Watch Trailer

Game of Thrones [S4E06 – The Laws of Gods and Men] (18+)| නඩු විභාගය. [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම, අපගේ මිතුරියක් වූ සහ බයිස්කෝප් හරහා සිංහල උපසිරසි සඳහා අත්පොත් තැබූ රොකියා සහෝගේ ලඟම හිතවතියක් වන ජනිතා රාජපක්ෂ සොහොයුරියගේ අකල් වියෝවෙන් තැවෙන රොකියා සොයුරා ඇතුළු පවුලේ සියළු දෙනාට අපගේ ශෝකය බයිස්කෝප් සිංහලෙන් වෙනුවෙන් මම මෙසේ පළකරනවා. හොඳයි දැන් වෙනද වගේ කතාව ගැන ලිපියක් ලියන්න කලින් පොඩ…

game of thrones all men must die

මුලින්ම, අපගේ මිතුරියක් වූ සහ බයිස්කෝප් හරහා සිංහල උපසිරසි සඳහා අත්පොත් තැබූ රොකියා සහෝගේ ලඟම හිතවතියක් වන ජනිතා රාජපක්ෂ සොහොයුරියගේ අකල් වියෝවෙන් තැවෙන රොකියා සොයුරා ඇතුළු පවුලේ සියළු දෙනාට අපගේ ශෝකය බයිස්කෝප් සිංහලෙන් වෙනුවෙන් මම මෙසේ පළකරනවා.

හොඳයි දැන් වෙනද වගේ කතාව ගැන ලිපියක් ලියන්න කලින් පොඩි දෙයක් කියන්න හිතුණා. ඔයාලට මතකද පළමු අදියරේ පළවෙනිම කොටස ගැන. ඒකේදි ඒකාලේ රජ වෙච්ච රොබට් බැරැතියන් (සර්සි ගේ මහත්තයා හා ජොෆ්‍රීගේ පියා කියා සැලකූ කෙනා 😉 )ගේ කිංග්ස් හෑන්ඩ් (පුරෝහිත හෝ රජුගේ දෙවෙනියා?) වෙච්ච ජෝන් ඇරන්ට විෂ දී මරාදැමුණාට පසුයි. ජෝන් ඇරන් කියන්නෙ නෙඩ් ස්ටාක් ගේ හිටපු උපදේශක මිත්‍රයෙක් මෙන්ම තම බිරිඳ වූ කැට්ලින්ගේ සහොදරිය විවාහ වී සිටි කෙනායි. ඉතින් තම ස්වාමිපුරුෂයාට වස දී මරා දැමුවේ ලැනිස්ටර් වරු බවට තම සොහොයුරියගෙන් ලිපියක් කැට්ලින්ට ලැබෙනවා. ඒ වගේම නෙට් ස්ටාක්ට රොබට් රජු විසින් ආරාධනා කරනවා හිස්වූ කිංග්ස් හෑන්ඩ් තනතුර භාරගන්නා ලෙස. ඉන් පසු ජෝන් ඇරන් ගේ මරණට ගැන නෙඩ් හොයද්දි දැනගන්නවා ඇත්තටම ජොෆ්‍රී කියන්නෙ රොබට් රජුට දාව උපන් කෙනෙක් නෙවෙයි කියලා. ඒකෙන් තමා ඔහුගේ හිසත් ගහල යන්නෙ. දැන් ගිය සතියේ කොටසෙදි එළිවෙනවා තම පුරුෂයාවූ ජෝන් ඇරන්ව මරා දැමීමට මෙන්ම ඒ ගැන ලැනිස්ටර් වරු සැක බවට ලයිසා ලිපි එවා තිබෙන්නේ බේලිෂ් හෙවත් ලිට්ල්ෆින්ගර්ගේ ඉල්ලීම මත බව. නිකන් හිතන්න. මේ රජවරුන්ගේ යුද්ධ මෙන්ම මේ කිසි කෙනෙක්ට ජීවිත අහිමි නොවෙන්න තිබ්බා මේ සට කපට බේලිෂ් නොහිටින්න. අපේ තරිඳු සහෝගේ විස්තරය දැක්ක නම් එයාගේ තවත් කුමන්ත්‍රණ ගැන ඔයාලට දැනගන්න පුළුවන්. බලන්නකො මෙතනින්.

එහෙනම් දැන් හැරෙමු පහුගිය කොටස දිහාට.

