අපේ හිත සසල කරවන මොකක් හරි සිදුවීමකට අපි මූණ දුන්නම(බොහෝ විට කුඩා කාලයේදි), ඒ සිදුවීම නැවත නැවත වාරයක් මතක් වෙන එක වැලැක්වීමට හෝ ඒ සිදුවීම පිළිගන්නට අකමැති වීම මත, අපි ඒ සිදුවීම අමතක කරන්න උත්සහා ගන්නවා. එහෙම නැත්නම් ඒ සිදුවීම උන ආකාරය අපිට කැමති විදියකට අපි වෙනස් කරලා මතක තියා ගන්නවා. මොකද ඒ තරමටම…

අපේ හිත සසල කරවන මොකක් හරි සිදුවීමකට අපි මූණ දුන්නම(බොහෝ විට කුඩා කාලයේදි), ඒ සිදුවීම නැවත නැවත වාරයක් මතක් වෙන එක වැලැක්වීමට හෝ ඒ සිදුවීම පිළිගන්නට අකමැති වීම මත, අපි ඒ සිදුවීම අමතක කරන්න උත්සහා ගන්නවා. එහෙම නැත්නම් ඒ සිදුවීම උන ආකාරය අපිට කැමති විදියකට අපි වෙනස් කරලා මතක තියා ගන්නවා. මොකද ඒ තරමටම ඒ සිද්ධ උන දේ අපිට විඳ දරා ගන්න අපහසු අමිහිරි දෙයක්. ඒත් අපි කොපමන උත්සහා කරත් එවැනි අමිහිරි, කටුක සිදුවීම සහමුලින්ම අමතක කරලා දාන්න අපිට පුලුවන් වෙන්නේ නෑ. එවැනි මතකයන් අපේ යටිහිතේ සදාකාලිකවම හොල්මන් කරන්නේ ඉඩක් ලැබුනු වහාම අපේ මතකයන් අලුත් කරන්න වෙර දරමින්.
2016 ජනවාරී මාසේ 29 වෙනිදා නිකුත් උන Backtrack කියන මේ චිත්‍රපටියත් මම ඉහතින් සදහන් කරපු විදියේ තේමාවක් රැගත් කතාවක්. චිත්‍රපටියට ලැබිලා තියෙන IMDb අගය 5.9 උනත්, මම පෞද්ගලිකව විශ්වාස කරනවා ඒක තව ඉහලයක් ගන්න ඕන කියලා. චිත්‍රපටිය අධ්‍යක්ශනය කරලා තියෙන්නේ මයිකල් පෙට්‍රොනි විසින්. චිත්‍රපටියට රංගන දායකතවය සපයන්නේ Adrian Brody, Sam Neill, Robin McLeavy, Bruce Spence, Jenni Baird ඇතුලු නළු නිළියන් විසින්. මේ චිත්‍රපටිය අයිති වෙන්නේ Drama, Mystery, Thriller කියන ශානරයට.
මේ චිත්‍රපටියේ කතාව මූලික වෙන්නේ අකාලයේ හදිසි අනතුරකින් තමන්ගේ එකම දියණිය අහිමි උන යුවලක් වටා, විශේෂයෙන්ම ඒ මනෝ වෛද්‍ය පියා වන පීටර් වටා. ඔවුන් සිඩ්නි වල ජීවත් වෙලා ඉන්නකොට තමයි ඒ අනතුර සිද්ධ වෙන්නේ. ඊට පස්සේ ඔවුන් තමන්ගේ මව් රට වන එංගලන්තයට එනවා. අවුරුද්දකට පස්සෙ, තාමත් තමන්ගේ දියණිය නැති සොවින් තැවෙන පීටර්, ඔහුගේ ගුරුවරයා විසින් යොමු කරන රෝගීන් ගැන ඇගයීම් කටයුතු කරනවා. ඒත් මෙහෙම ටික දවසක් යනකොට පීටර්ට දැන ගන්න ලැබෙනවා තමන් ලඟට එන රෝගීන් සියලු දෙනා ඒ වෙනකොටත් මැරිච්ච අය කියලා. එතකොට මේ රෝගීන් විදියට ඇවිල්ලා තියෙන්නේ ඒ අයගේ අවතාර. මේ ගැන කලබල වෙලා තමන්ගේ ගුරුවරයා ලඟට යන පීටර් හොයා ගන්නවා තමන් එක්ක එතකල් කතා කරපු ඒ ගුරුවරයත් මැරිලා අවුරුදු ගානක් වෙනවා කියලා. පීටර් හිතන්නේ තමන්ට පිස්සු හැදීගෙන එනවා කියලා. කොහොම උනත්, තව තවත් මේ රෝගීන් ගැන හොයන කොට පීටර්ට දැන ගන්න ලැබෙන්නේ අරුම පුදුම දෙයක්, ඒ තමයි ඒ රෝගීන් සියලු දෙනාම මැරිලා තියෙන්නේ එකම දවසක කියලා. ඒ රෝගීන් පදිංචි ස්ථාන බැලුවම, ඒ අය ඔක්කොම ඉඳලා තියෙන්නේ එකම රේල් පාරක් කිට්ටුව. ඒ රේල් පාර වැටිලා තියෙන්නේ පීටර් පොඩි කාලේ හැදිලා වැඩුනු ගම ලඟින්. ඊට පස්සේ පීටර් යනවා තමන්ගේ ගමට, අවුරුදු විස්සකට විතර පස්සේ… අර කතාවක් තියෙනව නේ හැම මිනිහෙක්ම මොකක් හරි රහසක් හංග ගෙන ඉන්නේ කියලා. එතකොට මොකක්ද පීටර් හංග ගෙන ඉන්න රහස.
