ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ පනස් පනස් පස්වන උපසිරැසිය විදියට ගෙනාවේ සුපිරිම විද්‍යා ප්‍රබන්ධයක්. එච් ජි වේල්ස් විසින් රචිත The First Men in the Moon කියන විද්‍යා ප්‍රබන්ධය ආශ්‍රයෙන් 1964 දී නිර්මාණය වෙච්ච චිත්‍රපටය. ඔයාල දන්නවා නිල් ආම්ස්ට්‍රොන්ග් හඳ මතට ගොඩ බැස්සේ 1969 ජුලි 20. ඊට අවුරුදු 68 කට…

ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ පනස් පනස් පස්වන උපසිරැසිය විදියට ගෙනාවේ සුපිරිම විද්‍යා ප්‍රබන්ධයක්. එච් ජි වේල්ස් විසින් රචිත The First Men in the Moon කියන විද්‍යා ප්‍රබන්ධය ආශ්‍රයෙන් 1964 දී නිර්මාණය වෙච්ච චිත්‍රපටය. ඔයාල දන්නවා නිල් ආම්ස්ට්‍රොන්ග් හඳ මතට ගොඩ බැස්සේ 1969 ජුලි 20. ඊට අවුරුදු 68 කට කලින් 1901 දී ලියපු කතාවකට අනුව මේ චිත්‍රපටය තිරගත වෙන්නේ 1964 නොවැම්බර් 20. ඉතින් හඳ ගැන කිසිම දෙයක් නොදන්නවා අවධියක නිර්මාණය වෙච්ච චිත්‍රපටයක් උනත් අදටත් ලෝක ප්‍රසිද්ද චිත්‍රපටයක් මේක. IMDb අගය 6.7 ක් අරන් තියන චිත්‍රපටය ඔන්න දැන් ඔයාලට සිංහල උපසිරසි සමග බලන්න අවස්ථාව.
කතාව ගැන කියනවා නම් 1964 දී එක්සත් ජාතීන්ගේ අභ්‍යවකාශ ඒජන්සියෙන් හඳට යන ගගන ගාමින් හඳට පා තබන්නේ එයාල තමා ඒ වික්‍රමය කරන ලද පලවෙනි පිරිස කියල හිතාගෙන. ඒත් එයාලට ගොඩ බැස්සම දකින්න ලැබෙනවා එංගලන්ත කොඩියක් එක්ක ලිපි ටිකක් ඊට අවුරුදු 65 කට කලින් විස්තර ඇතුලත්. ඒ ගැන හොයනකොට දැනගන්න ලැබෙනවා අර්නෝල්ඩ් බෙද්ෆෝල්ඩ් කියන කෙනෙක් ඇතුළු පිරිසක් ඊට කලින් හඳට පා තබලා කියල. ඒ වගේම හඳේ බිහිසුණු කෘමි සත්තු ජාතියක් ඉන්නවා කියල. ඉතින් මොනවද වෙන්නේ කියල දැනගන්න ඔයාලට මේ චිත්‍රපටය බලන්නම වෙනවා. Adventure, Sci-Fi වර්ගයේ චිත්‍රපට කැමති අය මෙන්ම කලාත්මක චිත්‍රපට කැමති අයට මේ චිත්‍රපටය අසාවෙන් බලන්න පුළුවන්.
කියන්න දෙයක් තියනවා බයිස්කෝප් අඩවියට පැමිණෙන සියලුම යාළුවන්ට. මම පසුගිය ටිකේ කමෙන්ට් වලින් සහ වෙනත් තැන් වලින් දැක්කා දැන් සයිට් එකේ තියන පොප් ඇඩ් සම්බන්දයනේ විවිධ ගැටළු පැන නැගිලා තියනවා. ඉතින් මම මේක අවස්ථාවක් කර ගන්නවා ඒ ගැන පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරන්න. ඒත් මම කියන්න යන්නේ නැ ඇයි වෙබ් අඩවියේ මේ ඇඩ් තියෙන්නේ කියල. මම උත්සහ කරන්නේ පොප් ඇඩ් සම්බන්දයෙන් සමහර යාළුවන් අතර තියන වැරදි වැටහීම් නැති කරන්න.
