Watch Trailer

A Bug’s Life (1998) | නායකත්වය වීරත්වය එක්ත තව ගොඩක් දේවල්…

අද මම කියන්න යන්නෙ ටිකක් පරණ ඒත් හැමදාමත් රස විඳින්න පුළුවන් චිත්‍රපටියක් ගැනයි. ඇනිමේෂන් කලාව චිත්‍රපටිවලට සාර්ථකව යොදාගන්න ආරම්භ කරපු කාලෙ හදපු මේ චිත්‍රපටිය තමයි a bugs life! IMDB වාර්තා අනුව ඡන්ද 54380ක් එක්ක 7.3 ක අගයක් හිමිකරගෙන තියෙන මේ විත්‍රපටිය හොඳම සංගීතයට ඔස්කාර් සම්මානය වගේම තවත් සම්මා…

අද මම කියන්න යන්නෙ ටිකක් පරණ ඒත් හැමදාමත් රස විඳින්න පුළුවන් චිත්‍රපටියක් ගැනයි. ඇනිමේෂන් කලාව චිත්‍රපටිවලට සාර්ථකව යොදාගන්න ආරම්භ කරපු කාලෙ හදපු මේ චිත්‍රපටිය තමයි a bugs life!

IMDB වාර්තා අනුව ඡන්ද 54380ක් එක්ක 7.3 ක අගයක් හිමිකරගෙන තියෙන මේ විත්‍රපටිය හොඳම සංගීතයට ඔස්කාර් සම්මානය වගේම තවත් සම්මාන ගණනාවකට යෝජනා වෙලා තියෙනව වගේම දිනාගෙනත් තියෙනවා. මේක Toy story, Cars වගේ නිර්මාණ අධ්‍යක්ෂණය කරපු John Lassester ගේම අධ්‍යක්ෂණයක්. නිෂ්පාදනය Walt Disney සමාගමයි.

මේ චිත්‍රපටියට තේමාව වෙලා තියෙන්නෙ පුංචිකාලෙ අපි අහල තියෙන කූඹින්ගෙ සහ තණකොල පෙත්තන්ගෙ කතාවයි. ඒ වුණාට ඒකම නෙවෙයි. හැමදාම තණකොලපෙත්තන්ට කන්න හොයල දෙන කූඹින්ට වෙන අකරතැබ්බකින් එයාල ගොඩ එනව එක්කම තණකොල පෙත්තන්ට කූඹි කියන්නෙ කවුද කියල පෙන්නල දෙන එක තමයි චිත්‍රපටිය පුරාම තියෙන්නෙ. ඒ අතරෙ Flik කියන බුද්ධිමත්, හැම වෙලේම අළුත් විධියට දකින කූඹීය සහ කූඹි රැලේ නායිකාව වෙන්න පුහුණු වෙන Atta කුමරිය අතරෙ ඇතිවෙන ප්‍රේමණීය ගණුදෙනුවත් කතාවට රසයක් එකතු කරනව.

මේ චිත්‍රපටිය මම මුලින්ම බැලුවෙ 2003 දි විතර VCD තැටි වලිනුයි. ඊට පස්සෙ DVD වලිනුත් මෑතකදි ආයෙමත් හොඳ ටො‍රන්ට් එකකිනුත් බාගෙන බැලුවා. මම නැවත නැවත බලමින් රස විඳල තියෙන චිත්‍රපටි අතරෙ මේකත් එකක්. දැනට ඇත්තටම දහ වතාවකට වඩා බලල තියෙනව වගේම පුංචි පුංචි කොටස් රාශියකින් තවමත් මම මේ චිත්‍රපටිය රස විඳිනව.

බාහිරින් මේකෙ තියෙන සරල කතාව ඇතුලෙ අපට ගොඩක් දේවල් කියල දෙනව. වීරත්වය, නායකත්වය, අළුතින් ලෝකය දැකීම වගේම තව කුඩා ඒත් ජීවිතේට වැදගත් දේවල් ගොඩක් මේ චිත්‍රපටියෙන් අපට දැනගන්න පුළුවන්. මේකෙ දුෂ්ඨයට පෙනී ඉන්න තණකොල පෙත්ත දුෂ්ඨය වුණත් හොඳ නායකත්වයක් පෙන්නනව. හැබැයි මුල් වතාවෙදි බලද්දි හොඳට හිනායනව ඇරෙන්න වෙන දෙයක් දැනෙන එකක් නෑ.

ලිපිය – “h” සොහොයුරා

40 comments

  1. dila

    aluth awurudde mama palaweniya
    thank you wewa h saho!!

  2. suranga rasika

    amta siri mnd mulam kena awalk na,a mathk una
    සියලු දෙනාටම් ලෑබුවාඋ අලුත් අවුරුද්ද කිරියෙන් පෑනියෙන් ඉතිරෙවා.....!!!
    onn sahodaraya mn dn meka banaw,mn ball ai coment 1k dennamko

  3. suranga rasika

    a machn dila,awqlk na,mmn dadhi ubath dala,api denm palawaniya :D

  4. සහන්

    බයිස්කෝප් ඔබට
    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.................

  5. Sameera

    සුභ අලුත් අවුරුද්දක් වේවා…………….

  6. හෙළයා

    මම ඔය ෆිල්ම එකත් බැලුවා. ඇත්තටම හරිම ලස්සනයි. ආපහු බලන්න හොය හොයා හිටියේ...

    ඔබට බොහොම ස්තූතියි.

