බයිස්කෝප්වාසි සියලුම දෙනාට ආයුබෝවන් කියලා කියමින් අද මං අරං එනවා ඔයාලට තවත් විශේෂ උපසිරැසියක්. මං ඔයාලට ගෙනාවෙ හිංදි වෙබ් කතා මාලාවක උපසිරැසිකරණයක්. අද මං අරගෙන ආවෙ 2019 Amazon Prime Video’s හරහා විකාශනය වූ Breathe හිංදි කතා මාලාවෙ තුන් වෙනි කතා සමය එහෙමත් නැත්නම් 2020 දි විකාශනය වූ Breathe: Into t…

බයිස්කෝප්වාසි සියලුම දෙනාට ආයුබෝවන් කියලා කියමින් අද මං අරං එනවා ඔයාලට තවත් විශේෂ උපසිරැසියක්. මං ඔයාලට ගෙනාවෙ හිංදි වෙබ් කතා මාලාවක උපසිරැසිකරණයක්. අද මං අරගෙන ආවෙ 2019 Amazon Prime Video’s හරහා විකාශනය වූ Breathe හිංදි කතා මාලාවෙ තුන් වෙනි කතා සමය එහෙමත් නැත්නම් 2020 දි විකාශනය වූ Breathe: Into the Shadows (2020) කතා මාලාවෙනි දෙවෙනි කතා සමයේ උපසිරැසියක් රැගෙනයි.
Breathe: Into the Shadows (2020) පලවෙනි කතා මාලාව නැරඹු අය නම් හොදින් දන්නවා ඇති, මේ කතා මාලාවේ අන්තර්ගතය මොනවගේද කියලා. Abhishek Bachchan ගේ දැවැන්ත රංගනයෙන් ද, Amit Sadh හා Nithya Menen ගේ ප්‍රධාන රංගනයෙන් හැඩ වූ මේ කතා මාලාව දැනට 7.6 ක IMDB අගයක් වාර්තා කරයි.ේ කතාව Crime Drama Thriller ගණයට අයත් හොද කුතුහලයකින් මුල සිට අගට බලන්න පුළුවන් කතා මාලවක්.
කලිං කතා සමයේ තිබුන රාවනා කේස් එකේ දිගුවක් මේ සීරියස් එකෙන් බලා ගන්න පුළුවන්. හැබැයි ටිකක් වෙනස්. කලිං සීරියස් එකේ වගේ මේකේ ප්‍රධාන චරිතය අවිනාශ් එහෙම නැත්නම් ඔහුගේ බහුවිධ පෞර්ශයක් වන J ඝාතන දාම මාලාව ගැන. නමුත් ඔහුව අවසානයේදි පිස්සන් කොටු යවනවා. එතනින් පස්සෙ මොකද උනේ කියාලා අද කතාවෙන් බලන්න පුළුවන්. ඉතිං අද කතාවත් නරඹන්න කියලා මං ඔයාලට ආරාධන කරනවා.
අවසානයට මේ ටික කියලා මං ලිපිය ඉවර කරන්නම්
NOTE – ඔයාලා දැන් දන්නවා ඇති අපි දැන් සබ් ලබා දෙන්නේ IDX ටයිප් එකෙන් කියලා. අපි සබ් දෙන්න වගේම, අපි සබ් අරගන්න පුරුදු වෙලා හිටියේ SRT ෆෝමැට් එකෙන්. ඉතිං යම් යම් අපහසුතාවලට ඔයාලා යම් විටෙක මේ නිසා මුඃඋණ දෙනවා වෙන්න ඇති. ඒකට මූලිකව හේතුව වුනේ අප ලබා දෙන උපසිරැසි කිසිම් අවසරයකින් තොරව ලබා ගන්නා වෙබ් අඩවි සහා facebook groups නිසා කියලා ඔයාලා හොදටම දන්නවා ඇති. උපසිරැසිකරුවන් වන අප මේ උපසිරැසි සිදු කරන්නේ කිසිම ලාභයක් අරමුණු කරගෙන නෙවේ. මේ නිසා පෞද්ගලිකව මා කොහොමත් අපි නොමිලයේ ලබා දෙන උපසිරැසි එසේ කූඨ ලෙස අනවසරයෙන් උපසිරැසි ලබා ගන්නා කම්භ හොරුන් විසින් පල කරනවාට මා දැඩ්ව විරුධයි. මොකද ඔවුන් කරන්නේ උපසිරැසිකරුවන්ගේ ශ්‍රමය සූරා කන එක. ගොඩාක් අය කියලා තිබුනා ඔච්චර ඔහොම කරන්න සබ් හදන්නේ රත්තරං වලින් ද කියලා. උපසිරැසිකරුවන්ට වගේම කොයි මනුස්සයටත් කාලය කියන එක රන් හා සමානයි. ඔයාලා ෆිල්ම් එකක් බලන්න විවේක කාලය යොදා ගන්නවා වගේ තමා උපසිරැසිකරුවන් වන අපිත් අපේ විවේක කාලය තමා උපසිරැසිකරණය වෙනුවෙන් යොදවන්නේ. ඒ නිසා ඒ රන් හා සමාන කාලය වැය කරමින් කරන උපසිරැසි අපට රත්තරං වගේ තමා.
