Watch Trailer

Tiger Zinda Hai (2017) Sinhala Subtitles | රුදුරු ඉරාක බිමේ, හෙදියන් මුදවා ගැනීමේ මාරක මෙහෙයුම! [සිංහල උපසිරැසි සමඟ]

ත්‍රස්තවාදය කියන්නේ මේ ලෝකෙට නුහුරු නුපුරුදු දෙයක් නම් නෙමෙයි. මේ ගතවෙන මොහොතක් මොහොතක් පාසා ලෝකේ කොතැනක හරි ත්‍රස්තවාදය නිසාවෙන මිනිස් ජීවිත අහිමි වෙනවා ඇති. ඒ වගේම, දේපල විනාශවෙනවා ඇති. සමස්ත ලෝකයම ගත්තොත්, ඉරාක දේශය කියන්නේ ත්‍රස්තවාදය දරුණුවටම පවතින්නාවූ රටක්. විශේෂයෙන්ම, ඒකාධිපති පාලක සදාම් හු…

ත්‍රස්තවාදය කියන්නේ මේ ලෝකෙට නුහුරු නුපුරුදු දෙයක් නම් නෙමෙයි. මේ ගතවෙන මොහොතක් මොහොතක් පාසා ලෝකේ කොතැනක හරි ත්‍රස්තවාදය නිසාවෙන මිනිස් ජීවිත අහිමි වෙනවා ඇති. ඒ වගේම, දේපල විනාශවෙනවා ඇති. සමස්ත ලෝකයම ගත්තොත්, ඉරාක දේශය කියන්නේ ත්‍රස්තවාදය දරුණුවටම පවතින්නාවූ රටක්. විශේෂයෙන්ම, ඒකාධිපති පාලක සදාම් හුසේන්ගේ පාලන තන්ත්‍රය බිඳ වැටීමෙන් අනතුරුව ඉරාකය තුල ත්‍රස්තවාදය ඉතාමත් ශීඝ්‍ර ලෙස හිස ඔසවන්න ගත්තා. මේ ත්‍රස්තවාදී සංවිධාන අතුරින්, අන්තවාදී නායක අබු උස්මාන් මෙහෙයවන්නා වූ ISC ත්‍රස්තයන් හැඳින්වූයේ ලොව දරුණුතම ත්‍රස්තවාදී සංවිධානය ලෙසිනුයි. අති නවීන ආයුධ වලින් සන්නද්ධව, අති විශාල භට පිරිසකගෙන් යුතු හමුදාවකින් සැදුම් ලත් මෙම මිලේච්ජ ISC ත්‍රස්තයන්, ඕනෑම අන්දමේ දරුණු ක්‍රියාමාර්ගයක් මගින් ඉරාක දේශයේ බලය අත්පත් කරගැනීමටයි මාන බලමින් සිටියේ.

කිසිවෙකුත් නොසිතූ විරූ මොහොතක, තම මිලේච්ජ හමුදාවත් පිරිවරාගනිමිනි, ISC නායක අබු උස්මාන්, ඉරාකයේ ඉක්රිට් නගරය වෙත ඇතුල් වෙනවා. නමුත්, ඉරාක හමුදා විසින් එල්ල කරන ලද ප්‍රහාර හමුවේ ISC නායක අබු උස්මාන් හට මාරාන්තික ලෙස වෙඩි වදිනවා. සිය නායකයාගේ ජීවිතය බේරාගැනීම පිණිස භට පිරිස විසින් ඔහුව රැගෙන, ආසන්නයේ ඇති රෝහලක් වෙත බලහත්කාරයෙන් කඩා වැදී, එහි සේවයේ නියතු ඉන්දියානු සහ පාකිස්තානු හෙදියන් හතලිස් දෙනෙකු ප්‍රාණ ඇපයේ තබාගෙන, සිය නායකයා වන අබු උස්මාන් සඳහා ප්‍රතිකාර කරන මෙන් තර්ජනය කරනවා. හෙදියන් හැර අනෙකුත් සියළුම දෙනා බලහත්කාරයෙන් රෝහලෙන් ඉවත් කරන්නා වූ මොවුන්, තුන්සීය ඉක්මවන ලද මිලේච්ජ භට පිරිසකගෙන් රෝහල ආරක්ෂා කරමින්, අන් කිසිඳු පුද්ගලයෙකුට රෝහල වෙත ඇතුල්වීම හෝ පිටවීම තහනම් කරමින්, සිය නායකයා හට ප්‍රතිකාර ලැබ සුව වන තෙක් මෙම රෝහල සිය කඳවුර බවට පත්කර ගනු ලබනවා.

මේ සිදුවීම ලැව් ගින්නක් මෙන් ලොව පුරා පැතිරී ගියා. සමස්ත ලෝකයේම අවධානය යොමු වූයේ ඉරාකයේ ඉක්රිට් නගරයේ රෝහල වෙතයි. වෙනතක් තබා, මේ සිදුවීමත් සමගින් ඇමරිකාවේ ධවල මන්දිරය පවා කලබලයට පත්වෙනවා. අවසානයේ සිය විධායක බලය යොදවා, රෝහල වෙත ගුවනින් මිසයිල ප්‍රහාර එල්ල කිරීමට ධවල මන්දිරයෙන් නියෝග කරනු ලබනවා. මෙවැනි තත්වයක් මත, ඉන්දියානු රජය රාජ්‍ය තාන්ත්‍රක ලෙස මීට මැදිහත් වී, සිය හෙදියන් මුදවා ගැනීම පිණිස දින කීපයක සුළු කාලයක් ලබා ගැනීමට සමත් වෙනවා. නමුත්, ලොව දරුණුතම ත්‍රස්තවාදීන්ට එරෙහිව, ඉරාකයේ ඉක්රිට් නගරය වෙත ගොස්, මෙම හෙදියන් මුදවාගැනීමට තරම් පුද්ගලයෙකු සිටීද?

