ඔන්න ආයෙත් වතාවක් ගොඩාක් අය මග බලගෙන හිටපු චිත්‍රපටියක් අරගෙන තමයි මේ ආවේ. අපේ හසන්ත අයියා තමයි ඔන්න වැඩේ මට බාරදුන්නේ. ඉතින් දිවා රැ නොබලා සබ් එක කොටලා පුලුවන් ඉක්මණට අරගෙන ආවා. කතාව ගැන කියන්න කලින් මට හිතුනා බයිස්කෝප් මංසලේ නෙරංජි සුලක්ඛනා සොයුරිය The Independence Day මුල් චිත්‍රපටිය ගැන විස්තර…

ඔන්න ආයෙත් වතාවක් ගොඩාක් අය මග බලගෙන හිටපු චිත්‍රපටියක් අරගෙන තමයි මේ ආවේ. අපේ හසන්ත අයියා තමයි ඔන්න වැඩේ මට බාරදුන්නේ. ඉතින් දිවා රැ නොබලා සබ් එක කොටලා පුලුවන් ඉක්මණට අරගෙන ආවා. කතාව ගැන කියන්න කලින් මට හිතුනා බයිස්කෝප් මංසලේ නෙරංජි සුලක්ඛනා සොයුරිය The Independence Day මුල් චිත්‍රපටිය ගැන විස්තර කරලා තිබුන ලිපිය ගැන මුලින්ම සඳහන් කරන්න.
1996 දී අපූර්ව සිනමාපටයක් හොලිවුඩයේ තිරගත වුනා. එය නමින් The Independence Day. මුලින්ම මේ සිනමාපටය ගැන හැරී බලමු. කෙටියෙන්ම කිව්වොත් මේ චිත්‍රපටයට පිටසක්වල ජීවින් මුල් කොට ගෙනයි දිවයන්නෙ!! 1969 දි නීල් ආම්ස්ට්‍රෝං හඳ මත තියලා ආපු ඵලකය, ඉන්පස්සෙ, කවුරුවත්ම දකින්න ඇතිද? ඔව්….ඔවුන් පෘථිවියට ආවේ..ඒ කියන්නෙ.. අපි විශ්වයේ තනිවෙලා නෑ.. ඒක සතුටක් වුණත්, ඔවුන් ආවෙ අපෙන් මහ පොළව උදුර ගන්න නම්….අපි මොකද කරන්නෙ? කවුරුත් හිත ඇතුළින් නුරුස්සන ඇමරිකාවට, ලෝකය එක් කළ හැකි වේවිද? කේබල් රෙපෙයාර් කරන කෙනෙකුට යුද්ධයක් සැලසුම් කළ හැකිද? නාටිකාංගනාවක් විවාහ කරගත්ත නිසා කැප්ටන්ට අහස අහිමිවේවිද,? Area 51 බොරුවක්ද? ආරක්ෂක ලේකම් ගේ අවසන් තීරණයට අනුව ජනාධිපති ක්‍රියා කරයිද? න්‍යෂ්ටික අවි සක්‍රීය කළහොත් කුමක් සිදුවෙයිද? කොකාකෝලා කෑන් එකකට මේ අතර කළ හැක්කේ කුමක්ද? අවසානය ලෝකයට බලාපොරොත්තු වූ නිදහස ලැබේවිද? මේ හැමදේම දැනගන්න…..බලන්න!!! The Independence Dayff.
ඒ සඳහන් කලේ මුල් චිත්‍රපටිය ගැන. බලපු නැති අයට ඒකත් බලන්න කියලා ආරාධනා කරනවා. අලුත් චිත්‍රපටිය ගැන කතා කලොත්, මුල් චිත්‍රපටියෙන් වසර 20ක කාලයක් ඉදිරියට අරගෙන ගිහින් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. පිටසක්වල ප්‍රහාරයකින් වසර 20කට පස්සේ එක්සත් ජාතීන් පෘථිවි අභ්‍යවකාශ ආරක්ෂක මධ්‍යස්ථානයක් ගොඩනැගුවා. නැවතත් පිටසක්වල ප්‍රහාරයක් ආවොත් ඒකට මූණදෙන්න පුලුවන් විදියට ලෝක ව්‍යාප්ත ආරක්ෂක වැඩපිළිවෙලක් ඔවුන් නිර්මාණය කලා. 2016 ජූලි 2 වෙනිදා ලෝකයේ සියළු දෙනා ආක්‍රමණයෙන් රට බේරාගෙන 20 වසරක් පිරීම මිත්තෙන් සංවත්සර උත්සවයට ලෑස්තිවෙනවා. ආරක්ෂක දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂක ලෙවින්සන් ඩොක්ටර් කැතරින් එක්ක යුධ නායක ඩිකෙම්බෙ උබුන්ටු හමුවෙන්න යනවා. උබුන්ටු ඉන්නේ අපිකාවේ. උබුන්ටු ඉන්නේ කලින් පැමිණි පිටසක්වල විනාශකාරී යානය විනාස කරපු තැන. ඉතින් ඒ තුන්දෙනා මේ යානයට ආයෙත් ගොඩවෙනවා. එතනදී එයාලා හොයාගන්නවා පිටසක්වලයින් පරාදවෙන්න කලින් ඔවුන් ඒ යානයෙන් ආපදා ඇමතුමක් ඔවුන්ගේ ග්‍රහලෝකයට යවලා කියලා. ඒවගේම තමයි කලින් ජනාධිපති තෝමස් විට්මෝර් සහ උබුන්ටුට පිටසක්වලයන්ගේ දේවල් දැනෙනවා. එයාලාට දැනෙනවා ආපහු පිටසක්වල ආක්‍රමණයක් ලඟ ලඟ එනවා කියලා.
