Watch Trailer

Nice View (2022) AKA Qi ji · Ben xiao hai Sinhala Subtitles | තම නංගි වෙනුවෙන් ජීවිතය ජයගත් අයියා කෙනෙක්. [සිංහල උපසිරැසි]

බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් අද මං ඔයාලට අරගෙන ආවෙ 2022 වසරේ තිරගත වූ චීන චිත්‍රපටයක උපසිරැසියක්. මං මීට කලිං උපසිරැසි කලේ දමිල, හිංදි, තෙලිගු, මලයාලම්, කන්නාඩ සහ ඉංග්‍රීසි භාෂා වලට. පොඩි වෙනසකට සහා මටත් හොද අත්දැකීමක් ගන්න ඕනෙ හිංදා මං චීන චිත්‍රපටයක උපසිරැසියක් කරන්න හිත…

බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් අද මං ඔයාලට අරගෙන ආවෙ 2022 වසරේ තිරගත වූ චීන චිත්‍රපටයක උපසිරැසියක්. මං මීට කලිං උපසිරැසි කලේ දමිල, හිංදි, තෙලිගු, මලයාලම්, කන්නාඩ සහ ඉංග්‍රීසි භාෂා වලට. පොඩි වෙනසකට සහා මටත් හොද අත්දැකීමක් ගන්න ඕනෙ හිංදා මං චීන චිත්‍රපටයක උපසිරැසියක් කරන්න හිතුනා.

මේ ෆිල්ම් එක ගැන youtube එකේ review එකක් මං දැක්කා. ඉතිං මං හිතුවා මේ චිත්‍රපටය ඩවුන්ලෝඩ් කරගෙන බලන්න ඕනෙ කියලා. ඒත් මේ සිනමාපටයට සිංහල උපසිරැසි තිබුනේ නෑ. ඒ හිංදා මේ සිනමාපටයට උපසිරැසිය කරන්න හිතුනා. මොකද මේ සිනමාපටය අපිට ලොකු ආදාර්ශයක් දෙන කතාවක්.

The Pursuit of Happiness, The Wolf of Wall Street, The Shawshank Redemption, The Green Mile වගේ සිනමාපට නරඹපු මට මේ ෆිල්ම් එකත් ඒ හා සමානයි කියලා හිතුන. ඔයාලත් බලලම කියන්නකො.

අපි ජීවිතයේ කොච්චර නම් දේවල් අමාරුයි කම්මැලියි, මේක හිංදා මට ගොඩ යන්න පුළුවන් වෙයිද කියලා හිතලා අපේ ඉලක්ක කීයක් නම් අතාරින්න ඇත් ද, එහෙමත් නැත්නම් ඒ කාලය වටපිටාව අනුව අතාරින්න ඇත් ද?. එහෙත් අපිට අවශ්‍ය ඕන ම ඉලක්කයක් කඩයිමක් ජයගන්න නොපසුබස්නා උත්සහය, අසීමිත කැපවීම හා අධිෂ්ඨානය තියෙනවා නම් එම ඉලක්ක සපුරා ගන්නවා කියන එක ඒ හැටි දෙයක් නෙවේ. මේ ෆිල්ම් එක බලනකොට ඔයාලටම තේරෙයි. ඔය කියන ලක්ෂණ තුනෙන් ජීවිතය ජයගන්න රුකුලක් වෙන හැටි බලාගන්න පුළුවන්.

මේ සිනමාපටය ගිය අවුරුද්දේ (2022) පෙබරවාරි මාසෙ පලවෙනිදා තිරගත වුනේ. මේ සිනමාපටය අධ්‍යක්ෂණය කලේ Wen Muye විසින්. නිෂ්පාදනය කලේ Ning Hao විසින්. මේ සිනමාපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ Jackson Yee විසින්. ඔහු නළුවෙක් වගේම දක්ෂ ගායකයෙක්. Tian Yu, Chen Halin, Qi Xi, Gong Lei, Xue Junchong යන නළු නිලියන් සෙසු චරිත රග දක්වනවා. ඒ වගේම imdb අගය 6.7 ක් ද ලබා ගෙන තියෙනවා. මිලියන 38 ක වියදමින් නිෂ්පාදනය කල මෙම සිනමාපටය මිලියන 211 ක ආදායමක් ලබා ගෙන අති සාර්ථක ලෙස තිරගත වුනි.

