සුභ දවසක් ! හොඳයි, එහෙනම් මේ තමයි මගේ 50 වැනි උපසි‍රැසි නිර්මාණය. මෙතුවක් කාලයක් පුරාවට බයිස්කෝප් වෙබ් අඩවියේ නිල සාමාජිකයෙකු වී සිටීම පිළිබඳ මා තුළ තිබෙන්නේ නිහතමානී ආඩම්බරයක්. මම උපසි‍රැසියක් නිර්මාණය කරන්න මුලින්ම පෙළඹුනේ… මතක විදියට… 2016 අවුරුද්දේ දෙසැම්බර් මාසයේ වගෙයි. මට ලැබුනු යම් චිත්‍රපටි…

සුභ දවසක් ! හොඳයි, එහෙනම් මේ තමයි මගේ 50 වැනි උපසි‍රැසි නිර්මාණය. මෙතුවක් කාලයක් පුරාවට බයිස්කෝප් වෙබ් අඩවියේ නිල සාමාජිකයෙකු වී සිටීම පිළිබඳ මා තුළ තිබෙන්නේ නිහතමානී ආඩම්බරයක්. මම උපසි‍රැසියක් නිර්මාණය කරන්න මුලින්ම පෙළඹුනේ… මතක විදියට… 2016 අවුරුද්දේ දෙසැම්බර් මාසයේ වගෙයි. මට ලැබුනු යම් චිත්‍රපටි කිහිපයක තිබුන සිංහල උපසි‍රැසි කිහිපයක් දැකලා ඒවා වල www.baiscope.lk ටැග් ඒකත් දැකලා මට ඕනේ කමක් ඇති වුනා මොකක්ද මේ සයිට් ඒක කියලා ටිකක් හොයලා බලන්න. ඇත්තටම මට ඒ උපසි‍රැසිත් එක්ක ලැබිච්ච චිත්‍රපටි බලපු පමණින් මට ආසාවක් ඇති වුනේ නෑ උපසි‍රැසි කරන්න. මට ආසාව ඕනෑකම ඇති වුනේ මේ බයිස්කෝප් වෙබ් අඩවිය ඇතුළට ගිහින් ඒ ඒ උපසි‍රැසි නිර්මාණකරුවන්ගේ ලිපි, එයාලගේ අදහස්, එයාලට බයිස්කෝප් රසිකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර, ස්තූතිය පුදු කිරීම් යන මේ කාරණා දැකලා තමයි. ඒ වගේම ලංකාවේ අංක 1 හොඳම උපසි‍රැසි වෙබ් අඩවියත් බයිස්කෝප් ඒක කියලා දැනගත්තම මගේ උවමනාව තවත් වැඩි වුනා. මට තියන දැනුමත් එක්ක ඉතින් මම හිතුවා චිත්‍රපටි වලට උපසි‍රැසි ගන්නවලා විදෙස් චිත්‍රපටි, රූපවාහිනී කතා මාලා වලට සිංහලෙන් උපසි‍රැසියක් බලාපොරොත්තු වෙන බාලමහළු හැමෝටම හොඳ රසවින්දනයක් ලබාදෙන්න.

මගේ මුල්ම උපසි‍රැසිය මම කරලා දුන්නේ බයිස්කෝප් එකෙන් අහන්නෙවත් නැතුවයි, බයිස්කෝප් අඩවියේ නීති ගැන දැනුවත්කමක් එතකොටත් තිබුනා. ඒත් කොහොමහරි මට මේක කරන්නද කියලා අහන්න ඒ හැටි මතකයක් තිබුනේ නෑ. නිකන්ම තමයි Subtitle ඒක ලිපියක් එක්ක කරලා දුන්නේ. මගේ පළවෙනි රූපවාහිනී කතා මාලාව මට කරන්න කියලා බාර දුන්නේ අසංක ප්‍රදීප් රණතුංග කියලා සහෝදරයෙක්. ඉතින් මේ මේ අයව මට හොඳට මතකයි. ඒ වගේම මතක් කරන්න ඕනේ මට නිතර පිළිතුරු එවපු සිසිල ප්‍රසාද් කියලා සහෝදරයෙක්ව. හසන්ත වික්‍රමරත්තන, රොයිලි, තිසර නියෝ, ශාන් විමුක්ති, චාමර සම්පත්, ආසිරි ප්‍රියන්ත, සමන් ප්‍රසාද්, නවෝදනි තිලිණි සසිනිකා, බොබී, හෙලීලි හේමමාලී. මට ඉතින් දැනට මතකෙට එන්නේ මෙයාලා ටික තමයි, තව කාලයක් ඉස්සරහට ගිහාම හුඟක් අයව අඳුරගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. තව ගොඩක් අය ඉන්නවා මට නම් විදියට කියන්න නම් හැමෝවම මතක නෑ. ඒ හින්දා කවුරුත් අමනාප නම් වෙන්න එපා.

