Watch Trailer

ED: Extra Decent (2025) Sinhala Subtitles | උම්මත්තකයා! [සිංහල උපසිරැසි]

ED: Extra Decent (2025) Sinhala Subtitles ආයුබෝවන්, ආයෙමත් ඔන්න මලයාලි උප සිරැසි වලට බැස්සා. මීට දින තුනකට කලින් නිකුත් වුන තවත් ලස්සන මලයාලි ඩාක් කොමඩියක් හැටියට මේක හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මලයාලමේම තවත් අමුතුම ප්ලොට් එකක්. මේ කතාව අතර මගදි කීප වතාවක් එහාට මෙහාට හැරෙනවා. ඒ නිසා පටන් ගත්ත හැටියට…

ED: Extra Decent (2025) Sinhala Subtitles

ආයුබෝවන්, ආයෙමත් ඔන්න මලයාලි උප සිරැසි වලට බැස්සා. මීට දින තුනකට කලින් නිකුත් වුන තවත් ලස්සන මලයාලි ඩාක් කොමඩියක් හැටියට මේක හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මලයාලමේම තවත් අමුතුම ප්ලොට් එකක්. මේ කතාව අතර මගදි කීප වතාවක් එහාට මෙහාට හැරෙනවා. ඒ නිසා පටන් ගත්ත හැටියට නෙමෙයි කතාව අවසන් වෙන්නෙ.

මේකෙත් ප්‍රධාන චරිතය අමුතුම චරිතයක්. එක්තරා සයිකො ඩයල් එකක්. මේ වගේ චරිත මලයාලමේ හොඳටම කරන්නෙ මෙයාට තමයි. සුරාජ් වෙන්ජාරමුඩු. ඉතිං මේකෙත් එයාගෙ දක්ෂතම රඟ පෑමක් බලා ගන්න පුළුවන්. ග්‍රේස් ඇන්තනි, ශ්‍යාම් මෝහන්, සුධීර් කරමානා සහ විනේ ප්‍රසාද් මෙහෙ අනිත් චරිත රඟ පානවා. මෙහෙ අධ්‍යක්ෂනය අමීර් පල්ලික්කාල්ගෙන්.

කතාව ටිකක් කිව්වොත් අර සයිකො ඩයල් එක තමයි බිනූ. කුඩා කල සිටම මව් පියන්ගෙ ආදරය නොලැබිලා තාත්තට බයේ හැදුනු වැඩුනු ඉතා නෝන්ජල් බියගුළු තරුණයෙක් තමයි බිනූ කියන්නෙ. සේරම ආදරේ කරන්නෙ එයාගෙ නංගිට. එයාගෙ එකම ආදරණීයයා තමයි අයියා. ඒත් පොඩි කාලෙම අනතුරකින් බිනූගෙ ඇස් ඉදිරිපිටම එයා අහිමි වෙනවා. එයාගෙ නංගි ඇමරිකාව බලා යන්නෙ ඒ අතර. ඒ එක්කම බිනූගෙ ජීවිතේ ලොකු වෙනසක් වෙනවා. ඒ සමගම කතාව උඩු යටිකුරු වෙනවා. එක වතාවක් නෙමෙයි දෙවතාවක්ම බිනූගෙ ජීවිතේ වෙනස් වෙද්දි ඒ වෙනස් කමුත් එක්ක පවුලෙ අය මුහුණ පාන අපූරු සිද්ධි සහ ඔවුන්ගෙ ක්‍රියාමාර්ග මේ චිත්‍රපටයෙන් බලා ගන්න පුළුවන්. ඉතිං ඕනෑවටත් වඩා ඩීසන්ට් වෙන්න යන මේකෙ චරිත වලට අවසානෙ මොකද වෙන්නෙ බලන්න.

එහෙනම් තව ලස්සන උප සිරැසියකින් සමග හමු වෙමු 

ED: Extra Decent (2025) Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය Malayalam Proper HQ HDRip පිටපත් සඳහා පමණක් වලංගු වේ.

2,927 downloadsDownload ED-Extra-Decent-2025.zip61 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

ED: Extra Decent (2025) Sinhala Subtitles
Legend badge

Subtitles by

BANDULA K

Legend

Subtitles

2,927 downloadsDownload Subtitles61 KB

6 comments

  1. Raji

    ගොඩක් ස්තුතියි ඔයාලාගේ කාලය වෙන් කරනවට ප්‍රේක්ෂකයෝ වෙනුවෙන්
    බුදුසරණයි

  2. රංගික සිනෙත් කාරියවසම්

    ස්තුතියි බන්දුල අයියා.ජය වේවා

  3. Buddhika laKMal

    ස්තූතියි බන්දුල සහෝ මේකට සිංහල සබ් දුන්නට

  4. Kasun Widusha

    බොහෝම ස්තූතියි උපසිරසියට

  5. Ruchira

    Thanks for the sub!!!!!

  6. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.