පොප් ඇඩ් කියන්නේ අන්තර්ජාලයේ තියන ප්‍රචාරණ මාධ්‍යයක්. වෙබ් අඩවියකට පිවිසීමේදී එය පරිශීලනය කරන්නන් වෙත භාණ්ඩ හෝ සේවා ප්‍රචාරණය කිරීම තමා මේකෙන් වෙන්නේ. වෙබ් අඩවියේ ඔබ සිටින වෙබ් පිටුවට උඩින් එම දැන්වීම වෙනත් වෙබ් පිටුවක් මගින් ඉදරිපත් කිරීම තමා සරලවම සිදු වෙන්නේ. ඒක ඉවත්කිරීම සාමාන්‍යයෙන් තත්පර පහක් යනකම් අවලංගු කරලා තමා ගොඩක් වෙලාවට තියෙන්නේ. එකයි ඔයාලට පොප් ඇඩ් එකක් ආවම එකපාරට වසා දාන්න බැරි. ඔයාල ඉවසලා හිටියම ඔයාලට Close බොත්තම දකින්න පුළුවන්. මේකෙන් අදාල වෙබ් අඩවියට වාසියක් වෙන්නේ එම එක Click කිරීමකට සුළු මුදල් ප්‍රමාණයක් එම දැන්වීම් ප්‍රචාරණ ආයතනය මගින් ගෙවීම. විශාල පුද්ගලයන් ප්‍රමාණයක් එන වෙබ් අඩවිවලට මේ ක්‍රමය ගැලපෙන්නේ එම සුළු ප්‍රමාණය විශාල Click ප්‍රමාණයකින් සැලකිය යුතු මුදලක් බවට පත් වීම.
ගොඩක් වෙබ් අඩවි වගකීමක් සහිත දැන්වීම් ආයතන හරහා තමා (ad portal) මෙම ක්‍රමය තම වෙබ් අඩවියට ඇතුල් කරගන්නේ. ඔයාල ලොකු වැරදි වැටහිමක ඉන්නේ මේවා වයිරස් කියල. ට්‍රෝජන් කියන වයිරස් ඇතුලත් කරන පොප් ඇඩ් නැ කියල මම කියන්නේ නැ. ඒත් ගුගල් , ඇඩ් මාවෙන් වැනි ආයතන වලින් පළකරනා ඇඩ් වල ඒවා නැ කියල සහතික වෙන්න පුළුවන්. බයිස්කෝප් එක දැනට බාවිතා කරන්නේ ඔය ඇඩ් මාවෙන් ප්‍රෝට්ල් එක මම හිතන්නේ. ඉතින් ඔයාලට බය වෙන්න දෙයක් නැ.
තව මම දැක්ක ප්‍රශ්නයක් තමා සමහර වැඩිහිටි දැන්වීම් ප්‍රචාරය වෙනවා කියන එක. ඇත්තටම යාලුවනේ ඒකට අදාළ වෙබ් අඩවියවත් ඇඩ් ආයතනයවත් වග කියන්න ඕන නැ. හේතුව මේකයි. ඔයාල වෙබ් අඩවියකට පිවිසීමේදී අදාළ වෙබ් බ්‍රවුසරය (Firefox, Chrome, Internet Explorer) ඔයාලගේ වෙබ් සෙවීම් වල සාරාංශයක් තියා ගන්නවා. අපි එකට කුකී (cookie) එකක් කියක කියනවා. මේ වෙබ් හිස්ට්‍රි එක නෙවි. උදාහරණයක් විදියට ඔයාල කාර් එකක් ගුගල් එකේ සෙවුවොත් ඔයාල ඊළඟට ගුගල් එකේ මොනවහරි සොයන්න ගියොත් ඒක ප්‍රමුකතාව වෙන්නේ කාර් ගැන විස්තර වලට. ඉතින් මේ ad portal තම සමහර දැන්වීම් ප්‍රචාරයට යොදා ගන්නෙත් අන්න ඒ cookie එක. ඉතින් ඔයාල අන්තිමට හොයල තියෙන්නේ කාර් එකක් නම් දැන්වීම් වලදී ප්‍රමුකතාව කාර් සම්බන්ද ඒවාට. ඔයාල අන්තිමට වැඩිහිටියන්ට පමණයි සම්බන්ද මොනවත් හෙවුවොත් ප්‍රමුකතාව ලැබෙන්නේ මොනවටද කියල ඔයාලට අමුතුවෙන් කියන්න ඕන නැනේ. ඉතින් ඒක වයිරස් හින්ද වත් අදාල වෙබ් අඩවියෙහි වත් වැරද්දක් නෙවි.
