උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න
English ෆිල්ම් ටිවී සිරීස් වලට උපසිරැසි අරන් ආපු මම වෙනසකටත් එක්ක අද අරන් ආවා හින්දි ෆිල්ම් එකකට උපසිරැසියක්. ඒ තමා මේ වසරේදී ZEE5 ඔස්සේ ප්‍රදර්ශනය උනු 'Pooja Meri Jaan' චිත්‍රපටය. මේකේ රංගනයෙන් දායක වෙනවා සුරූපී නිළි මෘනාල් ඨාකූර්. එයාව බලන්නම මේ ෆිල්ම් එක බැලුවත් පාඩු නෑ. ඊට අමතරව හුමා කුරේෂි සනා ලෙසත්, වික්‍රම් සිං චෞහාන් අනිකේත් ලෙසත්, විජේ රාස් ජතින් ලෙසත් ප්‍රධාන රංගනයෙන් දායක වෙනවා. මෙය psychological thriller, courtroom drama කාණ්ඩයන්ට අයත් වන චිත්‍රපටයක්.
මෙම චිත්‍රපටය නවජෝත් ගුලාටි විසින් අධ්‍යක්ෂණය කර ඇති අතර, විපාෂා අරවින්ද් සම-අධ්‍යක්ෂකවරිය ලෙස කටයුතු කර ඇත.
කතාව ගැන කෙටියෙන් කිව්වොත්, රෝමියෝ ජූලියට් නාට්‍යය රඟ දක්වන වේදිකා නාට්‍යය කණ්ඩායමක ඉන්න ප්‍රධාන නිළිය තමා පූජා කියන්නේ. ඇයට එම නාට්‍යයේ රෝමියෝගේ චරිතය කරන නළුවා, අනිකේත් ආදරය ප්‍රකාශ කරනවා. හැබැයි නාට්‍යයට රෝමියෝ ජුලියට උනාට සැබෑ ජිවීතයේදී, පුජා අනිකේත්ව ප්‍රතික්ෂේප කරනවා. මේ නිසාම අවසානයේ අනිකේත් සියදිවි නසාගන්නවා. මේ හන්දා පූජාගේ ජීවිතය උඩු යටිකුරු වෙන්න පටන් ගන්නවා. ඉතින් එතනින් එහා පූජාට මොකද වෙන්නේ, අනිකේත් සියදිවි හානි කරගත්තේ පූජා ප්‍රතික්ෂේප කරපු හින්දද, ඇයි අනිකේත් එහෙම කරගත්තේ කියලා ඔයාලට ෆිල්ම් එක බලලම දැනගන්න වෙනවා.
මේක මන් හින්දි චිත්‍රපටයටකට කරන පළමු උපසිරැසිය නිසා අදහසක් දක්වන්න කියලා (හොඳද නරකද කියලා) ඉල්ලන ගමන්, තවත් උපසිරැසියකින් හම්බවෙමු කියලා අදට සමුගන්නම්…

Subtitles
- #2021
- #A.R
- #Beth Grant
- #Emily Tosta
- #G.O. Parsons
- #Kevin Lewis
- #MaxxA
- #Nicolas Cage
- #Offbeat
- #sinhala
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Subs
- #Subtitles
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිට්ල්
0 comments
No comments yet. Yours will be the first.
![Pooja Meri Jaan (2026) Sinhala Subtitles | පූජා, මගේ පණ… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/10/bi-c22cfcb590c0e628df71bf71.webp)