මේ චිත්‍රපටිය බලාගෙන යනකොට අපිට තේරෙන්නේ, අයියෝ.. මේකද කතාව.. එහෙනම් අනිවාර්යෙන් ඉස්සරහට මෙන්න මේක වෙන්නේ… වගේ දේවල්. ඒත් අන්තිම විනාඩි තිහෙදී කතාව වෙනස් වෙන්නේ හිතා ගන්නවත් බැරි අමුතුම පැත්තකට. ඒ නිසා තමයි මම කලින් කිවුවේ මේ චිත්‍රපටියට ඊට වඩා IMDb අගයක් ලැබෙන්න ඕන කියලා. මේ කතාවේ තාත්තලා දෙන්නෙක් අපිට හමු වෙනවා. ඒ දෙන්නගේ ආදරේ දෙවිධියක්. මේ චිත්‍රපටියේ කතාවට අමතරව මගේ හිතට වැදුන අනිත් විශේෂ කරුනත් ඒකම තමයි. කියෙවුවා වැඩිද මන්දා.. කොහොම උනත් හොල්මන්, අභිරහස් චිත්‍රපටි වලට කැමති අයට නම් මේක සුපිරි චිත්‍රපටියක් වෙයි. මම නම් හිතන්නේ මේක හොල්මන් පැත්තට වඩා අභිරහස් පැත්තට වැඩිය බරයි කියලා. එහෙනම් තව අලුත් නිර්මාණයකින් නැවත හමු වෙමු. ජය වේවා..!!
“…..ජනේලය ලඟ හැංගිලා ඉන්න උගුලු
අටවන්නා කවුද කියලා ඔබට පේන්නේ නෑ.”
“ඒක තමයි මට හීනෙන් වධ දුන්නේ.”
“සිහිනය ඔයාගෙන් ප්‍රශ්නයක් අහනවා”
“…කවුද ඒ ඔයා දකින්න කැමති නැත්තේ, පීටර්”
“…..කවුද ඒ ජනේලය ලඟ ඉන්නේ…..?”
657 MB (BDRip.720p) කොපිය මෙතනින් බාගන්න
A7B61E24B306B98B7B6194EF6B543CF00EEFD7261.37 GB (BDRip.1080p) කොපිය මෙතනින් බාගන්න
EEBD41E0EDC4CEE025B877788C09474D1C70D420 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
2,117 downloadsDownload Backtrack-2015.zip39 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/12092685_10153422116114843_102871689_n.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කල්හාර වික්‍රමසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කල්හාර වික්‍රමසිංහ
Subtitles
19 comments
kanthaDLA
Chami.S
Thanks...
Good Luck..!!!Tharaka
උපසිරැසියට ස්තූතියි. සුපිරි ෆිලුමක් වගේ. අනිවා බානවා ඔන්න.
Sajith Anthony
sab ekaTa goDaak stutiyi,
jaya weiwaa...!!!shamal
Apita sathutui ne dan
Kulanjana Maduranga
niayamai…thanks KALHARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
mithun
The boy (2016) horror
Mekat upasirasi ganwannako bromithun
උපසිරැසි ගැන්නුවට සහොට බොහොම ෆිං . Horror film nam kochara dunnat බානව..මෙවගෙ දෙක තුනක් අයෙ ගෙන්නකො බ්‍රෝ
damsak
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!Thisara Neo
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Sanath Perera
බොහොම ස්තූතියි සහෝ උපසිරසට...
ජයෙන් ජය....Amila Mudalige
Thanks saho
Asitha
ela.thanks
nadun
downlod link wada nane ??????????????????
රොයිලි
බොහොම ස්තූතියි කල්හාර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
TRI MAX
meke link eka wada karanne nane
Saranga J. Liyanagama
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි
Wicki
උපසිරැසියට බොහොම ස්තුතියි
Chandimal Kariyapperuma
Thanks for the subtitles. Keep up the good work.
Advertisement

අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!
—–baiscopelk.වෙබි අඩවියේ—
—-Admin සොහොයුරන් වෙත—-
අවශ්‍ය උප සිරසි ඉල්ලීම සඳහා
වෙනම පිටුවක් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි.
……………….ස්තූතියි……………………