ඔබට යම් පොඩි හෝ අපහසුතාවයක් සිදු වනවා නම් අප එය්ට කනගාටුවට ප්‍රකාශ කරනවා ඔබට IDX සබ් නිසා ඔබලාට පොඩි හෝ අපහසුතාවයක් සිදු වනවා නම් ඒකෙ ප්‍රධාන චූදිතය තමා ඔය කියන සබ් හොරු. අපේ වෙබ් අඩවියෙන් උපසිරැසි IDX ෆොමැට් එකෙන් ලබා දෙන තැනට වැඩ කලේ ඒ අය. අනිත් එක මේ ෆෝමැට් එකෙන් අපිට දෙන්න බැරි නම්, ඇත්තටම මෙවැනි අනවසරයෙන් උපසිරැසි ලබා ගැනීම නිසා සමහර උපසිරැසිකරුවන් උපසිරැසි නොකිරීමට තීරණය කරලා තියෙනවා. ඉතිං උපසිරැසි නොකර සිටින්නේ නැතුව මේ විදියට හරි දෙන එකේ වටිනාකමක් නැද්ද කියලා තමා අසන්නට සිදු වෙන්නේ. මගේ පුංචි ඉල්ලීමක් තියෙනවා කරන්න. මෙවැනි සබ් මංකොල්ල කාලා පල කරන උපසිරැසි අඩවි වලින් සබ් සහා ෆිල්ම් ඩවුන්ලෝඩ් කරන්න එපා කියලා. ඒවා වලින් ඩවුන්ලෝඩ් කරනවා කියන්නේම ඒ මංකොල්ල වලට අනුබල දීමක් කරන්නේ. හැකි පමණ මේ පිලිබදව අනිත් අය දැනුවත් කරන්න. එහෙනම් මං ගිහිං එන්නම්, ඔයාලට තෙරුවන් සරණයි, මීලග උපසිරැසියෙන් නැවත හමුවෙමු.

Due to copyright issues, we do not provide any torrent link.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
3,588 downloadsDownload Breath-Into-the-Shadows-S02-E01-Sinhala-Subtitles.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිදු හේෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-05-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු හේෂාන්
Subtitles
- #2022
- #Abhishek Bachchan
- #Amit Sadh
- #Breathe
- #Breathe: Into the Shadows
- #Editor's Pick
- #Hrishikesh Joshi
- #Into the Shadows
- #Ivana Kaur
- #MaxxA
- #Nithya Menen
- #Resham Shrivardhan
- #Saiyami Kher
- #Shrikant Verma
- #sinhala
- #Sinhala Subtitle
- #Sub
- #subtitle subtitle
- #කැප්ටන්
- #රවිඳු හේෂාන්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
33 comments
Kushan
Anonymous
Thank you.. please season 1 eke link ekath dannako..
Naveen Mbr
ගොඩක් හොඳයි හේෂාන් අයියා. සැරටම දුන්නා. ගොඩක් ස්තූතියි ;-)
Ishan
Thanks machan
mayura
thanx macho sub ekata..
Anonymous
Denkn bln hitpu ekak mcho
Ela elaHasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
Isuru Chamara
thanks...
Sahan Gayantha
thanks a lot saho sub ekata..
Praveen Mahesh
සබ් එකට තෑන්ක්ස්.
srt format එකෙන් තිබුණම අපි ගාව දැනටමත් ඩවුන්ලෝඩ් කරලා තියෙන ෆිල්ම්වලට බයිස්කෝප් සයිට් එකෙන් ගන්න සබ්වල ටයිම් ගැලපෙන්නේ නැති උනොත් adjust karala කරලා සේව් කරලා තියාගෙන බලන්න පුලුවන්. සබ් වල පාට වෙනස් කරන්නත් පුලුවන්. idx/sub එකෙන් එහෙම කරන්න බැහැ. මමත් වෙනත් සයිට් එකකට සබ් හදන කෙනෙක්. මගේ සබ් විතරක් නෙමෙයි ආටිකල්ස් පවා වෙනත් අය facebook දානවා. ඒක ඉතාම නරක වැඩක් උනත්, මම ඒවා නොමිලේ හදන නිසා එහෙම කලාට මට අවුලක් නැහැ. මොකද සයිට් එකට එන අය දන්නවනෙ ඒවා මම හදන්නෙ කියලා. සයිට් එකට එන අය සයිට් එකෙන්මනෙ සබ් ගන්නෙ.
