ආයුබෝවන් යාලුවො ඔක්කොටම. ඔන්න එහෙනම් ලොකු නිවාඩුවකින් පස්සෙ ආයෙත් ආව සුපිරි දකුණු කොරියානු චිත්‍රපටියක් අරගෙන. ටිකක් පරණ වුනත් ස්නයිපර් අවිය මූලික කරගෙන නිපදවපු හොදම චිත්‍රපටියක් විදිහට මට මේක නම් කරන්න පුළුවන්. පොඩි කාලෙ ගොඩක් කොල්ලො හොය හොය බැලුපු චිත්‍රපටියක් මේක.. ඒ කාලෙ ඉතින් මෙලෝ දෙයක් නොතේරු…
ආයුබෝවන් යාලුවො ඔක්කොටම. ඔන්න එහෙනම් ලොකු නිවාඩුවකින් පස්සෙ ආයෙත් ආව සුපිරි දකුණු කොරියානු චිත්‍රපටියක් අරගෙන. ටිකක් පරණ වුනත් ස්නයිපර් අවිය මූලික කරගෙන නිපදවපු හොදම චිත්‍රපටියක් විදිහට මට මේක නම් කරන්න පුළුවන්.
පොඩි කාලෙ ගොඩක් කොල්ලො හොය හොය බැලුපු චිත්‍රපටියක් මේක.. ඒ කාලෙ ඉතින් මෙලෝ දෙයක් නොතේරුනාට ගොඩක් ආසාවෙන් බැලුව වගේම සෑහෙන කාලයක් මතකයේ රැදුනු චිත්‍රපටියක් වුනා.. ඇත්තටම කොල්ලෙක් වෙලා ස්නයිපර් එකකට අකමැති කෙනෙක් හොයා ගන්න එකත් ලේසි වැඩක් නෙවෙයිනෙ. ඒ වගේම මතක් කරන්න ඕන අපේ රටේ සිවිල් යුද්ධයේදී නැසීගිය රංජිත් ප්‍රේමසිරි නොහොත් “නීරෝ” යන අනුවර්ත නාමයෙන් හදුවන්වනු ලැබූ සෙබළා තමාගේ ස්නයිපර් අවියෙන් කොටි ත්‍රස්තයන් 217ක් මරා දමමින් ලෝක ඉතිහාසයටත් එකතු වුනා කියල. ඒ නිසා මම මේක අවස්තාවක් කරගන්නව අපි වෙනුවෙන් දිවි දුන් රණවිරුවන් සියල්ල සිහිපත් කරන්න.
එහෙනම් අපි බලමු චිත්‍රපටිය ගැන විස්තර කීපයක් බලමු. 2008 එලි දැක්වීමට නියමිත වුවත් 2009 දක්වා පසු පසට ගිය මෙම චිත්‍රපටිය IMDB අගය 5.6 ක් ලෙස සටහන් කර ගැනීමට සමත් වී තිබෙනවා.. Operation red sea(2018), Operation mekong (2016) වැනි සුපිරි චිත්‍රපටි ලොවට දායාද කල Dante Lam තමයි මේ චිත්‍රපටියේ අධ්‍යක්ෂක වෙන්නෙ. ඒ වගේම ප්‍රධාන නළුව ලෙස දායකත්වය සපයන Xiaoming Huang(ලින්කන්) Escape Plan 2, IP Man 2 වැනි අතිශය ප්‍රසිද්ධ වූ චිත්‍රපට හරහා අප අතරට පැමිණි නළුවෙක්.
චිත්‍රපටය පසුබිම් වෙලා තිබෙන්නෙ හොංකොං පොලීසියට අනුබද්ධ ස්නයිපර් කණ්ඩායමක් තුල සිදුවන සිදුවීම් සමූහයකටයි. ලින්කන් එම කණ්ඩායමේ සිටිය නාහෙට නාහන එහෙත් අතිදක්ෂ ස්නයිපර් වෙඩික්කරුවෙක්. එක් මෙහෙයුමකදී ඔහුගේ අතින් සිදුවන අත් වැරැද්දක් නිසා පුද්ගලයෙක් මරණයට පත් වනවා.ලින්කන් ඔහු නිවැරදි කරුයැයි පැවසුවත් ඔහුත් සමග සිටි අනෙක් ස්නයිපර් කරුවා ඔහු වැරදි කරුවා යැයි පැවසීම නිසා ලින්කන්ට වසර 4ක සිර දඩුවමක් නියම වෙනවා. අවුරුදු 4කට පසු සිර මැදිරියෙන් එළියට එන ලින්කන් එතැන්සිට ඔහුගේ පළිගැනීම ආරම්භ කරනව. ක්‍රියාදාම වලින් අඩුවක් නොමැති The Sniper චිත්‍රපටය අවසාන මිනිත්තුව දක්වාම ඔබව චිත්‍රපටය තුල රදවා ගැනීමට සමත්. ඒ නිසා ස්නයිපර් අවියට ආදරය කරන, ක්‍රියාදාම ප්‍රිය කරන කෙනෙක් නම් ඔයා මේක මිස් කරගන්න එපා..
අහ්, ඒ වගේම උපසිරසිය අරගෙන අදහසකුත් දාල යන්න කියල මතක් කරන ගමන් මම ඔයාලට දුන්න පොරොන්දුව වන ස්නයිපර් අවිය පිළිබද තොරතුරු ඇතුලත් ලිපියත් මෙයත් සමග පළකරනු ලබනව.. එහෙනම් ගිහිල්ල එන්නම්. තවත් ලස්සන චිත්‍රපටියකින් ඔයාල හමුවෙනකන් ඔයාල ඔක්කෝටම බුදු සරණයි..
ස්නයිපර් අවිය..