මගේ උපසි‍රැසි 50 සමන්විත වෙලා තියෙන්නේ මෙහෙමයි, ඒ චිත්‍රපටි 23කුත් එක් රූපවාහිනී කතා මාලාවක කොටස් 26කිනුයි. මගේ පළමු උපසි‍රැසි චිත්‍රපටය ඇවිල්ලා A Dennis the Menace Christmas (2007). ඒ වෙලේ මං ළඟ තිබුනේ මේ චිත්‍රපටිය, ඉතින් අහුවුන ඒකට විගහට කරා. මගේ පළමු රූපවාහිනී කතා මාලාව තමයි කවුරුත් දන්න Crash Zone කතා මාලාව. ඉතා විශාල මහන්සියක් දරලා තමයි මම මේ කතා මාලාවට උපසි‍රැසි නිර්මාණය කරේ. ඉංග්‍රීසි උපසි‍රැසියක් තියා වෙනත් කිසිදු භාෂාවකින් කොටින්ම අංක දත්ත පිටපතක්වත් ඒකට තිබුනේ නෑ. ඉතින් මටම තමයි ලයින් ගහගෙන හඬට හොඳින් සවන් දීගෙන ඒ අනූව උපසි‍රැසි කරන්න වුනේ. මම ඇත්තටම ඒ වෙනුවෙන්ම බොහොම වෙහෙසක් දැරුවා. ඒක දන්නේ මම විතරයි 🙁 මට හැමෝගෙන්ම හොඳ ප්‍රතිචාර ඒකට ලැබුනා. ඒ වගේම මෙතෙක් මම කරපු කිසිම උපසි‍රැසියකට කිසිම අයුරකින් කිසිම කෙනෙක් වචනෙකින්වත් වැ‍රැද්දක් අඩුපාඩුවක් කියලා නෑ. ඒ ගැන මට හුඟක් සතු‍ටුයි. ඒ නිසාමයි මට මෙහෙම දිගටම උපසි‍රැසි දෙන්න හිතේ කැමැත්තක් ඕනේ කමක් ඇති වුනේ. උපසි‍රැසියක් නිර්මාණය කරනවා කියන ඒක නම් ලේසි පහසු වැඩක් නෙමෙයි. ඒක අපේ මේ සහෝදර උපසි‍රැසි නිර්මාණකරුවන් හැමදෙනාම හොඳ හැටි දන්න කාරණයක්. ඉතින් කවුරුත් මට මේ වෙනකන් වැ‍රැද්දක් අඩුපාඩුවක් නොකියලා තියන නිසා මම තීරණය කරා තවත් වසර ගණනාවක් යන තුරාවට මෙහෙම බයිස්කෝප් එකටම දිගටම උපසි‍රැසි ලබා දෙන්න. ඔයාලා හැමෝගෙම අදහස් පහළින් දාන්න. ඒ අදහස් අපිට හුඟක් වටිනවා. ඒවා අනූව තමයි අපිට ඉස්සර දෙයක් කරන්න උනන්දුව ඇතිවෙන්නේ. කවුරුත් Comment එකක්වත් නැතුව නිකන් තියනවා දකිනකොට ඇත්තටම අපිට ආයේ මෙහෙම මහන්සි වෙලා දෙයක් කරන්න ඇත්තටම එපා වෙනවා.

ඉතින් මට තවත් වැඩි දෙයක් කියන්න නෑ. අපි මේ කරන දේට මුදල් බලාපොරොත්තු වෙන්නේ නෑ. අපි මහන්සි වෙලා කරන දේට අනිත් අයගේ ප්‍රශංසා, ගෞරවය, ස්තූතියි පුද කිරීම්, දිරි ගැන්වීම් පමණයි අපිට උවමනා. එහෙම අපිට පුංචි වචනයකින්වත් සහයෝගයක් කාටවත් දෙන්න උවමනා නැත්තම් ඒක හුඟක් කණගා‍ටුදායකයි කියලා තමයි මට කියන්න තියෙන්නේ. උපසි‍රැසි 50ක් කරගන්න මට පමණට වඩා වැඩි කාලයක් ගියේ මගේ අර කතා මාලාව නිසාවෙන්ම වැය වුන අධික කාලය හින්දයි.