කොපි කරන කෙනෙකුට ඕවා convert කරන්න පුලුවන් ක්‍රමත් ඇති. ටයිප් කරන්න දන්න කෙනෙකුට ඕවා නැවත ටයිප් කරන්නත් පුලුවන්. ඒ නිසා එච්චර හිතන්න එපා. ඔයාලගේ සේවය දිගටම කරගෙන යන්න.
srt format එකේ අකුරුත් ලස්සනයි. පැහැදිලියි. ඒක නිසා srt format එකෙන් සබ් දෙන්න පුලුවන් නම් ගොඩක් වටිනවා.
Ravindu_Heshan
සහෝ මෙහෙමයි, ඉස්සර වගේ නෙවේ, අලුතෙන් එන ඕන ෆිල්ම් එකක සබ් එකකට ගැලපෙන වීඩීයෝ ඩවුන්ලෝඩ් කරගන්න ඕන තරම් සයිට් තියෙනවා. බයිස්කෝප් ඩවුන්ලෝඩ් එකේ මේ දාන සබ් වලට ගැලපෙන වීඩියෝ පිටපත ලබා දෙනවා. ඒ ඉස්සර ෆිල්ම් වලට තමා ඔහොම adjust කරන්න ඕන වෙන්නේ. ඒ වගේම සබ් එකක් හදන්නේ නිදිමරාගෙන, අත්‍යවශ්‍ය වැඩත් කැපකරගෙන, ඉක්මනින්ම දෙන්න ඕනෙ හිංදා. එහෙම දෙන සබ් විනාඩියක් ඇතුලත සයිට් එකේ නම්, සබ් එක කරපු කෙනාගෙ නම් වෙනස් කරලා උස්සලා දාන එක මට වගේම ගොඩාක් සබ් කරන අය කැමති නෑ. මං ඒ දේට පෞද්ගලිකව කැමති නෑ.
අනික සහෝ අපි සබ් එකක් දෙන්නේ google translate කරලවත්, කාගෙංවත් උස්සලා නෙවේ නේ. ඒ හිංදා අපි කරන සබ් අපි ආරක්ෂා කරන්න හිතන්න ඕනෙ. එහෙම කරනවානම් ඇත්තටම අපිට හිතන්න දෙයක් නෑ උස්සන එකට. අනික එහෙම සබ් උස්සන අය සබ් ලයින් අස්සෙ ඇඩුත් දාල හම්බ් කරනවා. අපි නොමිලේ ලබා දෙන්නේ කාටවත් කූඨ ලෙස සබ් අරගෙන ඒවායින් හම්බ කරන්න නම් නෙවේ. මේ ෆෝමැට් එකෙන් සබ් එඩිට් කරන්නවත් ආයි srt වලට convert කරන්න කිසිම ක්‍රමයක් දැනට නෑ. ඒ වගේම ටයිප් කරන්න දන්න අය ටයිප් කලාට අපිට කිසිම ගැටළුවක් නෑ. ටයිප් කරන අය දෙන්නේ SRT වලින් ඒ වගේම තමන්ගෙ මහන්සියෙන්නේ ඒක ගැටළුවක් නෑ. අපි දීපු සබ් ෆයිල් දෙකේ ෆයිල් name එක විතරක් rename කරලා, සයිට් එකේ නම් තියෙන ඒවා ඩිලීට් කරනවා නම් ඒ කරන්නේ හොරු. ඒ හොරුන්ට තවත් ඉඩ දෙන්නේ නෑ.
සහෝ පුළුවන් නම් ඔය සබ් උස්සන අයගෙ පේජ් වලට ගිහිං කමෙන්ට් එකක් දාන්නකො සබ් උස්සන්න එපා කියලා. එහෙම ඔයාලා ඒ සයිට් වල දාන්නේ නෑනෙ. තමන් මහන්සි වෙල හදන සබ් එක හොරුන් අතට යන්න නොදි ආරක්ෂා කරගන්න හිතන අය idx වලින් දෙයි, එහෙම හොරු උස්සන එකට අවුලක් නැති සයිට් වල අය SRT වලින් දෙයි. idx වලින් වෙන අපහසුතාවන් නැති වෙන්න ඉස්සරහට තව දේවල් වැඩි දියුණු කරනවා. හොරු නැති වෙනකං මෙහෙම තමා සහෝ දෙන්න වෙන්නේ. ඔයාලා idx නිසා යම් අපහසුතාවයක් විදිනවා නම් ඒකට මූලිකම හේතුව සබ් උස්සන ලැජ්ජාවක් කියලා දෙයක් දන්නේවත් නැති හොරු. ඒ හොරු භංග උන දාට SRT වලින් වැටෙයි, අපිත් SRT වලින් දෙන්න ආසයි, ඒත් අපිට හොරු ඉන්න කං ඒකට ඉඩ දෙන්න බෑ.