(1)
ස්නයිපර් Sniper කියන වචනය සෑදී තිබෙන්නේ Snipe කියන වචනය ආශ්‍රිතවයි. පින්තුරය බලපුගමන් තේරෙනවනේ ඒ මොකද කියලා. කැස්වටුවා හෙවත් ‘ස්නයිප්’ කියන්නේ නිතර එලිපහලියට නොඑන ක්ෂණයකින් ඉගිලී නොපෙනී යන කුරුල්ලෙක්. ඌට වෙඩි තැබීම ඉතා අපහසු කාර්යයක්. දෙවැනි ලෝක යුද සමයේදී ඉන්දියාවේ සේවය කල බ්‍රිතාන්‍ය හමුදා නිලධාරීන්ගේ එක් විනෝදාංශයක් වූයේ කැස්වටුවන් වෙඩි තැබීමයි. එය දක්ෂ වෙඩික්කරුවන්ට පමණක් කළහැකි දෙයක් වුනා. මන්ද කැස්වටුවාට වෙඩි තැබීමට නම්, ඉතා ඉවසීමෙන් හා සන්සුන්ව, කිසිදු ශබ්දයක් නොකර, ඌට ලං විය යුතුයි. එසේම නිතර එහාට මෙහාට පනින මේ කුරුල්ලා, ඉලක්ක කරගැනීමත් එතරම් පහසු නැහැ. ඉතින් මේ කුරුල්ලාට වෙඩි තැබීම ඔස්සේ කල්පනා කර, එය හමුදා කටයුතු වලට යොදවා ගැනීම නිසා, ස්නයිපර්ලා බිහිවුණා
(2)
ස්නයිපර් කෙනෙක් කියන්නේ විශේෂ පුහුණු සොල්දාදුවෙක්. සාමාන්‍ය සොල්දාදුවකු ලබා තිබෙන්නේ වෙඩි තැබීම පිලිබඳ සම්ප්‍රදායික පුහුණුව පමණයි. එමෙන්ම සාමාන්‍ය සොල්දාදුවා පාවිච්චි කරන්නේ පොදුවේ පාබල හමුදා වලට නිකුත් කරන අවියක්. එසේම ඔහු එම අවිය පාවිච්චි කරන සෑම අවස්ථාවකම සැඟවී සිටින්නට ඉඩ ලැබෙන්නේ නැහැ. යුද්ධ භූමියේදී තුවක්කුවකින් වෙඩි තැබු විට, ඒ තුවක්කුව තිබෙන්නේ කුමන ඉසව්වේද යන්න, සාමාන්‍ය සොල්දාදුවකුට තම පුහුණුවෙන් ලද දැනුම හා යුද බිමේ අත්දැකීම් වලින් සොයාගත හැකියි. වෙඩි හඬ පැමිණි දිශාව, තුවක්කු කටෙන් එන සියුම් දුම, වෙඩි තබන්නා සිටින තැන පඳුරුවල කොළ සෙලවීම හෝ කැඩී ඉදිරියට විසිවීම, රාත්‍රී කාලයේදී නම් තුවක්කු කටෙන් පිටවන ගිනි එලිය, ආදී කරුණු ඒ සඳහා ආධාර වෙනවා. ඉතින් මෙවැනි අනතුරුදායක තත්වයක සිටයි, සාමාන්‍ය සොල්දාදුවා යුද්ධ කරන්නේ. සාමාන්‍ය සොල්දාදුවන් මාස දෙක තුනකින් ආධුනික පුහුණුව නිම කර, යුද පිටියට එවිය හැකියි. නමුත් ස්නයිපර් සොල්දාදුවකු හදන්න ඇත්තටම බැලුවොත් අවුරුද්දකට වඩා කල් යනවා. ඒ නිසා සාමාන්‍ය සොල්දාදුවන් සිටින පෙරමුණේම සිට ස්නයිපර් වරයකු සටන් කරන්න ගියොත් (එහෙම කරන අවස්ථා තියනවා) ඔහු ජීවිතක්ෂයට පත්වීමට ඇති ඉඩකඩ බොහොම වැඩියි. ඒ නිසා ස්නයිපර්ස් ලා බොහෝ විට වෙනමම ක්‍රමයකටයි යොදවන්නේ.
(3)
ස්නයිපර් තුවක්කුකරු තම මවු ඒකකයෙන් වෙන්වූ පුද්ගලයෙක්. එසේ වන්නේ ඔහු ස්නයිපර් පුහුණුව සඳහා තෝරාගත් පසු නැවත මවු ඒකකයට යාමට අවස්ථාව නොලැබෙන බැවින් සහ යුද බිමේ යොදවන්නේද ඒ ප්‍රදේශය තුල සිටින හමුදා වලට අනුයුක්තව මිස, සෑම විටම තම මවු ඒකකය සමග නොවන බැවින්. එක අතකට හමුදාව තුල අනාථයෙක්. ඔහුට යුද භූමියේ සටන් කරන හමුදා වලින් එතරම් විශාල සහයෝගයක් ලැබෙන්නේ නැහැ. එවැනි සහයෝගයක් දෙන්නට යුද බිමේ සටන් කරන සෙබළුන්ට අවකාශ ලැබෙන්නෙත් බොහොම අඩුවෙන්. මේ නිසා තනියම දිවි රැකගැනීම ගැනත් ස්නයිපර්ලාට විශේෂ පුහුණුවක් ලැබෙනවා. ඒ සියල්ලට වඩා වැදගත්ම දෙය වන්නේ ස්නයිපර් කෙනෙකු පාවිච්චි කරන තුවක්කුවයි. එය ස්නයිපර් කාර්යය සඳහාම විශේෂයෙන් නිපදවන ලද, ඉතා වටිනා, අතිශයින් සියුම් ක්‍රියාකාරිත්වයකින් යුත්, අවියක් වන අතර, එක් එක් ස්නයිපර් වරයා තම තුවක්කුවේ තමන්ටම ආවේනික වෙනස්කම්ද සකස්කර ගන්නා නිසා එහි වටිනාකම කියන්නට බැරි තරම්.
(4)
එමෙන්ම වැදගත්වන තවත් දෙයක් වන්නේ ස්නයිපර් වරුන්ට සපයන පණිවිඩ හුවමාරු යන්ත්‍රයි. ඒවාද ඉතා සියුම් ක්‍රියාකාරීත්වයෙන් යුත්, ඉතා මිළ අධික යන්ත්‍ර වන අතර, ඔත්තු බලන සංඥා යන්ත්‍ර වලට හසු නොවන ක්‍රමවේදයන් අනුව සකස් කරන ලද ඒවා. එයින් යුද බිමේ සිටින තමන්ගේ වර්ගයේ සගයන්ට තමන් නිරීක්ෂණය කරන ඉලක්ක හා ඒ ඉලක්ක වල වැදගත් තොරතුරු ඉක්මනින් ලබාදීමේ හැකියාව තිබෙනවා. සාමාන්‍යයෙන් පණිවිඩ හුවමාරු යන්ත්‍රයක මයික්‍රෆෝනය තමන්ගේ කට අසලට ගෙන කතා කලයුතු බව ඔබට අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. නමුත් ස්නයිපර්ලා පාවිච්චි කරන පණිවිඩ හුවමාරු යන්ත්‍රවල මයික්‍රෆෝනය තිබෙන්නේ ස්නයිපර්ගේ උගුරු දණ්ඩට හේත්තුවී සිටින පරිදියි. එයට ප්‍රධාන හේතුව ස්නයිපර්ට තම දෑත සෑම විටම නිදහස්ව තබාගැනීමට අවශ්‍ය නිසාත්, සාමාන්‍ය මයික්රෆොනයකට මෙන් හඬ නගා කතාකිරීම නිසා, සතුරන්ගේ අවධානයට ලක්වී, ඔහුගේ ජීවිතය අවදානමට පත් වන්නට ඉඩ ඇති නිසාත්.