ටයිගර්! ඉන්දීය දේශය විසින් නිෂ්පාදනය කරන ලද විශිෂ්ඨතම සහ භයානකම රහස් ඔත්තුකරුවා! ඉන්දීය රෝ ඔත්තු සේවයේ වාර්තා වලට අනුව වසර අටකට පෙර විදෙස් මෙහෙයුමකදී මියගොස් ඇතැයි සලකනු ලබන්නේ. නමුත්, ඉක්රිට් රෝහලේ ප්‍රාණ ඇපයට තබාගෙන සිටින්නා වූ හෙදියන් මුදවා ගැනීම පිණිස, මෙතක් කාලයක් පුරාවට ලොවෙන් වසන්වී සිටි ටයිගර් නම් වූ සටන්කරුවාව නැවත කරලියට කැඳවාගෙන පැමිණෙනවා. මේ මෙහෙයුම සඳහා ටයිගර් පැමිණෙන්නේ තනියෙන් නම් නෙමෙයි. ඉන්දීය යුධ හමුදාව සතුව සිටින්නා වූ අංක එකේ අති දක්ෂ ස්නයිපර් සෙබලා, පුපුරන ද්‍රව්‍ය පිළිබඳව ලොව අංක එකේ විශේෂඥයෙක් සහ ඇමරිකාවේ නාසා ආයතනයට බැඳීමට තරම් අති දක්ෂ හැකියාවකින් පරිපූර්ණ වූ පරිඝනක ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් සහ පාකිස්තානු දේශයේ රහස් ඔත්තුකාරිණියක් වන සිය ආදරණීය බිරිඳ සමගිනුයි ටයිගර් මේ දැවැන්ත මෙහෙයුම සඳහා ඉරාකය බලා පිටත්ව යන්නේ. හැමෝටම දඩයම් කරන්න පුළුවන්… ඒත්, කිසිම කෙනෙක්ට ටයිගර් වගේ දඩයම් කරන්න බැහැ. නමුත්, ටයිගර් මේ අතගහන්නේ සියදිවි නසාගැනීමේ මෙහෙයුමකට. දින දෙකක් වැනි සුළු කාලයක් ඇතුලත, ලොව අංක එකේ දරුණුතම ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයෙන් හෙදියන් පිරිසක් මුදවා ගැනීම. සැබවින්ම මෙය මේ නිර්භීත රහස් ඔත්තුකරුවාගේ අවසාන මෙහෙයුම බවට පත්වේවිද?

Tiger Zinda Hai! මේ චිත්‍රපටය ගැන බොහොම රසවත් කරුණු බොහොමයක් තියෙනවා. මුලින්ම කරුණු වශයෙන් ඒ දිහාවට පොඩ්ඩක් හැරිලා බලමු.