අගනුවර වෙච්ච කිංග්ස් ලෑන්ඩින් වලදි පළමු ටෝමන් නමින් ජොෆ්‍රිට වඩා හාත්පසින්ම වෙනස් ඔහුගේ බාල සොහොයුරු රජ ලෙස කිරුළු පළඳිනවා. ඒ වගේම ඔහුගේ මව වූ සර්සි හා සීයා වූ ටයිවින් තීරණය කරනවා මාජරී හා රජු වූ ටෝමන් අතර විවාහය සති දෙකකින් පැවැත්වීමට. ඒ වගේම එම විවාහයෙන් රජ බිසව බවට පත්වෙන මාජරීගේ සොහොයුරා හා රජුගේ මව අතර විවාහය ඊටත් සති දෙකකට පසු පැවැත්වීමටත් තීරණය කරනවා. විවාහයකින් පාක්ෂික බව තීරණය වන සමාජයක ඒ වගේ අමුතු විවාහයක් පැවැත්වීමට හේතුව ලෙස ටයිවින් පවසනවා දැන් අධිරාජ්‍ය බ්‍රාවෝස් වල බැංකුවට අධික ලෙස ණය වී සිටින බව. තම රත්‍රං පතල් අවුරුදු 3 ක සිට හිඳි ගොස් ඇති බැවින් මෙම විවාහ මඟින් ටයිරෙල් වරුන් එම ප්‍රශ්න වලට සහනයක් ගෙන එන බවට ඔහු සිතනවා. ඒ වගේම සර්සි තම කොට සොහොයුරාට විරුද්ධව තීන්දුවක් දීමට තම පියාව පෙළඹවීමට තැත් කළත් ඔහු එයට අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කරනවා. ඊට පසු ඇය ඊලඟ විනිශ්චය කරු වූ ඩෝන් වල ඔබ්‍රයින් කුමරු හමුවීමට ගොස් එහි සිටින තම දියණියට ත්‍යාගයක් ලෙස නැවක් ගෙන යන ඔහුගෙන් ඉල්ලා සිටිනවා. ඔහු එයට එකඟ වෙනවා.

මේ අතර සටකපට බේලිෂ් හා සන්සා වේල් වෙත පැමිණෙනවා. එහිදි සන්සාගේ නැන්දණිය වෙච්ච (අපි මුල්ම ඡේදයෙන් කතාකරපු) ලයිසා විසින් ඔවුන්ව පිළිගන්නවා. එහෙත් බේලිෂ් විසින් ලයිසා හා ඇයගේ පුතු වූ රොබින් හැර අන් අයට ඇත සන්සා නොව ඇලයින් නම් තම ඥාති දියණියක් ලෙස හඳුනවා දෙනවා. ටිකක් විතර අමුතු මානසිකත්වයක් තියෙන ලයිසා එදින රෑම බේලිෂ්ව විවාහ කරගන්නවා. ඒත් පසුව ඇය සන්සාගෙන් අහනවා ඇය හා බේලිෂ් අතර කිසියම් සම්බන්ධයක් තියෙනවාද කියා. එහෙත් සන්සා ඇයට පවසනවා ඇය තවමත් කන්‍යාවියක් බව. ඊට පසු ලයිසා පවසනවා, සන්සාට බලෙන් විවාහ කොට දුන් කොට ආදිපාද ට්රියන්ගේ නඩු විභාගයෙන් ඔහුව මරා දැමූ පසු සන්සා විසින් තම පුත් රොබින්ව විවාහ කරගත යුතු බව.(කලින් කිව්වා වගේ විවාහයෙන් පාක්ෂිකභාවය හා උරුමය තීරණය වෙන සමාජයක සිදුවෙන විවාහ)

මේ අතර පටු මුහුදෙන් එහා ඩැනේරිස් විසින් තම උපදේශක සභාව රැස්කරනවා ජොෆ්‍රීගේ මරණයෙන් පසු කුමක් කරනවාද යන්න තීරණය කිරීමට. අනික් හැම උපදේශකයෙක්ම ආක්‍රමණය කරමු කියද්දි ජෝරා පමණක් එයට විරුද්ධව අදහස් දක්වනවා. තමා කලින් යටත් කරගත් රාජ්‍ය වලට සිදුවී ඇති දෙයින් පසු ඇයත් තීරණය කරනවා වහල් බොක්ක ඇය පාලනය කොට රැජිනක් වෙන හැටි ඉගෙන ගන්න. (මතක තියාගන්න මෙතෙන්දි විරුද්ධව අදහස් පළකළේ ජෝරා පමණක් බව. ඉස්සහරට ඒක ආපහු මතක් කරගන්න වෙයි සමහරවිට 😉 )

මේ අතර රිවර්ලෑන්ඩ් වලදී ආර්යා තමන් මරන්න සිතා සිටින අයගේ ලයිස්තුව කියවනවා. එයට දැන් තමාව රැගෙන යන හවුන්ඩ්ද ඇතුළත්. පසුදා උදෑසන ඇයට හවුන්ඩ් විසින් හොඳ පාඩමක් උගන්වනවා. ඒ තමා ඇය පුහුණු වෙච්ච විධිය තමාගේ වගේ සන්නාහ ඇඳගත් අය එක්ක හැප්පෙන්න නොගැලපෙන බව.