ඒ මයික්‍රෆෝනය උගුරෙන් පිටවන සියුම් ශබ්දය පවා ලබාගෙන පණිවිඩ හුවමාරු යන්ත්‍රයට ලබාදෙන නිසා හයියෙන් කතා කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. හෙමින් කොඳුරා කියන වචන පවා පැහැදිලිව ඇසෙනවා. (මේ ක්‍රමයේ මයික්‍රෆෝන, විශේෂ ක්‍රියාන්විත වල යෙදෙන, කමාන්ඩෝ, විශේෂ බලකාය, වැනි ඒකකද පාවිච්චි කරනවා) සැඟවුණු තුවක්කුකරු හෙවත් ස්නයිපර් ගේ කාර්යභාරය වන්නේ, භූමියේ තමන් සිටින ස්ථානය, සතුරාට නිරීක්ෂනය වීමට ඇති ඉඩකඩ අසුරාලමින්, සතුරා සහ තමන් සිටින ස්ථානය අතර සෑමවිටම හැකි උපරිම දුරක් තබාගනිමින්, හැකිතරම් වෙස්වලාගනිමින් හා සැඟවී සිටිමින් (Camouflage and Concealment) සතුරු ඉලක්ක නිරීක්ෂනය කොට, සතුරාගේ චිත්ත ධෛර්යය බිඳ වැටෙන අකාරයේ ඉලක්ක වලට, එනම්, උසස් හමුදා නිලධාරීන්, හමුදා කණ්ඩායම් වලට අණ දෙන්නන්, පණිවිඩ හුවමාරු යන්ත්‍ර ක්‍රියා කරවන්නන්, බර මැෂින් තුවක්කු, මෝටාර්, යුද ටැංකි නාශක සැහැල්ලු අවි ක්‍රියා කරවන්නන්, (Light AntiTank Weapons = LAW) ගුවන් යානා නාශක අවි, (Anti Aircraft Guns = Ack Ack Guns) ක්‍රියා කරවන්නන්, වැනි ඉලක්ක වලට පහරදීමයි. සෑම විටම ඉලක්ක කරගන්නේ පුද්ගලයන්. බඩුබාහිරාදිය හෝ උපකරණ නොවෙයි. (ඉතා වටිනා උපකරණ වලට හානි කල හැකිනම් එසේ කරන අවස්ථාත් තිබෙනවා. නමුත් ප්‍රමුඛස්ථානය දෙන්නේ පුද්ගලයන්ටයි. උපකරණයක් ඉක්මනින් නැවත සපයා ගත හැකියි. විශේෂඥ පුහුණු සොල්දාදුවකු ඉක්මනින් සපයාගත නොහැකියි) ඉහත සඳහන් ආකාරයේ ඉලක්ක වලට පහර වැදුනාම, ඒ හමුදා කණ්ඩායම් බරපතල වික්ෂිප්ත භාවයට හා අවුලට පත්වන අතර ඔවුන්ගේ චිත්ත ධෛර්යය පහත වැටෙනවා. එයින්ම ඔවුන්ගේ ක්‍රියාන්විත ශක්තිය (Operation Capability) අඩාළ වෙනවා. ඒ අනුව, යුද සෙබළුන් රාශියක් යොදවා අත්පත් කරගත යුතු ජයග්රනනයක්, ස්නයිපර් වරු දෙතුන් දෙනෙක් යොදවා කරගත හැකි අවස්ථා ද තිබෙනවා. ස්නයිපර් තුවක්කුකරුවන්, යුධ භූමියේ සැඟවී ගමන් කිරීම, ආහාර හෝ ජලය රහිතව විකල්ප ක්‍රම මගින් දිවි රැකගැනීම, අපහසුතා දීර්ඝ කාලක් දරා සිටීම, නිරීක්ෂනය සහ ඔත්තු බැලීම ගැනද, විශේෂඥ පුහුණුවක් ලබා සිටිනවා. එමෙන්ම ඔවුන් කැලෑවේ සැඟවී වෙඩි තැබීමටත්, නාගරික පරිසරයක ගොඩනැගිලි අතර සැඟවී වෙඩි තැබීමටත්, එකසේ විශේෂ පුහුණුවක් ලබා සිටිනවා.
(5)
ස්නයිපර්ගේ යටගියාව
19 වැනි සියවසේ මුල් භාගයේදී රටවල් අතර යුද්ධ වලදී යොදන ලද එක උපක්‍රමයක් තිබුනා. එය අදත් යොදාගන්නවා. එහිදී කරන්නේ යුදබිමට ගමන් කරමින් සිටින සේනාංක වෙත, අතරමග රැඳී සිට පොඩි පොඩි කරදර කිරීමෙන්, ඒ සේනාංකයේ ගමන අඩාළ කිරීම, ගමන් කරන දිශාව වෙනස් කිරීම කෙරෙහි බලපෑම් ඇති කිරීම, එමගින් සටනේ අනවශ්‍ය ප්‍රමාදයක් ඇතිකිරීමෙන්, අනෙක් පාර්ශවයට සටනට සුදානම්වීම සඳහා වාසි සහගත තත්වයක් ඇති කිරීමයි. අතරමග සැඟවී සිට සුළු ප්‍රහාර එල්ල කර පලා යාම, ඉදිරියට ඇදෙන සේනාංකයක එක පැත්තකට ප්‍රහාරක් එල්ල කිරීම, උසස් නිලධාරියකුට ප්‍රහාරයක් එල්ල කිරීම, එවැනි ක්‍රියා වලට උදාහරණයි. මෙවැනි කටයුතු වලට යොදවන්නේ ඉතා කුඩා කණ්ඩායම්. 19 වැනි සියවසේදී එවැනි කණ්ඩායම් හැඳින්වුණේ ‘ස්කර්මිෂර්ස් – Skirmishers’ (කුඩා කණ්ඩායම් සටන් කරුවෝ) (අද කාලේ ව්‍යවහාරයෙන් කියනවානම්, අනවශ්‍ය කචල් දාන්නෝ/වලි කාරයෝ) යන නමින්. ඒ කාලයේදී මේ අය යෙදවීම පිලිබඳ විශේෂඥයින් වුනේ බ්‍රිතාන්‍ය හමුදාවයි. මෙවැනි අය වර්තමානයේදී වෙනත් ක්‍රම වලින් යොදවනවා. උදාහරණයක් වශයෙන් සිතන්න යම්කිසි රටක පවතින රජයට එරෙහිව මහා පෙළපාලියක් යනවා කියා. එවිට ඒ පෙළපාලියට රිංගවනවා අර වලි කාරයන් පිරිසක්. පෙළපාලිය සංවිධානය කරන්නන්ගේ කිසිම අරමුණක් නැහැ පොලීසිය සමග ගැටෙන්න. නමුත් අර රජයෙන් හොරෙන් පෙළපාලියට දමාපු වලි කාරයෝ කරන්නේ පොලීසියට හූ කියලා, ගහලා, පෙලපාලියටම පොලීසියෙන් ගුටි කා විසිර යන්නට සැලැස්වීමයි. ඔවුන් සටන අවුස්සලා හෙමීට මාරු වෙනවා. මෙය අදටත් අපේ රටෙත් වනබව අමතක කරන්න එපා.
