Watch Trailer

As Good As It Gets (1997) Sinhala Subtitles | ජීවිත තුනක් හරි මගට….. [සිංහල උපසිරසි]

තමන් ජීවත්වන flat එකේ තමන්ගේ අසල්වැසියත්, ඔහුගේ බල්ලත් සහ අවන්හලක සේවිකාවකුත් එක්ක හුදෙකලා නවකතාකරුවෙක් කොහොම ගනුදෙනු කරයිද?… කොහොම කරත් මෙහෙම නම් කරන එකක් නෑ. මොකද මේ ලේඛකයා තරමක් අමුතු හැසිරීම් ඇති පුද්ගලයෙක් නිසා. ඒ තරමටම අමුතුයි. සමාජය අඩු වැඩි වශයෙන් ආශ්‍රය කරන අපිට වඩා කාලාන්තරයක් සමාජයෙන් දු…

තමන් ජීවත්වන flat එකේ තමන්ගේ අසල්වැසියත්, ඔහුගේ බල්ලත් සහ අවන්හලක සේවිකාවකුත් එක්ක හුදෙකලා නවකතාකරුවෙක් කොහොම ගනුදෙනු කරයිද?… කොහොම කරත් මෙහෙම නම් කරන එකක් නෑ. මොකද මේ ලේඛකයා තරමක් අමුතු හැසිරීම් ඇති පුද්ගලයෙක් නිසා. ඒ තරමටම අමුතුයි.

සමාජය අඩු වැඩි වශයෙන් ආශ්‍රය කරන අපිට වඩා කාලාන්තරයක් සමාජයෙන් දුරස්ථව ජීවත් වුන පුද්ගලයෙකුගෙ හැඟීම්, කතාබහ, හැසිරීම් රටා ටිකක් වෙනස් සමහරවිට, ඒ ඇතිවෙලා තියෙන හිඩැස නැති කරගන්න ඔහුම මානසිකව හදාගත් යම් ඇබ්බැහීන් තමයි ඒ. ඒ වගේ දේවල් සමහරවිට ලෝකයෙ හැමදෙනාටම පේන්නෙ නෑ.

මේ කියන දේවල් අඩුවැඩි වශයෙන් අපිටත් තියෙන්න පුළුවන්ද? වැඩපලේ ඉන්න අය එක්ක කතා කරන්න වෙන්නෙත් සමහර වෙලාවට රාජකාරි දෙයකට විතරයි. නැත්තං social media පිහිටෙන් තමයි. මේ සමාජ දුරස්තභාවය අපිට නැද්ද?. ගෙදර හැමදෙනාම හිටියත් phone එක, කම්පියුටර් එකත් එක්ක අපි ඒ අයගෙන් දුරස් වෙන්නේ නැද්ද?. ඒත් එක්ක ඇතිවන කාන්සිය, මානසික විඩාව, අවපීඩනය දුරු කරගන්න social media 100%ක් ම උපකාර වෙන්නෙ නෑ. ඒක නියම සමාජානුයෝජනයක් නෙමේ. ඉතින් ලොකුවට නැතත් අර වගේ අබ්ලික් සීන් අපේ life එකෙත් තියෙන්න පුළුවන්… නේද.

ඔය විදිහෙ යම් මානාසික වියවුලක් (ව්‍යාධියක්/රෝගයක්) සහිත පුද්ගලයෙක් වටා සිදුවන සිදුවීම් දැක්වෙන film එකක් තමයි මේක. ආදරය, කාමය, තරහව, වැනි චිත්තවේග හමුවේ ගෙවන, ගෙවෙන ජීවිත තුනක්… comedy, drama, romance වර්ගයට අයත් අපේ ජීවිතෙත් යම් හරස්කඩක් විදහා දක්වන වාණිජ අතිනුත් සාර්ථක වුනු මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ James L. Brooks. IMDb 7.7කුත්, කුණු තක්කාලි එකේ 85% වෙද්දි සුපිරි නළු Jack Nicholson එක්ක Helen Hunt ප්‍රධාන නිලි චරිතෙට රඟපාල දෙන්නම academy award ගන්නව. ඉතින් කතාව වැඩිය විස්තර නොකරෙ නිදහස් මනසින් බලන්න කියල. සමහර විට ඔයාගෙ අප්සට් කෑල්ලකුත් බලද්දී මතක් වෙයි. අවුලක් නැත්තං comment පාරක් දාගෙන යන්න…

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links

ලබා දී ඇති උපසිරසිය Blu-Ray පිටපත සදහා අදාළ වේ.

1,412 downloadsDownload As.Good_.as_.It_.Gets_.1997.zip60 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නාමල් කුමාර” සොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2022-10-16
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

නමී

Subtitles

1,412 downloadsDownload Subtitles60 KB

9 comments

  1. Anonymous

    අර නාමල් කුමාර නෙවෙයිනෙ?
    තැන්ක්ස් මචෝ සබට

  2. Anonymous

    Old is gold, Thanks!

  3. සුපුන් මදුසංක

    ඔයා සුපිරි ෆිල්ම් වලටනෙ සබ් කරන්නෙ සහෝ.
    දිගටම කරමු.
    ජය වේවා!

  4. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  5. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  6. indika 75

    thanks..

  7. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.