ජූලි 3 වෙනිදා කලින් පැමිණි පිටසක්වලයන්ට වඩා වෙනස් ගෝලාකාර යානයක් හඳේ තියන ආරක්ෂක මධ්‍යස්ථානයට ලඟාවෙන්වා. ලෙවින්සන් හිතනවා ඒක වෙනත් ජාතියක ජීවි කොට්ඨාසයක් කියලා. ඔහු කියනවා ඒකට පහරදෙන්න එපා කියලා. ඒත් නායකයන්ගේ කැමැත්තට හඳේ ආරක්ෂක මධ්‍යස්ථනයෙන් ඒකට පහරදෙනවා. ඒ පහරදීම ලොකු අත්වැරදීමක්. ඒක ඔයාලාට චිත්‍රපටිය බලාගෙන ගියාම තේරේවි. ඒවගේම තමයි මෙවර ආක්‍රමණයට එන පිටසකලයෝ නම් සෙල්ලම් නෑ. මේ විදියට විස්තර කරගෙන යනකොට දන්නේම නැතුව කතාවේ සේරම කියලා තියෙවි. ඔයාලාම බලන්න මේ හැමෝම එකතුවෙලා පිටසක්වලයන්ගෙන් ලෝකය බේරගන්න උදව් කරන්නේ කොහොමද කියලා.
මේ චිත්‍රපටියේ දැනට ලැබී ඇති බොක්ස් ඔෆිස් ආදායම ඩොලර් මිලියන 362.8ක් ලෙස සඳහන් වෙලා තියනවා. මෙය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Roland Emmerich විසින්. මෙහි රංගන තරු අතර Liam Hemsworth, Jeff Goldblum, Jessie T. Usher, Bill Pullman, Maika Monroe, William Fichtner සිටිනවා. ඔයාලාට මිනිත්තු 129ක් පුරාවට චිත්‍රපටිය රසවිඳින්න ඉඩකඩ ලැබෙනවා. ලිපිය නම් එච්චරම සවිස්තරාත්මක නෑ කියලා හිතෙනවා, ඒ වෙනුවෙන් සමාවෙන්න ඕන. හදිසියේ තමයි මේ ටිකත් කොටලා එවන්නේ. එහෙනම් තවත් හොඳ උපසිරැසියක් සමඟින් නැවත හමුවෙමු.
ඔබට ජය!!!
Due to copyright issues, we do not provide any torrent links.
Independence.Day.Resurgence.2016.720p.10Bit.BluRay.x265 HEVC
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
37,367 downloadsDownload Independence.Day_.Resurgence.2016.Br_.Baiscopelk.com_.rar51 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නුවන්ත දුලාන්
Subtitles
93 comments
praneeth madu
sajith
ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක
niro
මෙකේ තියෙන ඇඩ් තොගේ බලන්න විතරයි පුළුවන් මේ සයිට් එකෙන් ඩව්න්ලෝඩ් වෙන්නේ නෑ
niro
sorry bro ,,mekata newei rply kale baiscope site eka ok...Sajith kiyana kena hama ekatama danawa pahatha comment eka
ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක.
eth meke tiyenne add witharai
seo spider
අනිවා. දවස් දෙකයි ගියෙ. ආයෙ පලාතක ගියෙ නෑ. දැන් බයිස්කෝප් එකෙන් ෆිල්ම් ඩවුන්ලෝඩ්ස් දෙන්නෙ නැති හින්දා මුන්ට හොඩට විසිට් ගන්න පුලුවන් ඒත් වැඩේ චොර කරගෙන. වැඩි තන්හාව බන්.