සුපිරි සිනමා නළු රොබින් විලියම්ස්ගේ සියදිවි නසා ගැනීම.

මෙම චිත්‍රපටයේ ඇන්ඩෘ නම් රොබෝවරයාගේ ප්‍රධාන චරිතයට රංගනයෙන් පණ පොවනු ලැබූ ඔස්කාර් සම්මාන ලාබී රොබින් විලියම්ස් නම් සුන්දර මිනිසා 2014 අගෝස්තු මස 11 වන දින ඇමරිකාවේ පැරඩයිස් කේ, කැලිෆෝනියා හී තම නිවස තුළදි එල්ලී සියදිවි නසා ගන්නා ලදී. මෙම මරණයට හේතුව සැබෑ ලෙසම සියදිවි නසා ගැනීමක්ද ?? නැත්තම් ඝතනයක්ද ?? එවකට එය මහත් මතභේදයට තුඩ දුන් පුවතක් වුනා. කෙසෙවෙතත් රොබින් විලියම්ස්ගේ බිරිඳට අනූව ඇය පවසා තිබෙන්නේ මෙය සියදිවි නසා ගැනීමක් ලෙසයි. ඔහු එසේ කරගැනීමට හේතුව ලෙස ඇය දක්වන්නේ රොබින් කාලයක සිටි මොළය හා සම්බන්ධ දුර්ලභ රෝගී තත්වයකින් අධික ලෙස වේදනා විඳිමින් සිටිනු ලැබූ බව නිසාවෙනි කියා.

රොබින්ගේ බිරිඳ සිය සැමියාව අවසන් වරට දැක තිබෙන්නේ 2014 අගෝස්තු මස 10 වන දින නින්දට යාමට පෙර රාත්‍රියෙයි. දෙදෙනා නිදාගෙන ඇත්තේ වෙන් වෙන් කාමර දෙකකයි. පසුදා උදෑසන 10:30ට පමණ බිරිඳ නිවසින් පිටව ගොස් තිබෙනවා. පිටව යන අවස්ථාවේ ඇය සිතා ඇත්තේ රොබින් තවමත් නිදාගෙන ඇති බවයි. මෙලෙස මෙම ප්‍රකාශය ඇය පොලීසියට පවසා තිබෙනවා. දහවල් 12ට පමණ රොබින්ගේ පෞද්ගලික සහයකයා පැමිණ ඔහුගේ කාමරයේ දොරට තට්‍ටු කර ඔහුව හමුවීමට උත්සහා කර තිබෙනවා. නමුත් ඊට කිසිදු ප්‍රතිචාරයක් නොලැබුනු නිසා තමන් විසින් දොර විවෘත කරගෙන කාමරයට ඇතුල් වූ බවයි ඔහු පොලිසීයට පවසා තිබෙන්නේ. එහිදී රොබින්ගේ සිරුර එල්ලෙමින් තිබුනු බවත් එය දැඩි ලෙස සීතල වී තිබුන බවත් ඔහු පවසා තිබෙනවා. පශ්චාත් මරණ පරීක්ෂණයෙදි හෙළි වී ඇත්තේ රොබින්ගේ මරණය ගෙල සිරවී හුස්ම ගැනීමට නොහැකි වීම හේතුවෙන් මෙම මරණය සිදු වී ඇති බවයි. නමුත් මෙම මරණය පිළිබඳ සැක මතු වීම හේතුවෙන් විෂ වේදීන්ගේ වාර්තාවක් ගෙන ලබා තිබෙනවා. එහිදි එම වාර්තාවෙන් ප්‍රකාශ වී ඇත්තේ රොබින්ට කිසිදු විෂක් ශරීරගත වී නොමැති බව යන්නයි. රොබින් විලියම්ස්ගේ මරණය සියදිවි නසා ගැනීමක් බවට පොලීසිය තහවුරු කර ඇත්තේ ඉන් අනතුරුවයි. මිය යන විට රොබින් විලියම්ස් 63 වන වියේ පසු වූවා.