  1. සල්මාන් ඛාන් සහ කත්‍රිනා කායිෆ් යන දෙදෙනා චිත්‍රපටයක් සඳහා එක්ව රංගනයේ යෙදෙන්නේ අවුරුදු පහකට පසුවයි. අවසාන වතාවට ඔවුන් දෙදෙනා එක්ව රංගනයේ යෙදුනේ Ek Tha Tiger චිත්‍රපටය වෙනුවෙන් 2012 වර්ෂයේදීය.
  2. මෙම චිත්‍රපටය සඳහා පදනම් වන්නේ, 2014 වර්ෂයේදී ඉරාකයේ ටික්‍රිට් නගරයේදී ISIS ත්‍රස්තවාදීන් විසින් ඉන්දියානු හෙදියන් පිරිසක් ප්‍රාණ ඇපයට තබාගෙන සිටීමේ සත්‍ය සිදුවීමක් පදනම් කරගනිමින්ය. මෙම සිදුවීම පදනම් කරගනිමින්, මලයාලම් සිනමාවෙන්ද Take Off නමින් අති සාර්ථක චිත්‍රපටයක් නිෂ්පාදනය කරනු ලැබුවා. (එකම සිදුවීම වුවත්, අන්තර්ගත කතාංගයන් හාත්පසින්ම වෙනස් වේ)
  3. මෙම චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු වෙනුවෙන් පමණක් ඉන්දියානු රුපියල් කෝටි 150ක දැවැන්ත ධනස්කන්ධයක් වියපැහැදම් කර තිබෙනවා. මේ තමයි යෂ්රාජ් චිත්‍රපට ආයතනය චිත්‍රපටයක් වෙනුවෙන් දැනට වියදම් කර ඇති වැඩිම මුදල් ප්‍රමාණය. (ඉදිරියේදී තිරගතවීමට නියමිත Thugs of Hindostan චිත්‍රපටය වෙනුවෙන් යෂ්රාජ් චිත්‍රපට ආයතනය ඉන්දියානු රුපියල් කෝටි 210ක් මේ වනවිට ඇස්තමේන්තු ගතකර තිබෙනවා)
  4. මේ තමයි සුවිශේෂීම කාරණාව. චිත්‍රපටය වෙනුවෙන් සල්මාන් ඛාන් කොච්චර මුදලක් අයකරන්න ඇති කියලද හිතන්නේ? අන්තර්ජාලයේ සඳහන්වෙන අන්දමට මෙම චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් පමණක් සල්මාන් ඛාන් විසින් ඉන්දියානු රුපියල් කෝටි 125ක මුදලක් ලබාගෙන තිබෙනවා. ඒ වගේම, කත්‍රිනා කායිෆ් ඉන්දියානු රුපියල් කෝටි 20ක මුදලක් අයකර තිබෙනවා. මේ දෙන්නගෙම විතරක් මුදල් එකතුව අරගත්තා නම් මේ වගේ තව චිත්‍රපටියක් ලේසියෙන්ම නිෂ්පාදනය කරන්න තිබුණා 😀 
  5. චිත්‍රපටයේ නිෂ්පාදන පිරිවැය සහ නළු නිළියන්ගේ ගෙවීම් ආදිය සමගින් සමස්ත වියදම සැලකු විට, ඉන්දීය චිත්‍රපට ඉතිහාසය තුල වැඩිම වියදමක් දරමින් නිෂ්පාදනය වූ චිත්‍රපට අතුරින් එකක් බවට මෙම චිත්‍රපටය පත්වෙනවා.
  6. මෙම චිත්‍රපටයේ ප්‍රධාන සතුරගේ චරිතය සඳහා රංගනයෙන් දායක වෙන්නේ, ඉරාන ජාතික රංගන ශිල්පියෙක් වෙන, Sajjad Delafrooz විසින්. මොහු Baby චිත්‍රපටය වෙනුවෙන් පවා රංගනයෙන් දායකවෙලා තියෙනවා.
  7. චිත්‍රපටය සඳහා Action සහ Adventure Stunt දර්ශන මෙහෙයවා තිබෙන්නේ Tom Struthers විසින්. විශේෂත්වය තමයි, මේ Tom Struthers තමයි The Dark Knight, Titanic, The Mummy, Terminator 3: Rise of the Machines, Troy, X-Men: First Class, The Dark Knight Rises, Warcraft: The Beginning, Dunkirk  සහ Inception වැනි ලෝක ප්‍රසිද්ධ සිනමා නිර්මාණ වල Stunt කටයුතු මෙහෙයවා තිබුනේ. 63වන ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේදී, හොඳම ක්‍රියාදාම සඳහා වූ සම්මානය, Tiger Zinda Hai චිත්‍රපටය වෙනුවෙන් Tom Struther දිනාගන්න සමත් වූවා. 
  8. චිත්‍රපටය ඉන්දියාව, ඔස්ට්‍රියාව, මොරොක්කෝව, ග්‍රීසිය සහ අබු ඩාබි යන රටවල් පහක රූගත කිරීම් සිදුකරලා තියෙනවා.
  9. චිත්‍රපටියේ පළමු රූගත කිරීමේ දර්ශනය සිදුකරලා තියෙන්නේ ඔස්ට්‍රියාවේ ටයිරෝල් වලදී. විශේෂත්වය තමයි, සල්මාන් සහ කත්‍රිනා රංගනයෙන් දායක වෙන “Yuvvraaj” කියන චිත්‍රපටයත් රූගත කිරීම් ආරම්භ කරලා තිබුනේ මෙම ස්ථානයේදීමයි.
  10. මෙම චිත්‍රපටයේ පළමු කොටස වන “ඒක් තා ටයිගර්” චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලැබුවේ කබීර් ඛාන් විසින්. නමුත් මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ, Mere Brother Ki Dulhan (2011), Gunday (2014) සහ Sultan (2016) වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කරන ලද, අලී අබ්බාස් සෆර් විසිනි.
  11. සල්මාන් ඛාන්ගේ පෙර චිත්‍රපටය වන Tubelight තිරගත වූ සිනමා ශාලා ප්‍රමාණය ඉක්මවා යමින්, මෙම චිත්‍රපටය ඉන්දියාව තුල සිනමා ශාලා 4600ක ප්‍රමාණයක් තුල තිරගතවීම සිදු වූවා. ඉන්දියාවෙන් පිටත සිනමා ශාලා 1100ක තිරගත වූවා.
  12. චිත්‍රපටය තුල ස්පෙෂල් ඉෆෙක්ට් බාරව කටයුතු කරනු ලැබුවේ Mark Meddings විසිනි. විශේෂත්වය, මොහු තමයි London Has Fallen සහ Maleficent වැනි චිත්‍රපට තුල ස්පෙෂල් ඉෆෙක්ට්ස් කටයුතු බාරව සිටියේ.
  13. චිත්‍රපටය සඳහා පූර්ව ප්‍රචාරක පටය (Trailer) නිකුත් වෙලා, පැය 24ක් ඇතුලත මිලියන 29 ඉක්මවා නරඹලා තිබුණා. මේ තමයි හින්දි චිත්‍රපටයක ට්‍රේලර් එකක්, එක දවසක් ඇතුලත නරඹපු වැඩිම වාර සංඛාව. ඒ වගේම පළමු පැය 24 ඇතුලතදී යූටියුබ් ලයික් ලක්ෂ 4.8 ක්ද, ශෙයා කිරීම් ලක්ෂ 2.5 ක්ද වාර්තා වී තිබුණා. ඒ වගේම, නොවැම්බර් 11 වෙනිදා වෙද්දී, එදා මෙදා තුර ලෝක සිනමා ඉතිහාසය තුල, චිත්‍රපට ට්‍රේලර් එකක් වෙනුවෙන් යූටියුබ් වෙබ් අඩවිය ඔස්සේ ලැබී තිබුණු වැඩිම ලයික් ප්‍රමාණය වන, Star Wars: The Force Awakens (2015) චිත්‍රපටය වෙනුවෙන් ලැබුණු ලයික් ලක්ෂ 7 බොහොම පහසුවෙන් ඉක්මවා යනු ලැබුවා. එතනින් නොනැවතී, චිත්‍රපට ට්‍රේලර් එකක් සඳහා යූටියුබ් ලයික් මිලියනයක් වාර්තා කල පළමු චිත්‍රපටය බවටද පත්වුණා. පසුව, Avengers: Infinity War චිත්‍රපට පූර්ව ප්‍රචාරක පටය යූටියුබ් ලයික් මිලියන දෙක ඉක්මවා යමින් මෙම වාර්තාව බිඳ හෙලනු ලැබුවා.
  14. හින්දි චිත්‍රපට ඉතිහාසය තුල යූටියුබ් වෙබ් අඩවිය ඔස්සේ වැඩිම ලයික් ප්‍රමාණයක් වාර්තා කල චිත්‍රපට ගීතය බවට පත්වීමට, මෙම චිත්‍රපටය තුල අඩංගු Swag Se Swagat ගීතයට හැකියාව ලැබුණා. ඒ, මිලියනය ඉක්මවූ යූටියුබ් ලයික් ප්‍රමාණයක් වාර්තා කරමින්.  
  15. චිත්‍රපටය නරඹන ඔබට දකින්න ලැබේවි Dil Diyan Gallan ගීතය තුලදී සල්මාන් ඛාන් විසින් කත්‍රිනා කායිෆ්ගේ අලංකාර සිතුවමක් අයිස් මත නිර්මාණය කරනවා. මෙම සිතුවම සල්මාන් ඛාන් විසින්ම, විශේෂිත තීන්ත භාවිතා කරමින්, දින කීපයක් වෙහෙස වෙමින් සිත්තම් කර තිබෙනවා. මෙම ගීතය සඳහාත් මේ වනවිට යූටියුබ් ලයික් මිලියනය ඉක්වමා ලබාගැනීමට සමත්වී තිබෙනවා.
  16. බොලිවුඩ් චිත්‍රපට ඉතිහාසය තුල ප්‍රථම වතාවට, උෂ්ණත්වය සෘණ අගයක පවතින පරිසරයක, වර්ග පහකට අයත් වෘකයන් රංචුවක් සමගින් සිදුවන ක්‍රියාදාම දර්ශනයක් චිත්‍රපටය තුලදී දැකගැනීමට ලැබෙනවා. මෙහිදී සල්මාන් ඛාන් වෙනුවට, ඔහුට සමාන රුවක් සහිත Stunt නළුවෙකු යොදාගෙන තිබෙනවා. මෙම වෘකයන් පාලනය කිරීම සඳහා ඒ සඳහා වෙනමම ඒ සම්බන්ධ විශේෂඥයෙකු ගෙන්වා තිබෙනවා.
  17. චිත්‍රපටය සඳහා යුධ ටැංකි, සුවිශේෂී යුධමය ගුවන් යානා, හෙලිකොප්ටර්, ATV සහ තවත් අති නවීන යුධ අවි බොහෝ ප්‍රමාණයක් භාවිතා කර තිබෙනවා. එමෙන්ම, චිත්‍රපටය තුල, කිලෝ 25-30ක් පමණ බරැති, අධි බලැති MG 42 තුවක්කුවකින් සල්මාන් ඛාන් සත්‍ය ලෙසම වට සියයක් වෙඩි තබනු ලබනවා.
  18. චිත්‍රපටය වෙනුවෙන් සල්මාන් ඛාන් තමන්ගේ බර කිලෝ විස්සකින් පමණ අඩුකරගෙන තිබෙනවා.
  19. චිත්‍රපටය වෙනුවෙන් විශේෂඥයෙකු ගෙන්වා, කත්‍රිනා කායිෆ් හට විශේෂයෙන්ම කඩු හරඹ පුහුණු සැසියක් පවත්වා තිබෙනවා.
  20. මොරොක්කෝවේදි ක්‍රියාදාම දර්ශනයක් රූගත කිරීම් පවතින අවස්ථාවකදී කත්‍රිනා කායිෆ් හට මාරාන්තික අනතුරක් සිදුවීමට ගොස්, වාසනාවකට මෙන් අනූනමයෙන් සිය ජීවිතය ගලවා ගැනීමට ඇය සමත්වී තිබෙනවා.