ඔයාලට ඇත්තටම මේ පොප් ඇඩ්ස් වදයක් නම් ටිකක් දුරට මේවා අඩු කර ගන්න ක්‍රම කිහිපයක් තියනවා. එකක් තමා ඔයාලගේ බ්‍රවුසරයේ පොප් ඇඩ් බ්ලොකර් එක ක්‍රියාත්මක කිරීම. ඒක අදාළ බ්‍රවුසරයේ සෙටින්ස් වල තියනවා. තව ක්‍රමයක් තමා ඔයාලගේ මෙහෙවුම් පද්දතියේ ෆයර්වෝල් එකෙන් අදාළ ඇඩ් පෝටල් එක බ්ලොක් කිරීම. පද්දතිය ගැන දන්නා කෙනෙක් ට මේක කරන්න පුළුවන්. තව ක්‍රමයක් තමා පරිගණකයේ වයිරස් ගාඩ් එකේ ඉන්ටෙර්නෙට් ගාඩ් එක ක්‍රියාත්මක කිරීම. බොහෝ වයිරස් ගාඩ් වල මේක ස්වයංක්‍රියව ක්‍රියාත්මක උනත් ඔයාලට වෙනම පොප් ඇඩ් බ්ලොක් දාන්න පුළුවන්. ඒත් කියන්න තියෙන්නේ බයිස්කෝප් අඩවියේ මේක දාලා තියෙන්නේ අඩවිය පවත්වා ගන්න මුදලක් හොයා ගන්න. ඉතින් ඒ ගැන හිතන්න පොඩ්ඩක්.
ලිපිය දික් උනා. ඉතින් මම ඊළඟට අරන් එන්නෙත් ටිකක් පැරණි තවත් විද්‍යා ප්‍රබන්ධයක්. ඉතින් එකත් අරන් ඉක්මනට එන්න බලන්නම් කියන ගමන් මම යනවා. සුපුරුදු පරිදි ඔයාලගේ අදහස් මට කියන්න අමතක කරන්න එපා. ඔන්න මම ගියා.
බුදු සරණයි…!
Due to copyright issues, we do not provide any torrent links.
First.Men.in.the.Moon.1964.720p.BluRay.x264.YIFY
මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
382 downloadsDownload First.Men_.in_.the_.Moon_.1964.Baiscopelk.com_.rar58 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/AsankaGAP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අසංක ප්‍රදීප් රණතුංග
Subtitles
22 comments
Ishan Madusha
නිලන්ත [Rumesh Nilantha Jayaweera]
෴෴බොහොම ස්තූතියි ෴අසංක ප්‍රදීප් රණතුංග සහෝ෴ සිංහල උපසිරැසියට෴෴ Ice Age Collision Course (2016) sub denna................ internet 1ke HD copiyak Awilla Thiyenne
Asitha
elama saho thanks
ad dala hari kama kna meka api adan yamu
jaya wewa!!!!!Kulanjana Maduranga
niayamai…thanks ASANKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Udara Damith B\K
උපසිරැසියට ස්තුතියි
ලිපියටත් තැන්ක්ස්Haritha Dayanga
සබට ස්තුති
praneeth madu
ela saho niyamaa lipiya..keep going
kavinda
මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
මේවගේ පට්ට කතාවකට පුලුවන් ඉකමනින් සබ් දෙන්න..