20 වැනි සියවස වනවිට යුද කටයුතු සඳහා මෙවැනි කඩාකප්පල් කරුවන් යෙදවීම අඩු වුනා. ඒ වෙනුවට සැඟවී සිට වෙඩි තබන්නන් හඳුන්වා දුන්නා. මුලදී ඔවුන් හැඳින්වුණේ තියුණු ඉලක්කකරුවන් යන අර්ථය ඇති ‘ෂාප් ෂූටර්ස් – Sharpshooters’ යන නමින්. ඉන්පසු කාලයේදී ඔවුන්ගේ නම ප්‍රගුණ වෙඩිකරුවන් හෙවත් ‘මාක්ස්මන් – Marksman’ ලෙස වෙනස් වුනා. මාක්ස්මන් කියන්නේ ඉතා දුරින් පිහිටි කුඩා ඉලක්කයකට වුවත් තනි උණ්ඩ යොදන රයිෆලයක් මගින් වෙඩිතැබීමේ විශේෂ ප්‍රාගුන්‍යය සහිත වෙඩික්කරුවාටයි. මේ තත්වය ඇතිවීමට බලපෑ ප්‍රධාන සාධකයක් වන්නේ 19 වන සියවසේදී මිනිසා සොයාගත් රයිෆලය Rifle නමැති ගිනි අවිය සහ රයිෆල් බටයේ සුවිශේෂී බව හෙවත් රයිෆ්ලින්ග්ස් – Riflings නමැති කානු පිහිටා තිබීමෙන් තනි උණ්ඩයක් (projectile) ඈතට වෙඩි තැබීමේ හැකියාව ලැබීමයි. හමුදා කටයුතු සඳහා ස්නයිපර් වරුන් යොදවා ගැනීම ගැන මුලින්ම සඳහන් වන්නේ පළමුවැනි ලෝක යුද සමයේදීයි. යුද අගල්වල සැඟවී සිටින සොල්දාදුවන් හිස ඔසවන විට ඔවුන්ට වෙඩි තැබීම සඳහා ජර්මන් යුද හමුදාව විසින් ස්නයිපර් වරු යොදවනු ලැබුවා. ස්නයිපර් වරු යුද හමුදාවක අනිවාර්ය අංගයක් වුයේ දෙවැනි ලෝක යුද සමයේදීයි. විශේෂයෙන් ඒ සඳහාම විශේෂිත තුවක්කු නිපදවීම, පුහුණුව වැඩි දියුණු කිරීම, උපක්‍රමික ලෙස ස්නයිපර් වරුන් යෙදවීම බහුලව සිදු කෙරුනේ දෙවැනි ලෝක යුද්ධයෙදි.
මොකක්ද සාමාන්‍ය සොල්දාදුවකු සහ ස්නයිපර් වරයකු අතර වෙනස?
සාමාන්‍ය සොල්දාදුවාත් හොඳ ඉලක්ක කරුවෙක්. සතුටුදායක ප්‍රගුණ වෙඩි කරුවක්. ඒ වගේම ඔහුට පුළුවන් යුද භුමිය හොඳින් නිරීක්ෂණය කර, සතුරන් සොයාගන්න. එහෙත් ස්නයිපර් වරයකුට පුළුවන්, එක සතුරකු වෙනුවෙන් දවස් ගණනක් කැප කරමින්, ඉතා සාර්ථකව වෙස්වලා ගනිමින්, පරිසරයේ සැඟවෙමින්, ඉලක්කය හරියටම ලැබෙන තුරු දින ගණනක් වුවත් බලාසිට, සතුරාගේ චර්යාවන් හා ක්‍රියාකාරකම් හරිහැටි අවබෝධ කරගෙන, තමන්ව සතුරාගේ නිරීක්ෂණයට අසුවීමට ඉඩ නොතබා, එමෙන්ම සතුරා තමන්ව මරාදැමීමට පෙර, සතුරාව මරා දැමීමට.
(6)
ස්නයිපර් කෙනෙක් වෙන්න මොනවද අවශ්‍ය සුදුසුකම්?