හරි, එහෙනම් මේ රසවත් කරුණු ටිකෙන් පස්සේ චිත්‍රපටයේ බොක්ස් ඔෆිස් ආදායම් වාර්තා පොඩ්ඩක් විමසලා බලමු.

එදා මෙදා තුර බොලිවුඩ් චිත්‍රපට ඉතිහාසය තුල, බොලිවුඩ් චිත්‍රපට ක්ෂේත්‍රයම දැවැන්තම සෝදාපාළුවකට ලක්වෙච්ච වසරක් ලෙස තමයි 2017 වර්ෂය සටහන් වෙන්නේ. ඉන්දීය චිත්‍රපට ක්ෂේත්‍රයේ අධ්‍යක්ෂකවරයෙක්, නිෂ්පාදකයෙක් සහ තිර රචකයෙක් වන සුභාෂ් ඝායි විසින් ට්විටර් පණිවිඩයක් තබමින් සඳහන් කරන ආකාරයට, මේ 2017 වර්ෂය තුල හින්දි සිනමා නිර්මාණ 286ක් නිකුත් වෙලා තියෙනවා. එයින් 257ක්ම ආදායම් අතින් අතිශය අසාර්ථක ලෙසට තමයි සනිටුහන් වෙලා තියෙන්නේ. සමස්තයක් වශයෙන් 2017 වර්ෂයටම බොලිවුඩ් බ්ලොක්බස්ටර් චිත්‍රපට තුනක් විතරයි තියෙන්නේ. මේ කාරණාවෙන්ම හිතාගන්න පුළුවන් ඇති කොච්චර ලොකු පරිහාණියක්ද සිද්ධවෙලා තියෙන්නේ කියලා.

ඉහත සඳහන් කර ඇති චිත්‍රපට අතුරින් බොලිවුඩ් චිත්‍රපට නාමාවලිය පමණක් පහලින් සඳහන් කරන්නම් බලාගැනීමේ පහසුව තකා. 