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි. දිගටම හැකි වෙලාවට උපසිරැසි දෙන්න .Tharaka
මේක මම බලාපොරොත්තු වුනු සුපිරි ෆිල්ම් එකක්. ඔයා කොයි වෙලේ හෝ මේකටත් සබ් දෙයි කියලා මම විශ්වාස කලා. මේ දුන් සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! කාර්‍ය බහුල ජීවිතයක් මැද ඉතා මහන්සි වෙලා මේ කරන වටිනා සේවයට මම කෘතඥ වෙනවා. නොදැකපු බොහෝ පැරණි චිත්‍රපට රාශියක් ඔබ නිසා හා බයිස්කෝප් වෙබ් අඩවිය නිසා අපට නරඹන්නට වාසනාව ලැබුණා. පුළුවන්නම් හැකි වෙලාවක Short Circuit (1986), Silent Running (1972), The Black Hole (1979) වැනි සිනමාපට වලටත් සබ් ලබාදෙන්න සහෝ.
සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි. බුදු සරණයි!Anonymous
හිතාදර බයිස්කෝප් රසික රසිකාවියනි, ගෞරවණීය පාලක මඩුලෙන්ද අවසරයි. මා මින් දින පහකට පමණ පෙර අසංක මහත්මාගේ ලිපියකට පලකළ අදහසක් දුරදිග යාම නිසා, සිදුවූ සිද්ධියෙන් උපසිරැසි නිර්මාණ කරුවන්ද, පාලක මණ්ඩලයද, අපහසුතාවයට පත්වු වා නම් ඒ ගැන මාගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරමි. මෙම "An Ex-Admin A.K.A You Know One" නම් ව්‍යාජ නාමය යටතේ අදහස් ගොණු කිරීම ගැන මා මා ගැනම ලැජ්ජා වන අතර එය හුදෙක් මාගේ අමනකමට කළ අමනවැඩක් වන අතර, මා එම නාමය යොදා ගැනීමට තීරණය කලේ හුදෙක් අදහසේ අන්තර්ගතය වඩා ඉස්මතු කිරීමට විනා කිසිම පුද්ගලයෙකුට අපහාස කිරීමටවත්, කාගෙන් හෝ පළිගැනීමටවත්, කාට හෝ ප්‍රසිද්ධියේ මඩ ගැසීමටවත් නොවේ. නමුත් මා එවැනි නාමයක් යොදාගෙන කර ඇත්තේ බරපතළ වරදක් බව මට දැන් වැටහී ඇත. නිතර නිතර මෙම pop-upවලින් මා දිගු කලක් පීඩා විඳි නිසා මෙවැනි ක්‍රියාවක් කිරීමට පෙලබුණ අතර නමුත් එය හුදෙක් පටු අරමුණු වෙනුවෙන් ආත්මාර්ථකාමීත්වය ඉස්මතු කළා යැයි මට දැන් සිතේ. හසන්ත, රොයිලි, ප්‍රණීත්, අසංක ඇතුළු සියලු නිර්මාණකරුවන්ගෙන් මා නැවත වරක් සමාව ඉල්ලන අතර මින් මතුවට එවැනි අදහස් පළ නොකරන බවට දිවුරා පොරොන්දු වෙමි.
