Fast & Furious Presents: Hobbs & Shaw (2019) AKA Hobbs & Shaw AKA Fast & Furious: Hobbs & Shaw Sinhala Subtitles | පළමු හෝබ්ස් සහ ශෝ මෙහෙයුම…. (300*) [සිංහල උපසිරැසි සමඟ]
සුබ දවසක් බයිස්කෝප් වාසින් හැමෝටම! තවත් සීමාවක් පහු කරන්න තමයි අද මේ සූදානම. අද මගේ උපසිරැසි ගමනේ 300 වෙනි කඩඉම මේ සමගින් පහු කරනවා. 2012 ආරම්භ කල මේ විනෝදාංශය අවුරුදු 7ක් පුරාවට මේ ආකාරයෙන් කරගෙන එන්න ලැබීම එක අතකට ලොකු දෙයක්. හැම දෙයකටම සීමාවක්, එපා වීමක් ඇති වෙන එක සාමාන්‍යය දෙයක් උනත් එදා පටන් අද දක්වා කරගෙන එන්න හේතුව විශේෂයෙන් අපිව දිරිමත් කරන ඔයාල කිව්වොත් වඩා නිවැරදියි. ඒ වගේම බයිස්කෝප් කිව්වම ඔයාලට මේ පෙනන වෙබ් අඩවිය විතරක් උනාට අපිට නම් ඒක ලොකු පවුලක්. ඒ පවුලේ සාමාජිකයෝ දවසින් දවස වැඩි උනා මිසක් අඩු උනේ නැහැ. මම උපසිරසි කරණයට එකතු වෙනකොට සිටි පිරිස එක්ක බලනකොට අද විශාල ප්‍රමාණයක් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. මේ වෙනකොට සාමාජික සාමාජිකාවෝ 973ක් කිව්වොත් වඩා නිවැරදියි. මෙහම පිරිස එන්න එන්න වැඩිවීම එක අතකින් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලගේ වාසනාව. හැමදාම උපසිරසි 6-7 ඔයාලට ලැබෙන්න මූලික හේතුව තමයි ඒ පිරිස. ඒ වගේම ඒ එවන උපසිරැසි ඔයාලට මෙහෙම දකින්න සලස්වන්න හැමදාම තිරය පිටුපස ඉඳන් වෙසෙසෙන පිරිසත් අමතක නොකර බැහැ. ඒ තමයි බයිස්කෝප් සිංහලෙන් ඇඩ්මින් මණ්ඩලය.
මේ දවස් වල නම් තිසර සහෝ තමයි ලොකු බරක් ඇදගෙන යන්නේ. ඒ වගේම රොයිලි, චාමර, සමන්, නවෝදනී, සිසිල, අසංක, සුදීර, විමා මේ පිරිසත් වෙබ් අඩවියේ තිරය පිටුපස නිතර නිතර ක්‍රියත්මක වෙන පිරිසට අයත්. අනික් සහෝදර සහෝදරියෝ තරහ වෙන එකක් නැහැ කියල හිතනවා මොකද ඔයාලගේ නම් ලියන්න ගියොත් මේ උපසිරස ගන්න ත්‍රිවිල් එකක පහලට යන්න වෙනවා. හැමදාම කියනවා වගේ පොතේ නැති උනාට හැමෝම හිතේ ඉන්නවා. ඒ තරම් දිගයි අපේ උපසිරසිකරුවන්ගේ ලැයිස්තුව. ඒ හැම කෙනෙක්ම ආදරයෙන් මතක් කරනවා. වෙබ් අඩවියක් විදිහට එදා සහ අද බලනකොට අපි ගොඩක් ලොකු දේවල් අත් කරගෙන තියෙනවා. විශේෂයෙන් මේක උපසිරසිකරණයට පමණක් සීමා උනත් අපි එතනින් එහාට සුහද හමු, සමාජීය යහපත වෙනුවෙන් කරන සත්කාර හරහා අවුරුද්දකට කීප වතාවක් මුණ ගැහෙනවා. ඒ දේවල් හරහා මේ පවුල තව තවත් ශක්තිමත් වෙනවා වගේම මේ විනෝදාංශය අදටත් එපා නොවෙන්න මූලික හේතුව ඒ මිතුරු බැඳීම කියලයි මම විශ්වාස කරන්නේ. කමෙන්ට් එකකින් ස්තුතිය පල කරපු, අපේ උපසිරසි බාගත කරගෙන හැමදාම අපි එක්ක හිටපු ඔයාලටත් නැවත ස්තුතිවන්ත වෙනගමන් බයිස්කෝප් පවුලේ සෑම සාමාජිකයෙක්ම සාමාජිකාවක්ම ආදරෙයෙන් මතක් කරන ගමන් අදට සමුගන්නම්. පහලින් තියෙනවා තිසර සහෝ විසින් මේ චිත්‍රපටය වෙනුවෙන් ලියු ලිපිය.
2001 දී සාමාන්‍ය සිනමාපටයක් හොලිවුඩයේ තිරගත වනවා. නීතිවිරෝදී වීදි ධාවන තරඟ වල නියැලෙන සහ මංකොල්ලකෑම් වල නියැලෙන කණ්ඩායමක් සමඟ ඇරඹෙන මේ සිනමාපටය අද වන විට හොලිවුඩය හොල්ලන සිනමා පෙළහරක් වී අවසන්. නීතිවිරෝදී ධාවන තරඟ සමඟ ඇරඹුණු මේ කතා පෙළ අද වන විට ජාත්‍යන්තර අපරාද දක්වා දුරදිග ගොස් තිබෙනවා. ඉතින් මේ තමයි ඔබ අප ආදරය කරන The Fast and the Furious සිනමාපට පෙළ.
1955 දී The Fast and the Furious නමින්ම B Grade සිනමාපටයක් තිරගත වී තිබුණු අතර මෙම නමෙහි අයිතිය පැවතියේ එම සිනමාපටයටයි. නමුත් පසුව යුනිවර්සල් සමාගම විසින් එම සිනමාපටය මිලදී ගෙන එම නමෙහි අයිතිය තමන් සතු කරගනු ලැබුවා. පසුව එම නමම මෙලෙස 2001 සිනමාපටය වෙනුවන් ඔවුන් යොදාගනු ලබනවා. අද වන විට ප්‍රධාන සිනමාපට 08 ක් සහ කෙටි සිනමාපට ද්විත්වයක් සහ Spin-off හෙවත් එයට ඈඳුණු අතුරු සිනමාපටයකින් සමන්විත වන්නේ හොලිවුඩයේ ඉහල ආදායම් ලබන සිනමාපට පෙළක් වෙමින්.