Super-Duper Hit : Tiger Zinda Hai

Super Hit : Golmaal Again, Secret Superstar***

Hit : Badrinath Ki Dulhania

Semi-Hit : Jolly LLB 2, Hindi Medium, Toilet: Ek Prem Katha, Judwaa 2, Fukrey Returns

Overflow : The Ghazi Attack, Bareilly Ki Barfi, Shubh Mangal Saavdhan, Newton

Commission-Earner to Overflow : Lipstick Under My Burkha, Ittefaq, Tumhari Sulu

Commission-Earner : Raees, Mom, Mubarakan

Average: Sachin: A Billion Dreams

Flop: අනෙකුත් සියළු චිත්‍රපට…

මෙතනින් Secret Superstar චිත්‍රපටය ගැන විශේෂයෙන් කියන්න ඕනේ. චීනය හැර ඉන්දියාව සහ අනෙකුත් ලොව වටා ප්‍රදර්ශනය තුලින් ඉන්දියානු රුපියල් කෝටි 130ක් වැනි සාමාන්‍ය බොක්ස් ඔෆිස් ආදායමක් වාර්තා කරපු Secret Superstar චිත්‍රපටය, තිස්තුන් කෝටියක් දෙවිවරු පොළවට සැපත් වූවද එක දෙවියෙකු දෑත බදා වැළඳ ගැනීමට වැසියන් හතර දෙනෙකු තරම් අති දැවැන්ත ජන ගහණයකින් සමන්විත වන චීනය තුල තිරගතවීම ආරම්භ කිරීමත් සමගින් බොක්ස් ඔෆිස් ආදායම් වාර්තා උඩි යටිකුරු කිරීමට සමත් වූවා. එම නිසා Secret Superstar චිත්‍රපටයත් 2017 වර්ෂයේ නිකුත් වූ බ්ලොක්බස්ටර් චිත්‍රපටයක් ලෙස වර්ගීකරණයට ලක්වෙනවා.

විශේෂම කාරණාව තමයි, මේ flop චිත්‍රපට අතරට ශාරුක් ඛාන්ගේ Jab harry met Sejal සහ, සල්මාන් ඛාන්ගේ Tubelight යන චිත්‍රපට ද්විත්වයත් ඇතුලත් වීම. 2017 වර්ෂයේ ආරම්භයේ පටන්ම කණකොකා හඬලා තිබූ හින්දි සිනමාවට යම් තරමක් හෝ සැනසීමක් ලැබුනේ, වසර අවසාන භාගයේ බොක්ස් ඔෆිස් මල් වෙඩි සංදර්ශණ පැවැත්වූ අජය දෙව්ගන්ගේ Golmaal Again සහ, සල්මාන් ඛාන්ගේ Tiger Zinda Hai යන චිත්‍රපට ද්විත්වය නිසා පමණි. මේ බ්ලොක්බස්ටර් චිත්‍රපට ද්විත්වය අතරිනුත්, Tiger Zinda Hai චිත්‍රපටය බොක්ස් ඔෆිස් ලැයිස්තුවේ පෙරමුණ ලබාගන්නේ නිරායාසයෙන්මයි. එහෙනම්, මේ Tiger Zinda Hai චිත්‍රපටයේ බොක්ස් ඔෆිස් ආදායක් වාර්තා පිළිබඳව විමසා බලමු.

  1. Tiger Zinda Hai චිත්‍රපටය නිළ වශයෙන් මහජනතාව සඳහා නිකුත් වෙන්නේ 2017 වර්ෂයේ දෙසැම්බර් මස 22 වෙනිදා. තිරගතවීම ආරම්භ කරලා පළවෙනි සති අන්තයේදීම (22-සිකුරාදා, 23-සෙනසුරාදා, 24-ඉරිදා, 25-සඳුදා-නත්තල් නිවාඩුව) ලොව වටා ආදායම ලෙස ඉන්දියානු රුපියල් කෝටි 247 ක අති දැවැන්ත බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් තැබුවා. 2017 වර්ෂය තුල ඉන්දියානු රුපියල් කෝටි 100 සහ 200 ඉක්මවූ වේගවත්ම බොලිවුඩ් චිත්‍රපටය ලෙස Golmaal Again චිත්‍රපටය ඊට මාස කීපයකට පෙර තබා තිබූ වාර්තාව, Tiger Zinda Hai චිත්‍රපටය තුලින් දින හතරක් වැනි සුළු කාලයක් තුලදී තලා පෙලා පොඩිකර විනාශ කර දැම්මා කියලා කිව්වොත් බොරුවක් නෙමෙයි.
  2. ඒ වගේම, එදා මෙදා තුර බොලිවුඩ් චිත්‍රපට ඉතිහාසය තුල, ආරම්භක සති අන්තයේ වැඩිම ආදායමක් ලබාගත් චිත්‍රපටය ලෙසටද මෙම චිත්‍රපටය වාර්තා පොත් අතරට ඇතුලත් වෙනවා.
  3. ඒ වගේම, මේ සටහන ලියවෙන මොහොත වෙනකොට, ඉන්දීය රුපියල් කෝටි 558 ක බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් තබමින්, තවමත් සාර්ථක අයුරින් සිනමාශාලා තුල තිරගතවීමට මෙම චිත්‍රපටයට හැකියාව ලැබිලා තියෙනවා.
  4. මේ තමයි යෂ්රාජ් චිත්‍රපට ආයතනය විසින් නිෂ්පාදනය කරන ලද චිත්‍රපටයක් උපයාගත් වැඩිම ආදායම් මුදල හිමි චිත්‍රපටය වන්නේ. විශේෂත්වය තමයි, වසර ගණනාවකට ඉහතදී මේ යෂ්රාජ් චිත්‍රපට ආයතනය විසින් සල්මාන් ඛාන්ව සිය චිත්‍රපට සඳහා යොදාගැනීම දැඩි ලෙස ප්‍රතික්ෂේප කරනු ලැබුවා. නමුත්, පසුගිය චිත්‍රපට රාශියක් ආර්ථික වශයෙන් අසාර්ථක වීම නිසා දැඩි ලෙස පසුබෑමකට ලක්වී සිටි යෂ්රාජ් චිත්‍රපට ආයතනයට මේ වන විට ඇති එකම සැනසුම වන්නේත් සල්මාන් ඛාන්ගේ මේ සාර්ථකත්වය පමණයි.
  5. Tiger Zinda Hai, Sultan සහ Bajrangi Bhaijaan යන මේ චිත්‍රපට ත්‍රිත්වයත් සමගින්, ඉන්දීය රුපියල් කෝටි පන්සියයේ බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාව තෙවරක් පසුකර ගිය පළමු බොලිවුඩ් රංගන ශිල්පියා බවට සල්මාන් ඛාන් පත්වෙනවා. ඒ වගේම, ඉන්දීය රුපියල් කෝටි 300 බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාව වැඩිම වාර ගණනක් පසුකර ගිය බොලිවුඩ් රංගන ශිල්පියා වන්නේත් සල්මාන් ඛාන්ම තමයි.
  6. ඒ වගේම, මේ තමයි එදා මෙදා තුර බොලිවුඩ් චිත්‍රපට ඉතිහාසය තුල බොලිවුඩ් චිත්‍රපටයක් ඉන්දියාව තුල ලබාගත් තෙවන වැඩිම ආයාදම හිමි චිත්‍රපටය වන්නේ. මෙයට ඉදිරියෙන් පසුවන්නේ Dangal සහ PK යන චිත්‍රපට ද්විත්වය පමණයි.

