Watch Trailer

Bandit Queen (1994) | කොල්ලකල්ලියේ කලු වූ සුදු චරිතය…. [සිංහල උපසිරසි සමඟ]

අද නොවැම්බර් 26 වැනිදා කලින් අවුරුද්දේ වගේම මගේ උපන්දිනය බයිස්කෝප් එක්ක සමරන්න මම තීරණය කලා.ඉතින් අද දවසේ ඔයාලා හැමෝටම මට දෙන්න පුලුවන් හොඳම තෑග්ග විදියට බෙන්ඩිට් ක්වීන් චිත්‍රපටිය මම ලෑස්ති කලා. එක්තරා දිනයක් එක්තරා දවසක අපි හැමෝම එක්තරා කෙනෙක්ව දැඩි ලෙස විවේචනය කලා…-ඒකි හරියට පුලාන් දේවි වගේ …. ක…

Bandit Queen (1994)
අද නොවැම්බර් 26 වැනිදා කලින් අවුරුද්දේ වගේම මගේ උපන්දිනය බයිස්කෝප් එක්ක සමරන්න මම තීරණය කලා.ඉතින් අද දවසේ ඔයාලා හැමෝටම මට දෙන්න පුලුවන් හොඳම තෑග්ග විදියට බෙන්ඩිට් ක්වීන් චිත්‍රපටිය මම  ලෑස්ති කලා.

එක්තරා දිනයක් එක්තරා දවසක අපි හැමෝම එක්තරා කෙනෙක්ව දැඩි ලෙස විවේචනය කලා…-ඒකි හරියට පුලාන් දේවි වගේ …. කෙනෙක් එසේ පැවසුවා. කවුද මේ පුලාන් දේවි..එය ඇසුණු සැනෙකින්ම මා ගූගල් කිරීමට තරම් උනන්දු වූයේ පුලාන් දේවි මොන වගේ හැඩයක්ද ? ඇය කුමන තැනැත්තියක්ද? ඇය ටීවි වල සිටින දිරිය දියණියක්ද? ඇය රහස් පරීක්ෂකවරියෙක්ද ? ඇත්තවශයෙන්ම නැත.ඇයටම ආවේණික වූ නාමයක් ඇය විසින්ම සාදා ගෙන තිබිණි. බැන්ඩිට් ක්වීන්…මේ ඇගේ නාමයයි.මේ ඇයගේ සත්‍ය යථාර්ථවාදී කතාන්දරයයි.මේ ඇයයි..ඇය පුලාන් දේවියයි.

1996 දී සීමා බිස්වාස් හොදම නිලියට හිමි සම්මානය,1995 දී ෂේකර් කපූර් ෆිල්ම් ‍ෆෙයාර් සම්මානය,1996 දී ජාතික චිත්‍රපට උළලේ හොදම විශේෂාංග චිත්‍රපටිය,1997 දී නැවතත් හොදම අධ්‍යක්ෂකට හිමි සම්මානය,1997 ෆිල්ම් ෆෙයාර් සම්මාන උලලේ හොදම සිනාමැටෝග්රැෆර් හිමි සමිමානය….(තවත් අති විශාල සම්මාන ගණනාවකට) හිමි කම් කියූ බැන්ඩිට් ක්වීන් චිත්‍රපටිය ,සත්‍ය යථාර්ථවාදී බුද්ධිමත් බයිස්කෝප් ප්‍රේක්ෂකයන්ට තිළිණ කරලීම මහත් භාග්‍යක් කොට මම සලකමි.

පුලාන් දේවි යනු ඉන්දියාවේ එක්තරා ගමක උපන් කලු පැහැ වර්ණයෙන් යුතු කුඩා දැරියකි.ක්‍රම ක්‍රමයෙන් ඇය ගේ ජීවිතයේ හැරැවුම් ලක්ෂයන්ගෙන් ගමන් ගන්නා මෙම චිත්‍රපටිය අවසානයේ ඇය මුලු මහත් ඉන්දියාවේ බිහිසුණු මිනිසුන්ගේ පපුවට බිය ගෙන දුන්  පුවත් රැසකින් ගමන කෙළවර වූ තැනැත්තියකි..ත්‍රාසය,කුතුහලය රැදී තිබෙන මෙම චිත්‍රපටියේ ඇතැම් ස්ථාන හදවත කම්පා කරන සිද්ධිද දැකිය හැකිවෙනු ඇත.

මේ ඔබ දකින්නේ පුලාන් දේවි හෙවත් බැන්ඩිට් ක්වීන් ගේ සත්‍ය ඡායරූප ගොන්නකි. 

ඉන්දියානු සමාජයේ මෙන්ම අන්තර්ජාතික වශයෙන් ද කතිකාවතකට මුලු වුනු මෙම කාන්තාව,එකල ඉන්දීය සමාජයේ කුල ගෝත්‍ර වාදී සමාජ රටාව නිසා ,බැට කෑ කාන්තා චරිතයකි. අනෙක් උසස් කුලයේ කාන්තාවන්ට මෙන් වරප්‍රසාද නොලැබුනු මෙම චරිතය. දුප්පත්කම නිසා කුඩා කල පටන් විවිධ වූ දූෂණයන්ට ලක්වෙමින්,සමාජයේ කලු චරිතයක්ව ජීවත්වුනු සුදු චරිතයක්ය.

