DO PATTI (2024) Sinhala Subtitles ආයුබෝවන්, වෙනසකටත් එක්ක හිංදි චිත්‍රපටයක උප සිරැසියක් ගෙන එන්න හිතුවා. දෝ පට්ටි එහෙම නැත්තම් ඉස්කෝප්ප ආසියා සමග හැප්පුන බූරු කුට්ටමේ කොළ දෙකක් ගැනයි කතාව. මේක සමාජයේ දැවෙන ප්‍රශ්ණයක් පිළිබඳ පණිවිඩයක් දෙන කතාවක්. සශංකා චතුර්වේදි අධ්‍යක්ශණය කල මේ චිත්‍රපටයෙ ප්‍රවින න…
DO PATTI (2024) Sinhala Subtitles
ආයුබෝවන්, වෙනසකටත් එක්ක හිංදි චිත්‍රපටයක උප සිරැසියක් ගෙන එන්න හිතුවා. දෝ පට්ටි එහෙම නැත්තම් ඉස්කෝප්ප ආසියා සමග හැප්පුන බූරු කුට්ටමේ කොළ දෙකක් ගැනයි කතාව. මේක සමාජයේ දැවෙන ප්‍රශ්ණයක් පිළිබඳ පණිවිඩයක් දෙන කතාවක්. සශංකා චතුර්වේදි අධ්‍යක්ශණය කල මේ චිත්‍රපටයෙ ප්‍රවින නිළි කාජල් සමග ක්‍රිටි සැනොන් ද්විත්ව රංගනයකින් දායක වෙනවා නිවුන් සහෝදරියන් ලෙස.
ඉතින් මේකෙ පණිවිඩය තමයි ගෘහස්ථ කාන්‍තා හිංසනය. විස්තර කලොත් නිවසක් තුල බොහෝ විට සැමියාගෙන් හෝ වෙනත් ආසන්නතම ඥාතියෙකුගෙන් කාන්තාවට අත් දකින්න වෙන ප්‍රචණ්ඩත්වය. බොහෝ විට මෙය සමාජයට විවෘතව සිදු නොවෙන නිසා වාර්ථා වෙන්නෙ නෑ. එක්කෝ පවුලෙ ගෞරවය, නැත්තම් සිය දරුවන් ඇතුළු අනිත් සාමාජිකයින්ට වෙන අගෞරවය, නැත්තම් බිය ඒ වගේම හිංසනයට ලක් උනත් ඔහුට තිබෙන ආදරය වැනි කරුණු නිසා මෙය පැමිණිල්ලක් ලෙස ඉදිරි පත් වෙන්නෙ නෑ. ඉදිරිපත් උනත් සාක්ෂි මද කම නිසා වැඩක් වෙන්නෙ නෑ. ඉතින් එහෙම උනාම මේ සිද්දීයෙදි වරද කරු වෙන්නෙ පිරිමියා පමණද? නැවත නැවතත් එයට ඉඩ දෙන කාන්තාවත් එම වරදෙම කොටසක් නොවේද?
මේ කතාවට පෙනුමෙන් එක සමාන ඒත් ගති ලක්ෂන වලින් වෙනස් නිවුන් සහෝදරියන් දෙපළක් සහ එක් සහෝදරියක්ගේ ස්වාමියා අතර සිදු වෙන සිද්ධීන් කිහිපයක් සහ ඔවුන්ගේ කතාවට අත පොවන අවිවාහක මදි වියේ පොලිස් නිලධාරිණියක් ඇතුලත් වෙනවා. ඉතිං එහෙනම් බලල ඉන්න .
නැවත හමු වෙමු.
DO PATTI (2024) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය WEBRip පිටපත් සඳහා පමණක් වලංගු වේ.
7,613 downloadsDownload Do.Patti-2024.zip43 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Do Patti (2024) Sinhala Subtitles
Subtitles
3 comments
Sachintha
Yohan Maduranga
thanks brother
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Advertisement
![DO PATTI (2024) Sinhala Subtitles | වැසුනු දොරක් | [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2024/11/DO-PATTI-2024-1.jpg)
Thank youu mchnn sub ekt