(රූපය – එවකට ඇමරිකානු ජනපති බැ‍රැක් ඔබාමා සහ මිෂෙල් ඔබාමා මැතිණිය ධවල මන්දිරයේ සිට රොබින්ට අවසන් ගෞරව දක්වන අයුරු)

* ඔස්කාර් සම්මානයන්ගෙන් පවා පිඳුම් ලැබූ මේ සොදුරු මිනිසාගේ සිනමා පට කිහිපයකි මේ,

● Can I Do It… ‘Til I Need Glasses? (1977) – රොබින්ගේ මුල්ම විකට චිත්‍රපටය.
● Aladdin (1992) – ඇලඩින් එකේ පහනේ ඉන්න භූතයට හඬකවලා තියෙන්නේ මෙයා තමයි.
● Good Will Hunting (1997) – රොබින් ඔස්කාර් සම්මානයෙන් පිඳුම් ලැබූ චිත්‍රපටය.
● Jumanji (1995) – අපි කවුරුත් දන්න ඒ අපූරු චිත්‍රපටය.
● Bicentennial Man (1999) – බාල මහළු සැම දෙනා තවමත් ආදරය කරන රොබින්ගේ ඒ සංවේදී සුන්දර සිනමා පටය.
● A.I. Artificial Intelligence (2001) – සුපිරි චිත්‍රපටි අධ්‍යක්ෂ ස්ටිවන් ස්පිල්බර්ග්ගේ දැවැන්ත චිත්‍රපටයක්.
● Night at the Museum – කෞතුකාගාරයේ කෞතුක වස්තු වලට පණ එන ඒ සුන්දර චිත්‍රපටය.
● Night at the Museum: Battle of the Smithsonian (2009) – කෞතුකාගාරයේ බඩු වලට පණ එන දෙවෙනි චිත්‍රපටිය.
● Night at the Museum: Secret of the Tomb (2014) – රොබින් මියගිය පසු තිර ගත වූ ඔහු රංගණයෙන් දායක වූ චිත්‍රපටය.
● Absolutely Anything (2015) – සුනඛ චරිතයකට හඬ කැවීමෙන් දායක වුනා.
* මේ චිත්‍රපටි කිහිපයක් පමණයි, තවත් මොහුගේ චිත්‍රපටි විශාල සංඛ්‍යාවක් තියනවා.

(රූපය – රොබින් ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලබා සිටිනා අයුරු)

(රූපය – Jumanji (1995) චිත්‍රපයට අතරතුර රොබින්)

(රූපය – රොබින් සම්මානයකින් පුදුම් ලබා සිටින අවස්ථාවක්)

(රූපය – රොබින් කොල්ලා කාලේ)


* හොඳයි, එහෙනම් අපි දැන් බලමු 50ට ගෙනල්ලා තියන මේ විශේෂ චිත්‍රපටිය මොකක්ද කියලා.

*** Bicentennial Man (1999) ***
** ඇස් වලින් කඳුළු තෙත් වෙන සංවේදී චිත්‍රපටියක් **

(රූපය – Bicentennial Man නිල පෝස්ටරය)

වර්ෂ 1999 දෙසැම්බර් මස 17 වන දින ක්‍රිස් කොලම්බස්ගේ අධ්‍යක්ෂණයක් වන Bicentennial Man චිත්‍රපටය Drama, Family, Fantasy යන ගනයන් වලට අයත් වෙනවා. මෙහි ධාවන කාලය පැය 2යි විනාඩි 12ක් පුරාවට දිව යනවා. Box Office ආදායම් වාර්තා ලෙස ඩොලර් මිලියන 87.4ක මුදලක් මෙම චිත්‍රපටය ඉපයීමට සමත් වී තිබෙනවා. ලෝක ප්‍රසිද්ධ Columbia Pictures,Walt Disney Studios Motion Pictures, Sony Pictures Releasing යන ආයතන මෙම චිත්‍රපටයේ වැඩකටයුතු වලට සෘජුවම දායක වී තිබෙනවා.