ප.ලි. මෙම අදහස අද දින මා නිර්නාමිකව පළකරන්නේ, මා මෙම අඩවියේ දීර්ඝකාලීන රසිකයෙකු වන අතර තව දුරටත් මාගේ සැබෑ නාමය යටතේ මෙම අඩවිය සමඟ දිගු කාලයක් රැදී සිටීමට ප්‍රිය කරනා බැවිනි. ඉදිරියේදී මෙම නාමයෙන්වත්, ඉහත නාමයෙන්වත්, අදහස් පළ නොකරන අතර මාගේ සැබෑ නාමය යටතේ පමණක් අදහස් පළ කරන බවට පොරොන්දු වෙමි. එයට මා සුදුසු යැයිද සිතමි. ශ්‍රී ලාංකේය සයිබර් අවකාශය තුළ හිඳිමින්, සුවහසක් වු විදේශීය සිනමා ලෝලීන්ගේ, භාෂා ගැටළුවට රුකුලක් වෙමින්, මේ කරනා සේවය වෙනුවෙන්, මෙම අඩවිය ශ්‍රී ලාංකේය සයිබර් අවකාශයේ ඉහලින්ම වැජබේවායි මාගේ ඒකායන පැතුම වේ..! ස්තූතියි..!Gayanna
නිහතමානීත්වය අගේ කොට සලකමි
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි.. !2015-2016 අලුත් චිත්‍රපට සඳහා
උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
ස්තූතියි.......Withanage Priyantha Dayakeerthi
KanthaDLA සොයුරා වෙත, මෙහි නිතරම නොකඩවාම උපසිරසි ගලාඑන්නේ අලුත් සිනමා නිර්මාණ සඳහාමයි. ඉඳ හිට හෝ මෙවැනි පැරණි කලාත්මක සලරුවක් සඳහා ලැබෙන උපසිරැසිය, පැරණි චිත්‍රපට ප්‍රිය කරනා අපට ගොඩක් වටිනවා. එනිසා එයටත් මේ තුළ යම් ඉඩක් ලබාදීම සාධාරණයි නේද?
අසංක ප්‍රදීප් සොයුරාට, මේ උපසිරැසිය අප වෙනුවෙන් ලබාදීම පිළිබඳව අවංකවම ස්තුතිවන්තවන අතර, නරඹලා තවදුරටත් අදහස් දක්වන්නම්.නිලන්ත [Rumesh Nilantha Jayaweera]
............Thank For Sub...... mama pitipasse comment danna kammali ekai reply kare
නිලන්ත [Rumesh Nilantha Jayaweera]
෴෴…………Thank For Sub…… mama pitipasse comment danna kammali ekai reply kare............෴෴
නිලන්ත [Rumesh Nilantha Jayaweera]
♪♫menna 1mb per second enawa Seed 11 unath parana Film ekakak unath♪♫
Withanage Priyantha Dayakeerthi
අසංක ප්‍රදීප් සොයුර, මම සඳ ගමන ගැන පොත් ගොඩක් කියවලත් තියෙනවා, එහි සත්‍ය වීඩියෝ දර්ශන යු ටියුබ් හරහා නරඹලාත් තියෙනවා. මෙය දුටු ගමන් බලන්නට ආසාහිතුණා. කිලෝ මීටර් ලක්ෂ හතරක් පමණ ඈතින් ඇති සඳට මිනිසා ගියේ නැහැ කියලා ඒ පොත්වල තර්කයකුත් තිබුණා. ඇත්තෙන්ම 1969- 1972 දක්වා වූ ඒ වැඩසටහනෙන් පසුව මෙතෙක් ඇමරිකාව හැර වෙනත් කිසි රටක් ට්‍රයි කරලා බැලුවෙත් නැහැ. වර්තාමාන මෙතරම් දියුණු ලෝකයේත් මිනිසා ගොස් සියලු පර්යේෂණ කරන්නේ කිලෝ මීටර් 300 ක පමණ ඉහළ සිට පමණයි. මිනිසුන් රහිත කුඩා යානා යානා නම් සත්‍ය ලෙසම යවනවා. (මේ අදහස මෙම සිනමාපටයට සම්බන්ධයක් නැහැ)
Withanage Priyantha Dayakeerthi
ඔබගේ "ad portal" පිළිබඳව පැහැදිලි කළ ලිපිය මේ වෙබ් එක භාවිතා කරන අයට ගොඩක් වටිනවා. මමත් ඇත්තෙන්ම කම්පියුටරයක ටයිප් කිරීම හැර නවීන දේවල් ඉගෙනගෙන නැහැ. මා වගේම බොහෝ දෙනා "add portal" වටහා ගත්තේ වැරදි විධියට.
Lakmal (Lucky)
Good work bro...
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
අසිත
elama saho thanks
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!
Advertisement
![First Men in the Moon (1964) with Sinhala Subtitles | පළමු සඳ ගමන [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/First-Men-in-the-Moon-1964-e1472370822217.jpg)

උපසිරැසියට ස්තුතියි සහෝ