- The Fast and the Furious
- 2 Fast 2 Furious
- The Fast and the Furious: Tokyo Drift
- Fast & Furious
- Fast Five
- Fast & Furious 6
- Furious 7
- The Fate of the Furious
- Fast & Furious Presents: Hobbs & Shaw
- The Turbo Charged Prelude for 2 Fast 2 Furious
- Los Bandoleros
සිනමාපට පෙළ ඇරඹෙන්නේ වැඩිදියුණු කල කාර් සමඟ නීතිවිරෝදී මාර්ග ධාවන තරඟ වල යෙදෙන අතර විටින් විට මංකොල්ලකෑම් වල යෙදෙන කණ්ඩායමක් (ඩොමිනික් “ඩොම්” ටොරෙට්ටෝ, ලෙටී, වින්ස්, මියා) සහ ඔවුන්ව හසුකරගන්නට එන වෙස්වලාගත් පොලිස් නිලදාරියෙක් වටායි. දෙවෙනි වරට සිනමාපටය දිගහැරෙන්නේ පෙර සිනමාපටයේ පොලිස් නිලධාරියා වටායි. සිනමාපට ද්විත්වයම බ්‍රයන් ඕ’කෝනර් නම් පොලිස් නිලධාරියා සමඟ සම්බන්ද වුවත් තෙවන සිනමාපටය නවතම ආරකින් දිගහැරෙනවා. ඒ ජපානය මූලික කරගෙන. හැබැයි අවසාන මිනිත්තුවේ කතාව පළමු සිනමාපටය හා සම්බන්ද කරන්නේ ඩොම් නම් චරිතයේ කැමියෝ එකක් සමඟින්.
මෙලෙස එකිනෙකට වෙනස් තනි සිනමාපට ත්‍රිත්වයකින් පසුව නැවත වරක් සිව්වන වරට සිනමාපටයක් නිර්මාණය කරන්නට තීරණය කරනවා. එහිදී නිෂ්පාදකයින් සැලසුම් කරන්නේ පෙර සිනමාපට වල මෙන් නීතිවිරෝදී ධාවන තරඟ මෙන් නොව අපරාධ සහ රහස් මෙහෙයුම් සම්බන්ද සිනමාපට කිහිපයක් නිර්මාණය කරන්නටයි. එබැවින් පළමු සිනමාපටයේ චරිත සහ තෙවන සිනමාපටයේ සිටි හන් නමැති චරිතය යොදාගනිමින් සිනමාපටය නිර්මාණය කරනවා. නිර්මාපකයින් සිතු පරිදිම සාර්ථක වන සිනමාපටය තවත් දැවැන්ත ලෙසින් පස්වන වරටද නිර්මාණය කෙරෙනවා. පස්වන සිනමාපටය තිරගත වන්නේ රිදී තිරයේ අපූර්වතම මංකොල්ලකෑමේ දර්ශනයක් මවාපාමින්. මේ සිනමාපටය උදෙසා එතෙක් පැමිණි සිනමාපට හතරේම සිටි චරිත ගණනාවක් එක්කරගන්නවා. එමන්ම එක් විශේෂ චරිතයක් හඳුන්වා දෙනවා. ඒ රාජ්‍යත්‍රාන්තික ආරක්ෂක ඒකකයේ නියෝජිතයෙක් ලෙස පැමිණෙන ලුක් හොබ්ස් නම් චරිතයයි. රෙස්ලින් තරුව Dwayne Johnson විසින් එම චරිතය රඟ දක්වනු ලබනවා..
පස්වන වතාව අති සාර්ථක වූ නිසා හයවන වරට දිගහැරෙන්නේ පෙරටත් වඩා දැවැන්ත සිනමාපටයක්. මෙලෙස හයවන වතාව අති සාර්ථක වූ නිසා හත්වන සිනමාපටය කෙරෙහි දැවැන්ත බලාපොරොත්තු තබා තිබුනා. එය සඵල කරමින් සිනමාපටය බිලියනයේ අදායම පවා පසුකර යන්නට සමත් වූවා. දුක්බර කාරණය වන්නේ සිනමාපටය අඩක් රූගත කරමින් සිටියදී සිනමාපට එකතුවේ ඩොම් සමඟ ජනප්‍රියතම තාරකාව වූ බ්‍රයන් ඕ’කෝනර් චරිතය රඟ දැක්වූ පෝල් වෝකර් මෝටර් රථ අනතුරකින් මියයාමයි. පෝල්ගේ සොහොයුරු කෝඩි වෝකර් සමඟ VFX තාක්ෂනය යොදාගනිමින් රූගතකිරීම් අවසන් කල අතර බ්‍රයන් ගේ චරිතය වෙනුවෙන් සංවේදී අවසානයක් සිනමාපටය තුල ලබාදෙනවා. ඉතින් මේ හත්වන සිනමාපටයේදී තවත් විශේෂ චරිතයක් හඳුන්වා දෙනවා. Jason Statham විසින් රංග දක්වන ඩෙකාර්ඩ් ෂෝ එම චරිතයයි. අතිශය දරුණු අපරාධකරුවෙක් වන හිටපු බ්‍රිතාන්‍ය විශේෂ කාර්ය බලකා සෙබලෙකුගේ චරිතය ඔහු රඟ දක්වනවා.