ස්නයිපර් වරයකු වීම සඳහා ඇති මුලික මෙන්ම අත්‍යවශ්‍යම සුදුසුකම වන්නේ හොඳ ඉලක්ක කරුවකු හෙවත් ප්‍රගුණ වෙඩි කරුවකු වීමයි. ඒ සඳහා යම් සොල්දාදුවෙක් වෙඩි තැබීමේ තරග හෝ වාර්ෂිකව සොල්දාදුවන්ට දෙන වෙඩි තැබීමේ පුහුනුවෙහිදී අති විශිෂ්ඨ දක්ෂකම් පෙන්විය යුතුයි. ඊළඟට බලන්නේ ශාරීරික යෝග්‍යතාවයි. ස්නයිපර් වරයකුට ඉතා රළු කාලගුණික/දේශගුණික තත්වයන් යටතේ, ආහාර, ජලය, නින්ද, නොමැතිව දිගු කලක් දරාගෙන සිටීමේ හැකියාව සහිත, ශක්තිමත් නීරෝගී ශරීරයක් තිබිය යුතුයි. එමෙන්ම ඔහුට උකුස්සකුට මෙන් පෙනෙන ඇස් පෙනීමකුත්, වන සතකුට මෙන් තියුණු කන් ඇසීමකුත් අවශ්‍යයි. ඇස් කන්නාඩි පළඳින කෙනෙකුට ස්නයිපර් කෙනෙක් වෙන්න බැහැ. එයට හේතුව ඇස් කන්නාඩි වලට පිටතින් වැටෙන ආලෝකය පරාවර්තනය වීමෙන්, පරිසරය නිරීක්ෂණය කරන තවත් ස්නයිපර් කෙනෙකුගේ ඉලක්කය බවට පත්වීමට ඉඩ ඇති නිසයි. එමෙන්ම ඇස් කන්නාඩි වලින් ඇතිකරන දෘෂ්ටි විකෘතිතා, ඉලක්ක වැරදීයාමට හේතු විය හැකියි. දුම්පානය කරන්නන් ස්නයිපර් පුහුණුවට ගන්නේ නැහැ. සිගරට් දුම, සිගරට් ගඳ පරිසරයේදී පහසුවෙන් පෙනෙන දැනෙන දේවල්.
එය සතුරු ඉලක්කයක් බවට පත්ව, මරණයට අත වැනීමක්. දුම් බොන කෙනෙක්, තමන් ස්නයිපර් රාජකාරියේ යෙදෙන විට එසේ නොකරන බවට පොරොන්දු වුනත්, දුම්බීමට ඇති ආශාව සහ නොඉවසිල්ල නිසා, ඔවුන් නිසි පරිදි ස්නයිපර් රාජකාරියේ නොයෙදෙන බව සොයාගෙන තිබෙනවා. ස්නයිපර් වරයකුට දැඩි මානසික ශක්තියක් අවශ්‍ය වෙනවා. ඒ නිසා ස්නයිපර් පුහුණුවට තෝරාගන්නා අය හොඳ මානසික මට්ටමක සිටිය යුතුයි. එහිදී ඔහු සතු බුද්ධිමත් භාවය (intelligence), තැනට සුදුසු නුවණ (common Sense), සිතා බලා කටයුතු කිරීමේ හැකියාව හෙවත් කාර්ය උත්පාදන ශක්තිය (initiative), ඉවසීම (patience), ගැන හොඳින් සොයා බලනවා. පුහුණුවේදී ඔහුට සිදුවෙනවා ඉතා පුළුල් හා එකිනෙකට අසමමිතික දැනුම් සම්භාරයක් සිය මනසෙහි දරාගන්නට. ඒ නිසයි හොඳ මානසික ශක්තියක් අවශ්‍යවන්නේ. සටනේ යෙදීසිටින විට ඉතා නිවැරදිව ක්ෂණිකව සිය දැනුම උපයෝගී කරගනිමින් ක්‍රියා කිරීමට ඔහුට සිදු වෙනවා. අවසාන වශයෙන් ස්නයිපර් සොල්දාදුවා සිය ක්ෂේත්‍රයේ හොඳින් මේරූ, වයසින්ද ඉතා තරුණ නොවන, පුද්ගලයකු විය යුතුයි. මේරූ පරිණත පුද්ගලයකුට පමණයි සැලසුම් කර ගණනට මිම්මට බලා, සතුරකු මරාදැමිය හැක්කේ. එසේම ස්නයිපර් සොල්දාදුවා තනිකම, ආදරය, වැනි හැඟීම් වලට වහල්වන පුද්ගලයකු නොවිය යුතුයි. මේ නිසා මම ස්නයිපර් කෙනෙක් වෙනවා කියන ආසාව තිබුන පමණින් යමෙකුට ස්නයිපර් පුහුණුව සඳහා සුදුස්සකු විය නොහැකියි. පුහුණුවේදී මොනවද උගන්වන්නේ?. ස්නයිපර් පුහුණුව ලෝකයේ සෑම රටකම පාහේ බොහෝ දුරට එක සමාන වන නමුත්, තම තමන්ගේ දේශගුණික තත්වයන්, විශේෂ අවශ්‍යතා, අනුව වෙනස් විෂයයන් පුහුණුවට ඇතුලත් වෙනවා. නමුත් පොදුවේ සලකා බලන විට ස්නයිපර් සොල්දාදුවකු ඉගෙනගත යුතු මූලික විෂයයන් තුනක් තියනවා.
1. ප්‍රගුණ වෙඩිකරු කුසලතා දියුණු කරගැනීම.
2. යුද භූමිය හඳුනා ගැනීම, එහි ස්වභාවය තේරුම ගැනීම, එහි ජීවත්වන ආකාරය ඉගෙන ගැනීම. (Field Craft – ක්ෂේත්‍ර අධ්‍යයනය)
3. උපක්‍රමිකව යුද බිමේ ස්ථානගතව සිය රාජකාරිය ඉටු කිරීම
(7)
ස්නයිපර් තුවක්කු වලට දීර්ඝ ඉතිහාසයක් තියනවා. ස්නයිපර් තුවක්කු ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. පළමුවැනි වර්ගය හමුදාමය කටයුතු සඳහා පාවිච්චි කරන ස්නයිපර් තුවක්කු. දෙවැනි වර්ගය නීතිය රකින පොලීසිය, වෙරළාරක්ෂක හමුදාව, වැනි ආයතන පාවිච්චි කරන ස්නයිපර් තුවක්කු. සාමාන්‍යයෙන් නීතිය රකින නිලධාරීන් පාවිචිචි කරන්නේ මීටර් 250 ක් පමණ දුරකට වෙඩි තැබිය හැකි විශේෂයෙන් නාගරික පරිසරයට සුදුසු තුවක්කු. මුදා ස්නයිපර් තුවක්කුවක් විශේෂ ලක්ෂණ කීපයකින් යුක්තයි. එය ශක්තිමත් වියයුතු නමුත් බරෙන් අඩු විය යුතුයි. එයට හේතුව ස්නයිපර්ට එය රැගෙන පහසුවෙන් යුදබිමේ ගමන්කිරීම පිණිසයි. එය ඉක්මනින් ගලවා සවිකළ හැකි විය යුතුයි. නිතර පිරිසිදු කිරීමට අවශ්‍ය නොවිය යුතුයි. එහි ඇති දුරදක්නය කැඩී ගියොත් අතිරේක දුර දක්නයක් සවිකිරීමට අදාළ රාමුවක් සහිතව නිපදවා තිබිය යුතුයි. ඕනෑම කාලගුණ තත්වයක් යටතේ එහි ක්‍රියාකාරිත්වය නොවෙනස්ව පැවතිය යුතුයි. යුද භූමියේදීම අමතර කොටස් යොදවා අලුත්වැඩියා කරගැනීමට හැකි විය යුතුයි.