එතකොට කිංග්ස්රෝඩ් වල තමා හා ජේමි විසින් කැට්ලින් වෙත වෙච්ච පොරොන්දුව ඉෂ්ට කරන්න බ්‍රියෙන්නේ තම අලුත් අතවැසි වෙච්ච පොඩ්‍රික් සමඟ ගමන් ගමින් ඉන්නවා. ඇය සිතන්නෙ සන්සා තම අර්ධ සොහොයුරෙක් වී ජෝන් වෙත යන්න ඇතැයි කියලයි. ඒත් මෙපමණ කලක් තනිව සිටි බ්‍රියෙන්නෙ වෙත අලුත් අතවැසියා කරදරයක් බවට පත්වෙනවා. ඒත් තමා රජ ආරක්ෂක අංශයේ නයිට්වරයෙක්ව, තම කලින් හාම්පුතා වූ ට්රියන්ගේ පණ බේරාගැනීමට ඝාතනය කරන්න සිදුවෙච්ච බව. ඒ ගැන ඇය විස්මිත වෙනවා.

මේ අතර ප්‍රාකාරයෙන් පිටත තමා හොඳම සිදිධිය වුණේ. ජෝන් ක්‍රස්ටර්ස් කීප් වලට පහර දෙන්න කලින් ඔත්තු බලන්න යවන්නෙ ලොක්වයි, මතකයිනේ ඔහු ප්‍රාකාරය වෙත පැමිණියේ ස්ටාක් පවුලේ ඉතුරුවෙලා ඉන්න උරුමකරුවන් වෙච්ච ජෝන්ව, බ්‍රෑන්ව හා රිකොන්ව මරා දැමීමේ යටි අරමුණෙන්. කොහොමහරි ඔහු ඔත්තු බලද්දි දකිනවා බ්‍රෑන් ප්‍රමුඛ කට්ටිය රඳවලා තියෙන තැන. ඒත් ඔහු ජෝන්ට ඒ බව නොකියා ඒ පැත්තෙ බල්ලන් සිටින නිසා වෙන පැත්තකින් යන ලෙස දන්වා සටන ඇවිලෙන විටදි රහසින් පැමිණ බ්‍රෑන්ව වෙනත් තැනකට රැගෙන යනවා. ඒ විටදි බ්‍රෑන් තම හැකියාවක් භාවිතා කොට හෝඩෝර් වෙත ආවේශ වී ලොක්ව මරා දමා තමාගේ ඉතිරි යහළුවන් බේරාගැනීමට සමත් වෙනවා. එහෙත් ජෝන් ව හමුවුනොත් බ්‍රෑන් ගේ ගමන යෑමට නොහැකිවෙන නිසා බ්‍රෑන් තම සගයන් සමඟ තම ගමන රහසේ පිටත් වෙනවා. ජෝන් එක් කාන්තාවකගේ උදව් ඇතිව කැරලිකාර කාල්ව මරා දැමීමට සමත්වෙනවා. ඊට පසු ක්‍රස්ටර්ස් ගේ දියණි බිරින්දෑවරුන්ට තම පිරිසත් සමඟ ආරක්ෂා සහිත ස්ථානයකට යන්න කතා කළත් ඔවුන් එය ප්‍රතික්ෂේප කරනවා. පසුව ඔවුන් ක්‍රස්ටර්ස් කීප් ගිනි තබා එතැනින් පිටත් වෙනවා.

මෙච්චර කාර්යය බහුල සඳුද දවසේ යාන්තම් හවස පැය හතරක් හොයාගෙන සබ් එක දාල අදම ගෙනල්ලා දුන්නත් කෝ කට්ටියගේ කිසිම උනන්දු කිරීමක් නෑ නේ. 🙁  .307

 

 

Due to copyright issues, we do not provide any torrent links.

64,011 downloadsDownload GOT.S04.E06.Sinhala.zip151 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/royli.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                       Next Episode >>

Subtitles

64,011 downloadsDownload Subtitles151 KB

128 comments

  1. Sisira Hegoda

    Thanks.

