Watch Trailer

Barbie: Princess Charm School (2011) Sinhala Subtitles | කුමරියන්ගේ ලාලිත්‍ය පාසල [සිංහල උපසිරැසි සමඟ]

හායි! කොහොමද යාළුවනේ ඔයාලට, ඔන්න යාළුවනේ මම ආයෙත් ආවා නත්තලට තෑග්ගකුත් අරගෙන. මං කරපු උපැසිරැසිවලට ඔයාලා වචනයකින් හරි අදහස් දක්වපු හැමෝට ම ගොඩාක් ස්තූතියි. ඒක මට ලොකු සතුටක්. ඔයාලට මම මේ පාර අරන් ආවේ බාබි කතාවක් මේක ඇනිමේෂන් කියලා හැමෝම දන්නවනේ. මං මේකත් කියන්න ඕනේ උපැසිරැසි ගැන්වීමේ දී අඩුපාඩු තිබ…

හායි! කොහොමද යාළුවනේ ඔයාලට, ඔන්න යාළුවනේ මම ආයෙත් ආවා නත්තලට තෑග්ගකුත් අරගෙන. මං කරපු උපැසිරැසිවලට ඔයාලා වචනයකින් හරි අදහස් දක්වපු හැමෝට ම ගොඩාක් ස්තූතියි. ඒක මට ලොකු සතුටක්. ඔයාලට මම මේ පාර අරන් ආවේ බාබි කතාවක් මේක ඇනිමේෂන් කියලා හැමෝම දන්නවනේ. මං මේකත් කියන්න ඕනේ උපැසිරැසි ගැන්වීමේ දී අඩුපාඩු තිබුනොත් සමාවෙන්න. ඒ වගේ ම මට මේ චිත්රපටිය උපසිරැසි කරන්න අවස්ථාව දුන් Baiscope Team එකට සහ සියලුම දෙනාට ගොඩක් ස්තූතියි.

barbie princess charm school”කුමරියන්ගේ ලාලිත්ය පාසල”මේ කතාව මිනිත්තු 81ක් පුරාවට දිවෙන ඇනිමේෂන් කතාවක්. Animation, Family, Fantasy ගණයට අයත් මෙම චිත්රපටිය නිකුත් වුණේ 2011 සැප්තැම්බර් 13 වෙනිදා United States කැනඩාවේදීය. බොහෝ ළමයින් වෙනුවෙන් ඇනිමේෂන් කතා නිර්මාණය කරන Ezekiel Norton විසින් මෙම කතාව අධ්යක්ෂණය කර ඇත. මෙහි Blairගේ කටහඬින් දායකත්වය සපයන්නේ කැනේඩියානු හඬකැවීම් ශිල්පියක් වන Diana Kaarina විසිනි. ඒ වගේම මෙම කතාවට හඬකැවීමෙන් දායක වී ඇති අය නම්,

Miss Privet – Morwenna Banks
Dame Devin – Brittney Wilson
Delancy Devin – Nicole Oliver
Princess Hadley/Princess Portia – Ali Liebert
Princess Isla – Shannon Chan-Kent
Prince Nicholas – Vincent Tong
Emily Willows – Madeleine Peters

හොඳයි දැන් කතාව පැත්තට හැරෙමුකො…

කතාව ගැන කියනවනම් බ්ලෙයාර් කියන්නේ සාමාන්ය පවුලක හැදී වැඩුණු ගැහැණු ළමයෙක්. කුමරි ලාලිත්ය පාසලේ සෑම වසරකම ගාර්ඩේනියාවේ එක් නිත්ය පුරවැසියෙක් පූර්ණ ශිෂ්යයත්වයක් දිනා ගෙන එම පාසලට රාජකීය කුලස්තීයක් වීමට අවස්ථාව ලැබෙනවා. එයින් එයාලගේ ජීවිතය සඳහට ම වෙනස් වෙනවා. ඉතිං මේ සඳහා බ්ලෙයාර්ගේ සහෝදරිය වන එමිලි ලොතරැයි පත් වල බ්ලෙයාර්ගේ නම සඳහන් කරනවා. කොහොමහරි ලොතරැයි ජයග්රාහකයාවෙන්නේ බ්ලෙයාර්. ඉතිං එයා නංගි වෙනුවෙන් පාසලට ඇතුල් වෙලා උපාධිය ලබා ගන්න උත්සාහ කරනවා. ඒ අතරතුර දී ඒ මාළිගාවේ තිබුණු අභිරහස් පුරාවෘත්තයක් පිළිබඳ එළියට එනවා. ඒ ගාර්ඩේනියාවේ සැබෑ රාජකීය පවුල ගැන. ඒ මොකක් ද? එයාලට මොකද වුණේ? බ්ලෙයාර්ගෙයි ඒ පවුල අතරයි තියෙන සම්බන්ධය මොකක් ද? හරි කතාව ගැන වැඩිපුර කිව්වොත් වැඩක් නැති වෙනවනේ. ඒ නිසා මේ කතාව ඔයාලා නරඹල ම රස විඳින්න කියලා මම ආරාධනා කරනවා.

මේ Film එක උපැසිරැසි කරන්න මට අවස්ථාව සලසා දුන් බයිස්කෝප් Admin මඩුල්ලට හදපිරි ස්තූතිය පුද කරමින් තවත් ලස්සන කතාවකින් ලබන වසරේ දී නැවත හමුවෙමු.

එහෙනම් එන නත්තල ඔයාලා හැමෝටම සුභ නත්තලක් වේවා!
දෙවි පිහිටයි!
ස්තූතියි!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය DVD පිටපත් සඳහා අදාල වේ

4,863 downloadsDownload Barbie-Princess-Charm-School-2011.zip46 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යමීනා ජොහාර් ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2019-03-11
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

4,863 downloadsDownload Subtitles46 KB

8 comments

  1. vsisuru

    thnkx sahoo

  2. Hashan M. Priyadarshana

    Bohoma sthuthi sis sub ekata.. :)
    Jaya wewa.!

  3. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි....!

  4. rockz2020

    බොහොම ස්තූතියි මිතුරිය සබ් එකට✌❤
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    Wallace & Gromit: The Curse of the Were-Rabbit
    (2005)
    Dino King 3D: Journey to Fire Mountain (2019)

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Peepteen

    Thnkz.. barbie movies mula idan dennako okkoma❤️...plz

  7. vishnuka

    Jaya wewa......

  8. Anonymous

    Barbie princess adventure එකේ සිංහල substile nadda

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.