Praveen Mahesh
sub horakam karala dana site thiyenawa. eth baiscopelk site eke thana kawadawath e ayata ganna baa. supernatural wage tv series ekak sub dala iwara karanna puluwan baiscope wage site ekakata witharai.
Buddhika Lakmal (laKMal)
අපිටනම් මචං උඹල මොන ෆෝමැට්එකෙන් සබ් දුන්නත් අවුලක් නෑ.. අපිට ඕනේ සිංහල සබ් එකත් එක්ක පාඩුවේ මූවි එකක් සීරිස් එකක් බලන්න විතරයි.. එකෙන්ම මේ වැඩේ හොදයි.. තමුන් මහන්සිවෙලා කරන වැඩක් කොහෙවත් ඉන්න රිලව් ටිකක් උස්සලා උං කරා වගේ කරන එකේ අවුල දන්නේ ඒ වගේ වැඩක් වෙච්ච උන් විතරයි.. ඒකත් කිසිම ලාබ ප්‍රෙයා්ජනයක් නැතිව තමුන්ගෙ විනෝදාංශය විදිහට කරන එකක් එහෙම කරාම අවුල තවත් වෑඩී.... උඹල මේ සයිට් එකත් ඇදගෙන යන්නේ සෑහෙන ගේමක් දීලා තියල අපි දන්නවා... මමනං ඔය සබ් උස්සල දාන උන්ගෙ සයිට්වලටවත් ෆේස්බුත් ග්රෑප් පැත්තපලාතේ යන්නේ නෑ.. ඒ උඹලගේ මහන්සියට වටිනාකමක් දෙන්න ඕන හින්ද මචං... ජයවේවා..... මහන්සිවෙලා සබ් හදන සියුලුම දෙනාට බොහෝම ස්තූතියි.. සියලුවැඩකටයුතු සාර්කත වේවා.....
Anonymous
Complete සීසන් එකට එකපාර සබ් දුන්නනම් තමා හොද
එපිසෝඩ් අටට (Sub file +Idx) සබ් ෆයිල් 16 යි, පුලුවන් නම් ටීවී එපිසෝඩ් වලට විතරක් SRT දුන්නනම් ගොඩක් හොදයිවිමා
SRT දෙන්න අදහසක් නැහැ සහෝ ආයේ, සොරි.
lahiru
IDX Dunnata Wadak Na Machan. OCR Karanna Puluwan. Sinhala Support Dan. Podima Podi Ganan Ganna Tharam Deyak NAthi Error tikak witharai enne. Kisima Prashnayak Nathiwa SRT karanna Puluwan. Me sub Ekath mama convert kara kisima Awulak nathiwa Balanna Puluwan.
Anonymous
එපිසෝඩ් අටට (Sub file +Idx) සබ් ෆයිල් 16 යි, පුලුවන් නම් ටීවී එපිසෝඩ් වලට විතරක් SRT දුන්නනම් ගොඩක් හොදයි
Anonymous
Srt nodunnata kmak na
Idx eke front size wadi krpn mchn
podi akuru blnna amaruiAnonymous
Font size eka video player eke settings walin wadi karanna puluwan....
lasantha
machan idx sub add karaganna kohomada
නිහාල්
බලන්නම ඕන.
Sasitha Asaranga
keep it up..
nisa
sub akta thnkz mchoooo
Anonymous
තැන්ක්ස් බ්‍රදර්
කසුන්
Thank you මචන් සබ් එකට
Anonymous
ස්තූතියි සහෝ..
viraj
thanks........
lasantha
machan thanks alot.mata poddak kiyanawada ma idx widiyata ana sub includ karaganna kohomada kiyala.mama danna na a gana.
lasantha
machan thanks alot.mata poddak kiyanawada ma idx widiyata ana sub includ karaganna kohomada kiyala.mama danna na a gana.SRT nam gataluwak nathiwa baluwa
Chandima
Thank You Subtitle Ekata.....
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
sahangayantha
Thanks a lot saho sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement
![Breathe: Into the Shadows [S02 : E01] Sinhala Subtitles | අවිනාශ් වෙනුවෙන් අභාගෙ ක්‍රියාවලිය [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2022/11/බ්රීත්-ඉන්ටු-ෂැඩෝස්-Season-2.jpg)


Sub akta thanks