* හොඳයි, මේකයි කතාව,

බිරිඳ සහ තම කුඩා දියණියන් දෙදෙනා සමග සැපවත් ජීවිතයක් ගත කරන ධනවත් පුද්ගලයෙක් තමයි රිචඩ් මාර්ටින්. තමන්ගේ ගේ දොර වැඩ කටයුතු පහසු කරගැනීමේ අරමුණින් මාර්ටින් දවසක් සුපිරි අධි තාක්ෂණික රොබෝවක් මිලට ගනු ලබනවා. මාර්ටින් හැර පවුලේ අනෙකුත් උදවියගෙන් නම් ආරම්භයේ සිටිම මෙම රොබෝවට දැඩි ප්‍රසාදයක් හිමි වන්නේ නෑ. ඒ ඇන්ඩෘ හැඟීම් දැනීම් නොදැනෙනා යන්ත්‍රයක් නිසාවෙනි. කෙමෙන් කෙමෙන් මාර්ටින් පවුලට කිට්‍ටුවන ඇන්ඩෘ පවුලේ සිටිනා කුඩාම දැරියගේ සිතේ විශේෂ තැනක් දිනාගැනීම සමත් වෙනවා. නමුත් අනෙක් වැඩිමහල් දැරියට එය එසේ නොවේ, ඇය මෙම රොබෝවරයාට නින්දිත පහත් අයුරින් සලකයි. දිනක් රාත්‍රියේ වැඩිමහල් දැරිය මෙම රොබෝව විනාශ කිරීමේ අරමුණින් ඔහුට නිවසේ ඉහත මහළයේ සිට ජනේලයෙන් බිමට පනින ලෙස නියෝග කරනු ලබයි, එම නියෝගයට අවනත වන ඇන්ඩෘ එය සිදු කරයි. ඉන් පසු දැඩි ලෙස හානියට පත් වී සිටින තම රොබෝවරයාව මාර්ටින් දැක ඔහුටත් පවුලේ අයෙකුට මෙන්ම සලකන්නටයි සියලුම දෙනාට දැඩි ලෙස අවවාද කොට පවසනු ලබයි. ඉන් පසු කිසිදු හිරිහැරයකින් තොරව ඇන්ඩෘ යම් කාලයක් මෙම පවුල සමග කාලය ගත කරමින් සිටින විට ඇන්ඩෘ විසින් සිදු කරනු ලැබූ යම් දෙයක් නිසාවෙන් මාර්ටින් ඉමහත් විමතියට, කුතුහලයට පත්වෙනු ලබනවා. තවද ඇන්ඩෘගේ චර්යා රටාවන් හී විවිධ බොහෝ රොබෝවෙකුට සමාන නොවෙන වෙනස්කම් මාර්ටින් හඳුනා ගනු ලබනවා. තමන්ගේ රොබෝවරයාගේ මේ අසාමන්‍ය හැකියාව නිසාවෙන් මාර්ටින් තීරණය කරනවා ඇන්ඩෘගේ නිර්මාණකරුවන් වෙත ඔහුව යොමු කොට මීට හේතුව කුමක්දැයි ලෙස පිළිතුරක් දැනගැනීමට. තමන්ගේ මෙම රොබෝව සාමාන්‍ය රොබෝවක් නොවන බවත් විශේෂ හැකියාවකින් යුත් අද්විතීය නිර්මාණයක් බවත් මාර්ටින් මෙහෙදි වටහා ගනු ලබයි. ඉන් අනතුරුව මාර්ටින් ඇන්ඩෘට පිටත ලෝකය පිළිබඳ හා මිනිසාගේ සිතුම් පැතුම්, ඔවුන් කටයුතු කරනා ආකාරය, හොඳ නරක, ආදරය යන දෑ පිළිබඳ උගන්වනු ලබයි. ඉතා ඉක්මනින් මෙම දැනුම තමා තුළට කාවද්දා ගන්නා ඇන්ඩෘ අවසානයේ සැබෑ මිනිසකු වන අයුරුත් වසර 200ක් පුරාවට විවිධ කාලයන් හී තම ජීවිතය ගත කරන අයුරුත් ඉතාමත් සුන්දර සහ සංවේදී ලෙස මෙම චිත්‍රපටයෙන් ගෙනහැර දක්වනවා.

හොඳයි, එහෙනම් මීට වඩා වැඩි විස්තරයක් කරන්න උවමනා නෑ කියලා මම හිතනවා. කතාව අනිවාර්යෙන්ම අරගෙන බලන්න. හරිම ලස්සනයි.

ඇස් වලින් කඳුළු වගුරවගෙන බලන්න පුළුවන් සංවේදි තාලේ චිත්‍රපටි බලන්න ආස අය විතරක් මේක අරන් බලන්න.