පසුව ඩොම් ගේ චරිතය රඟදක්වන වින් ඩීසල් පවසා සිටියේ මෙම සිනමාපට මාලාව තවත් සිනමාපට ත්‍රිත්වයකින් අවසන් කරන බවයි. එහි පළමු සිනමාපටය ලෙස The Fate of the Furious සිනමාපටය තිරගත වූයේ නැවත වරක් බිලියනයේ කඩයිම පසුකර යමින් මේ සිනමාපට මාලාව ඉහලම ආදායම් ලද සිනමා මාලා අතර නමවන තැන හිමිකර ගනිමිනි. (MCU හෙවත් මාර්වල් සිනමා විශ්වය තමයි පළමු තැන ඉන්නේ)
මෙම අටවන සිනමාපටයේ දී ඔවුන් විශේෂ සිදුවීමක් එක් කරනවා. එනම් නාහෙට නාහන නියෝජිත ලුක් හොබ්ස් සමඟ පෙර සිනමාපටයේ දුෂ්ටයා වූ ඩෙකාර්ඩ් ෂෝ ගේ කිසිසේත් නොගැලපෙන කණ්ඩායම් එක්වීමක් ඉදිරිපත් කරමිනි. මෙම නොගැලපෙන දෙදෙනාගේ අපූර්ව ටීම්-අප් එක රසිකයන් හට නවතම විනෝදජනක අත්දැකීමක් වූවා. ඉතින් මේ නිසා Fast and Furious නිෂ්පාදකයින් තීරණය කරන්නේ නමවන සිනමාපටය මදක් පස්සට ගෙන ලුක් සහ ෂෝ ගේ Spin-off සිනමාපටයක් නිර්මාණය කරන්නටයි.
Hobbs & Shaw යනු එහි ප්‍රතිඵලයයි. ලුක් සහ ෂෝ ගේ මෙම ටීම්-අප් එක සැමවිටම රසිකයන් පිනවන අවස්ථා වූවා. දෙන්නට දෙන්නගේ නුරුස්නා බව, කටකැඩුනු වචන, දෙදෙනා අතර ගැටුම් ආදී එකී නොකී සිදිවීම් මේ එකතුව තුල සිදුවෙනවා. හොරා පොලිස් සෙල්ලමක හොරා සහ පොලිස්කාරයාගේ ගැටුම පැත්තකට කර පොදු අරමුණක් වෙනුවෙන් එක්වීම අපුර්ව ලෙස ගලපන්නට සමත් වෙනවා.
හොබ්ස් සහ ෂෝ සමඟ මෙවර ඩෙකාර්ඩ් ෂෝ ගේ සොයුරිය වන Hattie ලෙසින් වැනේසා කර්බි එක්වනවා. එමෙන්ම මේ හොරා පොලිස් කණ්ඩායමේ එදිරිවාදියා ලෙසින් සයිබනේටික් තාක්ෂණයෙන් වැඩිදියුණු කල මිනිසෙක් ලෙසින් Idris Elba විසින් බ්‍රික්ස්ටන් නැමති චරිතය එක්වනව. හැඩිදැඩි ලුක් සහ වැඩකරු ෂෝ වෙනුවෙන් මේ පාර එන්නේ එසේ මෙසේ සතුරෙක් නම් නෙවෙයි.. ඉතින් ෂෝ ගේ සහෝදරියත් එසේ මෙසේ කෙනෙක් නම් නෙවෙයි. කතාව ගැනනම් කියන්න යන්නේ නැහැ මම, මොකද මේ පාර තියෙන්නේ මුල ඉඳන් අගටම එක දිගට ක්‍රියාදාම පෙළක්.
ඒ වගේම මේ සිනමාපටය තුල හොලිවුඩයේ දැවැන්ත තාරකා කීපයකම කැමියෝ දර්ශන දකින්න පුළුවන්. ඉතින් මේ වසරේ ක්‍රියාදාම සිනමාවේ බලාපොරොත්තු කඩ නොකරපු මේ සිනමාපටය බලන්න කියලා කියන ගමන් මං නවතිනවා. ඒ වගේම අද මේ දෙන පිටපත කොරියානු උපසිරසි සහිත පිටපතක්. ලබාදෙන උපසිරසි ඊට ගැලපෙන්න සහ වෙනත් වර්ණයකින් දෙන්නේ පැහැදිලිව පෙනෙන විදිහට. තවත් කාරණයක් මේ චිත්‍රපටයේ පෝස්ට් ක්‍රෙඩිට් සීන් 2ක් තියෙනවා. HD /BR පිටපත් ආවම ඒ කොටසටත් උපසිරසි යාවත්කාලීන කරන්නම් කියන පොරොන්දුවත් පිට අදට සමු ගන්නම් හැමෝටම ජය!!
” Due to copyright issues, we do not provide any torrent links. “
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 99468 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Fast And Furios 2021 Sub දෙන්නේ නැද්ද
thanks komlo
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
thanks
Thank you mcn
සුපිරියක් තමයි ❤️
thanks
Thanks a lot bro
thanx bro
┊┊┊┊
┊┊┊☆
┊┊ *
┊┊
┊☆ °
*
Thanks For The Subtitle !!!!!!!!!
Me fill aka download karanne kohamada
tnx saho sub ekata
Thanks !!!!!!
thanks bro. jaya wewa…!!!
good
Niyamai… elaaa
thanks..
Thanks bro…
Ela ela
thanks for the sub.
බොහොම ස්තුතියි සබ් එකට…
බොහොම ස්තූතියි උපසිරැසියට…
muchas gracias por subtitulo…..
බොහොම ස්තූතියි උපසිරැසියට…
thanks bro………
උපසිරැසියට බොහෝම ස්තූතියි
Thz bro
Thanks Bro
Thanks hasa sub ekata
Thanks bro good luck.
Tnx bro..keep going
Sub ekatai film link ekatai thanks baiscope Set ekatama
සබට ගොඩාක් ස්තුතියී,
300ක් කියන්නේ එසේමෙසේ ගානක් නෙමේ, කොච්චර කාලයක් කැප කරලා ඇතිද, තවකෙනෙකුගේ රසවින්දනය වෙනුවෙන්
එහෙන කරන එකට ගොඩාක් ස්තූතියි,
දිගටම සබ් දෙන්න,
ඔබේ කටයුතු සාර්ථක වෙන්න කියලා සුභපතනවා, ඔබට ජය
Thanks
elama
Congratulations and Thank you brother
Great…
300වෙනි උපසිරැසියට සුභ පැතුම් හසන්ත අයියේ!! (මාමේ) කොයිතරම් දක්ෂ උපසිරැසිකරුවෙක්ද කියන එක අමුතුවෙන් කියන්න ඕන නෑ හැමෝම දන්න කාරණාවක් නිසා.. ඉතින් මටත් හොද ෆිල්ම් ටිකක් පංගලාත්තු කරල දීල තියෙනව නොවැ ඒ දවස්වල.. ඒ හැමදේටම ස්තූතියි..දිගටම මේ වැඩේ නිරතවෙන්න ලැබෙන්න කියා ප්‍රාර්ථනා කරනවා..!! ජයවේවා..!!!!
