උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න
ආයුබෝවන් හැමෝටම! අද මමඅරගෙන ආවේ චීන ඇනිමේෂන් ෆිල්ම් එකක්. ඒ Big Fish & Begonia (2016) ෆිල්ම් එක. මේ ෆිල්ම් එක නම් ගොඩක් අය බලලත් ඇති. ඒත් මේ ෆිල්ම් එකට
කොහෙවත් හරිහමන් සිංහල උපසිරැසියක් නැති හින්දා මං හිතුව සිංහල උපසිරැසිය දෙන්න. අනිමෙ වගේ අනිමේෂන් ස්ටයිල් එක නිසා මේක හරිම ලස්සන චීන චිත්‍රපටියක්.
Liang Xuan සහ Zhang Chun එකතුවෙලා අධ්‍යක්ෂණය කරපු මේ ෆිල්ම් එක Animation / Adventure / Drama / Fantasy ගණයට තමයි අයිති වෙන්නේ.
මේ වෙද්දී IMDb දර්ශකයේ 7.0ක අගයක් ද Rotten Tomatoes අගය 94%ක් ගන්න මේ ෆිල්ම් එකට හැකිවෙලා තියෙනවා.
කතාව පැත්තට හැරුනොත්,
කතාව පදනම් වෙන්නේ මිනිස් ලෝකයට යටින් තියෙන, ස්වාභාවික සංසිද්දි පාලනය කරන ලෝකයක ජීවත්වෙන 'චුන්' (Chun) කියන 16 හැවිරිදි ගැහැණු ළමයා වටා.
එයාගේ 16 වෙනි උපන්දිනේදී එයාට රතු ඩොල්ෆින් කෙනෙක් විදිහට වෙස්මාරු කරගෙන මිනිස් ලෝකෙ බලන්න යන්න අවස්ථාව ලැබෙනවා. හැබැයි එහේදී එයාට වෙන අනතුරක් හින්දා
එයාව බේරගන්න එන මිනිස් පිරිමි ළමයෙක්ට එයාගේ ජීවිතෙත් නැතිවෙනවා.
තමන්ව බේරගන්න ගිහින් මැරුණු ඒ ළමයාගේ ආත්මය ආපහු මිනිස් ලෝකයට යවන්න නම්, චුන් තමන්ගේ ආයුෂෙන් හරි භාගයක් පූජා කරලා ඒ ආත්මය පුංචි මාළුවෙක් විදිහට හදාගන්න ඕනේ.
හැබැයි මේ වැඩේ නිසා ස්වාභාවික ලෝකයේ නීති කැඩිලා මුළු ලෝකයටම ලොකු විපතක් වෙන්න පටන්ගන්නවා. චුන්ගේ හොඳම යාලුවා වෙන 'කියු' (Qiu) ඇතුළු හැමෝටම මේකට මුහුණ
දෙන්න සිද්ධ වෙනවා. ඉතිං චුන් කොහොමද මේවාගෙන් බේරිලා තමන්ට උදව් කරපු ඒ මිනිස් ළමයට උදව් කරන්නෙ කියල බලන්න මේ ෆිල්ම් එක අනිවාරෙන්ම බලන්න ඕනේ..
චීන මිථ්‍යා කතා, ලස්සන දර්ශන පදනම් කරගෙන නිර්මාණය කරපු මේ චිත්‍රපටය හදවතට තදින්ම දැනෙන ආදරය, කැපකිරීම සහ මිත්‍රත්වය ගැන කියවෙන අපූරු නිර්මාණයක්. වෙනස්ම
විදිහක ලස්සන ලෝකයකට යන්න ආස අයට සැහැල්ලුවෙන් බලන්න පුළුවන් ෆිල්ම් එකක් විදිහට මේ ෆිල්ම් එක හඳුන්වන්න පුළුවන්.
එහෙනම් ෆිල්ම් එක අරගෙනම බලන්න. ජය වේවා!
- Ratings
- Reviews
- 0
- Subtitles
- 10
- Downloads
- 0
- Readers' rating
- No reviews yet

Subtitles
- #Big Fish & Begonia (2016) Sinhala Sub
- #Big Fish & Begonia (2016) Sinhala Subtitles
- #Big Fish & Begonia Sinhala Sub
- #Big Fish & Begonia Sinhala Subtitles
0 comments
No comments yet. Yours will be the first.
