Watch Trailer

Batman and Superman: Battle of the Super Sons (2022) Sinhala Subtitles | ලොවක් බේරූ මිතුදම… [සිංහල උපසිරසි]

ඔන්න සෑහෙන්න කාලෙකට පස්සේ චිත්‍රපටියකට උපසිරසි දැම්මා. මේ තමයි ඔක්තෝබර් 18 රිලීස් වෙන්න නියමිතව තිබුණු Superman & Batman: Battle of the Super Sons කියන DC චිත්‍රපටය. මේක තමයි මම උපසිරසි ගන්වන දෙවෙනි DC චිත්‍රපටය. කලින් එක Green Lantern: Beware My Power නේ. ඉතින් DC ල මුල ඉඳලම ලස්සනට, හොඳට කරගෙන ගිය…

ඔන්න සෑහෙන්න කාලෙකට පස්සේ චිත්‍රපටියකට උපසිරසි දැම්මා. මේ තමයි ඔක්තෝබර් 18 රිලීස් වෙන්න නියමිතව තිබුණු Superman & Batman: Battle of the Super Sons කියන DC චිත්‍රපටය. මේක තමයි මම උපසිරසි ගන්වන දෙවෙනි DC චිත්‍රපටය. කලින් එක Green Lantern: Beware My Power නේ.

ඉතින් DC ල මුල ඉඳලම ලස්සනට, හොඳට කරගෙන ගියේ animated movies බව අපි දන්නවනේ. මෙච්චර කාලෙකට එයාලා ගැහුවේ ද්විමාන නැත්නම් 2D චිත්‍රපටි. හැබැයි දැන් ඔන්න එයාලා 3D හෙවත් CG-animated චිත්‍රපටි ගහන්න පටන් අරගෙන වගේ. මේ චිත්‍රපටිය DC ලට විශේෂ එකක් වෙන්නේ මේක එයාලගේ පළමු CG චිත්‍රපටිය වන නිසා. කොහොම වුණත්, බය වෙන්න කාරි නෑ, DC ලා 2D films හදන එක නවත්තලා නෑ. කොමික් කොන් වලදී එළිකරපු චිත්‍රපටිවලින් බහුතරය එන්න නියමිත වෙලා තියෙන්නේ ද්විමාන චිත්‍රපට විදියටයි.

එහෙනම් අපි අද ෆිල්ම් එක ගැන බලමු. ඉතින් චිත්‍රපටියේ මාතෘකාවෙන්ම පේනවනේ, මේක බැට්මෑන්ගේ පුතා හෙවත් ඩේමියන් වේන් සහ සුපර්මෑන්ගේ පුතා හෙවත් ජොනතන් කෙන්ට් වටා ගෙතිලා තියෙන කතාවක් කියලා. ඒවගේම පූර්ව ප්‍රචාරක පටයෙන් එළි කළානේ මේකේ ප්‍රධාන හතුරා ‘ස්ටාරෝ’ බව. චිත්‍රපටිය එන්න නියමිත වෙලා තිබුණේ ඔක්තෝබර් 18 වෙනිදා හෙවත් ඊයේ. කොහොම නමුත් දැන් සතියකට විතර කලින් WEB පිටපතක් අන්තර්ජාලයට නිකුත් වෙලා තිබුණා. මේ වෙනකොට මේ චිත්‍රපටියට 6.7 ක IMDb අගයක් සහ IGN දර්ශකයේ 7ක් ලැබිලා තියෙනවා. Jack Dylon (Jonathan Kent), Jack Griffo (Damian Wayne), Laura Bailey (Lois Lane), Troy Baker (Batman), Travis Willingham (Superman), Darin De Paul (Starro) ආදී මෙකී නොකී බෙහොමයක් හඬකැවීමෙන් දායක වෙලා තියෙනවා. එහෙනම් ඉතින් අපි චරිත දිහා බලමු.

Super Sons

ඉතින් සුපර් සන්ස්ලා කියන්නේ, දැනටමත් කියපු විදියට රොබින් (ඩේමියන් වේන්) සහ ජොනතන් කෙන්ට්. මෙයාලව නිර්මාණය කරලා තියෙන්නේ Bob Haney සහ Dick Dillin විසින්. ඒවගේම ප්‍රථම වතාවට මෙයාලව හඳුන්වලා දීලා තියෙන්නේ World Finest Comics #215 කලාපයෙනුයි. ඒ, 1973 දී. ඒ කාලේ මෙයාලව හඳුන්වලා තියෙන්නේ Batman Jr. සහ Superman Jr. යන නම්වලින්. ඒ කාලේ මෙයාලා අපි දන්නවාට වඩා හාත්පසින්ම වෙනස් චරිත දෙකක් බවයි පේන්න තියෙන්නේ.