බොහොම ස්තූතියි සබ් එකට.ජය වේවා!
සුපිරියි.එල
Tnx 4 sub keep it up!!
Ela bro <3
Thanks Broo super
Congratulations for the 300 subtitle
කඩයිම වෙනුවෙන් සුබ පැතුම්. උපසිරසියට ස්තුතියි…
thanks bro….
tz sub ekata….
Thanks mcn
Thank You brother….
thank bro,
Thanks mcn sub ekata jaya wewa
Thanks machan…..jayawewa…..!
Thanks….
ස්තුතියි…. ජයෙන් ජය….!!
BR eka enakam balagena hitiya sahoo bohoma sthuthi jaya …
Thank you…!!! Gd lk….. aiya..
300 වන උපසිරැසි කඩඉම වෙනුවෙන් උණුසුම් සුබ පැතුම් හසන්ත සහෝ!
වසර 7ක් පුරාවට සිදු කරගෙන ආ මෙම වටිනා කර්තව්‍යය ඉදිරියටත් සාර්ථකව සිදු කිරීමට සහ ගුණාත්මක, නිර්මාණාත්මක උපසිරැසි නිර්මාණය කිරීමට අවශ්‍ය වන්නා වූ සියලු හැකියාව, ශක්තිය, ධෛර්යය සහ කාලය නිබඳව නොමඳව ලැබේවා!
ඔබ විසින් සිදු කරනු ලබන සියලු කටයුතු ද සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!
උපසිරැසිය ලබා දීම වෙනුවෙන් බොහෝම ස්තූතියි හසන්ත සහෝ!
ලිපිය නිර්මාණය කිරීම වෙනුවෙන් තිසර සහෝටත් බොහෝම ස්තූතියි!
ඔබ සැමට ජයෙන් ජයම වේවා!
Thanks….
Thanks for Sub!
Thanks for Subtitle………………
Jayawewa………………….!!!!!!!!!
උපසිරැසියට බොහෝම ස්තූතියි!
සබ් එක දුන්නට බොහෝම ස්තූතියි…
Blue Ray upsate plzzzzzzzz……..
300 ට සුභ පැතුම් ඒයි, දැනුයි බලන්න හදන්නේ.
සබට තුති!!! දිගටම සබ් දෙන්න
Thank you.. keep it up good work.. 🙂
Congratulations brother, good job!!!
Best of luck…
mama adathami regiter une machanla sb ekk film downlod thama denne nhane mama cothanatada yanna one
ammo thanks bn sub ekata
Thanks aiya
film download karanna widiyak kiyadenna puluwanda dowload site eka wada karan nane
තැන්කූ මාමී
bro
Good luck dear friend
Thanx
Elama. thanks
Lion king sub eka naddha?
බොහෝම ස්තූතියි උපසිරැසියට…… ජයවේවා..
Thanks lot baiscope congratulations 300
කැමියෝ වල හිටියෙ කව්ද කියල එච්චර මීටර් උනේ නෑ නෙ.තව කව්ද හිටියෙ.
Thanx bro sub ekata
කැමියෝ වල හිටියෙ කව්ද කියල එච්චර මීටර් උනේ නෑ නෙ.තව කව්ද හිටියෙ.
link ekak dennakooo
thanks bro…….>>>>>>>>>>>
thanks
thanks bro….
බොහොම ස්තූතියි සහෝ……
Thanks brother, well done
Thanks bro
Baiscopedownloads wada nane
comment 200 යි…සුබපැතුම් හසන්ත සහෝ…සභට tNx..ජයවේවා …!!
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……!
Thanks for the sub good luck bro
thanks
baiscopedownload 1 aulakda mata mokuth penwanne nane
Obata bohoma sthuthi subtitles ekata
ජය වේවා
සබට ස්තූති………ජය වේවා….
thanx for the sub
Thanx
GoodLuck
Thankz bro keepitup
elama bn thanks ❤️❤️❤️❤️
ඔබ හැම දෙනාම කරන මේ වැඩේට ජය වේවා.. බයිස්‌කොප් එකටත් ගොඩක් ස්තූතියි ..දිගටම මේ වැඩේ කරන්න ශක්තිය, කාලය ලැබේවා…..
thankz for sub…..
Thanks for the sub!!!
සබ් එකටත් Thanks……….
Kalekata passe up eke balapu supirima filumak
Sub eken labuna supiri sup eka nisa henatama rasawinda.300 weni supiri sub ekata thanks wagema ilanga 400 sub eka next hobbs show ekatama labewai prartana krnawa.
Jayen Jaya!!
300′ වෙනි උපසිරැසියට සුභ පැතුම් සහො…
Fstts
සුභ පතන්න සෑහෙන්න පරක්කු වුණා. සමාවෙන්න ඕනෙ ඒකට.
වැඩි අටුවා ටීකා ඕනෙ වෙන එකක් නැහැ, වෙබ් අඩවියේ බර දරාගෙන ඉන්න දැවැන්තම බල කණුවක් විදියට අවිවාදයෙන්ම හඳුන්වන්න පුළුවන් හසන්ත අයියව. ඊයෙ, අද වගේම, හෙටටත් ඒ දායකත්වය නොඅඩුවම ලැබෙනවා කියලා හොඳාකාරවම දන්නවා. තරුණ කොල්ලො කෙල්ලොත් එක්ක කරට කර ඉඳගෙන, අවශ්‍ය තැනදි උපදෙස් දීලා, මේ කරගෙන යන මහඟු කර්තව්‍ය වෙලාවකට පුදුමත් එක්ක. වයස කියන්නෙ නිකංම නිකං අංකයක් විතරයි කියලා උදාහරණ සහිතව කවුරුහරි පෙන්නන්න කියලා කිව්වොත්, බය නැතුව ඒ කෙනාට කණට දෙකක් ගහලා පෙන්නන්න පුළුවන් උදාහරණයක් තමයි හසන්ත අයියා. ඒ වගේම, හොඳාකාරවම දන්නවා හැරමිටියෙන් යනකම්ම මේ උපසිරැසිකරණයේ යෙදෙනවා වගේම වෙබ් අඩවියට දැවැන්ත ශක්තියක් වෙනවා කියලා. එහෙනම්, තව මාස කීපයකින්ම ඊලඟ කඩයිමෙන් හම්බෙමු. ජය!
