Dogman (2018) Sinhala Subtitles ලෝකයේ ඉංග්‍රිසි භාෂාවට අමතරව, ගොඩක් සම්මානනීය විදේශ චිත්‍රපටි ලෝක සිනමාව ඇතුළේ නිෂ්පාදනය වෙනෙවා. නමුත් අවාසනාවකට වගේ ඒවා ගැන අපිට අහන්න දකින්න ලැබෙන්නේ කලාතුරකින්. ඉතින් මේ චිත්‍රපටියත් 2018 වසරේ නිකුත් වුණු විශාල සම්මාන රැසකට පාත්‍ර වුණු ඉතාලි චිත්‍රපටියක් මාර්සෙලෝ…

ලෝකයේ ඉංග්‍රිසි භාෂාවට අමතරව, ගොඩක් සම්මානනීය විදේශ චිත්‍රපටි ලෝක සිනමාව ඇතුළේ නිෂ්පාදනය වෙනෙවා. නමුත් අවාසනාවකට වගේ ඒවා ගැන අපිට අහන්න දකින්න ලැබෙන්නේ කලාතුරකින්. ඉතින් මේ චිත්‍රපටියත් 2018 වසරේ නිකුත් වුණු විශාල සම්මාන රැසකට පාත්‍ර වුණු ඉතාලි චිත්‍රපටියක්
මාර්සෙලෝ කියන්නේ ඉතාලියේ තදාසන්න නොවන කුඩා නගරයක ජීවත් වෙන සාමාන්‍ය මනුස්සයෙක්. රැකියාව විදිහට මෙයා කරන්නේ සුරතලේට ඇති කරන බල්ලන්ව රැකබලා ගන්න එක සහ එයාලව නඩත්තු කරන එක. මාර්සෙලෝ ඇත්තටම සත්ව හිතවාදියෙක්, බල්ලන්ට ගොඩක් ආදරේ කරන කෙනෙක්. ඒත් මේ අහිංසක මනුස්සයට නොසිතු වෙලාවක වෙනත් පුද්ගලයෝ නිසා විදින්න වෙන කරදර නිසා මාර්සෙලෝගේ ජීවිතය සම්පුර්ණයෙන්ම අදුරු වෙනවා. ම්ජාර්විස්යේෙලෝගේ අහිංසක අසරණකම වෙන අය තමන්ගේ නොමනා වැඩවලට යොදාගන්න නිසා එයාට මේ කරදර එයා ආශ්‍රය කරපු පුද්ගලයින් නිසා උදාවෙනවා. අසරණකම, කගෙන්වත් උදව්වක්වත් නැති කම, කෙනෙක් එක්ක හැප්පෙන්න බැරිකම නිසා එයාට මේ කරදරවලට මුහුණ දෙන්න පුලුවන්කමක් ඇති වෙන්නේ නෑ
මාර්සෙලෝගේ චරිතයට පණපොවන Marcello Fonte මේ චරිතයේ තියෙන අසරණකම, පිහිටක් නැතිකම වගේ ලක්ෂණ ගොඩක් හොදින් රග දක්වනවා. ඒ නිසාවෙන්ම 2018 වසරේ පැවති Cannes Film Festival සහ Capri, Hollywood කියන සිනමා උළෙලවල්වලදී හොදම නළුවාට හිමි සම්මානය දිනා ගන්නවා. ඒවගේම මේ චිත්‍රපටිය BIFEST (Bari International Film Festival) හොදම අධ්‍යක්ෂණයට හිමි සම්මානය දිනා ගන්නවා. 2019 වසරේදි BAFTA Awards Brussels International Film Festival සම්මාන උළෙලවල් වලදී හොදම අධ්‍යක්ෂණය සදහා නිර්දේශ වෙනවා. සමස්ථයක් විදිහට ගත්තාම මේ චිත්‍රපටිය සම්මාන 40 දිනා ගෙන තියෙනවා. ඒවගේම නිර්දේශවීම් (Nominees) 32ක් ලබා ගෙන තියෙනවා. ඒවගේම IMDb දර්ශකයේ අගය 7.2ක්.
මේ චිත්‍රපටිය නාට්‍යමය ඝනයේ අපරාද චිත්‍රපටියක් නිසා ගොඩක් දෙනෙක් සිනමා රසයට නොගැලපෙන්න පුලුවන්. ඒත් විදේශීය භාෂා, නාට්‍යමය චිත්‍රපටි නරඹන කෙනෙක්ට නම් ගොඩක් රසවත් කතාවක් මේක.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
1,627 downloadsDownload Dogman-2018-Sinhala-Subtitles.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නදුන් පියුමන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2022-04-07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
The Dogman (2018) Sinhala SubtitlesSubtitles by
නදුන් පියුමන්ත
Subtitles
9 comments
Buddhika Lakmal
Aravinda
සිංහල උපසිරස ලබා දුන්නාට බොහොම ස්තූතියි
Ruchira
Thanks for the sub!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ruchira
Thanks for the sub!!!
Dewadithya
Thanks for Sub!
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤Kasun Samaraweera
ෆිල්ම් එක නම් නියමයි. මාර්සෙලෝ ගේ චරිතය රගපාන Marcello Fonte ගේ ඇක්ටින් නම් පිස්සුවක්. මිනිහා මේ රංගනය වෙනුවෙන් 2018 දී Cannes, European Film Award, Nastro d'Argento, කියන සම්මාන උළෙලවල් තුනේම හොදම නළුවාට හිමි සම්මානය දිනා ගන්නවා..
එල්. සී. දමැල්
මේ වගේ හරබර කමෙන්ට් දකින්නත් ආසයි. අතීතෙට ගියා මාව :)
Advertisement
![Dogman (2018) Sinhala Subtitles | බිහිසුණු සුනඛ හිමිකරුවා [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2024/05/Dogman-2018-a.jpg)
ස්තූතියි සහෝ උපසිරැසියට
..........