(8)
මේ .50 අර්ධ ස්වයංක්‍රීය ස්නයිපර් තුවක්කුවයි. තුවක්කුවකට වඩා ස්නයිපර් තුවක්කුවක තිබෙන වෙනස්කම් මෙසේයි.
1. අනෙක් තුවක්කු සම්පුර්ණ ස්වයංක්‍රීය තුවක්කු වුනත්,(Full Automatic) ස්නයිපර් තුවක්කුවක් අනිවාර්යයෙන්ම අර්ධ ස්වයංක්‍රීය (Semi Automatic) හෝ වරකට එක උණ්ඩයක් පමණක් යෙදිය හැකි (Manual Loading) ආකාරයටයි සකසා තිබෙන්නේ. එයට හේතුව ස්නයිපර් අවියකින් කිසිවිටෙකත් පොකුරු වෙඩි (Burst) තැබීමට අවශ්‍ය නොවන නිසයි.
2. ස්නයිපර් තුවක්කුවකට අනිවාර්යයෙන්ම දුර දක්නයක් (Scope) සවිකර තිබෙනවා. දුර දක්නයක් නැතිව ස්නයිප් කරන්න බැහැ. මෙම දුරදක්න දිවා කාලයට (Day Scope) මෙන්ම රාත්‍රී කාලයටද (Night Scope) ප්‍රයෝජනයට ගතහැකි ලෙස සකසා තියනවා. (දුරදක්නයටම සවිකළ GPS සහ සන්නිවේදන පහසුකම් මගින් තමන් දකින ඉලක්කය තවත් කෙනෙකු වෙත සියලු දත්ත සහිතව සම්ප්‍රේෂණය කළහැකි තත්වයට අද වැඩි දියුණු කර තිබෙනවා). මෙහි දැක්වෙන අද කාලයේ වඩාත් ජනප්‍රිය මෙන්ම දුර ඉලක්ක ගැනීමට සුදුසු ස්නයිපර් අවියක් ලෙස පිළිගැනෙන එම් 107 අවිය ගැන කෙටි විස්තරයක් කරන්නම්.
නම : M107 .50 Caliber Long Range Sniper Rifle (LRSR)
නිපදවන රට : ඇමරිකා එක්සත් ජනපදය
මුලින්ම නිපදවූ වර්ෂය : 2002
තුවක්කුවේ කැලිබරය : අඟල් 0.50 (12.7 මිලි මීටර්)
යොදන පතරොම් වර්ගය : .50 Browning Machine Gun (12.7 x 99 mm)
තුවක්කුවේ බර (පතරොම් නැතිව, දුර දක්නය සවිකර) : රාත්තල් 28.5 (12.9 kg)
තුවක්කුවේ දිග : සම්පුර්ණයෙන් දිගහැරිය විට අඟල් 57 (1,448 mm) මිට හැකිලූ විට අඟල් 38 (965 mm)
තුවක්කු බටයේ දිග : අඟල් 29 (737 mm)
මැගසිනයට වරකට දැමිය හැකි පතරොම් ගණන : 10 යි
පතරොම් 10 ක් දැමූ මැගසිනයේ බර : රාත්තල් 4යි අවුන්ස 12 යි (1.87 kg)
උණ්ඩයක් පිටවීමේ සාපේක්ෂ ප්‍රවේගය : තත්පරයකට අඩි 2,800 (853 තත්පරයකට මීටර්)
උණ්ඩයක් ගමන්කරන උපරිම දුර : යාර 7,450 (6,812 මීටර්)
උපරිම සඵල වෙඩි දුර : යාර 2,000 (1,829 මීටර්)
(9)
මෙම තුවක්කුවට යොදන පතරොම ඉතා විශාල පතරොමක්. මේ බලන්න එහි ප්‍රමාණය. ගුවන් යානා නාශක තුවක්කු වලට යොදන්නෙත් මේ පතරොම් වර්ගයමයි.
(10)
මේ තුවක්කුව ලෝකයේ අතිශයින් ජනප්‍රිය ස්නයිපර් අවියක්. මෙන්න මේ තුවක්කුවේ තාක්ෂණික තොරතුරු
වර්ගීකරණය : ස්නයිපර් රයිෆල්
නිෂ්පාදනය කරන රට : සෝවියට් රුසියාව
මුලින්ම නිපදවීම : 1958
යුද කටයුතු සඳහා භාවිතය : 1963 සිට අද දක්වා
සැලසුම්කරු : එව්ජෙනි ඩ්රැගුනොව්
අවියේ බර (දුර දක්නය සවිකර පතරොම් නොදමා) : 4.30 කි.ග්රෑ. (9.48 රාත්තල්)
අවියේ දිග : 1,225 මි.මී. (48.2 අඟල්) තුවක්කු බටයේ දිග : 610 මි.මී. (24.0 අඟල්)
යොදන පතරොම් වර්ගය : 7.62 x 54
යාන්ත්‍රණය : වායු පීඩනයෙන් ක්‍රියාකරන වර්තන බෝල්ට්
එක උණ්ඩයක් පිටවීමේ සාපේක්ෂ ප්‍රවේගය : 830 තත්පරයකට මීටර් (2,723 තත්පරයකට අඩි)
සඵල වෙඩි දුර : මීටර් 800 යි
වෙඩි තැබිය හැකි උපරිම දුර : මීටර් 1200 (දුර දක්නය ආධාරයෙන්)
පතරොම් යෙදීම : පතරොම් 10 ක් දැමිය හැකි මැගසිනය.