ඒ වගේම, අමතර කාරණාවක් වශයෙන් සල්මාන් ඛාන්ගේ මේ වසර ගැන කියනවා නම්, ඔහුගේ මෙම බොක්ස් ඔෆිස් වාර්තා තවත් අලුත් කල හැකියැයි සිතිය හැකි, Race 3 සහ Dabangg 3 යන චිත්‍රපට ද්විත්වය මෙම වසරේ නිකුත් වීමට තිබෙනවා. මෙතනින් Dabangg චිත්‍රපටිය විශේෂයි. මොකද කියනවා නම්, 2009 වෙනකම් ආදායම් අතින් අතිශය පසුබෑමක සිටි සල්මාන් ඛාන්, මේ Dabangg චිත්‍රපටයත් සමගින් තේරුම් ගත්තා තමන් උචිත වෙන්නේ මොන වගේ චිත්‍රපට රටාවකටද කියලා. මේ ආකාරයෙන් පටන්ගත්ත සල්මාන්ගේ දෙවැනි ගමන, මේ වෙනකොට ඉන්දීය චිත්‍රපට ක්ෂේත්‍රය තුල ඔහුව සල්ලි උනන ධන උල්පතක් බවට පත්කරලා හමාරයි.

Tiger Zinda Hai චිත්‍රපටය අදායම් අතින් කොච්චර සාර්ථක වුනත්, නිෂ්පාදකයින් මෙම චිත්‍රපටිය තුලින් මීට වඩා වැඩි ආදායමක් බලාපොරොත්තු වෙලා තියෙනවා. නමුත්, හොඳ දෙයක් කරනකොට අත දෙන්න ඉන්න පිරිසට වඩා කකුලෙන් අදින්න බලාගෙන ඉන්න පිරිස තමයි වැඩි. ඉන්දීය වෙබ් අඩවි වාර්තා කරන අන්දමට, චිත්‍රපටය නිකුත්වෙච්ච වහාම, කුමන්ත්‍රණකාරී පිරිසක් විසින් මෙම චිත්‍රපටය සඳහා දැවැන්ත කඩාකප්පල්කාරී ක්‍රියාවන් සිදුකරගෙන ගිහිල්ලා තියෙනවා. විශේෂයෙන්ම, Imdb වෙබ් අඩවිය තුල ව්‍යාජ ගිණුම් මගින් මෙම චිත්‍රපටයේ imdb අගය ඉතාමත් පහල අගයක් සටහන් කරමින්, මෙම චිත්‍රපටය නරඹා මුදල් නාස්තිකර නොගන්නා ලෙස සටහන් තබමින්, ප්‍රේක්ෂකයා මෙම චිත්‍රපටය නැරඹීමෙන් වළකාලන්න දැවැන්ත උත්සාහයක් ගෙන තිබුණා. හේතුව මොකක්ද කියලා නොදන්නව වුනත්, චිත්‍රපටයේ imdb අගය සහ ආදායම් වාර්තා දිහා බැලුවාම මෙම කඩාකප්පල්කාරී ක්‍රියාව යම් තරමකින් හෝ සාර්ථක යැයි පවසන්න පුළුවන්. අති දැවැන්ත මුදලක් වියදම් කරලා, ඒ ඒ ක්ෂේත්‍රයන්ගේ ඉන්න ඉහළම පෙළේ විශේෂඥයින් ගෙන්වලා, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ඉහළම ආකාරයෙන් නිෂ්පාදනය කරපු චිත්‍රපටයක්, එදා මෙදා තුර බොලිවුඩ් චිත්‍රපට ඉතිහාසයේ බිහිවූ දැවැන්තම ක්‍රියාදාම චිත්‍රපටය ලෙස හඳුවන්න හැකියාව තියෙන චිත්‍රපටයක්, “Most Anticipated Movie of the Year” ලෙස ඉන්දීය සිනමා විචාරකයින් හඳුන්වා දීපු චිත්‍රපටයක්, මීට වඩා ආදායම් අතින් සාර්ථක වෙන්න තිබුණා කියලයි මගේ නම් මතය. නමුත්, මේ සියලු බාධක මධ්‍යයේ Imdb දර්ශකයේ 6.6 ක අගයක්ද, ගූගල් පරිශීලකයින්ගේ 87% ක මනාප අගයක් ලබාගන්නද, Rotten Tomatoes වෙබ් අඩවියේ 67% ක අගයක් ලබාගන්නද මෙම සිනමා නිර්මාණයට හැකියාව ලැබුණා.

එහෙනම්, බොලිවුඩ් සිනමා රසිකයෙක් නම් කිසිම විදියකින් මේ චිත්‍රපටය මගහැර ගන්න එකක් නැහැ කියලා හිතනවා. ප්‍රථම වතාවට තමයි බොලිවුඩ් සිනමාවෙන් මෙවැනි දැවැන්ත සිනමා නිර්මාණයක් එළි දැක්වෙන්නේ. බොලිවුඩ් සිනමා රසික ඔබට අනිවාර්‍යයෙන්ම මේක නැවුම් වූ සුවිශේෂී සිනමා අත්දැකීමක් වේවි නිසැකවම. එහෙනම්, ගිහිල්ලා එන්නම්. හැමෝටම ජය!