    1. Watch 150mb Tv Series

      Thanks bro.. good dwn speed

  2. POPPY

    thnx kollo.....

  3. Heshan

    thanks saho..............,

  4. DilanH

    ගොඩක් ස්තුතියි අයියා

  5. Keshan Wasala

    නියමයි . .. නියමයි :D මේක එනකන් තමා බලන් හිටියේ ඒ උනාට රෑ වෙන්න තමා බලන්නේ ගොඩක් ස්තුතියි අයියේ මෙන්න බානවා ගොඩක් ස්තුතියි ..

  6. herali

    මම මේ 3 වෙනියට කොමෙන්ටුවක් දාන්වාමයි. සහ මම පස්වෙනියට මේ බාන්න යන්නේ කාථාව. එතකොට හිතාගත්තැකිනේ තියෙන උනන්දුව.
    ගොඩාක් ස්තුතියි මලේ....

  7. Sumedha

    Thanx Machan

  8. Madushanka

    thanks saho

  9. janna

    ගොඩාක් ස්තුතියි සහෝ........

  10. lakshan

    adanam parakkui puthe... ubata sudda sinhala mathak kara kara unne..

    nywy thanx !! brother

  11. සුළැඟිල්ලා

    බෑවෙනකන් ඉවසිල්ලක් නැතෝ... අනේ කොටාව අද වැරැදි කාරයා වෙනවද.. :3

  12. dinuka

    thx royili ayye.... episode eka apu ikmaninma .. kisima adu paaduwak nathiwa sub eka hariyatama denna oya wena mahansiyata hadawathima thuthi.... ubata jaya!

  13. නිරෝෂ්

    නියමයි රොයිලි.සුපිරි විස්තර කිරීමකුත් එක්කම නියමෙට දීලා තියනවා.ගොඩක් ස්තුතියි.ජයෙන් ජය!

  14. Mevan

    Thanks
    Jayama Wewa !!!!!!!

  15. randika

    thank you wewa ....

  16. aSanka

    thanks meka annakan thama balan hitiye thanks thanks ............................................

  17. nadun hemachandra

    amuthuwen aiyala karana wade gana katha ona ne.. elama tamai. issara film, sub hoya hoya nannaththare giya apita baiscope eke oyala karana me dewal walata hemadama thnkxx kalat madi.

  18. Era

    thanx machan...

  19. Mahesh

    Thnx bro sub ekata

  20. Shan Vimukthi

    හනේ අප්පේ කවුද කියන්නේ උනන්දුවක් නැහැ කියලා
    ඊටත් පැය හතරෙන්
    මං කලානම් දවසක්වත් යනවා මේ අටමගලේ තියන වචන ගැටගහගන්නනම
    හෙහ් හේ බොහොම ස්තුතියි රොයිලියෝමෙන්න සබ ගන්නවා :P

  21. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    මෙන්න වැඩක්, උනන්දුවක් නෑ ළු..
    පිස්සු හැදෙයි..බොලේ කතාව බැලුවට වඩා හොඳට තේරෙනවා මේක කියවද්දී..
    මම සති කිහිපයකට කලින් නම් හිතැන් උන්නේ බේලිෂ් කාරය හොඳ පොරක් කියලා.(සීසන් 1 එකේ වගේ)
    දැන් යකෝ මූනේ සේරම කපටි වැඩ කරලා තියෙන්නේ..
    තරිඳු සහෝගේ වැඩෙත් එලටම යනවා..
    පොරටත් බොහොම පිං..
    ඒ වගේම මයේ හිතේ මේ ලිපිය ලියන්න සබ් එක දානවට වඩා කාලයක් යන්න ඇති මයේ හිතේ..
    ඔන්න ගත්තා..ගත්තා නෙවි, අරගෙන ඉවරයි, ලිපිය කියවන අතරේ කතාව බෑවිලා ඉවරයි..
    ඔන්න දැන් සබ බාලා අද රෑම බලනවා..
    ජය වේවා..

  22. nuwan

    elama thamai jaya wewaa....
    balan hitiye daanakal
    thank you so much........................!