සුබ පතන්න ඩිංගිත්තක් පරක්කු වුනා ඕං.
සයිටේ ඉන්න උපසිරැසිකරුවන්ගෙන් කැමතිම උපසිරැසිකරුවා…
ඒ වගේම මම බයිස්කෝප් එකට දාපු පළවෙනි ලිපියෙන්ම අඳුරගන්න ලැබුණු බයිස්කෝප් සාමාජිකයා…
බයිස්කෝප් අධිපති තුමා… 😛
300 වෙනි උපසිරැසි නිර්මාණය වෙනුවෙන් සුබපැතුම්…
සබ් එකේ කොලිටිය ගැන ඉතින් ආය කියන්න දෙයක් නෑනේ. සුපිරියි.
සූරපප්පා සබ් එකෙන් දැනගත්තා තාමත් පොඩි එවුන් එක්ක කාටුන් බලනවා කියලා.. 😛
එහෙනම් තවත් මේ වගේ ගුණාත්මක උපසිරැසි අරන් එන්න හැකියාව ලැබේවා!
මේ උපසිරැසියටත් බොහොම තුති කිව්වා.
දිගටම සබ් දෙමු ආ…ජය!
Mage sub vada karanne nane
එලම huttigeputho…..
සෑහෙන ප්‍රමාදයකින් පස්සෙ ඔන්න මමත් එකතුවෙනවා 300 වෙනුවෙන් සුබ පතන්න. සමාවෙන්න ඕනා ප්‍රමාදයට. ස්පාටකස් එක්ක අඳුන ගත්ත හසන්ත, ඒ ආව වේගෙටම ආවනම් මෙලහකට 600 ක් පහු කරල ගිහින්. ඒත් මේ වෙද්දි සයිට් එකේ ලොකුම බරක් ඇදගෙන මේ යන ගමනට හදවතින්ම සුබ පතනවා. BR එනකම්ම ඉන්නවා. වෙනද වගේම බොහොම ස්තූතියි සිංහල උපසිරැසියටත්. ජය෴෴ 😛 😛
Thankz bro
ස්තුතියි සහෝ… Sub එකට… BR එනකම් ඉන්නේ…සුබ පැතුම්…!
thanx saho
Thank
thanks bro
thanks ..
thaks for sub
machan may page 1k mechchar load karanna epa bn [coment okkoma load karanna epa ]welaa yanawa bn datath kapenawa bn
thank you very much
thanks
300 වෙනි උපසිරසියට සුභ පැතුම්!!
Ela
Thanks bro
elama bro
Thanks Bro
Thanks machn
Thanks machine . Congratulations……
Thnx
උපසිරැසියට බොහෝම ස්තුතියි
congrtz for your 300
300 sub ekata thanks machan ………………
suba pethum kivvaaa
බොහෝම ස්තූතියි මචං සබ් එක ඉක්මනටම දුන්නට. ජය වේවා දිගටම යමු
උපසිරැසි වලට ස්තූතියි
පුලුවන්නම් මේ site එකේ session හරියට හදන්න.
Ehlma Bro
Thanks for update…
sub ekata thank bro.300ta subapethum. Paul walker nethi aduwa mata wtharada bro.vip paul
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya
thnx bro, toy story 4 oni
300ට සුභ පැතුම්, ඉදිරියටත් හොදින් කරගෙන යන්න කියලා කියනවා.
Tnx bro
Thanks Brother
සුබ පැතුම් සහෝදරයා
ස්තුති සබ් එකට
thanks saho 300 suba patum budusaranai
Thanks saho
thanks
Thanks broh.congrats for the 3000 sub
Elmhh saho
Thanks for sub from Romania
Thanks Saho. Jaya wewa
Tnx bro
Thnx …..
supiri bro tnx for the sub
tnx sub ekata bro
Tanx
Thanks bro
300වෙනි උපසිරැසියට උණුසුම් සුබපැතුම්!
ස්තූතියි සහෝ
TKS bro…..
300වැනි උපසිරසියට හෘදයාංගම සුබපැතුම්
අපේ බයිස්කෝප් අධිපතිතුමනි! හම්මේ ඉතින්
හසයියා කියන්නෙ බයිස්කෝප් එකේ ඕන දෙයක්
කරගන්න ඉන්න ඇඩ්ඩින් කෙනෙක් නොවෑ.. ලෝභ නැතුව
ෆිලුම් කීයක්නම් මෙමා වෙත දුන්නද.. හි හි.. කියන්න ඕන දේවල්
අනිත් උන් කොටාගෙන යන එකේ මාත් බොරුවට කීබෝඩ් එකට තඩි
බාන්න අවශ්‍ය නෑ නෙව.. එහෙමනම් හසයියේ ඉක්මණින් 350න් හමුවෙමු…
ජයෙන් ජය!!
Thanks
Superb brother.
Thanks
බොහෝම ස්තූතියි සිංහල උපසිරැසියට.. 300 වෙනි කඩයිමට හදවතින්ම සුභ පතනවා!!!
Thankyou
patta aiyya niymei
congratulations 300# sub…keep it up and thank you
✌300✌ උපසිරැසිය වෙනුවෙන් සුබ පතනවා සහෝ! ❤
ඒ වගේම උපසිරැසිය වෙනුවෙනුත් බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා!
❤❤❤❤ජය වේවා!!!!❤❤❤❤
THANKZZZZZZ
thanxx bro…..
කඩයිමට උනුසුම් සුබ පැතුම් අයියේ.
Thanks.
wede niyamai
Godak davas bala idala onna sub eka labuna. Tnx hasantha brooo.
බොහොම ස්තූතියි සහො..
Ela ela
ස්තූතියි
suba pethum hasantha saho…
Thanks… 300 වන උපසිරැසියට උනුසුම් සුබපතුම්…
සුභපැතුම් අයියේ!