”මිනිසෙකු ලෙසින් මිය යෑම මට සැපයි… යන්ත්‍රයක් ලෙස සදාකල් ජීවත් වෙනවාට වඩා.”

මෙම උපසි‍රැසිය BluRay, Frame rate – fps: 50 පිටපත් සදහම පමණක් අදාල වෙන බව කරුණාවෙන් සලකන්න.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

2,716 downloadsDownload Bicentennial-Man-1999.zip52 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

UD Shehan

Subtitles

2,716 downloadsDownload Subtitles52 KB

47 comments

  1. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ.....!
    ඒ වගේම 50 වෙනි කඩ ඉමටත් සුබ පැතුම්....!
    වැඩිය කවුරුත් නොබලන මේ වගේ මග ඇරුන හොද ෆිල්ම් වලට සබ් දෙනවට බොහොමත්ම ස්තූතියි. ඒවගේම 50 වෙනි කඩ ඉමටත් වැඩි දෙනෙක් බලන අලුත් තාලෙ රැල්ලට යන ෆිල්ම් එකක් වෙනුවට මේ වගේ පරන උනත් විශිෂ්ඨ සිනමා පටයක සබ් එකක් දුන්න එක ඉතාමත්ම ඉහලින් අගය කරනවා...
    බලලම කියන්නම් සහෝ කොහොමද කියලා...
    දිගටම මේ වගේ පරන උනත් හොද ෆිල්ම් වලටම සබ් කරමු. වීව්ස් කමෙන්ට්ස් අඩු උනත් ඒවට කැමති පිරිසක් ඒ වටා ඉදීවි. ඔබට ජය....!

  2. Malinda

    පට්ටම ෆිල්ම් එකක්. කිව්වා වගේම ගොඩාක් සංවේදී කතාවක්.

    1. Supun_boy

      මං මේ කතාව පොඩිකාලෙ බලලා තියනවා ඒකත් සබ් මොකුත් නැතුව, මෙලෝ වචනයක් තේරෙන්නැ.. ඒවුනත් කතාව බලලා මං ඇත්තටම රසවින්දා. පට්ටම පට්ට සංවේදී කතාවක් කිව්වොත් හරි.. බොහොම ස්තුතියි මේ කතාව දැං හරි සබ් එක්ක එලියට දැම්මට, ආයේ බලන්න ඕන.. ජයවේවා !

  3. Hashan M. Priyadarshana

    Godak sthuthi bro sub ekata...
    Jaya wewa.!

  4. geeganagamage

    ඔබලාට අයූ රක්කන්ත ආවඩා…
    මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි. දිගටම හැකි වෙලාවට උපසිරැසි දෙන්න .
    ලස්සන ෆිල්ම් එකක් නේ තවත් හොද ලස්සන ෆිල්ම් වලට උපසිරැසි දෙන්න.
    දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
    තව තවත් ලස්සන ඒවා වලට සබ් දෙන්න හැකිවේවා .
    සුපිරියි සුභපැතුම්..

    1. Aavl@8319

      Good job

  5. upul kumara

    godak sthuthi bro sub ekata..
    50 nas wani kadaimata suba pathum

  6. එල්.සී. දමැල්

    50ට සුභ පැතුම්. තවත් මේ කාර්ය වෙනුවෙන් යොදන්න කාලය ලැබේවා කියලා පතනවා. ජය...

  7. arawindasunimal

    bohoma sthuitiy

  8. indika75

    thanks..50 ta suba pathum !!!!!!

  9. benukanimsena

    පනස් වෙනි උපසිරැසියට බොහොම ස්තුතියි සහෝදරයා
    නියම චිත්‍රපටයක් නේ කඩඉමට කරලා තියෙන්නේ
    අනිවාර්යයෙන්ම මේක බලනවා
    ඉදිරියටත් වැඩි වැඩියෙන් මේ වගේ චිත්‍රපටි අරගෙන එන්න
    ජය වේවා!!!

  10. asanka weerakkody

    super machan

  11. නලින් පෙරේරා

    නියමයි මල්ලි, 50‌ව‌ෙනි උපසිිරසට සුභ පතනවා. තව තවත් නිර්මාණ කරන්න හැකියාව ලැබෙවා.
    ජය ‌ව‌ෙවා!!

