උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න
Godzilla: Final Wars (2004) කියන්නේ Toho සමාගම ගොඩ්සිලාගේ 50 වන සංවත්සරය වෙනුවෙන් නිර්මාණය කරපු, ඒ වගේම Millenium යුගයේ අන්තිම ගොඩ්සිලා චිත්‍රපටයයි. Ryuhei Kitamura විසින් මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙනවා. IMDb අගය 6.4ක් ද, Rotten Tomatoes අගය 54%ක් ද ගන්න මේ ෆිල්ම් එකට හැකි වෙලා තියෙනවා. මේ ෆිල්ම් එක කලින් ආපු ගොඩ්සිලා ෆිල්ම් වලට කිසිම සම්බන්ධයක් නැති තනි චිත්‍රපටියක්.
විශේෂත්වය තමයි මේ ෆිල්ම් එකේ කයිජුලා 15ක් විතර ඉන්නවා. මොත්‍රා, ඇන්ගිරස්, රොඩාන්, කිං සීසර්, ඊබ්‍රා, මණ්ඩා, හෙඩෝරා, ගිගාන්, කුමොන්ගා, කමකුරාස්, මිනිලා ඔය ඔක්කොම වගේ හිටියා. තව 1998 ආපු පළමු American ගොඩ්සිලත්, මේ ෆිල්ම් එකේ ඉන්නවා.. සිලා කියල තමයි මේකෙදි ඌව හඳුන්වලා තියෙන්නෙ. මොකද ජපානෙ කැමති වුණේ නෑ ඒ ගොඩ්සිලාගෙ ඩයිනෝසර් ලුක් එකට, මාත් කැමති නෑ....( හැබැයි මොන්ස්ටර් ෆිල්ම් එකක් වශයෙන් හොදයි). ඉතිං ජපානෙ ඌට තියෙන අකමැත්ත පෙන්නන්න, මේකෙදි ඔරිජිනල් ජපන් ගොඩ්සිලා සිලාව විනාඩියෙන් මරල දානවා...
හරි දැන් කතාව ගැන කිව්වොත්, වර්ෂ 2004. ලෝකයේ තැනින් තැන Mutants කියල මිනිස්ස්සු කොට්ටාසයක් හම්බෙනවා. ඉතිං මේ අය යොදාගෙන ජපානය ගොඩ්සිලා ඇතුළු කයිජුලාගෙන් ආරක්ශා වෙන්න Earth Defense Force (EDF) කියල සංවිධානයක් පිහිටුවා ගන්නවා. ඔන්න ඔය අතරෙ එකපාරටම ලෝකේ හැමතැනින්ම monstersලා මතු වෙන්න පටන් ගන්නවා. ඒත් එක්කම Xiliens කියලා පිටසක්වල ජීවීන් පිරිසක් ඇවිත් "අපි ඔය කයිජුලාගෙන් පෘථිවිය බේරලා දෙන්නම්" කියලා පොරොන්දු වෙනවා. හැබැයි මෙයාලගෙ වෙනත් යටි අරමුණක් තියෙනවා. ඒ රහස එළි වුණාට පස්සෙ මිනිස්සුත් එක්ක මේ පිටසක්වල ජීවීන් වලියක් දාගෙන, මේ පිටසක්වල ජීවීන් අර හැම කයිජු කෙනෙක්ම ලෝකෙ පුරාම නිදහස් කරල මුළු ලෝකෙම විනාශ වෙන්න අරිනවා.. ඔන්න ඔය වෙලාවෙ තමයි ගොඩ්සිලා එන්නෙ.. අපේ උදව්වට..... මෙතනින් එහාට මං කියන්නෙ නෑ. නැත්තම් වැඩක් නෑනෙ...

මේ ෆිල්ම් එකේ ගොඩ්සිලාගෙ ප්‍රධාන සතුරා තමයි පිටසක්වලින් එන Monster X කියන කයිජු, මෙයාගෙ ඇත්ත රූපය නම් මීට ගොඩක්ම වෙනස්. ඒකත් ඔයාලට ෆිල්ම් එකෙන් බලාගන්න පුළුවන්..
Monster X

හරි එහෙනම් මම සමුගන්නවා.. තවත් උපසිරැසියකින් හමුවෙමු.. හැමෝටම සුබ දවසක්......
- Ratings
- Reviews
- 0
- Subtitles
- 8
- Downloads
- 0
- Readers' rating
- No reviews yet

Subtitles
- #Godzilla: Final Wars (2004) Sinhala Sub
- #Godzilla: Final Wars (2004) Sinhala Subtitles
- #Godzilla: Final Wars Sinhala Sub
- #Godzilla: Final Wars Sinhala Subtitles
Part of the Godzilla collection — every film in order.
4 comments
Kavindu Madushan

එල්. සී. ද මැල්Admin
ගොඩ්සිලා සෙට් එක සම්පූර්ණ කරන්න හිතපු එක වටිනව, ඒ ගැන ස්තුතියි සහෝ! ❤️
දිගටම හොඳ නිර්මාණවලට උපසිරසි කරමු! 😊
ජය!✌

Bro puluwannam gamera movies walath hoda ewata sub gennako.
Jayawewa...!!!