මං දැන් කතාව සැකවින් කියන්නම්. ජිංග් හාඕ කියන්නේ කියන්නේ ජංගම දුරකථන අලුත් වැඩියා ෂොප් එකක් කරන අවුරුදු 20 ක තරුණයෙක්. මෙයාගෙ නංගිට (ටොංග් ටොංග්) පිළිකාවක් හැදෙනවා. මේ නංගිගෙ දැන් වයස අවුරුදු 6 යි. ඉතිං දොස්තර කියනවා නංගිට අවුරුදු 8 වෙන්න කලිං මේ සැත්කම කරන්න ඕනෙ කියලා. ඉතිං මේ සැත්කමට ලොකු වියදමක් දරන්න වෙනවා. ඒ අතරම තම ජීවිතය ජය ගන්න ඕන කියන දැඩි අධිෂ්ඨානයත් හිතේ තියෙනවා. ඉතිං මේ දෙකම ජයග්‍රහණය කරන්න ජිංග් හාඕ කරන්නෙ මොකක් ද? මේ ඉලක්ක සපුර ගන්න උදව් කරන අය කවුද? මේ සිනමාපටය නැරඹුවොත් ඔයාලට පුළුවන් ජිංග් හාඔ කොහොමද තම ඉලක්ක්ක සපුරා ගන්නේ කියලා.

අපිට ඕන තරම් මේ ජීවිතයෙදි හම්බෙනවානෙ තමන්ගේම කියලා දෙයක් නොකර අනුන්ගෙන්ම දේවල් වලින් යැපි යැපි, අනුන්ටම ගරහන අය (කාටද කියන්නෙ කියලා තේරෙනවානෙ) එහෙම අනුන්ගෙ දේවල් අරගෙන ලංකාවෙ අංක වුනත් කවදාවත් යාදෙන්නෙ නෑ. ඊට වඩ තම මහන්සියෙන් ලැබෙන පොඩි දෙයක් උනත් අපිට යාදෙනවා, සතුටක් තියෙනවා. ඒ වගේම නිකම් ලැබෙන කිසිම දේක අගයකුත් නෑ. ඉතිං තව කෙනෙක් ගෙ දෙයක් හොරෙං අරගෙන පුහු ජයග්‍රහණ පෙන්වන මුග්ධ පුද්ගලයින් හට ලැජ්ජාව, භිය කියන දේ ඇති වී, මේ සිනමාපටයේ කතාව වගේ තම මහන්සියෙන් දෙයක් කිරීමට හේතු වාසනා වේවා කියලා පතනවා.

තවත් මෙවැනිම උපසිරැසියකින් නැවත හමුවන තෙක් ඔබට තෙරුවන් සරණයි!

https://en.wikipedia.org/wiki/Gentleman_(1993_film)

 

 

 

Due to copyright issues, we do not provide any torrent link. 

ලබා දී ඇති උපසිරසි Bluray පිටපත් සඳහා අදාළ වේ.

3,413 downloadsDownload Nice-View-2022.zip4.5 MB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිදු හේෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-05-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

3,413 downloadsDownload Subtitles4.5 MB

18 comments

  1. Ayesh Akalanka

    Thank you for sub, meke sub eke aulk thynwa eka line ekak digatama pennawa, please eka hadla danna

    1. Anonymous

      Sub එක නම් හරියට අදාල නෑ.ගොඩක් Lines නෑ.එහෙන් මෙහෙන් සබ් දාලා තියෙන්නෙ.අපරාදෙ ගත්තෙ කියලා හිතුනා.කමක් නෑ සහො.ඉස්සරහට හරි හොඳට කරන්න

    2. Anonymous

      බොරු දාන්න එපා ඕයි ඔය හොදට තියෙන්නෙ සුපිරියට

  2. එල්. සී. ‎දමැල්

    ලිපිය මරු ඈ. දැනෙන්න ලියලා. දිගටම සබ් කරමු සහෝ. ජය ✌

    1. Ravindu_Heshan

      බොගොම ස්තූති සහො

  3. Anonymous

    Thanks for sub
    Korean film tikakuth denna blnna

  4. Buddhika Lakmal (laKMal)

    වෙනසකටත් එක්ක චීන ෆිලුමකට සබ් ගෙනාවට තෑන්ක්ස බ්‍රෝ.....
    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

    1. Ravindu_Heshan

      බොගොම ස්තූති සහො

  5. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි රවිදු සොයුර ..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  6. Kushan

    Sub akta thanks

  7. Naveen Mbr

    බොහොම ස්තූතියි අයියේ!

  8. Rajitha

    කොරියන් ෆිල්ම් දෙන්නකෝ
    දැබ් බයිස්කෝප් වලින් කොරියන් ෆිල්ම් වලට සබ් වැටෙන්නෙම නෑ

  9. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  10. Dewadithya

    Thanks for Sub!

  11. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  12. Madhu sooriyabandara

    තැන්ක්ස් තවත් මේ වගේ Chinese movies දෙන්න.

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Manohari

    Godak sthuthi..Jaya wewa!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.