සුභ දවසක් සියළුම දෙනාට. මේක මගේ 5 වෙනි උපසිරස නිර්මාණය. මේක ගොඩක් ප්‍රසිද්ධ චිත්‍රපටයක්. ඒත් මේකට සබ් එකක් බයිස්කෝප් වෙබ් අඩවියේ පලවෙලා තිබුණෙ නෑ. ඉතිං මං හිතුවා මේක වෙනුවෙන් සබ් එකක් කරන්න. මේක නම් අමුතුම විදියේ කාතාවක් අන්තර්ගත වෙන නිර්මාණයක්. ෆැන්ටෑසි, කොමඩි ගණයට අයත් වෙන නිර්මාණයක්. මේක ඕනම කෙන…

සුභ දවසක් සියළුම දෙනාට. මේක මගේ 5 වෙනි උපසිරස නිර්මාණය. මේක ගොඩක් ප්‍රසිද්ධ චිත්‍රපටයක්. ඒත් මේකට සබ් එකක් බයිස්කෝප් වෙබ් අඩවියේ පලවෙලා තිබුණෙ නෑ. ඉතිං මං හිතුවා මේක වෙනුවෙන් සබ් එකක් කරන්න. මේක නම් අමුතුම විදියේ කාතාවක් අන්තර්ගත වෙන නිර්මාණයක්. ෆැන්ටෑසි, කොමඩි ගණයට අයත් වෙන නිර්මාණයක්. මේක ඕනම කෙනෙක්ට නරඹන්න පුළුවන් විදියෙ එකක්. ඒ වගේම ආපහු ආපහු බලන්න හිතෙන කිසිම කම්මැලිකමක් නැති නිර්මාණයක්.
දැන් මං මේක ගැන පොඩි විස්තරයක් කරන්නම්. මේක තිරගත වෙලා තියෙන්නෙ 1993දි. අධ්‍යක්ෂණය කර තිබෙන්නෙ Harold Ramis විසින්. රංගනයෙන් දායක වෙලා තියෙන්නෙ Bill Murray, Andie McDowell , Chris Elliot යන නළු නිළියන්. මෙයට ගොඩක් හොඳ IMDB අගයක් ලැබී තියෙනවා. 8.1ක් වැනි ඉහල IMDB අගයක් ලබාගෙන මෙය IMDB දර්ෂකයෙ 222 වෙනි තැන පසුවෙනවා. එමෙන්ම Hollywood Reporter යන වෙබ් අඩවිය විසින් 2014දී නිකුත් කෙරෑ Hollywood’s 100 Favourite Films කියන ලැයිස්තුවෙ මෙයට හිමි උනේ 63වෙනි තැන. ඉතිං මේ චිත්‍රපටයේ විශිෂ්ටත්වය ගැන ආයි අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. ඔයගොල්ලො ගොඩ දෙනෙක් මීට කලින් මේ චිත්‍රපටය ගැන අහලා නැතුව ඇති. ඉතිං මං ඔබ හැමදෙනාගෙන්ම ඉල්ලන්නෙ මෙය නරඹන්න කියලා. ඔයගොල්ලො මේ වගේ කතා තේමාවක් අන්තර්ගත මේ වගේ වෙනස් විදියෙ චිත්‍රපටයක් මීට පෙර නරඹලා නැතුව ඇති. ඉතිං මේ නිර්මාණය ඔබ සැමට අලුත් අත්දැකීමක් වේවි.
මං මේකේ කතාව ගැන නම් එච්චර විස්තරයක් කරන්න කැමති නෑ. මොකද කතාවේ තියෙන රසවත් බවටයි, කුතුහලයටයි ඒක ලොකු බාධාවක් වෙන්න පුළුවන්. මේ කතාව නිර්මාණය වෙලා තියෙන්නෙ ඇමරිකාවේ පවත්වන සාම්ප්‍රදායික උත්සවයක් තේමා කරගෙනයි. එය තමා Groundhog Day එක. විශාල ලේනෙකුට සමාන පෙනුමක් සහිත Groundhog නැමැති සත්වයෙක් යොදාගෙන ඔවුන් හැම වසරකම ලොකු උත්සවයක් පවත්වනවා.එය පවත්වන්නෙ පෙබරවාරි 2වෙනිදා. එහිදි එම සතා ඌ සිටිනා කූඩුවෙන් එළියට ඇවිත් තමාගේ සෙවනැල්ල දුටුවොත් ශීත කාලය තවත් සති 6ක් එක දිගට පවතින බවට ඔවුන් විශ්වාස කරනවා. මෙන්න මේ උත්සවය වාර්තා කරන්න යන ෆීල් කෝනර්ස් නැමැති නිවේදකයෙක් වටා තමයි මේ චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නෙ. මේ උත්සවය වාර්ථා කරන්න ගිය ඔහුට මුහුන දෙන්න සිදුවන්නෙ කවුරැවත් නොහිතන තාලේ හරිම අපූරැ දෙයක්. ඒ දේ මොකද්ද කියලා මං ඔයාලට කියන්නෙ නෑ. ඒ සිදුවීම නිසා ඔහුට පුදුමාකාර අත්දැකීම් රාශීයකට මුහුන දෙන්නට සිදුවෙනවා.ඉතිං ඔයාලම මෙය නරඹා හොඳද නරකද කියා තීරණය කරන්න.