ඉක්මනට මීලඟ කඩයිමත් පසුකරන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..
සබ් එකට ස්තූතිය!
ලිපියටත් ස්තූතියි තිසර අයියේ!
300 වැනි උපසිරසියට සුභ පැතුම්
උපසිරැසියට බොහෝම ස්තුතියි
300 වෙනි උපසිරැසිය වෙනුවෙන් උණුසුම් සුභ පැතුම් හසා අයියේ!
ඊලඟ කඩයිම් වලටත් ඉක්මණින්ම යන්න ලැබෙන්න ඕන! ජය!!!
Thanks……..
මුළු හදවතින්ම සුබ පතනවා හසායියේ 300 වෙනි උපසිරැසිය වෙනුවෙන්.
ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නෑ එදා මෙදා තුර හමුවෙලා නැතිවුනත් හම්බවුන සුපිරි චරිතයක්.
නොදන්න දෙයක් දැනගන්න නම් අනිවා එන්නෙ හසායියා ගාවට තමා, ඒ වගේම තමා කිසිම පැකිලීමක් නැතුව උදව් කරන එකත් ඇත්තටම අගය කරනවා. ඉදිරියටත් උපසිරැසිකරණයේ යෙදෙන්න වගේ වැඩ රාජකාරි සර්වප්‍රකාරයෙන්ම සාර්ථකව කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
ඒ වගේම තමා ෆිල්ම් සෙට් එක බලනව නම් මේ පහල ඕඩර් එකට බැලුවනම් තවත් පැහැදිලි වෙයි.
(01) The Fast And The Furious (2001)
(02) 2 Fast 2 Furious (2003)
(03) Fast and Furious (2009)
(04) Fast Five (2011)
(05) Furious 6 (2013)
(06)The Fast and the Furious Tokyo Drift (2006)
(07) Furious 7 (2015)
(08) The Fate of the Furious (2017)
2006 ආව The Fast and the Furious Tokyo Drift ෆිල්ම් එකේදි තමයි හාන්ගෙ මරණය සිද්දවෙන්නෙ, හැබැයි ඔය සිදුවීම හරියටම සිනමාපට පෙළට සම්බන්ධ වෙන්නෙ Furious 6 (2013) ෆිල්ම් එකෙන් පස්සෙ. Furious 6 එකේ පෝස්ට් ක්‍රෙඩිට් සීන් එකක් විදිහටත් අපිට හාන්ගෙ මරණය පෙන්නනවා.
එහෙනම් එහෙනම් ජයෙන් ජයම වෙන්නෝනා.
එලම.සුභ පැතුම් 300 වෙනි සබට.ජයෙන් ජයම වේවා…
සුබ පැතුම් 300 වෙනි උපසිරැසියට
Sub ekata thanx
මොකද්ද බං AKA කියන්නෙ
As known As
මගේ සුභපැතුම් සහෝ…. තව තවත් උපසිරසයන් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා.! ජය වේවා !
tnx
300 වෙනි කඩ ඉමට හදවතින්ම සුබ පතනවා අයියේ.හසන්ත අයියගේ උපසිරසි ෆිලුමක් ආය අතාරින්නෙම නැති තරම්…..අවුරැදු 7 ක් තිස්සේ කරනා මේ සේවයට ඔබට ගොඩක් පිං.. . ඇඩ්මින් කෙනෙක් හැටියට කරනා මෙහෙය අගයනවා…….බොහොම තුති අයියේ.ඊලග කඩඉමත් ඉක්මනින් පහුකරන්න ශක්තිය ඨධර්යය ලැබෙිවා
උනුසුම් සුබ පැතුම්.
300 වෙනි උපසිරැසියට සුභ පැතුම් සහෝ,
ජයෙන් ජයම වේවා…!!
sub eka ela
bohoma sthuthi saho….
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…… ජය වේවා!!!
මේ මගේ පලමු බාගත කිරිමයි බොහොම ස්තුතියි …..සුභ පැතුම් ….
suba pathananawa mcn 300 ta/elite netfliix tv sereis ekata sub denna mcn puluwannam
well
මුලින්ම 300 වෙනි උපසිරස කඩඉමට හදවතින්ම සුභ පැතිම් හසන්ත අයියේ..බයිස්කෝප් අඩවියේ පරණම සමාජිකයන්ගෙන් කෙනෙක් තමා. ආයේ ඉතිං උපසිරස වල ගුණාත්මක බව ගැනනම් කතා කරන්න දෙයක් නෑ. ඉල්ලන්න තියෙන එකම ඉල්ලීම තමා මේ ගමන නවත්තන්න එපා කියන දේ. උපසිරස එක පිට එක නොකෙරුවත් ඇඩ්මින් මණ්ඩලයේ හරි ඔයාලා ඉන්න ඕනි. මෑතකදි ඉදන් බයිස්කෝප් එකේ දැක්ක අඩුපාඩුවක් තමා ගොඩක් අය බලන් ඉන්න ෆිල්ම්,සීරිස් පැත්තක තියෙද්දී ඩවුන්ලෝඩ් ප්‍රමාණයෙන් පවා අඩු ඒවට උපසිරස ලබා දීම. මං දන්නවා කෙනෙක් තමන්ගෙ ආසාවෙන් කරන දේට එපා කියන්න කිසිම අයිතියක් නෑ කියලා. ඒත් මේකට නිතර දෙවේලේ යන එන අයගේ ඉල්ලීමක් හරි ඉටුකරන්න පුලුවන්නම් ගොඩක් වටිනවා. නැවත වාරයක් උපසිරසට බොහොම ස්තූති. ෆිල්ම් එකනම් ආව දවස් වලම බලන්න පුලුවන් උනා. ආයෙ BR එකක් ආවාම බලමු බුදුසරණයි..!
Ok
good job
Thanks mchn…
thanks bro…
Thanks bro…
Thank you….!
thanx brooo..
Pattaaaaaaaaa
subha. jaya.
සුභ පතනවා හසන්ත හෝ… මේ තරම් කාලයක් බයිස්කෝප් වාසීන් කල මෙහෙවරට….ස්තූතියි
congrats 3000
Well
Tnx bro subt. Me film eka thama ftma asawen hitiye enakan. 300 weni kadaimata suba pathanawa.
