභේගේ හොඳටම බලපාලයි තිබුණේ.
ඔය අතරේ අනන්ත ලකුණෙන් සිද්ධ වෙච්ච තවත් මිනිමැරුමක් වාර්තා වෙලා තිබුණා. මතක ඇතිනේ පහුගිය කොටස අවසානයේ දේශපාලන රැස්වීමක සිද්ධ වුණු වෙඩිතැබීම. ශාරදා කියන දේශපාලකවරියව කෙනෙක් ඇවිදින් හැමෝම ඉස්සරහා වෙඩි තියලා මරලා දාලා ගියා. මිනිය ළඟ අනන්ත ලකුණත් තිබ්බා. ඒ කියන්නේ සුපුරුදු මිනීමැරීම් ටික එහෙමම වෙනවා, මිනීමරුවන් එකිනෙකා මාරුවෙනවා. ඔය සිද්ධියත් අභේට භාර වුණු ගමන් සෝනම් ඛන්නාගේ සිද්ධිය කෙලින්ම කුෂ්බූට භාර වුණා. ඉබ්බා දියට දැම්මා වගේ අවස්ථාවක් තමා කුෂ්බූට හම්බ වුණේ. බලමු මොකද වෙන්නේ කියලා.
ඔය අතරේ මේ දවස් වල නිහඬව ජීවිතේ ගෙනියන අභේගේ දරුවා ගැනත් අමතක නොකර බෑ. එයාට අභේ දීලා තිබ්බනේ ෆෝන් එකක්, හංගන් තියන් ඉන්න කියලා. ඒකෙන් නම් හොඳකට වඩා ලොකු නරකක් වෙන්න වගෙයි යන්නේ. මතක ඇතිනේ ෆෝන් එකෙන් ඇහුනු හඬ කාගෙද කියලා.
Abhay තුන්වෙනි කතාසමයේ හයවෙනි කොටසයි මේ අරන් ඇවිත් තියෙන්නේ. සුපුරුදු විදිහට එකතු වෙන්න. ඉතිරි කොටස් දෙකත් අරන හනික එන්නම්.
![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි HD පිටපත් සඳහා අදාළ වේ.
3,300 downloadsDownload Abhay-S03-E06.zip14 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013/06/07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සිසිත සමරතුංග
Subtitles
10 comments
Kushan
Prabodha
Thank
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
indika 75
thanks..
Anonymous
Thanks for sub
sahangayantha
thanks a lot saho sub ekata
Naveen
උපසිරසියට තුති
Buddhika laKMal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement



Sub akta thanks