අපි දැන් දන්න කියන සුපර් සන්ස්ලව හඳුන්වලා දෙන්නේ DC චිත්‍රකතා ෆෑන්ස්ලා අතර සෑහෙන්න ජනප්‍රිය පොතක් බවට පත් වුණු 2017 වසරේ මාසිකව නිකුත් වුණු කොමික් මාලාවකිනුයි. මේකෙන් තමයි සුපර්මෑන්ගේ හා ලොයිස් ලේන්ගේ පුතාව ජොනතන් කෙන්ට් හෙවත් සුපර්බෝයි ලෙසත්, බැට්මෑන්ගේ සහ තාලියා අල් ගූල්ගේ පුතාව ඩේමියන් වේන් හෙවත් හතරවෙනි රොබින් ලෙසත් හඳුන්වලා දෙන්නේ.

එහෙම නම් අපි මේ දෙන්නා ගැන කෙටියෙන් දැනගමු.

• ඩේමියන් වේන් හෙවත් රොබින්

කලිනුත් කිව්වා වගේ, ඩේමියන් වේන් කියන්නේ බැට්මෑන්ගේ සහ තාලියා අල් ගූල්ගේ පුතා. Son of Batman animated චිත්‍රපටිය බලපු අයට නම් මෙයාගේ ඔරිජින් එක ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නෑ. කොහොම හරි මෙයාව හදන්නේ පරිපූර්ණ සොල්දාදුවෙක් කරන බලාපොරොත්තුවෙන්. ඒක නිසා මෙයා පොඩි කාලෙ ඉඳලම මරන්න ඉගෙන ගෙන ඉන්නේ. තමන්ගේ සීයා රේෂාල් ගූල් වෙනකොට ඉතින් ඒකෙ පුදුමයක් නෑ. කොහොම හරි බැට්මෑන් මෙයාව තමන්ගේ යටතට ගන්නවා. මරන්න කැමති කෙනෙක්, මරන එක පිළිකුල් කරන කෙනෙක්ගේ යටතේ හැදෙනකොට ඉතින් හැල හැප්පිලි නවත්තන්න බෑනේ. ඉතින් ඒක නිසා බැට්මෑන් සහ ඩේමියන් වේන් රොබින් අතර එච්චර යහපත් සම්බන්ධතාවයක් නෑ. ඒත් ඉතින්, තාත්තයි පුතයි නිසා දෙන්නා දෙන්නට ආදරෙයි. ඩේමියන් වේන් කියන්නේ බැට්මෑන්ගේ හතරවෙනි රොබින්. ඩික් ග්‍රේසන්, ජේසන් ටොඩ් සහ ටිම් ඩ්‍රේක්ගෙන් පස්සේ තමයි මෙයාව බඳවගන්නේ. මෙයා නාහෙට අහන්නෙ නැති චරිතයක් බවට ප්‍රසිද්ධයි.

• ජොනතන් කෙන්ට් හෙවත් සුපර්බෝයි

මෙයා ගැන නම් ඉතින් කියන්න වැඩි දෙයක් නෑ. මෙයා තමයි ලොයිස් ලේන්ගේ සහ ක්ලාක් කෙන්ට් හෙවත් සුපර්මෑන්ගේ පුතා. බාගයක් මිනිස් ජාන සහ බාගයක් ක්‍රිප්ටෝනියන් ජාන තියෙන නිසා මෙයාට සුපර්මෑන්ගේ බලයන් ඔක්කොම ලැබිලා නෑ. තියෙන්නේ සුපිරි ශක්තිය, හීට් විෂන් ආදී බලයන් කීපයක් විතරයි. ඒවත් සුපර්මෑන්ගේ තරම් ප්‍රබල නෑ. මෙයා ස්මෝල්විල්වල හැදුනු ‘ගමේ කොල්ලෙක්’.