ප. ලි. – ඔන්න එහෙනම් නොහිතපු වෙලාවක මේ චිත්‍රපටයේ BR පිටපත නිකුත් වුණා. සාමාන්‍යයෙන් හින්දි චිත්‍රපටයක HD හෝ DVD පිටපත නිකුත් වෙලා කාලයක් ගියාට පස්සේ තමයි BR පිටපත නිකුත් වෙන්නේ. ඒත්, මේකේ නම් ඔරිජිනල් DVD පිටපත නිකුත් වෙලා පැය කීපයක් යනකොට BR පිටපත නිකුත් වුණා. විශේෂයෙන් කියන්න ඕනේ, මේකට කලින් උපසිරැසි ලබාදුන්නේ NR-DVDRip පිටපතකට. ඒ කියන්නේ, ඔරිජිනල් DVDRip පිටපතක් නෙමෙයි. හැබැයි, එහෙමයි කියලා කැමරා කොපියක් නෙමෙයි. මොකද, මෙහෙම කියන්නේ සමහරු කියන්න ගත්තා DVDRip කියලා කැමරා කොපි වලට සබ් දීලා කියලා. ඒ වගේම, තවත් සමහරු කිව්වා, ටැමිල්රොකර්ස් වෙබ් අඩවියෙන් DVD පිටපතක් කියලා ස්ක්‍රීනර් පිටපතක් දීලා කියලා. ඒත්, ටැමිල්රොකර්ස් වෙබ් අඩවියේ පැහැදිළිවම තිබුණා මේ දීලා තියෙන්නේ NR-DVDRip එකක් කියලා. එහෙම නැතුව, කොහේවත් තිබුනේ නැහැ මේක ඔරිජිනල් DVDRip එකක් කියලා. අනික, සබ් එක දෙනකොට පවා මං පැහැදිලිවම කියලා දුන්නේ මේක NR-DVDRip පිටපතක්, හොඳම කොලිටියෙන් බලන්න ඕනේ නම් තව ටිකක් කල් ඉවසමු කියලා. හැබැයි කැමරා කොපි, ස්ක්‍රීනර් සහ NR-DVDRip කියන තුන පටලවාගෙන ලොකු වීරකම් පෙන්වන්න ආපු අයට නම් කියන්න තියෙන්නේ, කරුණාකරලා රටට විහිළු සපයන එක නවත්තලා මේ තුනේ වෙනස හරියාකාරව දැනගෙන කතා කරන්න එන්න කියලා තමයි. කොහොමත් ඉතිං, සමහරුන්ට නම් ගොඩක් රිදිලා තිබ්බා කියලා හොඳටම දැක්කා. කොහේ හරි තිබ්බ නැති ඇදයක් අල්ලාගෙන අපහාස කරන්න තමයි ඒ උදවියේ හැදුවේ. ඔන්න එහෙනම් ඒ අයට තවත් රිදෙන්නත් එක්ක, හැමෝටම කලින් BR පිටපතටත් සබ් එක හදලා අරගෙන ආවා. කලින් සබ් එක උඩින් පල්ලෙන් සින්ක් කරලා ගෙනාවේ නැහැ. මුල ඉඳන්ම පේළියෙන් පේලියට ආපහු සැරයක් බල බල, වැරදි අඩුපාඩු හදපු අංග සම්පූර්ණ සබ් එකක් තමයි මේ වතාවේ අරගෙන ආවේ. ඔන්න එහෙනම්, මෙච්චර කාලයක් මේ වෙනුවෙන්ම මග බලාගෙන හිටපු අයට දැන් ඉතිං සැනසිල්ලේ බලන්න පුළුවනි 😀

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා අදාළ වේ.

40,652 downloadsDownload Tiger-Zinda-Hai-2017-BR.zip65 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SisilaPrasad.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-01-24
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සිසිල ප්‍රසාද්

Subtitles

40,652 downloadsDownload Subtitles65 KB

273 comments

  1. ඩොක් අයියා

    උපරැසියට බොහොම ස්තුතියි “සිසිල ප්‍රසාද්” මල්ලියෝ

    ඔන්න එහෙනම් බාගත්තා

    1. ඩොක් අයියා

      අඩේ අද මම ද පළවෙනියා හුරේ

    2. Udara Damith Dissanayaka

      සුබ පතනවා මේ වගේ එකක පලවෙනි කමෙන්ට් එක දාnda laබුනට

    3. nishanthaks

      THANKS

    4. nishanthaks

      me wage sub hamadama denna niyamai

  2. Malinda

    Thanks bro sub ekata. mata nam hindi tamil wala flying actions dirawanne ne. eth meka nam quality wage. aniwa gannawa.

  3. wajira

    thanks for sub.......super

    1. sanjeewamadhu

      thanks sub ekta

  4. dumindawi

    Thanks brother...

  5. Elbert

    wow සහෝ.. ආයේ කතා 2ක් නෑ... එළකිරි...ඔයාල වගේ අය තමා මේ biscope sinhalen, BISCOPE UNIVERSITY එකක් කරන්නේ.....

  6. sachintha

    Sub ekata thanks sisila sahoo....
    Elama...

  7. lone_wolf

    pattma wisthra tika.. keep it up

  8. eshwara

    sinhala upasirasata behewin isthuthi..........

  9. eshwara

    upasirasata behewin isthuthi..........

  10. Nilush Angana

    Sub ekata thanx

  11. Subhash13

    Ft

  12. Suranjan

    Thanks bro.........jayawewa.......!

  13. Chanaka

    Elamai sub ekata full thanx

  14. gihanshamilka

    thanz

  15. C lakmal

    නියමයි bro , HD දෙන්න බලන්න

  16. vas0303

    Thank you very much Sisila.

  17. lahiru sadaruvan

    supiri aiye... oya itin hemadama genawoth genne supirima bandayak tamai.. thank you so much....