Suchintha
Siratwa machan mala jarawak e site eka. Ape data tika iwara wenawa vitharai.
SEO SPIDER
Baanawaa. Thankz
ashan lankanath
Thanks
Tharaka
සබ් එකට ස්තුතියි සහෝ!
me
Thanks
tm prasanna
ane dawnlod k danne link 1k hari baganna vidiya hari kiya denna yaluwe
Hope
Ratings adui neda... AyWy thans for the sub.
Kulanjana Maduranga
niayamai…thanks NUWANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Dulanga
Thanks
Haritha Dayanga
thank
Demon
sub 1ta wagema film 1e baganna link deepu ayath godaaaak sthuthi....
Sanindu Lakkitha
Godak Thnx Saho.. Good Luck...
pramuk
Thanxxxx
Sudeera Wijenayake
Tnx bn
Sajeevi
Thanks
Rashmika
Thanks sahoo
රයන් ද සිල්වා
සබ් එකට තුති නුවන්ත සහෝ නැවත උපසිරැසියකින් හමු වෙමු
෴෴ජය වේවා෴෴Sajith Anthony
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
ishan madusha
ස්තුතියි උපසිරැසියට සහෝ
Chami.S
Thanks...
Rev. Sumana
Uda tiyenne meke torrent file 1ka
Danushka
niyamai bro...tanx
gayth
sub play weddi kotu watenwane?ekta mkda krnne?
pruthuvi shivanga
thanks macho
Akila
elama
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Bobby
Thank you very much friend.
ලහිරු චානක
එළ සහෝ. BR ආව ගමන් අනිවා බාමි. ස්තූතියි සහෝ උපසිරැසියට. ජය වේවා..!!!
sanath indika
thx brooo
Tharindu Dhananjaya Lokubandara
apo meke advertisement danna aran chter karala site ekama. danawanm mekata ena ayata wadayak wen netiwa publish karanam harine
Ravin
Thanks for the sub
Yohan Meedum Deminda Fonseka
thanks machan sub ekta.
Tharaka Sandaruwan
ගොඩාක් ස්තුතියි සහෝ...
සුභ පැතුම්...!kaveesha
br ekak awama balamu
kenansj
machn BRRIP update eka denavada
venula
supiri ganaye film ekak thnkx saho
තාරක ජයසිංහ
උපසිරසියට ස්තුතියි සහෝ.....
Sanindu Lakkitha
Thnx Saho.. Machn br rip eka avit tiyenne. Sub eka diyan puluwannam..
Web බුවා
තව නෑ ලොක්කා br. අඩුතරමේ මං මේ riply එක දාන කොටවත් br නෑ. ( 2016 සැප්තැම්බර් 23)
ඔහොම ඉවසාගෙන ඉන්න තව ටික දවසක්. ඔය net එකේ Br කියලා තියෙන ඒවා පට්ට fake. සමහර ඒවා play වෙන්නෙත් නෑ. සමහර නමට විතරක් br. බලද්දී තේරෙනවා පට්ට අමු cam copy කියලා. ඒවාට අහුවෙන්න එපා. data නාස්ති කරගන්න එපා නිකරුණේ. කොහොමත් මේ වගේ ෆිලුමක real br එක ආවාම ඒක කොහොමත් ඔයාට තේරෙයි. ඔයා නිතරම torent site වල සැරිසරන්නෙක් නම්. මොකද උතුරන්න seed. ඒක එක point එකක් නියම torent එකක් අදුනගන්න. තව torent එක ගන්න site එකේ දාලා තියෙන coment ටිකක් බලන්න. ඒකෙනුත් තේරුම් යයි. copy එකේ තත්ත්වය භයානකද නැද්ද? කියලා. ජය..!
Sisila Prasad
බොහොම ස්තුතියි සහෝ
thisal
බොහොම ස්තුතියි සහෝ
lakshan
thanks machn......
Jack
බොහෝම ස්තුතියි මචන්
bbqrt22
Thanks... sinhala sub nam.. baiscop thama
Gayan Wickramasinghe
සහෝ br copy ය ආවා
maheshbabu
br awilla ......update plzzzzzz
Haraha
Blueray eka awith update eka dennako
Bro....buwa
BLURAY AWOOOOOOOOOOOOO
SUB DENNAAAAAAAAAAAAAA
Niky
Thanks bro..!!BR ewillo
Ishara Ruchiranga
Thnkz macho sub ekata.
mithun
Bluray apded please
kushen
Saho brrip update krla denwanm godak watinwa
Advertisement

tnx saho