පුලාන් දේවි ගේ රහස් ඇතුලත් සත්‍ය කතාන්දරයේ මුල් භාගය ඔබ දුටු විටම,ඔබට ඇගේ කුඩා කාලය ගැන අවබෝධය ලබා ගත හැක.දරිද්‍රතාවෙයෙන් පෙලුනු ඉන්දීය පවුල් එකල විවාහ වීමට යොදාගන්නා වයස,ගැන තැතිගන්නා සුලු අවබෝධයක් ද ඔබට ලබා ගත හැක. වයස අවුරුදු 40 ක 45 ක වැනි තැනැත්තන් බහ තෝරන වියේ පසුවන දරුවන් විවාහ කරගැනීම්.,ඉන්පසු ඔවුන්ගේ ජීවිත පසුකරන අදුරු කඩ ඉම් ගැන ඔබට මෙම චිත්‍රපටිය සාක්ෂි දරනු ඇත.

පූලාන් දේවි ගේ සත්‍ය චරිතාපදානය රැගත් මෙම කතාන්දරය මාගේ සමහරක් හින්දි සත්‍ය කතා මෙන් බාගත කිරීම් අඩු වනු ඇත. අඩුමතරමේ පන්සියයකගේ ප්‍රමාණය ඉක්මවා මෙය නැරඹුවත් මා හට සතුටුය.ඊට හේතුව මාගේ වෑයමෙන් ඔවුන්ගේ මනසට මා හට කතා කිරීමට අවැසි සිංහල උපසිරැසි ශක්තිය ලැබීම හේතුවෙන්ය.

කාරුණිකවන්න අප සැමගේ සිංහල උපසිරැසි සොරා ගෙන සීඩී තුලට එක් කොට..ලාභයි ලාභයි යනුවෙන් සේල් නොදමන්න.අවැසි වෙන්න ..අපගේ ඉදිරි සිංහල උපසිරැසි කලාව වෙනුවෙන් අපගේ ම සහෝදරයින් පුංචි අදහසිකින් දිරියක් දෙන්න.මතක තියාගන්න ..ලෝකයේ මිනිසුන්ගේ සිතුම් පැතුම් වෙනස්කල හැක්කේ අප වැනි මාධ්‍යට බව..සමුගන්නම්..බැන්ඩීට් ක්වීන් බයිස්කෝප් එල් කේ වෙනුවෙන් මම සමීර ධනංජය විජේරත්න.

 

Bandit Queen (1994) on IMDb

 

 

800 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

27eefbbfbc2600d1571c817ac4cdc7bb41de6140 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,192 downloadsDownload Bandit-Queen-1994.zip315 B

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/SameeraW.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර ධනංජය විජේරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

1,192 downloadsDownload Subtitles315 B

44 comments

  1. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  2. SanathK

    menna film. suba upandinayak bro,

    ((\o/))
    .-----//^\\-----.
    | /`| |`\ |
    | | | |
    | | | |
    '------===------'

    ..-'"'-..
    / # \
    : # : .-'"'-.
    \ / / # \
    \ / : # :
    `'q'` \ /
    ( \ /
    ) `'p'`
    ( )
    ) (

  3. chamara southern

    THANKS SAMEERA MALLI , BALAPOROTHTHUWEN HITAPU LASSANA FILM EKAK , SUBATA THANKS JAYA WEWA..

  4. chandana

    සුබ උපන්දිනයක් වේවා සමීර ඔයාට
    මේකනම් සුපිරිම ෆිල්ම් එකක් මම මෙ වගේ ඒවට ගොඩාක් ආසයි
    බොහෝම ස්තූතියි මේ ෆිල්ම් එක උපසිරැසි සමග ලබාදුන්නාට

  5. thanura

    thanks sameera happy birthday

  6. Priyankara

    Happy b'day machan.
    Thanx for the movie.

  7. Pamodh

    Wish you a very happy birthday bro.

    Thank you very much....

  8. නලින්

    ස්තුතියි සමිර සහො! අගේ ඇති කථාවක් ගෙනත් තියෙන්නේ

    ජය වේවා!

  9. SaDuN dAnUsHkA

    ඔබට සුභ උපන්දිනයක් වේවා.....
    ඒවගේ උසිරැසියට ස්තුතියි...

  10. Yenu

    Thank you...........

  11. DDSameera

    ThankqUII..MACHANLA..!!!

  12. Niluka

    Thanks,
    Mama meka Savoy eke baluwa meta godak kalekata kalin
    ayeth sinhala sub ekka balami
    thanks

  13. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :) සුභ උපන්දිනයක් වේවා…..

  14. waruna

    niyamai. subha upan dhinayak wewa macho

  15. Nicol Vishan

    නියම වැඩක්... ඒ වගේම සුබ උපන්දිනයක්.