    ඒ වගේම සුබ අලුත් අවුරැද්දක් වේවා

  7. අකිල ප්‍රනාන්දු

    සයිබර් අවකාශයේ වසන..... හුදෙක් බයිස්කොප් වියන තුල හිදිනා ඔබ සැමට ලැබුවා වු සිංහල දෙමළ අලුත් අවුරුද්ද .....සෙලොලයිට් පටලයේ සිට බ්ලුරේ (Blue-Ray) දක්වා බයිස්කොප් ඉතිරෙන ....සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ඔන්න මමත් වැඩ ඇල්ලුවා .....බාන්න දාලා......
    ජය වේවා !

  8. Enri

    ම්ම්ම්............ ලැබුවා වූ අලුත් අවුරුද්ද සාමයෙන් සතුටින් පිරිච්ච එමෙන්ම හොඳ හොඳ ෆිල්ම්ස් දෙන්න පුලුවන් අවරුද්දක්ම වේවා! :-)

  9. Casper

    fatta fatta

  10. dila

    @suranga rasika-
    sure mchn :)

  11. Ama

    elakiri :)

  12. මනිෂ කසුන්

    HaPpY nEw YeAr

  13. Suvin

    ලැබුවාවූ අලුත් අවුරුද්ද සියලු ප්රාර්ථනා ඉටුවන, යස ඉසුරින් හා සාමය සතුටින් පිරි, නිදුක් නීරෝගී, වාසනාවන්ත රියෙන් පෑනියෙන් ඉතිරෙන, සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!

  14. vidura

    නව වසරේ එලකිරි ෆිල්ම් එක.ඔබ සෑමට සුබ නව වසරක් වේවා.

  15. Dar[K]

    පට්ට ෆිල්ම් එකක් මචො තැන්ක්ස් බාගන්න ඔනේ

  16. Dar[K]

    @ vidura :

    තව ෆිල්ම් එකක් එනවා ලගදීම කට්ටිය බාලගෙන හිටිය එකක්

  17. smw8890

    සියලු දෙනාටම් ලෑබුවාඋ අලුත් අවුරුද්ද කිරියෙන් පෑනියෙන් ඉතිරෙවා

  18. Ran Banda

    ලිපි ලයිස්තුව වැඩ කරන්නෙ නැහැ නේද?

    පරණ ලිපි බලන්නෙ කොහොමද?

  19. NmL

    එල එල ලස්සන ෆිල්ම් එකක්. ඉස්තුති.

  20. chathurarcrc

    ලැබුවාවූ අලුත් අවුරුද්ද සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!

    1. chanchun

      ko sub eka

  21. සමන් කලුබෝවිල

    බයිස්කෝප් සෙට් එකටත් සියලූම පාඨකයන්ටත් සුබම සුබ කිරියෙන් පැනියෙන් ඉතිරෙන අලුත් අලුත් ෆිල්ම් ගොඩාක් බැලීමට ලැබෙන අලුත් අව්රුද්දක් වේවා,,,,,, ආයුශ බොහෝ වේවා,,,,,,,,,
    ..... මම මේ ෆිල්ම් එක බලලා තියෙනවා...... මරම ලස්සනයි......පට්ට..... ඒත් අයෙත් බාගෙන බලනවා....... ස්තුතියි මේක ලබා දුන්නාට.....

  22. Uraj Deemantha

    ලැබුවාවූ අලුත් අවුරුද්ද සතුට සෞභාග්ය පිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ..

    அன்பான உறுப்பினர்கள் அனைவருக்கும் விகிர்த்தி புத்தாண்டு நல் வாழ்த்துக்கள்...

    May this New Year bring newly found prosperity, love, happiness and delight in your life.....HAPPY NEW YEAR!!!

    සමාවෙන්න ඕනා කාලෙකින් කමෙන්ටුවක් දාන්න බැරි වුනාට.... බොහොම busy වෙලා හිටියේ මේ දවස් ටිකේ Office එකේ වැඩ වලට හිර වෙලා.....!! බාන්න බැරි වුන ෆිල්ම් ගොඩ ගැහිලා..... :P ඒ මදිවට මගේ Computer එකේ Power Supply එකටත් බඩු බනිස් වුනානේ.... කොහෙද අපිට ගුරාවත් Support එකක් දෙන්නේ නැහැනේ .....!! :D

  23. randi

    nice movie...

  24. Anonymous

    How To Train Your Dragon 2010.

  25. රැවන්

    වැඩි වැඩියෙන් මූවීස්ම ලැබේවා

  26. Ramraj

    මේක කළින් බලලා කියෙනවා. තෑන්ක්ස් නියම ෆිල්ම් එකක්.

  27. Narmi

    ගොඩාක් ස්තූතියි .......

  28. dhammika

    meka sinhalen balanna puluwanda?

  29. sihina

    ane ai mata downlad karanna bari :( .Admin plz hlp me

  30. සුළැඟිල්ලා

    සින්හල සබ්ටයිටල් නැතෙයි?

  31. Dushan

    make sub file eka ne machan

  32. Gossip NEWS Lanka

    ela..

  33. Thisara Buddhika (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) තුති……. :)

  34. janith

    sub nane

  35. navindumovinda

    sub plz........

  36. anujitha lapalu

    Sub please now

  37. kani_kvr

    Wtf ....why dont give it

  38. saranga

    please add sub titles on this film

  39. Sumindu Maduranga

    මේක බලන්න ගොඩක් ආසයි.
    අනේ මේකට උපසිරැසි දෙන්නකෝ. ස්තූතියි. ❤️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.