  23. thanuj

    supiri..a//////////

  24. යශෝධ

    නියමයි රෙැායිිලි අයියේ... ඇත්තටම බේලීෂ් කියන්නේ අමුතුම විදියේ සතෙක් කියලා පළමු අදියරේදිම මට නම් තේරුණා.. ඒත් මේ මනුස්සයා දැන් නම් පොට වරද්ද ගනීවි කියලයි මට හිතෙන්නේ.. කොහොමහරි කමක් නෑ සිංහල උපසිරසටයි ඔයාගේ මේ වටිනා ලිපියටයි බොහෝම ස්තූතියි... ජයම වේවා... එලස්ස්ස්ස්...... :-D

  25. Neranji Sulakkana

    මුලින් ම බ්ලොග් සහෘදිනී ජනිතා ට නිවන් සුව පතනවා.
    ඒ වගේම අපි රොයිලි අයියා එනකං තමයි බලා ඉන්නෙ.. සබ් ලොවේ අග රජු !! ජය වේවා!!

  26. Kavindu Lakshan

    Niyamine bn Apu Gaman Damma ahhh Maxxa...........

  27. Sam

    thnkss sahooo..sub ikmanata dunnata..niyamai..elz

  28. kaviya

    මචන් උබනම් එල කොල්ලෙක්. ගොඩක් ස්තූතියි. දිගටම ආව ගමන්ම සබ් එක දෙන්න මචන්.එල එල

  29. Kavindu Lakshan

    That Awkward Moment 2014 Subs Damu Roily Ayya..... Tnx..

  30. Krish

    Thank u VVV much macho....!!!

  31. Lahiru

    Niyamai sahoooo

  32. Ranasinghe

    thanx...

  33. 007porak

    මුලින්ම.....රොකියා සොයුරා ඇතුළු පවුලේ සියළු දෙනාට මාගේ බලවත් ශෝකය ප්‍රකාශ කරමි..... thanks sahoo ikmanata sub dunnata bohoma pin...

  34. charith

    නියමයි.
    ඉක්මන්ට දුන්න එක ලොකු දෙයක්.

  35. pissa

    Niyamai Sahoo, you are "too Fast, too Curious"

  36. kasun

    niyamai saho...supiri...

  37. Ukku

    Thnx macho... jayama wewaaa!!!
    bohoma pin

  38. රාම් රාජ්

    සර්සි ගේ මහත්තයා හා ජොෆ්‍රීගේ පියා කියා සැලකූ කෙනා ;) ඔන්න ඉතිං රොයිලියාත් ඕනේ නැති දේවල් කියන්න ගත්තා.මටනම් මේකේ ගතියක් තියෙන්නේම සර්සි දකින කොට තමා.එක කොටසක හරි නොදැක්කොත් කෑවේ නෑ වගේ. අද ලිපිය ලියන්නනම් සෑහෙන වෙලාවක් අරන් තියෙන බව පේනවා තමා.ඒක අපතේ නම් යන්නේ නෑ රොයිලි.ලිපිය එක හුස්මට කියවන් යන්න පුලුවන්.ලස්සනට ලියලා තියෙනවා.උබගේ සිංහල භාෂාව හැසිර වීම ගැන මම මීට කලිනුත් වර්ණනා කරලා තියෙනවා වගේම අදත් අගේ කරනවා.ස්තූතියි රොයිලි සබ් එකට.

  39. chandima

    නියමයි....

  40. Tharindu

    thank u very much saho...bohoma ikmanata sub eka dilane...mechchara ikmanat sub eka labei kiyal hithuweth na.
    thiyana wada goda asse mechchara ikmnt sub eka dummat bohoma pin..
    thanx again

  41. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)
    සිංහල උපසිරසටයි මේ වටිනා ලිපියටයි බොහෝම ස්තූතියි
    රොකියා සොයුරා ඇතුළු පවුලේ සියළු දෙනාට මාගේ බලවත් ශෝකය ප්‍රකාශ කරමි

  42. Malan

    thank you bro... maga balagena inne sub1 enakan. :D

  43. jzone

    thanxxxxxxxxx

  44. Lasitha

    tnks ! ~ ~

  45. Ash

    thanks mage wasthuwe

  46. ajantha

    sub ekata godak isthuthi

  47. gayan

    thanks bro..

  48. harsha

    මේ කතාමාලාව සමඟ මේ ඉදිරිපත් කරන විස්තරය කියවන විට මට දැනෙන දේ තමයි මේ කතාවට රොයිලිත් තදින්ම බැඳිලා ඉන්න විත්තිය. පරණ කොටස් වල වු දේවල් මතක් කරමින් අපව අලුත් කොටසට ගේන එක නම් මරේ මරු. ඔන්න එහෙනම් සබ ගත්තා ස්තූතියි

  49. blacksnow

    පට්ට තැන්ක්ස් සබට .

  50. KAL32

    පැය හතරෙන් සබත් දාලා මෙච්චර දිග ලිපියකුත් ලිව්වද? :o
    සබට බොහෝම ස්තූතියි :D

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.