ලැබුවා වූ නව වසර හැමෝටම සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. (●’◡’●) අද අරන් ආවෙ 2021 වසරේ නිකුත් වුණ Netflix ඇනිමේෂන් චිත්‍රපටයක්. සත්ව උද්‍යානයක ඉන්න මාරාන්තිකයි කියලා ලේබල් ගහපු සත්තු කණ්ඩායමක් එයාලගෙ ගෙදර හොයාගෙන යන ගමනක් තමයි මේ චිත්‍රපටයෙන් දිගහැරෙන්නෙ. 2021 දෙසැම්බර් 3 වෙනිදා තමයි චිත්…

ලැබුවා වූ නව වසර හැමෝටම සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. (●’◡’●)
අද අරන් ආවෙ 2021 වසරේ නිකුත් වුණ Netflix ඇනිමේෂන් චිත්‍රපටයක්. සත්ව උද්‍යානයක ඉන්න මාරාන්තිකයි කියලා ලේබල් ගහපු සත්තු කණ්ඩායමක් එයාලගෙ ගෙදර හොයාගෙන යන ගමනක් තමයි මේ චිත්‍රපටයෙන් දිගහැරෙන්නෙ. 2021 දෙසැම්බර් 3 වෙනිදා තමයි චිත්‍රපටය නිකුත් වෙන්නෙ. 6.6/10ක IMDb අගයක් මේ චිත්‍රපටයක ලැබිලා තියෙනවා. එහෙනම් හැරෙමු කතාව පැත්තට.
ඕස්ට්‍රේලියානු සත්ව උද්‍යානයකින් තමයි කතාව පටන් ගන්නෙ. එක සත්ව කොට්ඨාසයකට මිනිස්සුන්ගෙන් ලැබෙන ආදරයත්, තවත් සත්ව කොට්ඨාසයකට මිනිස්සුන්ගෙ තියෙන බය වගේම ප්‍රතික්ෂේප කිරීමත් මේ කතාව තුළින් අපූරුවට පෙන්වනවා. කතාවෙ ප්‍රධාන චරිත තමයි ප්‍රිටී බෝයි – කෝලා වලහෙක්, මැඩී – ලොව මාරාන්තිකම සර්පයා, ෆ්‍රෑන්ක් – මකුළුවෙක්, සෝ – කටුස්සෙක් සහ නයිජල් – ගෝනුස්සෙක්. කතාවෙ දුෂ්ට චරිත විදිහට චැස් හන්ට් කියන බිහිසුණු සතුන් හසුරුවන්නෙක් සහ ඔහුගේ පුතා චැසී හඳුන්වන්න පුළුවන්. ඉතින් උඩ කිව්ව කෝලා වලහා හැර අනිත් හතරදෙනා තමයි ගෙදර හොයාගෙන යන්නෙ. ඒත් කෝලා වලහගේ ආඩම්බරකම නිසා එයාවත් බලෙන් අරන් යන්න අනිත් හතරදෙනාට සිද්දවෙනවා. ඒගොල්ලො පැනලා යන්න ලොකුම හේතුව වෙන්නෙ එයාලට අම්මා කෙනෙක් වගේ ආදරෙන් හිටපු ජැකී කියන කිඹුලාව උද්‍යානයෙන් අරන් යන එක. ඉතින් මේගොල්ලො යන ගමනෙදි මේගොල්ලො හුඟක් දේවල් වලට මුහුණ දෙනවා, ඒවගේම එයාලව ආයෙත් අල්ලගන්න උඩ කිව්ව දුෂ්ට චරිත දෙකත් ලෑස්ති වෙනවා.
ඉතින් මේගොල්ලන්ට ගෙදර යන්න පුළුවන් වෙයිද…?
ජැකීට මොකද වුණේ…?
කෝලා වලහාගෙ ආඩම්බරකම නැති වෙයිද…?
දුෂ්ටයෝ මෙයාලව අල්ලගනියිද…?
මේවට උත්තර දැනගන්න චිත්‍රපටය බලන්නම වෙනවා.
ඉතින් මිනිස්සු හැටියට අපි ආදරේ කරන සත්තු ඇත්තටම ආදරණීය ඇතිද? අපි ප්‍රතික්ෂේප කරන සත්තු ඇත්තටම නපුරු ඇතිද? අපි සත්ව උද්‍යානවලට ගිහින් එයාලව බැලුවට එයාලා හැමෝම එතන සතුටින් ඉන්නවා ඇතිද?
ඔයාලම හිතලා බලන්න. එහෙනම් මම නවතිනවා. චිත්‍රපටය බාගෙන බලන්න කියලත් ආරාධනා කරනවා. උපසිරැසියේ අඩුපාඩු තිබුණොත් ඒ වෙනුවෙන් සමාව ඉල්ලනවා.😓
එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු.😊✌

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
4,192 downloadsDownload Back-to-the-Outback-2021.zip49 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසුර සංජන” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-04-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
තිසුර සංජන
Subtitles
12 comments
indika 75
christy85
subtitle 1 download kalama enne ENCANTO film 1ke sub file 1. plz eka harigassanna.
Harvey O'brien
උපසිරසියේ තිබු දෝෂය නිරාකරණය කර ඇත.
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Nitheesha nethumika
May frevarit cartoon
Ishira
Rumble 2021 sinhala subtitles දෙන්නකෝ plz
Thanksහසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Anonymous
Date Night 2010
The Last Laugh 2020
Home Sweet Hell 2015 මෙ ටිකට උපසිරැසි දෙන්ඩො..........Anonymous
2021 eke Rumble animation movie eka ta sub ekak ona kollo...
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Advertisement
thanks..