Watch Trailer

ISHQ (1997) with Sinhala Subtitles |මිත්‍රත්වය. [සිංහල උපසිරසි සමඟ]

Aamir Khan සහ Ajay Devgan මේ දෙන්න පුංචි කාලෙ ඉඳල යාළුවො, ෆිල්ම් එකේ හැටියට Ajay Devgan ගෙ තාත්තා ලොකූ ධනවතෙක්, කොච්චර ධනවතෙක්ද කිව්වොත්, එයාට දුප්පත් මිනිස්සු පෙන්නන්න බෑ…

Ishq (1997)

හැමදෙනාටම තෙරුවන් සරණයි! ඔයාල හැමෝම හොඳින් ඉන්නවා ඇති කියල හිතනවා, කොහොම හරි මේ පාර මගෙ ළඟ තියෙනවා ලස්සන හිංදි ෆිල්ම් එකක්, මේ ෆිල්ම් එක හැමෝම බලල ඇති, 1997 අවුරුද්දෙ ආපු ෆිල්ම් එකක්, මේ ෆිල්ම් එක ගොඩාක් දුරට ජෝක් ෆිල්ම් එකක් කිව්වොත් තමා නිවැරදි, හැඟීම් බර ගතියකුත් තියෙනවා, ඔයාල දන්නව ගොඩාක් වෙලාවට හිංදි සිනමාවෙ ජෝක් ෆිල්ම් සාර්ථකයි කියල, අනිත් ෆිල්ම් හොඳ නෑ කියනව නෙමෙයි, ඒක තම තමාගෙ සිතුවිලි අනුව තමයි වෙනස් වෙන්නෙ, ෆිල්ම් එක ගැන විස්තර කරන්න කලින් මේ වෙලාවෙ මතක් කරන්න ඕනෙ, මගෙ කලින් ෆිල්ම් වලට ස්තූතියි කරපු ඔයාල හැමෝටමත්, ෆිල්ම් එක බලපු අයටත්, හැම දෙනාටම ලෙඩක් දුකක් නැතුව ලස්සනට ඉන්න ලැබේවා කියල මම මේ වෙලාවෙ ප්‍රාර්ථනා කරනවා !

ෆිල්ම් එක ගැන විස්තරයක් කිව්වොත්, මේ ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 1997.11.28 වෙනි දින, මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Indra Kumar කියල කෙනෙක්, මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිත දෙක තමයි Aamir Khan සහ Ajay Devgan, මේ චරිත දෙක ගැන හිංදි ෆිල්ම් බලන අය හැමෝම දන්නවා, කොහොම හරි මේ ෆිල්ම් එකේ හැටියට Aamir Khan සහ Ajay Devgan මේ දෙන්න පුංචි කාලෙ ඉඳල යාළුවො, ෆිල්ම් එකේ හැටියට Ajay Devgan ගෙ තාත්තා ලොකූ ධනවතෙක්, කොච්චර ධනවතෙක්ද කිව්වොත්, එයාට දුප්පත් මිනිස්සු පෙන්නන්න බෑ, සැබෑ ලෝකෙ වගේමයි, ඉතින් මේ Aamir Khan සහ Ajay Devgan, යළුවෝ නිසා Ajay Devgan ගෙ තාත්ත කැමති නෑ මේ දෙන්න එකට ඉන්නවට, Ajay Devgan ගෙ තාත්ත වගේම තවත් චරිතයක් ඉන්නව මේ ෆිල්ම් එකේ, එයත් දුප්පත් මිනිස්සුන්ට වෛර කරන කෙනෙක්, Aamir Khan සහ Ajay Devgan මේ දෙන්නගේ මිතුදම නැති කරන්න එයාලගෙ දෙමව්පියෝ ගොඩාක් උත්සාහ කරනවා, ඒ වගේම තව චරිතයක් ඉන්නව මේ ෆිල්ම් එකේ, ඒ තමයි Johnny Lever, මෙයා ගැනත් හැමෝම දන්නවා, හිංදි ජෝක් ෆිල්ම් එකක් නම් Johnny Lever ඉන්නම ඕනෙ, කොහොම හරි මේ හැමෝම ඉන්න ලස්සන ෆිල්ම් එකක් මේක, කම්මැළි නැතුව බලන්න පුළුවන්, නවතින්න කලින් අපි දෙයක් කියමු, අපි ජීවීන් වශයෙන් අපිට තියෙන එකම ලාභය තමයි නීරෝගීකම, ලෝකෙ ඉන්න හැම ජීවියෙකුටම ඒ උතුම් නීරීගීකම නොකඩවා ලැබෙන්න කියල අපි ප්‍රාර්ථනා කරමු ! Sinhala Subtitles Sinhala Subtitles

Sinhala Subtitles

ISHQ (1997) on IMDb

 

 

893 MB (DVDRip)කොපිය මෙතනින් බාගන්න

7FDD33356E7CB52631FF02A04DC657E62799376A Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.Sinhala Subtitles

2,174 downloadsDownload Ishq.1997.baiscopelk.zip66 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනූෂ රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

2,174 downloadsDownload Subtitles66 KB

19 comments

  1. sanjaya90sri

    balanta oni

  2. sasanka

    patta film ekak mama podi kale baluva aith bagena balanna ona me vage parana films thava denna jayawewa. budusaranai

  3. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!

  4. Kulanjana Maduranga

    niayamai…thanks DINUSHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. Diluksha Jayamal

    podi kale baluwata passe aye balanna beri una film akak...balannam hitapu akak... thnq guys...jaya wewa...

  6. lakshitha

    thnx saho sub 1te :D

  7. Suu

    thank uu me film ake sub hoya hoya hitiye mn thank u very much

  8. සුරනන්දන බණ්ඩාර රාජපක්ෂ

    නියමයි ! කොල්ලෝ ! ඔන්න මම නම් බාගත්තා මේක මගේ type එකේ එකක්
    නියමයි එල ! මේ වගේ පරණ ඒවා ගේනවන්ම මරු !
    මේ වෙනුවට මගෙන් ඕන් ඔයාලට කරන් - අර්ජුන් දෙනවා ලගදිම !

  9. සුරාඡ්

    මරු මරු . raja hindustani sub aka dannako. plzzzzzzzzzz

  10. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  11. නලින් පෙරේරා

    ස්තුතියි දිනුෂ සහෝ! තව හොද නිර්මාණ අරන් එන්න කියලා ජය පතනවා, ජය වේවා!

  12. රොයිලි

    බොහොම ස්තූතියි දිනූෂ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Amalka Himeshan

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  14. kelum

    ස්තූතියි සහෝ උපසිරැසියට

  15. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  16. akitha_ransilu

    Thank u very much ✌️

  17. මයිකි

    Thanks

  18. Anonymous

    Sarfarosh (1999) film eketh sub eka danna

  19. C. fdo

    ✨Mann 1999✨ Sub dennko

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.