(11)
සාමාන්‍ය තුවක්කුවකට වුනත් විශේෂ ආධාරකයක් මගින් දුර දක්නයක් සවි කල හැකියි. නමුත් ස්නයිපර් තුවක්කුවක් නිෂ්පාදනය කරන්නේ දුරදක්න ආධාරකය සහිතවයි. ඒ වගේම විවිධ දුරදක්න අවශ්‍යතාව අනුව සවිකිරීමට අදාළ පහසුකම්ද ස්නයිපර් අවියක බොහෝවිට සකස්කර තිබෙනවා. මේ දුරක්න දිවා රාත්‍රී දෙකේම පාවිච්චියට සුදුසු ආකාරයටද සකසා තිබෙනවා. එකී සැකැස්ම පිලිබඳ සරල සටහනක් මේ සමග ඉදිරිපත් කරනවා. රාත්රී දුරදක්නය තරමක් සංකීර්ණයි. එසේම රාත්‍රී කාලයේදී ස්නයිපර් තුවක්කු සඳහා පාවිච්චි කරන, බැටරි බලයෙන් ක්‍රියා කරන, අධෝරක්ත කිරණ (Infra Red beam) දුරදක්න තිබෙනවා. එමෙන්ම බැටරි බලයෙන් දර්ශනය ආලෝකවත් කර, පැහැදිලි කර ලබාදෙන දුරදක්නද තිබෙනවා.
(12)
ස්නයිපර්වරයකු යම් පුද්ගලයකු නිවැරදිව ඉලක්කයට හසු කරගතහොත්, ඒ පුද්ගලයා මරණයෙන් ගැලවෙන්නේ ඉතා කලාතුරකින්. ස්නයිප් කිරීම එතරම්ම මාරක වන්නේ ඒ නිසයි. මේ හේතුව නිසාමයි අද ලෝකයේ හමුදා හැකි සෑම විටම ස්නයිපර් වරුන් යුදබිමේ යොදවන්නේ. තම හමුදාවෙන් විශාල කොටසක් දැඩි වෙහෙසක් දරා යුද භූමියේ සටනට යොදවනවාට වඩා ස්නයිපර් වරුන් කීපදෙනෙක් සාර්ථකව යෙදවිය හැකිනම් ලබාගතහැකි වාසි පාබල හමුදා අණදෙන්නන් හොඳින් දන්නවා. ඒ නිසා ප්‍රහාරක සැලස්මක ස්නයිපර් වරුන්ට විශේෂ ස්ථානයක් හිමිවෙනවා. ඔත්තු බලන්න එන කුඩා කණ්ඩායම් මර්දනයටත් ස්නයිපර් වරු හොඳ ප්‍රත්‍යක්ෂ බෙහෙතක්. ඒ වගේම ඔහු විවිධ ඉරියව් වල සිට, (කැලයේ සැඟවී, ගසක අතු අතර සැඟවී, බිම තිබෙන වළකට බැස, ජලයේ සැඟවී, අට්ටාලයක සිට, කඹයක එල්ලී, ගොඩනැගිල්ලක සැඟවී, වාහනයක සැඟවී, තවත් ඉරියව් අපමණයි) නිවැරදිව ඉලක්කය ගැනීමේ විශේෂඥ පුහුණුව තිබෙනවා. එපමණක් නෙවෙයි සැඟවීම සහ වෙස්වලාගැනීම (camouflage and concealment) පිළිබඳව ඔහු සාමාන්‍ය සොල්දාදුවකුට වඩා බොහෝ ඉදිරියෙන් සිටින්නේ. පරිසරයේ ඇති විවිධ දේ පාවිච්චි කරමින් වෙස්වලාගැනීම, කිසිවකු නොසිතන තැනක සැඟවීම ස්නයිපර් වරයකු සතු විශේෂ ප්‍රාගුන්‍යයක්. යිපර් වරයා ඉලක්කක බල බලා වෙඩි තබමින් යන්නකු නොවේ. ඔහුට පැවරෙන අති විශේෂ රාජකාරි කීපයක්ම තිබෙනවා. ඔහුගේ සාර්ථක සැඟවීම සහ වෙස්වලාගැනීම නිසා ඔහුට හැකිවෙනවා ඉතා සාර්ථකව සතුරු භූමියේ ඉදිරියට රිංගා යාමට. එසේ යන අතර ඔහුට හැකි වෙනවා, සතුරු භූමියේ ස්වභාවය සහ සතුරු කඳවුරු වල පිහිටීම, සතුරාගේ ක්‍රියාකාරකම්, සතුරා ඉදිරියේදී ගනු ඇතැයි සිතෙන ආක්‍රමණශීලී පියවර, සතුරාගේ කාලතුවක්කු සහ යුද ටැංකි, එම්.බී.ආර්.එල්. අවි, ගුවන් යානා නාශක අවි ස්ථානගතකර ඇති ආකාරය, රේඩාර් මධ්‍යස්ථාන, අවි ගබඩා, පුහුණු කඳවුරු ආදී සියලු වැදගත් තොරතුරු තම අණදෙන නිලධාරියා වෙත ගුවන් විදුලි මගින් රහසිගතව දන්වන්නට. ඒ අනුව පාබල හමුදා සේනාංක ප්‍රහාර සහ ගුවන් ප්‍රහාර මගින් සතුරා වෙත නිවැරදි ඉලක්කගත ප්‍රහාර එල්ල කරන්නට හැකිවෙනවා. විශාල සේනාංකයක් වෙනුවට සමහරවිට එක ස්නයිපර් වරයකු යෙදීමෙන් සතුරාගේ ඉදිරි සැලසුම් අවුල් කර දැමීමට හැකිවෙනවා. එක ස්නයිපර් වරයකු සතුරු ප්‍රදේශයට රිංගා උසස් හමුදා නිලධාරීන් කීප දෙනෙකු, ගුවන් නියමුවන්, බර අවි ක්‍රියා කරවන්නන්, පණිවිඩ හුවමාරු යන්ත්‍ර ක්‍රියාකරවන්නන්, බිම බෝම්බ සවිකරන ඉංජිනේරු සෙබළුන්, කීප දෙනෙකුට ‘වග කියපු ගමන්’ සතුරා අන්දමන්දවී ඔහුගේ ඉදිරි ක්‍රියාමාර්ග තාවකාලිකව අත්හිටවනවා. ස්නයිපර් හෙමින්ම පසු බැස තමන්ගේ අණදෙන නිලධාරියාට දන්වනවා සතුරා අවුලට පත්වී සිටින බව. එවිට කාලතුවක්කු, එම්.බී.ආර්.එල්, ගුවන් ප්‍රහාර එල්ල කිරීමෙන් සතුරා එහෙම පිටින් අඩපණ වෙනවා. ( විචාරක බ්ලොග් අඩවියට මාගේ ස්තූතිය)
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Bluray / HD පිටපත් සඳහා අදාළ වේ.