මේ චිත්‍රපටයේ කතාවට එන්ටර් වෙන්න විනාඩි 15ක් වගේ යනවා. ඒ නිසා ඒ ටික පොඩ්ඩක් ඉවසීමෙන් බලන්න. ඊට පස්සෙ නම් ඉතිං හිනා වෙවි අවසානය වෙනකම්ම ගොඩක් විනෝදයෙන් නැරඹියැකි. ඒ වගේම සබ් එකේ අඩුපාඩුවක් එහෙම තියෙනවනම් ඒ ගැනයි, චිත්‍රපටය ගැන ඕගොල්ලොන්ට හිතෙන දේයි පොඩි කමෙන්ට් එකකින් පෙන්වා දෙනවා නම් ඒ වෙනුවෙන් ගොඩක් කෘතඥ වෙනවා. ඉතිං තවත් උපසිරසක් සමගින් ලඟදිම හම්බවෙමු.
ඔබ සැමට ජයෙන් ජය.
Due to copyright issues, we do not provide any torrent links.
Groundhog.Day.1993.BrRip.720p.x264.YIFY
මෙම ලබා දී ඇති සිංහල උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
917 downloadsDownload Groundhog-Day-1993.zip53 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “James DC” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
James DC
Subtitles
22 comments
Baiscope Movie
නිලන්ත [Rumesh Nilantha Jayaweera]
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි! පැරණි වුනත් මේවයේ වටිනාකම කවදාවත් අඩුනම් වෙන්නෙ නෑ. ඉදිරියටත් මේ වගේම අප නොදුටු ලස්සන චිත්‍රපට වලට උපසිරැසි ලබාදෙන්න සහෝ. සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජයෙන් ජය හා නීරෝගී සුව පතමි.
pasindu
බොහොම ස්තුතියි
Kosala Hasanka
balapu film walin pattama ekak. thank you sub ekata !!! :D
Ishan Madusha
මේ වගේ movie එකකට උපසිරැසි කලාට ස්තුතියි. සහෝ පුලුවන්නම් ඉතා ජනප්‍රිය වූ
Death Note (2006),Death Note 2: The Last Name (2006),L: Change the World(2008)
japanise movie වලට උපසිරැසි කරනවනම් ගොඩාක් පින්.
torrent sites වල තාමත් seed තියෙනවා.ජය වේවා!Asitha
මේක බලන්න හිතුනත් සබක් නැති නිසා කම්මැලි හිතුනා.
දැන් බලත හැකි.ජය වේවා!!!
Incendies (2010)
Heat (1995)
Donnie Darko (2001)
Before Sunset (2004)
Million Dollar Baby (2004)
යන IMDB 250 ෆිල්ම් වලටත් හැකි නම් සබ් දෙන්න.Dulanga
Thanks
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Rithesh
ha ha ha supernatural brought me here :D
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
LSM HUSKAA
බොහොම ස්තුතියි BRO !
1965 uda IMDB 250 ithuru awata puluwannam issellama denna. ela !!!
Piyumal Dissanayaka
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
kent parker
thanks
ricadodamien
it was Beautiful. Thank u James & baiscope team for the sub, all the best to baiscope team............
Lakshansilva18
Time travel scene ekakne ?
Waruna Kamalawansha
බොහෝම ස්තූතියි......
Chandimal Kariyapperuma
Thanks for the subtitles. Keep up the good work.
Nishan
Tnx for sub
Shaggy
Thank you very much
Anonymous
Thanks baiscope for the sub
2021dasun
thanks
Advertisement

෴බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴
මෙම උපසිරසට අදාල සිනමා පටය ලබාගනීමට Baiscope Movie වෙබ් අඩවියට පිවිසෙන්න…