Thanks sub ekata 300 kadaimata sudapethum toy story 3 sub download bene eka hadala dennko ikmanata
සිංහල උපසිරැසියට ස්තූතියි හසන්ත අයියේ
300 වෙනි උපසිරැසියට හදවතින්ම සුභ පතනවා
ජය
Thank you
thanks hasantha aiyaaa
Thank you bro.. congratz & good luck for your work.
ස්තුතියි
ආදරෙයි ආදරෙයි ආදරෙයි ❤️❤️❤️
300 weni උපසිරැසියට ස්තූතී .
300 ta Subapathum sahodaraya… bs
supiri,thaks,—GOT,LAST SHIP,SHANNARA,VIKING,WU ASSASSIN,THE BOYS,THE 100,TEEN WOLF,DAVINCI DEEMONS,MERLIN,LEGEND OF THE SEEKER,BLINDSPOT,MONEY HEIST,TYPEWRITER,ABBAY,SPARTUCUS,BREATH,INSIDE ADGE,PRISON BRECK,SHERLOCK,THE RAIN,STRICK BACK,LOST,WORKIN DEAD,13 REASONS WAY,WAMPIRE DIAREIS,PROTECTOR,KINGDOM,IN TO THE BADLANDS,IORN FIST,WORRIOR,LUSIFER,MIDNIGHT TEXAS,THE TERROR,IMMATURE,THE PLAYER,SACRED GAMES,THE SHOOTER,TITANS, —me tika baluwa.wena honda series ekak kiyannako honda
Stranger Things Patta ❤️
elam macho
supiri,thaks,—GOT,LAST SHIP,SHANNARA,VIKING,WU ASSASSIN,THE BOYS,THE 100,TEEN WOLF,DAVINCI DEEMONS,MERLIN,LEGEND OF THE SEEKER,BLINDSPOT,MONEY HEIST,TYPEWRITER,ABBAY,SPARTUCUS,BREATH,INSIDE ADGE,PRISON BRECK,SHERLOCK,THE RAIN,STRICK BACK,LOST,WORKIN DEAD,13 REASONS WAY,WAMPIRE DIAREIS,PROTECTOR,KINGDOM,IN TO THE BADLANDS,IORN FIST,WORRIOR,LUSIFER,MIDNIGHT TEXAS,THE TERROR,IMMATURE,THE PLAYER,SACRED GAMES,THE SHOOTER,TITANS, —me tika baluwa.wena honda series ekak kiyannako
බොහොම ස්තුතියි, ජය වේවා සහෝදරයා.
gud luck and thank u for the sub keep the good work up
thanks boss
300 වෙනි උපසිරැසිකරණයට හදවතින්ම සුභ පැතුම් සහෝ!
දිගටම සිංහල උපසිරැසි ලබා දීමට ශක්තිය ධෛර්යය ලැබේවා!
Congratulations , thenks for sub
Thanks macho
බොහොම ස්තුතියි කියන්න වචන නැහැ සුපිරිම වැඩක් .
300 වැනි කඩයිමට සුබපැතුම් හසා අයියේ
හුම්මට, 300 ත් ගෙනල්ලා නෙහ්, මෙදා පාර නම් ගෙනාපු ගමන් දැක්කා. ආයේ එනකම්ම බලන් ඉඳපු සුපිරියකින්. හැමදාම කියන්න ඕන නෑ ඉතිං. සයිට් එකේ නොම්බර එකේ උපසිරැසිකරුවා, නොම්බර එකේ සහෘදයා කවුද කියලා ඇහුවොත් ඔටෝම කියවෙන්නේ හසී කියලම තමයි. හැට පැන්නත් ගමන උඩින් කියන එක මොනවට ඔප්පු කරමින් ඉන්න පොරක් තමයි ඉතිං මේ. එහෙනම් 300 ට පට්ට උණුසුම් සුභ පැතුම් ඈ… හොද කොප්පක් ආවම ගන්නවා. ජය වේවා!!
ටෞකණ්ඩ… කලින් කමෙන්ට් එකක් දාල….
thank you bro
Thank You
Ela
Thank you!
thanks
300 ta subapathum……… thank u very much……….
300t hadawathinm subapatanva ayyeeee……………
digataaaam sab demuuuuu..
1000000k sub demuuuuuuuuu……………………………….
300’වැනි උපසිරැසි නිර්මාණයට උණුසුම් සුභපැතුම් හසන්ත අයියෙ.
අමුතුවෙන් කියන්න දෙයක් නැහැ ඉහින් සබ් විතරක් නෙවෙයි ඕනම දෙයක් කොලිටියට කරන්න දන්න කෙනෙක් විදිහටයි මමනම් දන්නෙ. බොරු කියන්න ඕන නැහැනේ, සබ් කරන අය අතරේ වැඩියෙන්ම හිතට අල්ලපු සබ් කරන අයගෙන් කෙනෙක් කිව්වොත් හරි. ඒ තරමටම අපිට වුනත් ඉගෙන ගන්න සැහෙන දේවල් තිබුනා වගේම තාමත් තියෙනවා.
අවුරුදු හතක් තිස්සෙ කරගෙන ආව ගමන තවත් හැකිතාක් කාලයක් කරගෙන යන්න හැකියාව ලැබෙන්න ඕන.
මේකෙ බ්ලුරේ කොපියක් ආවම අනිවා බලනවා.
මාවත් මතක් කලාට හුගක් ස්තුතියි!
මේ උපසිරැසියටත් හුගක් ස්තුතියි. ජය!!!
Thanx bro….
elaaaaaaaaaaaaaaaaa
niyamyi sho tank you digatama sub damu 3oo weni sub akata suba pathum..
සබට බෝම පිං… 300ට සුභ පතනවා..
ඒ එක්කම පොඩි පැමිණිල්ලකුත් තියෙනව..
බයිස්කෝප් ඩවුන්ලෝඩ් සයිට් එකේ දෙන ටොරන්ට් ලින්ක් බොහෝ විට අසාර්ථකයි..
මේ ෆීල්ම් එකෙත් ඩවුන්ලෝඩ් වෙලා නවතිනව.. කරැණාකර සොයා බලන්න ඇඩ්මින් මහතුනි..