Starro the Conqueror

එහෙනම් ඉතින් අපි කතාවේ ප්‍රධාන හතුරා ගැන පොඩ්ඩක් දැනගෙන ඉමු. කලිනුත් කිව්වා වගේ, කතාවේ ප්‍රධාන හතුරා තමයි ස්ටාරෝ. මෙයාගේ කොමික්වල සම්පූර්ණ නම තමයි Starro the conqueror හෙවත් ‘ස්ටාරෝ හෙවත් ලෝක යටත් කරගන්නා’ කියන එක. ජස්ටිස් ලීග් එක පළමුවෙන්ම සටන් කරපු හතුරා තමයි මෙයා. මෙයාව මුලින්ම හඳුන්වා දෙන්නේ The Brave and the Bold #28 කියන කොමික් කලාපයෙනුයි. චරිතය නිර්මාණය කරලා තියෙන්නේ Gardner Fox සහ Mike Sekowsky විසිනුයි.

මෙයාගේ ඔරිජින් එක ගැන කියනවා නම්, මෙයාට එකක් නෙමෙයි දෙකක්ම තියෙනවා. මේක කොමික් චරිත්වලට සාමාන්‍ය දෙයක්. එක්දාස් නමසිය ගණන්වල හඳුන්වාදුන්න චරිත බොහොමයකට ඔරිජිනල් ඔරිජින් එකක් වගේම නවීනකරණයට ලක් වූ ඔරිජින් එකක් තියෙනවා. ඉතින් මේ ස්ටාරෝත් එහෙම කෙනෙක් තමයි.

• Sliver Age Origin

කොමික් කාල තුනකට බෙදන බව දන්නවා ඇතිනේ; Bronze Age, Silver Age සහ Golden Age. මීට අමතරව වර්තමානයේ පළ කරන ඒවා අයිති වෙන්නේ Modern Age එකටයි. ඉතින් ස්ටාරෝගේ Silver Age ඔරිජින් එක නම් ඉතාම සරලයි. කොටින්ම කියනවා නම්, මෙයා අනුන්ගේ හිත් පාලනය කරන්න පුළුවන් පිටසක්වළින් ආව පසැඟිල්ලෙක්ගේ පෙනුමක් තියෙන යෝධ පිටසක්වළයෙක්. මෙයා කරන්නේ ලෝකෙන් ලෝකෙට ගිහිල්ලා ඒවා අල්ලගන්න එක. මෙයා කොච්චර දරුණු සහ ප්‍රබල හතුරෙක් වෙනවද කියනවා නම් වීරයෝ කීපදෙනෙක් එකතු වෙන්න වෙනවා මෙයාව පරද්දන්න. ඒ අනුව තමයි මුල්ම JLA එක නිර්මාණය වෙන්නෙත්. මම හිතන විදියට මේ චිත්‍රපටයට පාදක කරගෙන තියෙන්නෙ මෙන්න මේ ස්ටාරෝ තමයි.