  16. siraj priyantha(‍සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත)

    ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි.
    ‍ව‍ටි‍නා‍ක‍මක්‍ ‍රැ‍ගත්‍ ‍චිත්‍ර‍ප‍ට‍යක්‍.
    ‍ජී‍වි‍ත‍ය‍ට ‍ය‍මක්‍ ‍ග‍ත ‍හැ‍කි, ‍යම්‍ ‍දෙ‍යක්‍ ‍ගැ‍න ‍ඉ‍ගෙ‍න ‍ග‍ත ‍හැ‍කි ‍අ‍පූර්‍ව
    ‍චිත්‍ර‍ප‍ට‍ය‍ක‍ට ‍උ‍ප‍සි‍රැ‍සි ‍ගෙ‍න ‍ඒ‍ම ‍පි‍ලි‍බ‍ධ‍ව ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍ඔ‍බ‍ගේ ‍ම‍හන්‍‍සි‍ය‍ට ස්‍‍තූ‍ති‍යි ‍අ‍යි‍යේ.
    ‍දි‍ග‍ට‍ම ‍මේ ‍ව‍ගේ ‍උ‍සස්‍ ‍ග‍න‍යේ ‍චිත්‍ර‍ප‍ට ‍ව‍ල‍ට ‍උ‍ප‍සි‍රැ‍සි ‍ගෙ‍න ‍එන්‍‍න.
    ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍ඒ ‍ව‍ගේ‍ම ෴‍සු‍භ‍ම ‍සු‍භ ‍උ‍පන්‍‍දි‍න‍යක්‍ ‍වේ‍වා!෴
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!

  17. thisal

    එල තැන්ක්ස් සු‍භ‍ම ‍සු‍භ ‍උ‍පන්‍‍දි‍න‍යක්‍ ‍වේ‍වා!
    බලමුකො බාගෙන

  18. manoj

    Thankz sub ekata,kalin balala thiyena ekak,ayeth balanna one

  19. Kulanjana Maduranga

    Haapy B'Day SAMEERA saho........

    e wgema thanks SAMEERA saho..sub ekata..Digatama sub demu.jaya wewa……

  20. pathum

    supiri machan

  21. Global

    සමීර මල්ලි කිව්ව වගේම Baiscop එකේ හැමෝම කරන්නෙ ලොකු සේවයක්. කවදාවත් ඒ සේවය හෑල්ලුවට ලක්වෙන්නෙත් නෑ. ලක්වෙන්න දෙන්නත් බෑ. Baiscop එකට කමෙන්ට් කරන හැමෝම ඒක දන්නව. හැමදෙයක්ම මුදලට යටවුන කාලයක් මේක. ඒ හින්ද ඕව ගැන වැඩිය හිතන්න එපා. කොහොම උනත් ඔබට සුබ උපන් දිනයකට කමෙන්ට් කරන හැමෝම වෙනුවෙන් මගේ සුබ පැතුම්....
    අද ඔයා කලේ ලොකු සේවයක්.......

    1. DDSameera

      Thanks brother..!!!

  22. nishshanka ruwan

    ස්තුතියි

  23. prabhath

    balala thiyenawa sathya kathawak hoda wadak

  24. sameera

    elazzzzzz baala balamukooo

  25. Ruwan Rupasinghe

    suba upandinayak saho....!
    film eka niyamai. ohomayan....Suba..

  26. චන්දිම අමරසිංහ

    සු‍භ‍ම ‍සු‍භ ‍උ‍පන්‍‍දි‍න‍යක්‍ ‍වේ‍වා!
    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

    1. DDSameera

      Thanks Chandima

  27. Sanjeewa

    thanks for sub.happy b'day

  28. Naween

    බලන්න වටින කතාවක් වගේ.උපසිරැසියට තෑන්ක්ස් සහෝ...!

  29. රොයිලි

    බොහොම ස්තූතියි ධනංජය සහෝ සිංහල උපසිරැසියට. උපන්දිනයට නම් ඊයේ සුබ පැතුවා නොවැ. මෙන්න බාන්න දානවා. ජය෴෴ :P :P

    1. DDSameera

      Thanks brother..!!!

  30. Tharindu

    Thank you very much saho..!!!

  31. “චූටී මල්ලි”

    HBD mcn
    බලන්න හිතයි
    සබට තුති
    ඔබට ජය.....................

  32. Nandana

    Thank U Sameera.

  33. VIRAJ

    HAPPY BIRTH DAY SAHO.THANKS FOR SUB

  34. Menu

    Thank you!!

  35. nita

    Happy birthday bro !. Keep up the good work forever.

  36. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  37. akila13

    thanx for sub good luck bro

  38. Wicki

    උපසිරසට බොහොම ස්තූතියි

  39. Asanka

    good work bro thanks a lot.

  40. Anonymous

    Upasirasiyata bohoma sthuthyi
    Jayawewa

  41. Krishmina Withanage

    Download kargnna bane

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.