ස්තූති..
නියමයි….සබ් එකට තැන්ක්ස්…..
300 වෙනි උපසිරසියට සුබ පැතුම්!!
දිගටම සබ් කරමු….
ෆිල්ම් එක නම් Bluray ආවහමම බලනවා…
Thank you bro…
thanks bro.. and contragts
Brexit 2019 sub eka danta puluwnd
උපසිරැසියට බොහෝම ස්තූතියි…
300* කඩයිමට උණුසුම් සුභපැතුම් හසා අයියේ !!!
තව තවත් කඩයිම් පසු කරන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
Brexit 2019 sub eka denta puluwnd
thanks
thanks unu unuwenma dunnata
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
300 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!
Thanks……..
Thanks
Congratulations mame.
Wish you all the best for your wishes.
Thank you for the sub <3
Thax bro ❤
300 වෙනි උපසිරැසි කඩඉමට උණුසුම් සුභ පැතුම්..! අවුරුදු හතක් තිස්සේ මේ කරන කැපවීමට බයිස්කෝප් සිංහලෙන් රසිකයන් වෙනුවෙන් ස්තුතිය පිරිනමනවා. ගුණාත්මක උපසිරැසිකරණයේ මෙන්ම සිංහල උපසිරැසි ගන්වන්න තමන් බාරගෙන තියෙන චිත්‍රපටයක හොඳ පිටපතක් නිකුත් උන සැනින් සිංහල උපසිරැසිය රසිකයන්ට දයාද කරන්න කැපවී සිටින උපසිරැසිකරුවකු විදියට අයියව හඳුන්වන්නත් පුලුවන්.! ඔබගේ සියලු කටයුතු සාර්ථකම වේවා..!
Subapathum 300 veni sub ekata
Tnx mcn
Bohoma sthuthi bro sub ekata.. 300weni kadaimata suba pathum.. 🙂
Jaya wewa.!
300 jayem jayama wewa saho budusaranai jaya wewa thank
300 වෙනි උපසිරැසියට මගෙනුත් සුබ පැතුම් හසන්ත සහෝ.. තව තවත් සබ් කරන්න කාලය ශක්තිය ජවය ලැබේවා කියල මං ප්‍රර්ථනා කරනවා!!!
oyalage pawule hithawthun thama api
300 ta subapethum
Many more thanks for the sub Bro. My congratulations for the milestone. I appreciate so much about your dedication. Keep it up your good work. Well done!
tnz sub ekata
300 වෙනි උපසිරසියට හදවතින්ම සුභපතනවා වගේම ගුණාත්මකම උපසිරසි 300ක් බයිස්කෝප් රසිකයන්ට දායාද කළාට ගොඩක් ස්තූතියි හසන්ත අයියෙ.
අවුරුදු හතක් කියන්නේ ලේසිපාසු කාලයක් නෙවෙයිනේ.
මෙහෙම කිව්වට කවුරුවත් තරහ වෙන එකක් නෑ කියලා හිතනවා. උපසිරැසි ගන්වන එක කරන්නන් වාලේ නොකර, ගුණාත්මක විදියට කරන උපසිරැසිකරුවන් අතරෙ, හසයියා ඉස්සරහින් ම ඉන්නවා. උපසිරැසිකරුවන්ට, හසයියා, ගුරුවරයෙක් සහ ආදර්ශයක් කිව්වොත් මං හරි. අන්න ඒ නිසා,
මේ සුබ පැතුම හදවතින්මයි!
*300ට සුබ පැතුම් හසන්ත අයියේ*
300ට මගෙන් උණුසුම් සුබ පැතුම් සහෝ.
ජයෙන් ජයම වේවා!
බලන් හිටපු සුපිරිම ෆිලුමක්.
එනකල් මගබලාන හිටිය ෆිල්ම් එකක්. ආපු සැනින් අරගෙන ආපු එක නම් කියලා වැඩක් නෑ. ඉතින් මේ 300වෙනි උපසිරසියටත් සුභ පතනවා හසා අයියේ. ඉදිරි කටයුතුත් සාර්ථක වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා. සයිට් එකේ නිත්‍ය සභාපතිවරයා වශයෙන් සිදු කරන මෙහෙය නම් කියලා නිම කරන්න බෑ අපිට. ඉතින් ඒ කටයුතු වලට බෙහෙවින් ස්තූතිවන්ත වෙන්න මේක අවස්ථාවක් කරගන්නවා, එහෙනම් අයියේ සබ් එකට තුති. ජය වේවා..!!
300 ට සුබ පතනව හසන්ත අයියෙ ආපු ශනික උපසිරැසය ලබාදුන්නා. කොහොම නමුත් බ්ලුරේ එකක් ආවහම තමයි බලන්නෙ.
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
ඒ වගේම 300 වෙනි කඩඉමටත් සුබ පැතුම්….!
ස්තුතියි සහෝ….300ට ජයෙන් ජය ම වෙිවා….දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි….ජය වෙිවා…..
NO word to say bra..tnx a lot..super mve this year…❤️
No.03
Thank You For your Sub
Congratulations for your 300 Sub
ගොඩක් ස්තුතියි!! සුභ පැතුම් 300 ට,, කැපවීම ගොඩක් අගය කරනවා, ජය වේවා!!
අම්බෝ සිහිය නෑ හසා අයියා…ආපු සැනින් සබ් එක දුන්නා…බොහොම තුති අහ්
සුභ පැතුම් හසන්ත අයියේ..
දෙසීය පනහේ ලිපිය පැත්තක තියෙන අතරේ මෙහෙ තුන්සීයකුත් යනවා..
ඊළඟ කඩයිමෙනුත් ඉස්මනටම හම්බවෙමු.
ඒජ් ඉස් ජස්ට් නම්බර් කියලා ඔයා නැවතත් ඔප්පු කරා. 🙂
වැඩ රාජකාරි අස්සේ කරන මේ ක්‍රියාදාමයට හිස නමා ආචාර කර සිටිනවා..
ඉදිරි වැඩත් සාර්ථක වෙන්න කියා පතනවා..
ජයෙන් ජය..!!!
300th upasirasata unusum suba pathum sahooo …