• Modern Origin

ඉතින් දැන් බලමු මෙයාගේ නවීනකරණය වූ ඔරිජින් එක. මේක එන්නේ R.E.B.E.L.S. annual #1 කොමික් කලාපයෙනුයි. මේකේ මාතෘකාව “Starro the Conqueror”. මේක පටන් ගන්නේ හොටෝරි කියලා ග්‍රහලෝකෙක ඉන්න කෝබි කියලා ළමයෙකුගෙන්. මෙයාගේ ජාතියේ අය ගත කරන්නේ ඉතාම සරල ජීවිත සහ මෙයාලා සැලකෙන්නේ ඉතාම නොදියුණු ජිවී කොට්ඨාසයක් කියලයි. හැබැයි මෙයාලා හැමදාම හවසට එකතු වෙලා එයාලගේ මනසේ තොරතුරු එකිනෙකා සමඟ හුවමාරු කරගන්නවා. මේකෙන් එයාල අතර ඇති වෙනවා මානසික බන්ධනයක් වගේ එකක්. දවසක් යෝධ පසැඟිල්ලෙක් මෙයාලගේ ග්‍රහලෝකෙට ඇවිල්ලා මෙයාලගේ මනස් පාලනය කරන්න ගන්නවා. ඒ, එයා නිපදවන පොඩි පසැඟිල්ලෝ වගේ ජාතියක් එක්ක. කොහොම හරි, මෙයාලගේ ඇඟවල් පාලනය කරන්න පුළුවන් වුණාට, එයාලගේ අර මානසික බන්ධනය තාම තියෙන නිසා මෙයාලගේ නිදහස් චින්තනය සම්පූර්ණයෙන්ම නැති වුණේ නෑ. දවසක්, ටෝබිගේ අයියට පුළුවන් වෙනවා ටික වෙලාවට එයාගේ මනස් පාලනයෙන් ගැළවෙන්න. එයා කෙලින්ම යන්නේ ස්ටාරෝ රැජිනව හොයාගෙන, එයාව මරලා දාන්න. රැජින දැන් දුර්වල අවස්ථාවේ ඉන්නේ. එයාගේ සැලසුම තියෙන්නේ අලුත් රැජිනක්ව හදන්නයි. එයා දුර්වල නිසා මරන්න ලේසි නිසයි කෝබිගේ අයියා එයාව හොයාගෙන යන්නේ. කොහොම හරි, රැජින කෝබිව පාවිච්චි කරලා එයාගේ අයියව මරනවා. මේකෙන් ඇති වුණු කම්පනයෙන් කෝබි රැජිනගේ මනස් පාලනයෙන් මිදිලා එයාව මරන්න හදනවා. කරගන්න දෙයක් නැති කමට රැජින එයාගේ ඇඟේ එතෙනවා. හැබැයි රැජිනට කෝබිව පාලනය කරන්න බෑ. කෝබිටයි රැජිනව පාලනය කරන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා එයාට මුලු ස්ටාරෝ හමුදාවම පාලනය කරන්න පුළුවන් වෙනවා. එයා මේ හමුදාව පාවිච්චි කරලා අලුත් ලෝක යටත් කර ගන්නවා. කාලයත් එක්ක, එයාගේ මුල් නම හැමෝටම අමතක වෙනවා. එයා ජනප්‍රිය වෙන්නේ… ස්ටාරෝ හෙවත් ලෝක යටත් කරගන්නා විදියටයි. ඉතින් මේක තමයි එයාගේ අලුත් ඔරිජින් එක. චිත්‍රපටියට පාදක වෙලා තියෙන්නේ මේක නම් නෙමෙයි, හැබැයි ඉතින් හතුරා ගැන දෙන විස්තරේ අංග සම්පූර්ණ වෙන්න එපැයි.

මෙයාගේ බලයන් ගැන කතා කරනවා නම් මෙයාගේ ප්‍රධානම බලය තමයි අනිත් අයගේ හිත් තමන්ට කැමති විදියට පාලනය කිරීම. මෙයාගේ මේ බලය මන්දාකිණි ගාණක් පුරා පැතිරෙනවා කියලා තමයි කියන්නේ. එයා DC කොමික්වල ඉන්න බලවත්ම හිත් පාලනය කරන අයගෙන් කෙනෙක්. මීට අමතරව මෙයාට පුළුවන් ඇඟේ කොටස් ආපහු වර්ධනය කරගන්න සහ පියාඹන්නත්. මෙයාගේ දැවැන්ත ශරීරය නිසා මෙයා සෑහෙන බලවත් හතුරෙක් වෙනවා.

එහෙනම් අද චිත්‍රපටිය ගැන කියන්නේ මෙච්චරයි. කතාව කොහොමද කියලා බලලා දැනගන්නකෝ. එහෙම නම් අදට සමුගන්නවා. තවත් උපසිරසියකින් හමුවෙමු. පීස්. ✌️


 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා වලංගු වේ.

4,684 downloadsDownload Batman-and-Superman-Battle-of-the-Super-Sons.2022.zip38 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

4,684 downloadsDownload Subtitles38 KB

14 comments

  1. ishan

    bluray akata sub aka set wenwada?

  2. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  3. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!

  4. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  6. indika 75

    thanks..

  7. Imesh Perera

    Thanks Sub ekata

  8. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  9. Anonymous

    Sub ekata godak thanks bro.
    sinhala font eka wenas da danne na sinhala akuru eka uda eka thiyanawa.
    anyway good luck

  10. Udara Damith

    elaaaaaaaaaaaaaaaaaaaaaaaa

  11. ravidu ishan

    සබ්එකට Tnx Mchn ✌️✌️ ජය!!

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  14. ravidu ishan

    සබ්එකට Tnx Mchn✌️✌️ ජය!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.