  12. හසන්ත වික්‍රමරත්ත

    50 වෙනි උපසිරසට උණුසුම් සුබපැතුම් මල්ලි!

  13. dx12

    Thanks bro sub ekta

  14. dx12

    50ta hadawathinma suba pathanwa
    Ash vs evil dead season 3
    Colony season 3
    Z nation season 5
    Arthdal chronicles season 1
    Sub dennako plzzzzzz

  15. thushararox

    Mrs. Doubtfire mekatath sub daanako.

  16. Thilee

    සුප්පා බ්‍රො

  17. කවිශල් රසින්ත (කවී)

    50 වෙනි එහෙමත් නැත්තම් පලවෙනි කඩයිමට උණුසුම් සුභ පැතුම් සහෝදරයා. සයිට් එකේ තිබ්බ අඩුවක් තමා මේ චිත්‍රපටය. ඒක කඩයිමට තෝරගෙන ලබාදීම ගැන ගොඩ්ක් සතුටුයි වගේම ස්තූතියත් පල කරනවා. එහෙනම් ඉදිරි සියළු කටයුතුම සාර්ථක වෙන්න කියලා පතන ගමන්ම දිගටම උපසිරැසිකරනයෙත් රැදි ඉමු. ජය වේව...!!

  18. තිසර නියෝ

    50 කඩයිමට හදපිරි සුබ පැතුම් මලේ. මෙතැනින් නොනැවතී ඉදිරියටම යන්න සුබ පතනවා.
    සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා

    #Hail_Hydra

  19. Ravindu Rukshan

    50 වෙනි උපසිරැසය උණුසුම් සුභ පැතුම් සහෝ. පැරණි චිත්‍රපට ලේසියෙන් බැලෙන්නෙ නෑ එකක් දෙකක් හැරුණුකොට නමුත් මේක අනිවාර්යයෙන් නරඹනවා. ඒවගේම මෙතනින් නොනැවතී ඉදිරියටම යන්න ලැබේවා කියා පාර්ථන කරනවාඅ

  20. Kalpa_Jeewantha

    Kaleka idan hoyapu film ekak, kathawa mathaka thibunata nama danagena hitiye na. Thank you very much!

  21. kavini99

    සිංහල උපසිරැසියට ස්තූතියි
    50 වෙනි උපසිරැසියට හදවතින්ම සුභ පතනවා
    ජය

  22. sanjeewakbg

    My congratulations bro..
    Thanks for the sub...

  23. Tharaka

    50 weni sub ekata suba petum saho. sinhala sub ekatat godak thanks..

  24. wnrodrigo

    Good work friend, Thanks!

  25. Ishan Madusha

    නියමයි සහෝ.බොහොම ස්තූතියි සබ් එකට

  26. Kantha_DLA

    50 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  27. asithaxx

    Good work bro.. congratulations..

  28. jagath55

    Thanks

  29. Navodani Thilini Sasanika

    50 කඩඉමට උණුසුම් සුභපැතුම්! 50ට ගෙනල්ලා තියෙන්නෙ කවුරුත් අත නොතියපු ගොඩක් සංවේදි චිත්‍රපටියක්. මේක දුන්නට ගොඩක් ස්තූතියි. ඉදිරි වැඩකටයුතුත් මේ වගේම සාර්ථක කරගන්න සුභ පතනවා.

  30. උදයංග සම්පත් හතරසිංහ

    සුබපැතුම් සහෝදරයා.. ඔහොම ඉස්සරහට යමු. ගැම්මෙන් 100 ගහමු එහෙනම්. ජය වේවා..! ❤️❤️

  31. බොබී

    50 කඩයිමට පැමිණීම වෙනුවෙන් සුබ පතනවා, සහෝ. අපි ඔහොමම 100 ත් ගහමු නේද? අළුත් ෆිල්ම් වලට නම් සබ් දෙන්න කවුරු හරි ඉන්නවනේ. පරණ ෆිල්ම් වලට සබ් දෙන ඔයාලා වගේ අයත් බයිස්කෝප් එකට ඉන්නම ඕනි.

    මේ කියන නළුවා ගැන නම් නොදන්න කෙනෙක් නැතුව ඇති. එයාට අත්වුන ඉරණම ගැන නම් කණගාටුයි. මේක ලස්සන ෆිල්ම් එකක් වෙයි කියලා හිතෙනවා. මේ උපසිරැසිය වෙනුවෙන් බොහොම ස්තූතියි. පරිගණක දඟයන්ට පණ දුන්නා වගෙම පුළුවන් නම් තව පරණ ටීවී සීරීස් වලටත් සබ් දෙන්න. ඉදිරි ගමන සුභ වේවා!