7,003 downloadsDownload The-Sniper-2009.zip48 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාන් මධුෂංක(ඉෂූ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-06-09
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඉෂාන් මධුෂංක(ඉෂූ)
Subtitles
97 comments
Bandaramudiyansi
Pradeep Iresh
ෆිල්ම් එක බැළුවට වැඩිය හොඳයි නේ මේ ලිපිය කියවන එක..පට්ට ලිපිය මමත් මේ ස්නයිපර් ටික පාවිච්චි කරලා තියනවා තුන් හතර වතාවක්ම IGI ගේම් එකේ...සබ් එකට ස්තූතියි හොඳ්...ෆිලුම බා ගන්න ඕන
Udara Damith Dissanayaka
sira kathawa
Prabodha Madhusankha Hettiarachchi
Godak watin lipiyak thank brooo... jaya wewa..!
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජයAsitha Jayasinghe
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ. ඒ වගේම ලිපියටත්. All the best.
Ashoka
THANKS FOR SUB AND GOOD EXPLAIN ABOUT SNIPER
Bobby
Good Introduction friend. I like this film. Thanks lot for the sub.
ASELAHATHTHOTUWA
ela wadak
baptissera
thanks for sub but couldn't catch the download link
Fdghsg
meke direct link ekk dennako
Ishan Madusha
ලිපියටත් උපසිරැසියටත් බොහොම ස්තූතියි සහෝ
Thilankadissanayake
ස්තූතියි සහෝ.ලිපියත් පට්ට. ස්නයිපර් ගෙන හුගක් තොරතුරු දැනුවත් උනා.සබ් එකටත් බෝම ස්තූතියි. Good luck !
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ සබ් එකට.....
ඒ වගේම විශේෂයෙන්ම ලිපියට....Ravindu Dananjaya
Direct link eka dennako
Ravindu Dananjaya
thankx for sub
විමා
පට්ට ලිපිය
මෙන්න මෙහෙමයි ලිපි ලියන්න ඕනා :D
සබට තුති බන්Sschintha
Brother direct link?
B.N.Edirisinghe
patta bro
Shaminda Anuhas
patta lipiya saho godak dewal igena gaththa thnx bro
rmlpbandula
Supiri broo....thankz...
pubudu prasanna
දීපු ලිපියටම ෆිලුම බලන්න හිතෙනවානේ! සබ් එකට ස්තුතියි!!!!
pdeva
film1e wistharetay sub1tay thanks saho.. eeth film1nam hoyaganna naa... link1k daanna
dsdkavishka
Thenks
TharakaWAS
ela..ela...
Suabata Thnaks bro...!!!
Jaya wewa...!!!Ravindu Dananjaya
Link eka dannako plzz
Ravindu Dananjaya
Link eka danna plzz
007porak
link aekak nahany.... sahoo
cmcsbandara
Thanks for sub.
Please link eka dennako.
Baiscopedownloads site eke link eka deela na.prasadmb
dala thiyena sub ekata film ekak ne ganna..puluwannam link ekak hoyala danna.
007porak
right click disable nisha link danna ba....televisi21.tv aekay search karala openload link aeka banna sound thiyaenawa
lakz Perera
සහෝ සුපිරි ෆිලුමක් මේක ,,, කරුණාකරලා මේකේ brip ටොර්රෙන්ට් ලින්ක් එක දාන්න ,,plzzzzz
Rajitha Eranga
mulinma suba pathanawa bsiscope team eke hamotama.. jaya wewa.. eth apita film eka downlad karaganna link eka hoya ganna giyama film ekath ekka oyalage sub ekath epa wenawa. aththatama mata english hindi tamil saha wena kisima language ekak ba. mama harima asawen thamai me site ekata enne. hama dama enawa e mama sinhalen sub dala move balanna puluwan supiri site ekak nisa.. eth oyalage mama asa karana godak films balanna bari una oyalage sub walata hariyana link hoyaganna bari una nisa. mama e gana worry wenawa. ane saho.. puluwannam oyalage sub walata hariyana film eka thiyena link eka gana podi hari igiyak denna. adarei oyalata hama dama. mekata reply ekak denna.
පැතුම් ඉෂාර
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා කිසිදු ලාබ අපේක්ෂාවකින් තොරව ඔබ විසින් කරන්නාවූ මේ උතුම් සත් කාර්යය වෙනුවෙන් මාගේ ගෞරවණීය ස්තූතිය පුද කරමි!!!... තවත් උපසිරැසි කරන්න ලැබේවා!!!... ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා!!!...
බුදු සරණයි!!! – දෙවි පිහිටයි!!! ජය වේවා!!!Panther
Thanz saho
madunuwan
ela patta lipiya bn direct link ekak ewahan
Kulanjana Maduranga
niyamai...lipiyath supiri...subata thanks saho....
chanaka47
Sub ekata thanks kollo.. Lipiyath suppa. Ekenma suba pathanawa BAISCOPELK team ekata.
Dina
දීර්ඝව විස්තරාත්මකව පල කල ලිපියට බොහොම ස්තූතියි..
isurudineshhettiarachchi
thusharasanjaya
welldone
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
m.wijayathilaka
BRO download link eka nadda?
Dmadhu
patta.... sub eka wagema vistharayatath thanx
Pradeep Pasqual
Thanks for the sub...!!!
Prabashjayawardane
Thanks for sub.sniper එද ගැන ොකු විස්තරයක් දාලා තියෙන්නේ.ඒකටත් thanks.
Lahiru Sandharuwan
elama bokkahhh....supiri letter ekak...filumath pattma athi..but cant find a download link bro...please give a download link for this film broo....naththan oya karapu waden wadak nathua yanawa broo...elama bokkahhh...jaya weewaa
wnrodrigo
Good work friend, Thanks!
බොහෝම ස්තූතී සහෝදරයා මේ උපසිරැසියට, පුන්චි කාරනාවක් වෙනස්වෙනවානම් කැමතී, ලිපියේ උඩ ඔබ සදහන් කල "සිවිල් යුද්දය" වෙනුවට "ත්‍රස්තවාදී" වචනය පාවිච්චි කරනවානම්. නැවත වතාවක් බොහොමත්ම ස්තූතී උපසිරැසියට සහ වටිනා විස්තර සහිත ලිපියටත්
Kantha_DLA
Download link eka koheda thiyenne..?
answer plz..__ishu__
thanx..
nihalpujitha
l ike movei thanks broo
AKilaperera12345
GDk dewal igena gaththa bn thamx
Advertisement
Thanks