  18. praveen ranasinghe

    නියමයි සහෝ…….

    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

  19. suminda lakshan

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ..

  20. losaka

    ස්තුතීයි සහෝ ගොඩක් තොරතුරැ හොයාලා ලොකු ලිපියක් ලියලා තියනාවා එක කියවපුවාම චිත්රපටය බලන්නම හිතේනවා ස්තුතියි සබි එකටත් ජය වෙිවා ...

  21. flyingpenguin

    උපසිරැසියට බොහොම ස්තුතීයි සහෝ...

  22. thilanasela

    tnx mchn sub 1ta.

  23. cshilpika

    superb.. thanks so much for all the details...

  24. Avindu Umesh Gunasinghe

    Sub eka denakammai hitiye..tnx sisila bro!!!

  25. Thilina Chamara

    බොහොම ස්තූතීයී,නියම ලිපිය

  26. akila13

    thanx sub ekata jaya wewa

  27. ශසිත් සඳරුවන්

    බොහොම ස්තූතියි සිසිල උපසිරැසියට
    අම්මෝ..ලිපිය. සුපිරියි ආහ්. :P
    මේක ඉතින් සුපිරිම කොපියකින් බලන්න ඕන එකක්.
    ඉකමනටම 100ත් ගහමු ආ...
    ඔබජ ජය!

  28. Nuwan-milinda

    Thanks broo

  29. sumithwickramarachchi

    thanks sisila

  30. AsithaDilruwan

    ammo supri filumamk jaya wewa!!

  31. Pathmila_kushantha94

    තෑන්ක්ස් සහෝ!

  32. Viraj

    sub ekata thanks. supiri lipiyak jaya wewa!!!

  33. nimal dissanayake

    සිසිල,
    ෆිල්ම් එක බාගෙන බැලුවාට පසුවයි
    මම කොමෙන්ට් දන්නේ.
    ඒත් ඔයා ලිපිය ලියන්න වෙලා තියෙන
    මහන්සිය දැක්කම හිතුණා
    දැන්මම ස්තුතියක් කරන්න ඕනේ කියලා.
    ලිපිය නියමයි, සාරවත් වගේම හරවත්, පොහොසත්!
    ගොඩක් ස්තුතියි!

  34. wwrs

    thanks machan..

  35. Kawi Jayasinghe

    Bluray enakalma innawaa.tnx sahooo

  36. Mohomed_Ismath

    ⁣Thank you for the sub..

  37. Helili Hemamali

    කියන්න වදන් නෑ, ලිපියත් සුපිරියටම ලියලා තියනවා. සබ් එක කරන්නත් සෑහෙන මහන්සි වෙලා. මේ කැපකිරීමට ස්තූතියි. 100 ට සුපිරිම ෆිල්ම් එකක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

  38. ranga11112

    අද තමා පිල්ම් එක ගැන මේ තරම් දිග රචනාවක් කියෙවිවෙ.... පට්ට සහො.... ආසම හිතුනා මේක බලන්න

  39. Mokshan

    Thnx bro sub ekata download karala balanne nathuwa hitiye sub eka denakan ....thnx again

  40. oshanda

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.. අම්මෝ පට්ට විස්තරයක් ... කැපවීම හුගක් අගය කරනවා ..ජය වේවා !

  41. Praveen Peashitha Nirwan

    post description eka niyametama thiyenawa .... keep it up the good work

  42. Pubudu01

    machan supiri bn sehenna mahansi wela thiyanwa....................jaya wewa!!!!!!!!!!

  43. Ruwan84

    ela bro

  44. THE NEW FOLDER

    thank you, good work
    sisila

  45. tharu9434

    super bro

  46. damith.thara

    මම නම බලන්නේ නැතුව ලිපිය කියවාගෙන පහලට එද්දී හිතුනා මේක නම්
    සිසිලගේ වැඩක් තමයි කියලා. දිග විස්තරයක් එක්ක නියම සවිස්තරාත්මක ලිපියක්
    එන්නේ වෙන කාගෙන්ද ඉතින්. නොසෑහෙන්න මහන්සි වෙලා තියෙන පාටයි.
    නියමයි සිසිල සහෝ. වැඩෙත් නියමයි. ලිපියත් නියමයි.
    සබ් එක නම් බලන්න දෙයක් නෑනේ.නියමෙටම ඇති.
    බොහොම ස්තුතිය සහෝ.
    කොහොමත් සිංහල උපසිරැසියක් කරන්න සෑහෙන්න මහන්සි වෙන්න ඕනනේ.
    ඉතින් මේ වගෙ වැඩකටවත් කමෙන්ට් දාන්නේ නැතුව මේවා බාගෙන යන අයට නම් කියන්න දෙයක් නෑ ඉතින්.ජයෙන් ජය.

    1. damith.thara

      මට මතකයි මේ වගේම ෆිලුමක් මම බැලුවා මලයාලම් එකක්.
      Take Off (2017) ත් මේ වගේ ස්ටෝරි එකක් නේද යන්නේ.
      ජයෙන් ජය.

    2. සිසිල ප්‍රසාද්

      කතා තේමාව එක වුනාට Take Off (2017) එකෙයි මේකෙයි තියෙන්නේ එකිනෙකට සම්පූර්ණයෙන්ම වෙනස් කතා දෙයක් සහෝ. ඒ නිසා ඒක බැලුවා කියලා මේක නොබලා ඉන්නෙපා. මලයාලම් ෆිල්ම් එකේ තමයි ඇත්තම කතාව තියෙන්නේ. මේකේ තියෙන්නේ යුද්ධයක් කරලා හෙදියෝ ටික බේරගන්න කතාවක්.

    3. දමිත් රත්නායක

      එකෙන්ම බලනවා.
      ජය....

  47. widuranga

    elama brooooo thanx sub ekata

  48. Chameen Vimukthi Hendahewa

    Thanks brother. Jayen jaya

  49. kumaradasa

    sub ekata bohoma sttutie

  50. හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට……..

Load more comments