  32. Emi

    Thanks for the sub

  33. wasantha senadheera

    thank u sooo much

  34. Lt.Snk

    Ada balanna yanne deka tunakma eka husmata. thanks brother. keep it up!

  35. Chämàrá Sâmpáth

    ලගාවුනු මුල්ම කඩයිමට උණුසුම් සුභපැතුම් සහෝ.
    මෙතැනින් නොනැවතී තවත් මේ වගේම වෙනස් නිර්මාණ වලට දායකත්වය ලබාදෙන්න හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
    මේ උපසිරැසියටත් බෙහෙවින් ස්තුතියි. ජය!!

  36. රොයිලි

    උණුසුම් සුබ පැතුම් ශෙහාන් මල්ලි. කමෙන්ට් එකක් දාන්න ප්‍රමාද වුණාට සමාවෙන්න. සුපිරිම එකක් තමා තෝරගෙන තියෙන්නෙත්. මෙතනින් නොනැවතී 100 ට හැකි ඉක්මනින් යන්න ලැබේවාත් පතනවා. එහෙනම් වෙනද වගේම බොහොම ස්තූතියි සිංහල උපසිරැසියටත්. ජය෴෴ :P :P

  37. චානක ඉඳුනිල්

    50වෙනි කඩයිමට උණුසුම් සුභපැතුම් සහෝ!
    ඒ වගේම උපසිරැසියටත් බොහොම ස්තූතියි!
    පරණ ඒවට සබ් කරන ඔයාල වගේ අය සයිට් එකට ගොඩක් වටිනවා.
    Good Luck For Your Future...!

  38. Ara N Madhu

    Watina movie ekak....robin williamsge thiyena hekiyawen ada enna thiyenne bindaak wage... e wage naluwo nethi weema maara paaduwak... thanks malli

  39. Asanke

    Thanks for sub

  40. isuru dilshan

    50වෙනි උපසිරැසියට සුභ පතනවා සහෝ!!
    ඊලග කඩයිම් වලටත් යමු..ජයවේවා..!!!

  41. IreshSampath

    thanks

  42. ශසිත් සඳරුවන්

    මුලින්ම සමා වෙන්න ඕන මලේ කමෙන්ටුවක් දාන්න පරක්කු වුනාට. මේක දැක්කමෙ නෑ නෙව. :P
    පරණ චිත්‍රපට වලට උපසිරැසි කරනවා කියන්නේ ඇත්තටම ලේසි වැඩක් නෙවෙයි.
    මොකද ලැබෙන ප්‍රතිචාර අඩුයි. ඩවුන්ලෝඩ්ස් අඩුයි. ඒ නිසා තවත් උපසිරැසියක් කරන්න ලැබෙන උත්තේජනය අඩුයි.
    හැබැයි සමහර පැරණි චිත්‍රපටලෝලින්ගෙන් ලැබෙන සමහර දීර්ඝ අදහස් දැක්වීම් වලින් ඒ හැම දේම මැකිලා යනවා. ඉතින් මේ විදිහටම දිගටම පැරණි රසවින්දනාත්මක, සම්මාණලාභී චිත්‍රපට වලට උපිසිරැසි අරන් එන්න හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පෞද්ගලික ජීවිතේ වැඩ කටයුතුත් සාර්ථක වේවා! දිගටම සබ් දෙමු ආ... ජය!

  43. ලහිරු ප්‍රසාද්

    50 වෙනි උපසිරැසිය වෙනුවෙන් හදවතින්ම සුබ පතනවා සහෝ.
    සමාවෙන්න ඕන පරණ චිත්‍රපට බැලෙන්න නැති නිසාද මන්දා කමෙන්ටුවක් දාන්නත් බැරිවෙලා.
    එහෙනම් ඉතිං ඉදිරියටත් පැරණි චිත්‍රපට වලට උපසිරැසි ලබා දෙන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
    ජය!

  44. Dasun Hasantha

    Subha Pathum Sahooo!!! Digatama yamu apith ekka… Jaya wewa! Budu Saranai!!!

  45. Wad Tharindu

    Thankss bro meka man aurudu ganak thisse hewwa